මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේක සුයිප් ටිකට් ද සුවිප් ටිකට් ද මන්දා මේ වචනේ ආවෙ කොහෙන්ද කියලා මන් හරියටම දන්නෙත් නැහැ මන් මේ කියන්න යන්නේ ඇදුනොත් කෝටියයි නැත්නම් අතේ තිබ්බ රුපියල් විස්සටත් (ඉස්සරනම් දහයයි) කෙලවෙන ලොතරැයි ගැන.

ඉස්සරනම් මාත් ගත්තා ඒත් දැන්නම් වැරදිලාවත් ගන්නේ නැහැ මොකෝ මම හොඳටම දන්නවා ලොතරැයියෙන් වෙන්නේ මගෙ අතෙ තියෙන රුපියල් විස්සත් නැති වෙන එක කියලා. මන් දන්න ගොඩක් අය ඉන්නවා දවසකට ලොතරැයි 5 ක් විතර ගන්න එයාල කියන්නේ නම් රුපියල් 1000, 5000 වගෙ ගනන් ඇදිලා තියෙනවා කියලා ඒත් දවසට රුපියල් 100 ගානෙ මාසෙකටම එයාල රුපියල් 3000ක විතර ලොතරැයි අරන් තියෙනවා . ඒ වගේ මාසයක් දෙකක් අරගත්තම රුපියල් 1000ක් ඇදුනම ඇති වැඩේ මොකද්ද.

මෙයාලට ඕක කොච්චර පැහැදිලි කරන්න හැදුවත් කරන්න බැහැ. මන් දවසක් කිව්වා දවස ගානෙ සුවිප් ගන්න සල්ලි කැටේකට දාල මාසෙකට සැරයක් සුවිප් එකක් ඇදුනා කියලා හිතාගෙන කැටේ කඩන්න කියලා. ඒතකොට ඊට වඩා වාසියි කියලා. කොහෙද ඇති වැඩක් නැහැ.

හැබැයි ලොතරැයි ගන්න එකෙත් පොඩි ගතියක් තියෙනවා ඕක ඇදුනොත් මේවා මේවා කරනවා කියලා හීන මවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්නේ ඒක රුපියල් විස්සකට වඩා වටිනවා වෙන්න පුළුවන්.

ලොතරැයියක් ඇදිලා හරිගිය අය ගැන්නම් අහන්න හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින් තමා ගොඩක් අයට හිටියටත් වඩා අන්ත වෙන එක තමා ලොතරැයි දිනුමකින් ලැබිලා තියෙන්නේ.

9 අදහස්:

මම පත්තරේක කියෙව්ව ලොතරැයි දිනුමක් ඇදිල ඒකෙන් ගමට පාරක් කපපු මනුස්සයෙක් ගැන. අමතර මුදල් දරුවන්ට බෙදල දීල ඔහු තමාගෙ පැරණි ජීවිතයම ගෙවනවලු.

කලාතුරකින් තමා එහෙම අය ඉන්නේ
ගොඩක් අය සල්ලි ටික වියදම් වෙනකම් ජොලියේ ඉඳලා ඊට පස්සෙ හිඟා කනවා

ඇත්තටම අර හීන මවන එක නම් රු 20ට වඩා වටිනව.. ( ටිකට් එකක් ඇදිල නැති නිසා එහෙම වත් කියල නම්බුව බේරගන්න එපැයි :P)

මරු තීම් එක. හරිම මරණීයයි...

ලොතරැයි වලින් %40ක් පමනයි දිනුම් සඳහා වෙන් කරන්නෙ.ඒ40 අතරේ "දැනෙන" දිනුමක් තිබීමේ සම්භාව්තාව ගැන හිතා ගන්න පුළුවන්නේ.දිනුමක් 'ෂුවර්' කියලා හිතාගෙන ගන්න එක නම් හීනෙන් සැප ගැනීමක්ම තමයි.'පොට්' වල කරටි කැඩෙන්න ගහලා ඉන්න මහත්වරැ ලඟට එන ස්විප් කාරයට නම් කල්ලමරේ.මොනරැ දික් කරන්නෙ වෙස්සන්තර වගේ.හදිසි වාසනාව ඇති කෙනාට ලැබෙන දේ කොහොමත් ලැබෙනවා.

අපේ ගෙදරත් එක්කෙනෙකුත් දවසකට 2 ක් විතර ගන්නවා.. අනේ මංදා ඇදුනා කියලා නම් කියලාම නෑ.. මට ගන්න හිතුනත් ආයේ අපරාදේ මගේ සල්ලි කියලා පර්ස් එකටම දාගන්නවා..

මම නම් සුවිප් ගන්නෑ. ඒ රු20 න් මොනව හරි කනවා ඊට වඩා හොදයි

මම නමි ස්විප් ගන්නේ නෑ. ඒත් ඉතින් මම දැන් ඉන්න රටෙි නමි මිනිස්සු හරියට ස්විප් ගන්නවා. මොකද ඒක ඇදුනොත් ඉතින් මුලු ජීවිත කාලෙම එයාටයි එයාගේ පරමිපරාවටයි හොඳට ජීවත් වෙන්න පුලුවන් රස්සාවක් නොකර ...
ඒක නිසා මෙහෙදි නමි මම එකක් ගත්තා අනේ ඇදුනේ නෑනේ ..:( අපිට ඇදෙන ස්විප් කිව්වලු! :P

මට ලගදි ඇදුන රුපියල් සීයක්... :P
මතකනෙ ටික කාලෙකට කලින් හොරණ පැත්තෙ ස්වීප් එකක් ඇදුන මනුස්සයගෙ පවුලම නැතිකලා කට්ටියක්...ඒවා මතක් වෙන කොට නම් හිතෙනව ස්වීප් නොඇදෙන්නේ නම් හොදා කියල..

Bloggers.com - Meet Millions of Bloggers