මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ දවස්වල කඩේ කෑම වේලට කොස්, දෙල් වරදින්නේ නැහැ. දවසින් දවස බඩු ගනන් යන නිසා කෑම වේල ලාබේට හදා ගැනීමේ උපක්‍රමයක් හැටියට තමයි කෑමට ලාබෙට හොයාගන්න පුළුවන් දේවල එකතු කරන්නේ. කොස්, දෙල් තියන්වා ෂා මරුනේ කියල කෙනෙක්ට හිතෙද්දි මීට වඩා වෙනස් මොනාහරි තිබ්බනම් කියලා සමහර වෙලාවට මට හිතෙනවා. ගමේ ගොඩේ කෑම කන්න අකමැති නිසා නෙමෙයි ඒත් හැමදාම එකම කනවට වඩා වෙනස් දේකටත් ඉතින් ආසයිනේ

නගරේ ඉන්න සල්ලි බාගෙ තියෙන උදවිය ගමේ විදිහට හදපු කෑම වේලක් කන්න ආස කරනවා. ඒ උදවිය ඒ වෙනුවෙන් ඉහල මිලකුත් ගෙවද්දි ගමේ ඉන්න නැති බැරි අය තමන්ගේ වියදම් අඩුකරගැනීමේ ක්‍රමයක් විදිහට සරලම දෙවල් වලින් තමන්ගේ ආහාරය සකසා ගන්නවා. වෙන කරන්න දෙයක් නැති කමට මිසක් වෙන දෙයක් කන්න ආස නැති කමකටම නෙමෙයි.

කටු මැටි ගේක හැමදාම ඉන්න කෙනෙක්ගේ එකම හීනය තමයි සිමෙන්ති වලින් කාමරයක් හරි හදා ගන්න එක ඒත් සිමෙන්තිවලින් හදපු මාලිගාවක් වගේ ගෙදරක ඉන්න අය නිවාඩුවක් එනකම් ඉන්නවා ඉතාම ඉහල මිලක් ගෙවලා කටු මැටි පැලක රැයක් දෙකක් ගතකරන්න යන්න.

මිනිස්සු හරි පුදුම ජාතියක්....

9 අදහස්:

හැමදාම ගල් බොන අය විස්කි ටිකක් බොන්න ආසාවෙන් ඉන්නව ඒත් විස්කිම බොන සමහරු ගල් අරක්කු ටිකක් බොන්න බල බලා ඉන්නව

එහෙම තමයි මිනිස්සුන්ගෙ හැටි... තමන්ට නැති දේවල් වලට තමයි ආසා කරන්නෙ...

Macho, meka minissuge swabawayak. budu dahame kiyana bandim ha thanhawa kiyanneth mekata thama, mewa thulin Marketing and Products nipadawanne. Alcohol wala wunath wenaskam saha jathi thiyenne ekai ;)

minissu thamn sathu de walata wada nathi sampath pasupasa diwa yanna palambila inne. eka wenak karanna ba.

ඔහොම තමා ඉතිං හැමෝම.. ලද දෙයින් සතුටු වෙන්නේ කීයෙන් කී දෙනාද? වෙනස් වීම ඕනි වෙන්නේ ඒක තමයි.. හැමදාම කොස් තම්බන්නේ නැතුව එක එක විදියට හදන්න පුරුදු වුනා නම් හරි

හොද හොද බීම ජාති බොන්න පුලුවන් කම තියෙද්දි මටත් දවසක් ආව කසිප්පු බොන්න ආසාවක්..
"මිනිස්සු හ‍රි පුදුම ජාතියක් නේන්නම්"..

ඇයි බන් මට මොනා තිබ්බත් කසිප්පු ටිකක් බීල බලන්න පුදුම ආසවක්නේ තියෙන්නේ

උදේ වැඩට යනකොට බත් එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් හොයා ගෙන බැද ගන්න. එතකොට කඩෙන් කන්න වෙන්නෑ...

අන්න ඒක භයානකයි. කඩෙන් කාලා ඒපා වුෙනාත් ෙවන කඩයක් ෙහායා ගන්න පුලුවන්. හැබැය් බත් එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් ෙගදර ෙගනා දා ඉදල හැමදාම එකම තමයි කන්න ෙවන්ෙන. බත් එක ගැන කමෙන්ට්ස් දාන්න ගිෙයාත් ඒකත් නැතිෙවයි.

අම්මලා ඕක කලාට වයිෆ්ලා ඕක කරයිද නම් මන්දා?
කඩේ මාරු කරන එක ලේසියි තමා

Bloggers.com - Meet Millions of Bloggers