මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මොකුත් කියන්න හදන්වා නෙමෙයි ඔහේ දැකපු කීප දෙනෙක් ගැන ලියන්නේ

ඊයේ කන්න ගිය වෙලාවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙනම් කන සාක්කුවේ දාගත්ත කෙනෙක් කඩේ බත් කකා හිටියා. කොච්චර බීලා හිටියත් වෙන බේබද්දන්ට සලකනවට වඩා පොඩ්ඩක් වැඩි සැලකිල්ලක් මේ මනුස්සයට කඩේ හිටපු හැමෝම දැක්කුවා. බත් කෑවේ කන සාක්කුව ගාවට එනකම් ඔළුව පාත්කරගෙන කසිප්පු ගඳ පළාතේ ඉන්න බැහැ. අන්තිමට කාල ගියාම මට කිව්වා කවුද ඒ කියලා, පුදුමයි ඒ මේ හරියට ඉන්න ග්‍රාම සේවක රාළහාමිලු. ඔන්න මිනිස්සු රාජකාරි කරන විදිහ. ඔය වගේ වගකීමක් තියෙන රස්සවක් මේ විදිහේ මිනිහෙක් කරනකොට කවුරුත් එයාව ගනන් ගනීද?

අද උදේ පාරේ කවුද කොට්ට කොට්ට කිය කියා කෑගගහා ගියා මන් කෙනාව දැක්කම මට පුදුම දුකක් ඇති උනේ ලොකු බයිසිකලක්වත් පැදගන්න තරම් උස නැති පොඩි එකෙක් අලි කොට්ට ගොඩකුත් බයිසිකලේ ගැට ගහගෙන කොට්ට විකුන විකුන ගියා. පොඩි එකා උනත් ජීවත් වෙන්න විඳින දුකක්.

පහුගිය කාලෙ මාළු විකුනපු වයසක සීය කෙනෙක් ලඟදි දැක්ක බයිසිකලේ යනවා ඒත් වෙනදා තිබ්බ මාළු පෙට්ටිය දකින්න ලැබුනේ නැහැ. රටේ ඉන්න ලොකු ලොක්කෝ මොනවා කිව්වත් මිනිස්සු කන්නේ බොන්නේ අමාරුවෙන්. අද මේ මනුස්සයා තමන්ගේ රස්සවත් නැතුව කොහොම ජීවත් වෙනවද මන්දා, අපි මේ රස්සාවක් කරලත් අමාරුවෙන් ඉන්නකොට.

මේ මනුස්සයගේ රස්සාව ලොරියෙන් සිමෙන්ති බාන එක. රස්සාව කරන්න තියෙන්නේ වරුවයිලු ලොරියම බානවට රුපියල් 700ක් ලැබෙනව නම් කිව්වා ඒත් හැමදාම වැඩ නම් නැහැ. සිමෙන්ති බාන කොට ඒවායේ රස්නෙට පිට පිච්චෙනවා කිව්වා. දැන් පිට ගන්න දෙයක් නැහැලු නානකොට එහෙම පුදුම දැවිල්ලක් කිව්වා. තනිකඩ කාලෙනම් මෙහෙම අමාරුවක් නොතිබ්බත් දැන් බැඳලා නිසා ජීවත් වෙන්නේ හරිම අමරුවෙන් කියලා තමා මෙයා කිව්වේ. ගෙවල් කුලිය රුපියල් 2000කුත් දෙන්න ඕනේලු. මේ මනුස්සයා ගොඩක්ම කනගාටු උනේ ඒ මොකටවත් වඩා තමන්ගේ බිරිඳ තමන් මොනවා කලත් සතුටු නොවෙන බව කියා. අන්තිමට ම්නිහා කිව්වා බැන්ද මෝඩකම් කියලා වෙලාවකට හිතෙනබව. (බැඳපු ගොඩක් අය ඔය කතාව කියන්වා මන් අහලා තියෙනවා, පුදුමේ කියන්නේ ඒ බව දැන දැන මිනිස්සු කසාද බඳින එකනේ ). මිනිස්සු ජීවත් වෙන්න විඳින දුකක්.

අනේ මන්දා ජීවිතය හරි පුදුමයි අප්පා.

8 අදහස්:

අනේ අපොයි....

ඔව් මචං.. කවුරු මොනවා කිව්වත් දකුණේ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්! උතුරෙන් මාලු එනවයි කිව්වට මෙහෙ මාලු මිළ අඩු වෙලා නෑ. හැබැයි දැල්ලෝ මිල අඩු වෙලා... ඊයේ මම ගෙනාවා 500g Rs.120/= කට.. එහෙම බලන කොට දැල්ලෝ ගන්න එක ලාබයි; බලයා ගන්නවට වඩා...

ඇයි බං ඒ මනුස්සයාගේ ගෑණි සතුටු වෙන්නේ නෑ කියන්නේ### සල්ලි උපරිමයෙන් තියෙන පවුල් වල ගෑණුත් අසතුටෙන් නේ ඉන්නේ... අනේ මන්දා....
උඹත් බඳින්න නේද ඉන්නේ????

ඒක තමා මාත් කල්පනා කලේ

ජීවිතය දුකක් කියල බුදු හාමුදුරුෙවාත් කියල තිෙයනවනෙ.
ඒත් ගෑනු සතුටු කරන ඒක ඊටත් වඩා දුකක්.
පරිස්සමෙන් මලේ.

ම් ම් ම් දුක තමයි . . . මොනා කරන්නද . . . ? යුරෝප් රට වල වගේ වැටුප් පරතර අඩු කාලයක් අපිට කොයි කාලෙක වත් ලැබේදෝ කියල සැකයි . . . !

This comment has been removed by the author.

දවසම මහන්සි වෙල හම්බ කරපු දේකුත් අරං ගෙදර ආපුවහම ගෙදර ගෑනි ඔලුව කන්න හදන්කොට .............

චරිත තුනක් එකේ Updated version එක ද? :)

> පුදුමේ කියන්නේ ඒ බව දැන දැන මිනිස්සු කසාද
> බඳින එකනේ
එක මිනිහෙක් ඔය කර‍දරේට මුහුණ දෙන්නෙ එක පාර නේ.. ;)

Bloggers.com - Meet Millions of Bloggers