මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේක තමයි මන් කන්න කැමතිම කෑම. ඇත්තටම සම්බෝලයි සුදු බතුයි තමා වැඩියෙන්ම කන්න කැමති. මතක ඇති කාලෙක ඉඳලා පුළුවන් හැමදාකම මගේ උදේ ආහාරය වශයෙන් වැඩිපුරම මන් කාල තියෙන්නේ සම්බෝලයි බතුයි තමා. මේකට තව බැදුමකුත් එකතු උනා නම් කියලා වැඩක් නැහැ.

පොල් සම්බෝල වෙනුවට කොච්චි සම්බෝලයක් තියෙනවන ඒකත් ඉස්තරම්ම කෑම වේලක් තමා. සුදු බත් නැතුව රතු බත් නම් තියෙන්නේ ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලකින් බත් පිඟාන ඉවර කරන වෙලාව අඩු කරන්නත් පුළුවන් කමක් තියෙනවා.

උදේ කෑමට වෙන මොනවා කෑවත් පොල්සම්බෝලත් එක්ක බත් කටක් හරි කෑවම වගේ ගතියක් හිතට නම් දැනෙන්නේ නැහැ.

ඔය ටීවී එකේ පත්තරවල කියන විදිහේ පොෂණයෙන් පිරිච්ච දේවල් මොකුත්ම නැති උනත් මන් නම් හිතන්නේ සම්බෝලයි බතුයි ඔය සේරටම වඩා රස ගුණ පිරි කෑමක් කියලා.

12 අදහස්:

කටට කෙලත් උනනව බං . . . !

සිරාවටම බං, මමත් ආසම කෑමක් :)

චහ්! මෙන්න ම‍ගේ කටේ කෙල! :D

මගෙ ලංකාවට ආවම කන්න ආසම කැම තමයි කිරි බත්. සම්බොල් බත් නම් කන්නෙ නෑ ඒවා සැර නිසා. ඒත් මෙහෙම කියද්දි මටත් කන්න හිතෙනවා.

බඩගිනි වෙලාවට මතක් කලාම මටත් කෙල උනනවා තමා.

මන් කිරිබත් වලට කැමති නැහැ වැඩිය. අනික කිරිබත් කන්න ලුණු මිරිස් එපායෑ. ලුණු මිරිස් පොල් සම්බෝලවලටත් වඩා සැරයිනේ. ඒක කොහොමද කන්නේ?

මතක් වෙනකොට මෙහේ ඉන්න බෑ මචං......
මට හීතෙන්නේ රසයයි , ගුණයයි ,දෙකම ඒ කෑම වේලේ තියෙනවා.......
නිකන්ම, පාං රොඩු ගිලිනවට වඩා....

දුක හිතෙන කතා කියන්න එපා. ලංකාවට එන්න තව මාස 2ක් තියෙනව.

අඩේ අඩෝ, පොල් සම්බෝලයි බතුයි එක්ක කරෝල කන ඒක සිරා. ඒත් ඊට වඩා මං ආස සිනී සම්බෝලයි කිරිබතුයි කන්න.


කටේ කෙළ බේරනවා, එව්වා එක්ක උණු උණුවේ ඔව්ව කන ඒක තරම් ගතියක් නෑ.

@ මරනය, මම ලුනු මිරිස් කන්නෙ නෑ. කිරි බත් විතරයි. ලංකාවෙ ඉන්නවා නම් උදෙ ඉන්දන් රෑ වෙනකම් මං කිරි බත් කයි. ඒකට උනු උනු ප්ලේන් ටී එක්ක (සුග නැතී ටෙස්ට් එකක් දාල බලන්නකො...මම ඔඅනෙම කෙනෙක්ගෙ ගෙදර එනවා මට කිරි බත් දෙනවා නම්... හි හි හි

ඊයේ දවල් ගෙදර හිටියේ අම්මයි මමයි ගිරවයි බල්ලයි විතරයි. අපි දෙන්නා කෑවේ පොල් සම්බෝලයි සුදුකැකුළු බතුයි චට්නියි. ෂා....!

හරි රසවත් පෝස්ට් එකක්. කටට කෙල එනවා

අම්මෝ, මගේ ප්‍රියතම කෑම.
සම්බෝලයි, පරිප්පු එක්ක කරෝල කෑල්ලක් බැදලා තිබ්බනම් සුදු බත් මුට්ටියක් හරි ගිල්ලැකි.
:D

Bloggers.com - Meet Millions of Bloggers