මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවසක දවල් කන්න ගිහින් කඩෙන් ඉල්ලුවා මගේ ප්‍රියතම ආහාරය සහිත කෑම එකක්. කඩේ අක්ක කිව්වේ දැන් ඌරුමස් ගේන්නේ නැති බවය. එයට හේතු වශයෙන් ඇය කීවේ කඩේට ආරක්ෂාවල් කර ඇති නිසා ඌරුමස් ගෙන ආවිට ඒවා නැතිවෙන බවය. පුදුම ආරක්ෂාවල්ය. අඩුම ගානේ ඌරුමස් කෑලකින් ආරක්ෂා කරගන්න බැරිනම් අනික් ඒවායින් කෙසේනම් ආරක්ෂා කරගන්නද?

අපේ රටේ නැති වෙන්න ඡන්ද ඇත මේවාට අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ සල්ලි මිටි මිටි විසික් කරමින්ය. ඉදිරිපත් වන සියළු අපේක්ෂකයන් ලංකාව පුරා ඇති සියළුම දේවාල වලට ගොස් මෙරට ඉන්නවා යැයි කියන සියළුම ප්‍රසිද්ධ දෙවිවරුන්ට බාර වෙති. මා දන්න තරමින් නම් ඡන්දය දීමට ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. අපේ පු.ලි.දේ කිසිම දෙවියෙකුට හැඳුනුම්පත් නිකුත්කර නොමැත ඉතින් ඔය එකම එක දෙවියෙක්ටවත් ඡන්දය නැත. එහෙනම් ඉහත් අපේක්ෂකයන් ඡන්දය දිනන්නේ පනඇති මිනිස්සුන්ගේ ඡන්දයෙන් මිසක් දෙවියන්ගේ ඡන්දයෙන් නොව එහෙත් අවාසනාවට ඡන්දය දින්නත් පැරදුනත් ඡන්දෙවත් නැති දෙවියන්ටවූ පොරොන්දු සියල්ල ඉටු කරන අතර අර ඡන්දය ලබාදුන් මිනිස්සුන්ටවූ පොරොන්දු ගැන කතාවක් වත් නැත.

ලංකාවෙන් පිටතට අඩියක් ගසා නැති මම පිටරටවල බස්වල ගිහින් නැත එහෙත් අසා ඇති පරීදිනම් ඒවායේ සේවය උසස් අතර අනතුරු සිදුවන්නේත් අපේ රටට සාපේක්ෂව අඩුවෙන්ය. එහෙත් අපේ රටේ බස් යන්නේ උඩින්ය මිනිසුන් යනු හයේ අටේ කෑලිය. සතියකට සැරයක්වත් එකෙක් දෙන්නෙක්ට මරණය මුනගස්සවයි අනේ ඒඋනාට බුදුහාමුදුරුවෝ සහ ප්‍රසිද්ධ දෙවිවරු හතටපොලක්ම ඉස්සරහ වැඩ සිටී. ඩ්‍රයිවර් පාර බලන්නේත් දෙවියන්ගේ දෙපායටින්ය. උදේට වැඩ පටන්ගන්නේ අලි, හරක්, මොණරු, මීයෝ පිටේ යන දෙවිවරු සියල්ලටම හඳුන්කූරු දුම් අල්ලලාය ඒත් බස් එකේ නැගලා යන අපිට???

හූනියම් යනු අනික් අයට කරදර කිරීමයි ඒත් පුදුමය නම් ඒකට ලොක්කීත් පින් ගොඩක් කර දේවත්වයට පත්වූ හූනියම් දේවතාවියයි. පින් ලැබෙන්නේ හොඳ දේ කලවිට වුවත් මේ දේවතාවියටනම් අනික් අයට වින කරත් පින් ලැබී ඇත. මට ඇති ලොකුම කනගාටුව නම් මේවාට වැඩියෙනම ඇබ්බැහි වී සිටින්නේ මේවාගේ දේවල් වලට විරුද්ධව බණ දෙසූ බුදුහාමුදුරුවන්ගේ බණ අසන පිරිසම වීමය අපි දැන් ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ එන්නත් කලින් තිබ්බ කාලෙද?

14 අදහස්:

මම නං ඔය දේවතා සිද්ධි විස්වාස කරන්නෑ.

උඹ නම් මාර වැඩ කාරයෙක් බං . . . මෙච්චරකල් හූනියම් දේවතාවා විතරයි . . . හිටියේ . . . උඹ හූනියම් දේවතාවිත් හොයා ගත්තා නේද . . . කොහෙන්ද බං අල්ල ගත්තේ . . .හික් හික් හික් . . .

උඹේ කතාව නම් සහතික ඇත්ත කොල්ලෝ. . .

මාත් විස්වාස කරන්නේ නැහැ පොඩ්ඩක්වත් ඒත් අපේ රටේ ඉන්න බහුතරය වැඩ කරන්නේ මේ අය ඉන්නවා කියලා හිතාගෙන. ඒක එච්චර හොඳ දෙයක් කියලා මටනම් හිතෙන්නේ නැහැ

අප්පට බොලේ හූනියම් කරන්නේ දෙවියෙක්ද?
මන් හිතුවා එච්චරටම අනික් අයට කරදර කරනවා කියන නිසා ස්ත්‍රී ලිංගික කියලා

උඩේ උඹත් දැන් බී.එෆ්. ලියනව වගේ ඒව ලියනවනේ.

හික් හික්... ඕවත් ඉතිං ලංකාවෙ ගොඩක් දේවල් වගේ සෝබන වැඩ තමයි නේද? කරන්න දෙයක් නෑ මචෝ ලංකාවෙ ඉන්නෙ සූටි බබාලනේ.

අපොයි බී එෆ් තරම් බයනැතුව හොඳට ලියන්න මට බැහැ බන්. මන් ඉතින් ඔහේ යන්තම් අතගාල දානවා

විශිෂ්ටයි. විභාහ වලට ඇති දේවතා බලපැම්ද අතුලත් කල හැක

ඉස්සර මන් හිටියේ බෙල්ලන්විල පන්සල කිට්ටුව 5 ශිෂ්‍යත්වෙ, සාපෙ, උපේ දවස්වලට කලින් දවසට එතනින් යන්න බැහැ ගමේ පන්සල් නැතුව නෙමෙයිනේ එතනටම එන්නේ එකේ තියෙන දේවාල සංකීරණය නිසා. අලි ඔළුවක් තිබ්බට ඉස්කෝලෙවත් ගිහින් නැති ගණ දෙවියන්ට පුළුවන්ද මන්දා අනික් අයව විභාගේ පාස් කරවන්න

හා හා බලාගෙනයි!!! දෙයියෝ කෝප වෙයි... හැබැයි මම දෙයියන්ට කැමතියි මොකුත් ඉල්ලන්නේ නම් නෑ.. එයාලත් ඉන්නවා මාත් ඉන්නවා.

මෝඩ මිනිස්සු... තව මොන කතාද... සෝම හාමුදුරුවො එක පාරක් කිව්ව අපි මහ ලොකුවට උඩ තියාගෙන ඉන්න නුවණට අධිපති දෙවියොත් ගිහින් වාඩි වෙලා තියෙන්නෙ මීයෙක්ගෙ උඩින් කියලා... කතාව් ඇත්තනෙ අච්චර පොඩි මීයා කොහොමද අච්චර අලියෙක්ව උස්සන්නේ..

ගෝමස්ගෙ කතාව් හරි.. ඌරුම නම් මරු කෑමක් තමා.. ගෙවල් පැත්තෙ ගියානම් වල් ඌරු මස් කන්න පුළුවන් ඒත් දැන් නම් ටිකක් හොයාගන්න අමාරුයි... සෙට් වෙනවානම් ඩෙවල් එකක් වගේ දාගත්තානම්.. පංකාදු නැද්ද 'ම'........

ආයිත් අහලා
මතක් කරනකොටත් කටට කෙල උනනවා

සහතික ඇත්ත මරණේ..මමත් ඕක ගැන ළිපියක් ලියන ගමන් ඉන්නේ.මට ඕන තරං ඔය විදිහ අත්දැකීම් තියෙනවා.

අනේ අම්මපා දෙයියට පිහිට වෙන්න දෙයියෙක් නැතිව අපි පිහිට වුණාම මොකැයි?

අපේ මැති ඇමැත්තෝ නිකං තියං ඉන්නවා වගේ ඔන්න ඔහේ උන්දෑලෑවත් තියං ඉමුකෝ.

හි හි .. කතාව ඇත්ත..

Bloggers.com - Meet Millions of Bloggers