මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ දවස් වල ඉතින් එක එක ඒවට තිත් තියාගෙන යන්වනේ. ඔය අතරින් ජන්ප්‍රියම එක තම මේ තිත.
දැන් කසිප්පු හෝගාලා අල්ලනවලු ඒකනම් හොඳ වැඩක්. ඒත් මේක කොච්චර සාර්ථකද කියලනම් මන් දන්නේ නැහැ. දන්න දන්න අය කියන්නේ කසිප්පු දැන් නැහැ කියලා. විකුනන අයත් කියන්වා දඩ වැඩි නිසා විකුනන්නේ නැහැ කියලා.

පෙරන්නෙත් නැහැලු , විකුනන්නෙත් නැහැලු ඒත් කසිප්පු කාරයෝ සේරම ඉන්නෙ බීලා. ඒක වෙන හැටිනම් මට හිතාගන්න බැහැ.

ඊයේ උදේ 10 ටත් කලින් උදෙට කන්න ගියාම එතන හිටිය ප්‍රදේශයේ ග්‍රාමසේවක මහත්තයා කොච්චර බීල හිටියද කියනවනම් කඩේ මුදලාලිගෙන් අහනව කෑවෙ මොනාද කියලා, මේ මිනිහා කාපු පිඟානත් මේසෙ උඩ තියෙද්දිම.
තව දෙන්නෙක් හිටියා අයියකෙනෙකුයි මල්ලි කෙනෙකුයි අයියට කෙලින් ඉන්නත් බැහැ මල්ලිට බනිනව කසිප්පු බීලා වැනි වැනි යනවා කියලා.

ඉස්සර නම් හැන්ඳෑවට සරුංගල් අරින්න ගියාම කට්ටිය යන්නේ පෝලිමේ දැන් එහෙම නැහැ ඒත් ගමේ ඉන්න සුපුරුදු බේබද්දො ටික ගානට වෙලාවට වැනි වැනි යනවා. මුන් එක්කෝ පුරුද්දට වෙරි වෙනවා එහෙම නැත්නම් මොන තිත තිබ්බත් බොන එකා බඩු හොයා ගන්නවා.

ඉතින් මේ තිත් තියන වැඩේ කොච්චර සාර්ථකද මන්දා.

පොඩි කතාවක්, අද කන්න හම්බ උනා ගෙදරක වවලා ගෙදර තම්බලා කොටපු වී වල බත්. සම්බා උනාට කඩේ තරම් සුදු නැහැ. කවුදෝ කිව්වා ඔය හාල් සුදු වෙන්න අළු හුණු දාල මොකද්ද කරනවා කියලා. මන් නම් හරියට දන්නේ නැහැ ඒත් ඒ කතාව බොරුම වෙන්නත් බැහැ. සුදු හාල් උනත් රතු හාල් උනත් ගෙවල් වල තම්බල කෙටුවහම එන හාල් වල බත් කඩේ හාල් වල බත් වලට වඩා පාටෙන් වෙනස්.

වෙළෙන්ඳෝ මොනාට මොනා දැම්මත් කමක් නැහැ ඔය කනබොන ජාති වලට වස විස නොදා. ඒත් ඉතින් අපි කන බොන හැම එකටම වගේ මොකක් හරි වසක් කලවම් කරලනේ මේ මිනිස්සු අපිට විකුනන්නේ.

6 අදහස්:

කසිප්ලුම ඔනිය මචන් වෙරි වේන්න මෙ පැත්තේ තියනවා එක බිමක් එක හදන්නනේ තැබිලි ගෙඩියක් අරගන ඇස්ස ගහලා හිලක් හදනවා ආය වහන්න පුලුවන් වෙන්න ඉට පස්සේ එකට තබ කාසි කිහිපයක් දානවා ඇස්ස නැවත වහලා මෙ ගෙඩිය පොලවෙ වලලනවා ඉට උඩින් ගිනි ගොඩක් ගහනවා ඉට පස්සේ දවසක් දෙකක් ගියායින් පස්සේ අරක අරගන පානය කරනවා බොන උන්නම් කියනවා එක හරියට වෙද පප්පාගේ මැජික් අර්ස්ටෙ වගෙලු මම ඔය දෙකම බිලා නැති හින්දා ඔකේ ගුණ අගුණ දන්නේ නැ බන්

මම හදන ක්‍රමෙ කිවුවාට ටෙස්ට් කරන්න එපා මම වග නොකියනු ලැබේ

ඕනම දෙයකට තිත් තියන්න ගියාම වෙන්නෙ ඒ දෙවල් හොර රහසෙ වෙන්න පටන් ගන්න එක. එතකොට කිසිම පාලනයක් නැතිව යනවා. ඒ වගේම වෙනත් ක්‍රම අත්හදා බලන්නත් පටන් ගන්නව. ඒක ඊට වඩා භයානක වෙන්න පුළුවන්. Corex ගන්න බැරි වෙච්ච කොල්ලො ජෙල් පැකට් වලිනුත් එහාට ගිහින් මදුරු කොයිල් කනවා. Corex බොන එක මදුරු කොයිල් කනවට වඩා හොඳයි.

හෆ්ෆා...!! උඩ තියන කමෙන්ට් දෙකම හරි භයානකයිනේ අප්පා.. රසට තියන තැඹිලි වතුර ටික බොන්න දිසා කියන තරම් දුක් විදින්න ඕනිද අප්පා..!!!!
කොහොම උනත් ඉතිං අපේ රටේ වැඩියෙන්ම කෙරෙන්නේ වැඩි වැඩියෙන් එපා කියන දේවල්මනේ..!

අම්මෝ..යාලුවනේ..මේව අත්හදා බලන්න නම් එපා..තඹ බීල ඉතින් ෂුවර් පිළිකා නම්!
මදුරු කොයිල් නම් ඉතින් වන් ෂොට් වෙයි..!

අපි නොකලට මේවා අපේ අය දැනටම කරන දේවල්

මේක දැක්කේ නැද්ද

http://perambara.org/featured/2009/08/drugs

එල එල , දීගටම ලියන්න !
මගේ සුබ පෑතුම් !

( නොදන්න දේවල් ගොඩක් ඔයාගේ බ්ලොග් එකේන් ඉගනගත්තා ! )

Bloggers.com - Meet Millions of Bloggers