මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ගිය සතියේ ලක්බිමේ මානිගේ තීරුවෙ මෙහෙම කතාවක් තිබ්බා. දියුණු වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමා යූ. එන්. පී. එකේ ඉඳලා ආණ්ඩුවට එකතු වෙන එක කියලා ඉතින් දැන් ආණ්ඩුවෙ ඉන්න කෙනෙකුට ඒක කරන්න නම් ගිහින් ආපහු ආණ්ඩුවට එකතු වෙන්න වෙනවා.

අපේ සමහර කාර්යාලත් ඒ වගේ තමා. ඉන්න අයට හොඳට සකලන්නේ නැහැ හැබැයි අළුතින් එන අය උඩින් පිළිගන්නවා ඒත් ගොඩක් වෙලාවට වැඩියෙන් වැඩ කරන්නේ නම් අර පරණ හිටපු අයම තමා.

පහුගිය දවසක අහන්න ලැබුනා අපේ රට ජපානේ වගේ දියුණු නොවෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සු රස්සාවල් මාරු කරන එක නිසා කියලා. කතාව නම් ටිකක් ඇත්ත. තැන් තැන් වලට යනකොට වැඩිය වගකීමකින් හිතන්නේ නැහැ වැඩේ අටෝන එක තමා කරන්නේ ඒත් ගොඩ දෙනෙක් මේක කරන්නේ (මාත් ඇතුළුව ) හරි හමන් සැලකීමක් පාලකයන්ගෙන් නොලැබෙන නිසා. අපි කොම්පැණි ගැන හිතුවත් උන් අපි ගැන හිතන්නේ නැහැනේ. අනික කොම්පැණි කාරයෝ නම් කීයටවත් රට ගැන හිතන්නේ නැහැ. උන් කොහොමත් හිතන්නේ ලැබෙන ලාබේ ගැන විතරයි රට නෙමෙයි ලෝකෙටම හෙන ගැහුවත් උන්ට වැඩක් නැහැ. ජපානේ තත්වෙ ගැන නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙ අයත් ජපන් යන්න පොරකන්නේ එහෙ සමාගම් සමහර විට මෙහෙට වඩා හොඳට වැඩකරන මිනිසුන්ට සලකනවත් ඇති.

පහුගිය දවසක මන් වැඩකරන සේවාදායකයෙක් කියනවා ඔයාගේ වැඩේ ලස්සනට ඉදිරිපත් කලොත් ඒකේ වාසිය ඔයාට කියලා. ඒකනම් ඇත්ත. මන් කරන්නේ Web Development ඉතින් එක Design එක ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒත් අපි කොච්චර හොඳට Development එක කලත් පාවිච්චි කරන කෙනාට පෙන්නේ Design එකනේ ඉතින් ඒක කැතනම් අපේ වැඩෙත් වැඩි වටිනාකමක් නැහැ.

IT Field එකේ විතරක් නෙමෙයි ඕනෑම Field එකක වැඩකරන හැමෝටම තමන්ගේ තැන රැක ගන්න නම හැමදාම අළුත් වෙන්න වෙනවා. මොකෝ අද දේ නෙමෙයි හෙට. කොච්චර අවුරුදු ගානක් අත්දැකීම් තිබ්බත් වැඩක් නැහැ අළුත් දේවල් ගැන දන්නේ නැත්නම්.

මන් හිතන්නේ අනික් ඒවටත් වඩා IT Field එකේ ඒ තත්වේ වැඩියි . ඉතින් අළුතෙන් මේකට එන්න හිතාගෙන ඉන්නවනම් හරි මේකෙ දැනටමත් නාන මන් වගේ කෙනෙක් හරි නම් අළුත් දේවල් ගැන හිතන්න නැත්නම් ඉතින් අනාගතේ අනතුරේ.

3 අදහස්:

රස්සාවල් මාරු කරාට කමක් නෑ කියමුකෝ, ඒත් මාස හයක් අවුරුද්දක් යන්න කලිංහරියට වැඩ කරන්නේ නැති ඒකයි අනුන් පිට වැඩ පවරන්න බලන උන් නිසා අඩුම තරමේ (උතුරු) ඉන්දියාවක්වත් වෙන්න බැරි වෙලා තියෙන්නේ.

අළුත් වෙන්න නම් ඕන තමයි. ඔය අළුත් වීමෙත් කෙලවරක් නැති වුණාම තමයි ආයෙත් එපා වෙන්න ගන්නේ.

ජපානෙ වසර කීපයක් ගත කරපු මගේ මිතුරෙක් මෑතකදි ලංකාවට ආව. එයා කියන විධියට ජපානෙ ශමිකයෙක්ගෙ output එක 120% ක් වෙනව. හැබැයි තව දුරටත් හොඳ මිනිස් සම්බන්ධ නැහැලු ඒ සමාජයේ. ඒ අතින් ලංකාවෙ තත්ත්වෙ ටිකක් හොඳයි. හැබැයි කොච්චර දේවල් කරත් වැඩ නැත්තං වැඩක් නෑ.

අපේ කාර්යාලයේ දැන් ඵලදායිතාව ගැන අම්බානක් සැලකිල්ල. ඒ වුණාට කට්ටිය ඵලදායිතාව කියල කරන්නෙ සේවාලාභීන්ට සහ ශමිකයන්ට පහසු ක්‍රමවේදයක් හොයනව වෙනුවට මල් පාත්ති හිටවල හොඳට තියෙන බිත්ති පේන්ට් කරල, ෆයිල් වලට වැඩ දාල කවර දාල පින්තූර ගහල ඒවයින් presentation හදල ලොක්කන්ට පෙන්නන එකයි. වැඩ නම් තාම පරණ විධියමයි.

ඔව් මචාන්.. අපි අලුත් වෙන්න ඕනා.. අලුත් වෙන්නෙ නැතිඑක තමයි ලන්කාවට වෙලාතියෙන ලොකුම අවුල..
ඒත් හැබැයි අපේ පරම්පරාවනම් අලුත් දේවල් ඉක්මනට අල්ලගන්නව.. ඒක හොඳ ලකුනක්

Bloggers.com - Meet Millions of Bloggers