මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේක ලියන්නේ ගම්පහ ආපිකෝ එකේ බාර් එකේ වැඩ කරන සියළුම සේවක මහතුන්ට උපහාර පිණිස!!!!!

මට මගේ මුළු ජීවිතේදිම හම්බ වෙලා තියෙන බාර් වල වැඩ කරන හොඳම සේවක මහතුන් ටික ඉන්නේ ගම්පහ ආපිකෝ එකේ. වර්තමානයේ විතරක් නෙමෙයි හැමදාම ඒකේ හිටපු අයගෙන් මට ලැබුනු සේවය නම් ඉස්තරම්. කාලෙකට පස්සේ පහුගිය දවසක ගොඩවැදුනම කාලෙකින් දැක්කේ නැහැ කියන්න තරම් ඔවුන් සුහදයි, (හැමදාම බොන්න පුළුවනෑ ඉතින්). මට විතරක් නෙමෙයි බොහොමයක් පාරිභෝගිකයනට ඔවුන්ගේ සේවය අතිශයිනම සුහදශීලී.

මේක හරිම අඩුවෙන් දකින්න ලැබෙන දෙයක් බාර වලින් බඩු ගන්නේ බේබද්දෝ (නැතුව බොන්නේ නැති උන්ට ගන්න දෙයක් බාර් වල නැහැනේ )කියන සංකල්පේ තමා බාර් වල වැඩ කරන අයත් ඉන්නේ ඉතින් ඊට වඩාඅ ගොඩක් වෙනස් මේ අයගේ මේ සැලකිල්ල හොඳට දැනෙන දෙයක්.

ඊට කලින් තියෙන බාර් 3ක්, සුපිරි වෙළඳ සැල් 2ක් පහු කරගෙන වැඩිපුර කිලෝමීටරයක් විතර දුරත් ගිහින් ආපිකෝ එකටම යන්නේ ඒ නිසාම තමයි. විශේෂයෙන් ෆුඩ් සිටියට සාපේක්ෂව මෙයාලගේ සේවය හරිම ඉහළයි. බෝතල් ගත්තම දාගන්න බෑග් එකක්වත් නොදෙන ෆුඩ් සිටියට වඩා ගන්නකොටම කවරෙක දාලා බෝතලේ ලස්සනට දෙන එකම කොච්චර වටිනවද. ඔය බෑග් එකට සත 50ක් යයි.

මම ගනුදෙනු කරපු ගොඩක් බාර් වල වැඩ කරන අය වැඩි කතා බහක් නැහැ ඒකටත් එක්ක මේ අය, කාර්යබහුල නොවන වෙලාවක් නම් ඇතුලටම ගිහින් බෝතල් ගැන කතා කරන්න ඒවායේ රස ගැන පොඩි විස්තරයක් කියන්න, ගනන් හිලව් ගැන කියන්න පොඩි වෙලාවක වෙන් කරන්නේ කිසිම ලෝබ කමක් නැතුව. බොන කෙනෙක් හැටියට මන් කැමතියි බීම ගැන ටිකක් කතා බහ කරන්න, ඉතින් ඒ වගේ අවස්ථාවක් බාර් එකක වැඩ කරන කෙනෙකුගෙන් ලැබෙන්නේ කලාතුරකින්  ඉතින් ඒ වගේ අවස්ථාවක් මෙයාලගෙන් ලැබෙන එකම මදෑ.


ඉතින් මිත්‍රවරුනි, ඔබලාට ජයෙන් ජය වේවා!!!!
චියර්ස්!!!!!!

22 අදහස්:

ඔය ගොඩක් සුපිරි වෙළදසැල්වලට බාර් ලයිසන් නැහැ එයාලා කාගෙන් හරි කුලියට වගේ ගත්ත එකක් භාවිතා කරන්නේ ඉතින් ඔය කුලිය මාසෙකට ඉලක්කං 6ක විතර එකක්, එහෙම කුලියකුත් දීලා තව ලාබෙකුත් උපයන්න පුළුවන් වෙන්නේ අපි බෝතල් ගන්න නිසා එහෙව් එකේ අපිට හරියට සලකන්න එපායෑ.

නැද්ද මන් කියන්නේ.

මන් මේ කතා කරන්නේ අනික් සුපිරි වෙළඳ සැල් ගැන.

යකෝ උඹ ගම්පහ ද ඉන්නෙ? :D

ඔව් ඔව්... ආපිකෝ එක එළ තමා... අපිත් හැමදාම යන්නෙ එතනට ;)

අපිත් ඕකෙන් බියර් අරන් තියෙනවා :-)


හැබැයි ඔය ආපිකෝ එකේ උඩම තට්‍ටුවෙන් බඩු වගයක් ගන්න ගිහින් නම් චා වුනා..ඒ තට්‍ටුවෙ හිටපු සේල්ස් කරන කට්ටිය නම් පාරිභෝගිකයන්ට කිසිම හෙල්ප්ෆුල් නෑ..ආයේ බඩුවක් ගන්න යන්න හිතෙන්නැති තරමට ...
(මේ සිද්දිය නම් වුණේ මීට අවුරුදු 2කට කලින්)

කතාව ඇත්ත, පහුගිය දවසක මම ගියා දෙහිවල ආපිකෝ එකේ බාර් එකට. මම හිතන්නෙ මම එහෙට ගිය 4 වෙනි නැත්නම් 5 වෙනි වතාව. හොඳට සලකනව. මරණේ කිව්ව වගේම වැඩිය කස්ටමර්ලා නැත්නම් විස්තරත් කියනව. මට නම් ඒකෙන් ගොඩක් ලාබ වුනා. ස්මර්නොෆ් ලෝකල් 750 බෝතලේ දැන් 1500 ත් පැනල. මම ඉතිං ඉඳල හිටල බොන එකා නිසාත්, මම බොන කොට කෙල්ලත් බොන නිසාත් ඉතිං කීයක් හරි වැඩියෙන් දීල ගන්න පුළුවන්. ඒත් ඉතිං 1500 ක් වැඩියි. ඒ නිසා මම ආපිකෝ එකට ගියේ ස්මර්නොෆ් බාගෙ බෝතලේ ගන්න. ඒකෙ තියෙන්නෙ මම හිතන්නෙ 330 යි. ගාන අටසිය ගාණක්. අම්බානක පාඩුයි. මම ඉතිං ඒක අතේ තියාගෙන කල්පනා කරනකොට මෙන්න බාර් එකේ කොල්ල මට කතා කළා. "සර්, තව වොඩ්ක එකක් තියෙනව ඒකත් හොඳයි." මම ඇහුව මොකද්ද ඒ කියල. " සර්, කරව් වොඩ්ක, රොක්ලන්ඩ් එකක්. දැන් හැමෝම ගෙනියන්නෙ ඒක තමයි. ස්මර්නොෆ් වගේම තමයි" මාත් ඉතිං බෝතලේ අරගෙන බැලුව. නරක නෑ. 750 ම, 1075 යි. ඉතිං නරක නෑනෙ. "සර්, ට්‍රයි කරල බලන්න." එහෙම කියනකොට කොහොමද ට්‍රයි නොකරන්නෙ. ඉතිං මම ගත්ත. පොඩි වෙනසකට තිබ්බෙ සුවඳ විතරයි. ස්මර්නොෆ් වගේමයි. රු. 500 විතර ලාබයි. ඔන්න මගේ අත්දැකීම.

මේක ගැනද බන් උඹ කියන්නේ??
මාත් බීලා නැහැ ට්‍රයි කරලා බලන්න ඕනේ

http://www.lanka.info/shops/deliveryProductPreview.jsp?id=liqprod100148&type=specialGifts

ඔව් බන් මාත් ගම්පහ තමා ඉන්නේ.

අනේ LG, මන් ඕකට යන්නේ අරක්කු, බියර්, බයිට් , සෝඩා, කොකා කෝලා ගන්න විතරයි ඒක නිසා අනික් කොටස් වල ඉන්න සේවකයෝ ගැන නම් අදහසක් නැහැ

හරියට හරි. මේක තමා භාණ්ඩෙ.

අපිට නම් අල්ලපු ගමේ තියනවා බාර් එකක්.. ‍‍අ‍පේ ගෙදර අය ඒකේ යාවජිව සාමාජිකයෝ හින්දා අවුලක් නැතුව සර්විස් එක ‍දෙනවා...

බලන් ගියහම ගම්පහ ගොඩ දෙනෙක් ඉන්නවනෙ...

මම දන්නෙ නැහැ අනිත් තැන්වල කොහොමද කියලා. ගම්පහනම් සාපේක්ෂව ආර්පිකෝ හොඳයි වගේ තමා...

සේරම ගම්පහ කශ්ටියනෙ. එල එල ගම්පහ රොක්... ;)

සරදියෙල් අයියත් ගම්පහද? මන් උන්නා උතුවන් කන්දේ එක්කෙනා කියලා

අහ්හ තව එකක්
හැබැයි ඉස්සර(2006) විතර ගම්පහ ආර්පිකෝ එකේ හිටිය සික්කනම් මාර ඇනයක්. ඌත් එක්ක එතන පාකින් එකෙ වාහනයක් ගැහුවොත් හැමදාම මාරාගන්න වෙනවා. බුවා හැබැයි තාම ඉන්නවද දන්නෙ නෑ :D

@ම
මේ ලෝකේ හැමොම බීම නැවතුවත් උබනම් නවත්වන එකක් නෑ.ලිපියෙන් තේරෙනව බොතලේට කොච්චර ආදරෙද කියලා.
එල එල දිගටම කමු බොමු. චියස්ස්ස්...!!!!

ෙබොන එක ෙලොකු ෙදයක් කියලද හිතාෙගන ඉන්ෙන

ඔයාව බදින එක්ෙකනා ගෑන මට කනගාටුයි

@ඇනෝ - මං මේ බොන පිරිමින්ව බදින සමස්ථ ගෑණු පරපුර වෙනුවෙන් මයි අහන්නේ අහිතක් නොහිතා කියනවද ඇයි මරණය බදින ගෑණු කෙනා ගැන කණගාටුයි කිව්වේ?

මට පේන්නෙ මෙයා එයාට වඩා බොතලේට ආදරෙයි කියල.මේ වගේ අය ජීවිතෙ වටිනාකම දන්නෙ නෑ.ඉතින් ජීවිතෙට අදරය නෑති කෙනෙක් බන්දින්නෙ ඈයි

අනේ මෙයා, මායි මන් බඳින කෙනයි ඒ ගැන බලා ගන්නම්. ඔයා වද වෙන්න එපා. මන් බොනවා, බොන එක ගැන ලියනවා ඒක මගේ කැමැත්ත. මට බීමේ ආදීනව ගැන කියන්න ඕනේ නැහැ මන් ඒකත් හොඳට ඇස් පනාපිටම දැකලා තියෙනවා ඒක නිසා මන් දන්නවා කොහෙද සීමාව කියලා.

සුරාව ගැන වගේම එකේ ආදීනව ගැනත් මන් ලියලා තියෙනවා මේකත් බලන්න.
http://maranaya.blogspot.com/2009/05/blog-post_14.html

මාරයා ගම්පහ බේබද්දො ටික එක පෝස්ට් එකකට එකතු කරනව වගේ.. :P
(මමත් ආව ඕං බයිට් ටික ඉවර කරන්න..) :D

ආවට කමක් නැහැ දෙසීයක් අරන් වරෙන්

ගම්පහ ආර්පිකෝ එක ගැන මමත් දන්නවා. නියම සර්විස් එකක් දෙනවා බාර් එකේ.

මම කාගිල්ස් නොයන්නේ හේතු දෙකක් නිසා, එකක් තමයි අපි බොතලයක් ගන්න ගියාම කෙලින්ම නම කියලා ඉල්ලන්න ඕනේ ආයේ ගාන එහෙම ඇහුවොත් නිකං සවුත්තුවට වගේ බලනවා හරියට බොන්නේ උගෙ සල්ලි වලින් වගේ. අනිත් එක බාර් එකේ කස්ටමර්සලට සලකන්නේ තනිකරම බේබද්දන්ට වගේ.

ආපිකෝ එකේ නම් උඹ කිව්ව එක ඇත්ත. අනිවාර්යෙන්ම අහන්නත් කලින් ගාන කියල, මොන වගේ බීමක්ද ඕනෙ කියලා අහලා හොද සර්විස් එකක් දෙනවා. මමත් අනිවාර්‍යයෙන්ම යන්නේ ගම්පහ නම් ආපිකෝම තමයි.

අපේ සෙට් එකේ කිසිම කෙනෙක් ගම්පහ ෆුඩ් සිටියෙන් නම් බෝතල් ගන්නේ නැහැ එකෝ ආපිකෝ නැත්නම් රංජන් ලංකා.

Bloggers.com - Meet Millions of Bloggers