මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මුලින්ම මේ වගේ තරඟයක් සංවිධානය කරනවට සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට අපේ ස්තූතිය පුද කරනවා. මන් හිතන්නේ මීට කලින් මැරතන් තරඟ කීපයක් තිබ්බත් මන් සහභාගී උනේ එකකට විතරයි.

ඒක බොහොම රසවත් අත්දැකීමක් උනා. ඒ පාර මැරතන් එකේදි අළුතෙන් බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එක්ක යාළු මිත්‍රකම් ඇතිකරගන්නත් හම්බ උනා. අපේ තිලිණ බුවා එක්ක ඒ පටන්ගත්ත යාළුකම අදත් අපි අතර තියෙන්නේ එදා මැරතන් එකට මාත් සහභාගි උන නිසයි.

ඉතින් මේ දවස් වල බක්මහ අකුණුත් එක්ක තියෙන අයහපත් කාලගුණයයි, අවුරුදු ඉවර උනත් තාම ගිහින් ඉවර නැති අවුරුදු ගමන් ටිකයි එක්ක දුවන්න ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල දෙගිඩියාවකින් ඉඳලා අන්තිමේ දුවන්න පුළුවන් බව දැකලා ඉල්ලුම් කරන්න එනකොට වෙලාව පැනලා. ඒත් ඉතින් ඔන්න ඔහේ ඉල්ලුම් කරලා යාන්තම් දුවන්න සෙට් උනා. 

එහෙනම් ඕන් පටාන් ගත්තා දුවමු දුවමූ......

4 අදහස්:

ජයවේවා මචන්!

ටැන්කූ ටැන්කූ මචන්

එළ එළ.. ඇති යන්තං මේ පාර දුවන්න ආවා. මෙදාපාර තවත් බ්ලොග් කරුවන් හඳුනා ගැනීමට ලැබේවායි පතනවා

ඔව් ඔව් බන් ඒකමයි ආවේ

Bloggers.com - Meet Millions of Bloggers