මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් හිතන්නේ මන් වැඩියෙනම් ෆිල්ම් බලන්න ඇත්තේ A/L කරන කාලේ වෙන්න ඕනේ . ඒ දවස් වල කොළඹ හැම හෝල් එකකටම වගේ එන ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. එක දවසක් උදේ 10.30, දවල් 1.30 හවස 3.30 තුනම බැලුවා හෝල් 3ක එදා නම් එපා උනා අන්තිමට.

ලංකාවේ නීතියක් තියෙනවලු ෆිල්ම් හෝල් එකක් කඩන්න තහනම් කියලා මන් නම් ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් ඔය කඩන්න ඕනේ ෆිල්ම් හෝල් නිකම්ම ගරා වැටෙන්න ඇරලා පස්සේ කඩලා දානවා ගම්පහ ටවුන් එක මැද්දේ තිබ්බ ෆිල්ම් හෝල් එක (ඒකේ නම නම් මතක නැහැ) දැන් එතන නැහැ, තියෙන්නේ ලොකු කඩයක්. ඒ වගේ එකක් තිබ්බා කොළඹ, මට මතක හැටියට නම "එම්පයර්" ද කොහෙද, ඒකත් දැන් එතන නැහැ. ඒක තමා මන් කැමතිම ෆිල්ම් හෝල් එක මොකද තියෙන්නේ ඇතුලක ඒක නිසා කාටවත් අහු වෙනෙන නැහැ ඒකට ගියාට.

දිවුලපිටිය බල්ලපාන හන්දියේ තිබ්බ ෆිල්ම් හෝල් එකක් ඒක්ත් දැන් එතන නැහැ. මිනුවන්ගොඩ අඹගහවත්තේ ෆිල්ම් හෝල් එකක් තිබ්බා. ඒකේ ඉස්කොලෙන් හඳයා බලන්න එක්කන් ගියා එකපාරක්. වාඩි වෙන්න තිබ්බේ දිග බංකු. තිරේ ඇතුලෙන් වහලේ හිල් හිටන් පේන්වා. දැන් ඒක එතන දකින්න නැහැ මන් හිතන්නේ. ගල්කිස්සේ ඕඩිය, වැල්ල වත්තේ රොක්සි, නුගේගොඩ මෙට්‍රො මේ එකක්වත් ආයි යන්න හිතෙන ජාතියේ ෆිල්ම් හෝල් නම් නෙමෙයි. පිටකොටුවේ රීගල් අනික් ඒවාට සාපේක්ශව ටිකක් හොඳයි. රීගල් එකට නම් ටිකක් වැඩිපුර යැවෙනවා.

මන් ගිය ෆිල්ම් හෝල් අතරින් හොඳම එක තමා දෙහිවල "කොන්කෝඩ්" සුවපහසුව අතිනුත් ඉස්තරම්. මන් හිතන්නේ මන් ගිය ගනන් වැඩිම ටිකට් තියෙන්නේ ඒකේ. ඊලඟට "සිනෙසිටි". සිනෙසිටි එකේ තරම් සීට් අතර ඉඩක් වෙන ෆිල්ම් හෝල්වල මන් දැකලා නැහැ. ඊට පස්සේ ඉතින් සැවෝයි , එම් සී එක සහ ලිබර්ටි එක. අනික් ෆිල්ම් හෝල් ගැන කතා කරලා වැඩක් නැහැ. ගිය සවුත්තුම එක තමා ඉස්සර නුගේගොඩ ක්වීන්ලන්ඩ් බැල්කනිය තිබ්බේ ලෑලි සොල්දරයක් හිටගත්තම අපේ ඔළුවේ හෙවනැල්ල තිරේ වැටෙනවා. මාලිගාවත්තේ රූබි එක සහ මරදානේ සෙන්ට්‍රල් ඒ වගේ කසිකබල් ෆිල්ම් හෝල් . මේවට ඉතින් ඉස්කොලෙ යනකාලේ ගියා මිසක් ඊට පස්සේ නම් ගිහින් නැහැ. කොම්පඤ්ඤවීදියේ රියෝ එකත් කබල් ෆිල්ම් හෝල් එකක් තමා.

ගම්පහ ෆිල්ම් හෝල් ගැන කතා කරලා වැඩක් නැහැ තුනක් තියෙනවා තුනම එක වගේ. මුලදි නම් "නයෝමි" එක හොඳට තිබ්බ ඒත් දැන් ඒකත් ගන්න දෙයක් නැහැ. "පබ්ලික් හෝල්" එක ඊඒපී එකෙන් ගත්තට පස්සේ ටිකක් හොඳට තියෙනවලු ඒත් මන් කාලෙකින් ගිහින් නැහැ. අනික් එක තමා මේඛලා. ගම්පහ ඕනේ තරම් ටියුෂන් කඩ තියෙන නිසා කළුවරයි ඉඳගන්න තැනකුයි තියෙනවනම් ෆිල්ම් හෝල් එකකට වැඩිත් එක්ක. ඒක නිසා මේවා කවදාවත්හදන්නේ නම් නැහැ.

ගම්පහයි කොළඹයි ඇරුනම මන් ෆිල්ම් බලලා තියෙන්නේ රත්නපුරේ  විතරයි ඒ ගොඩ කාලෙකට කලින් ජෝති රත්නපුර කියන එකේ වෙන්න ඕනේ එක පාරක් රන්දෙනිගල සිංහයා බැලුවා, කාලෙකට කලින් නිසා ෆිල්ම් හෝල් එක ගැන මතක නැහැ. මහරගම අනූෂා එකේ විරාගය බැලුවා, දසක දෙකකට විතර කලින් පටන් ගත්ත වෙලේ සහ ඉවර එනකොට විතරක් ඇහැරලා හිටපු නිසා ෆිල්ම් හෝල් එක ගැන කිසිම මතකයක් නැහැ.
දැන් සැවෝයි එක හොඳ උනාට ඒකාලේ ඒකත් චාටර්. එකට ඒ කාලේ එන්නෙම ලමා චිත්‍රපටි විතරයි ඒක නිසා මාසෙකට සැරයක් නම් සැවෝයි එකට යනවම තමා.

සැවොයි එකේ ඉස්සරහ ලස්සනට තිබ්බට මොකද සිනෙසිටි එකේ ඉස්සරහ හරියට අධි ආරක්ෂිත කලාපෙකට යන තැනක් වගේ, කටු කම්බි ගහලා යකඩ වැටවල් ගහලා. ගොඩක් ජනප්‍රිය දෙමල ෆිල්ම් පෙන්නවන් ෆිල්ම් හෝල් ඒ වගේ තමා. ඒ ඇරුනම නවීකරනය කරන්න කලින් දෙහිවල කොන්කෝඩ් එකෙත් වීරයා ඉන්න දර්ශන යනකොට තිරය වටේට ලයිට් පත්තු වෙනවා. දැනුත් ඒක තියෙනවද මට මතක නැහැ. සිංහල ෆිල්ම් පෙන්නවන් ඒවායේ මේ වගේ ඒවා දකින්න නැහැ.

මේ වගේ කසිකබල් ෆිල්ම් හෝල් එක්ක ලංකාවේ සිනමාවක් ඉතුරු වෙලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ මොකද හොඳ ෆිල්ම් හෝල් සේරගේම වගේ පෙන්නන්නේ අපේ චිත්‍රපටි නොවන නිසා.

26 අදහස්:

අම්මපා... තව ඉතුරුවෙලා තියනවද හොල් එකක් බොට යන්න...

අම්මෝ.......................!!
මෙච්චර හෝල් ගොඩක්??

මම නම් ඉතින් ෆිල්ම් බැලුවේ දැනට ටික කාලෙකට උඩදි නෙව. දැන් නම් බලන්නේ නැහැ හෝල් වල.
:)
වැඩිපුරම ගිහින් තියෙන්නේ ලිබර්ටි, මැජෙස්ටික් සහ සැවෝයි තමයි ඒ ඇරුණම රීගල් එකටත් හත් අට ගමණක් යන්න ඇති.
මම නම් කැමතිම මැජස්ටික් එකට තමයි.

මම නම් ඔය තරම් ඒවට ගිහින් නෑ. නුගේගොඩ මෙට්රො ක්ව්න්ලන් දෙකටනම් ගිහින් තියෙනවා. තව සැවෝයි, රීගල් එක්ක බොරැල්ලෙ ලිඩෝ (ඒක වෙන්න ඕන ඒකෙ නම) එකටයි රාජගිරියෙ ඉම්පාලා (?) එකටයි ගිහින් තියෙනවා. නම් මතකත් නෑ දැන්. පුංචි කාලෙ නම් බදුල්ලෙ තිබුණ කිංග්ස් එකයි රෙක්ස් එකටයි දෙකටම ගිහින් තියෙනව. දැන්නම් ඒ දෙකින් කිංග්ස් එක තිබුණ හරියෙ තියෙන්නෙ කාගිල්ස් එක. අනිත් එක නම් තියෙනවද දන්නෙ නෑ. ළඟදි අර ස්තූතියි නැවත එන්න බලන්න රීගල් යන්න උවමනාව තිබුණත් එක එක දේවල් නිසා යන්න වුණේ නෑ....

හොඳ ලිපියක් නොවැ. පිල්ම් හෝල් කිව්වම හපොයි. හික් හික්.

අපෝ දෙමළ ඒවා නම් බලන්න ගිහින් චාටර් කාල තියෙනවා.....වීරය එන්කොටත් මුන් විසිල් ගහනව.....පිස්සු හැදෙන සඳ?..

This comment has been removed by the author.

පාණදුරේ තියෙන මාෂා එකයි, ජීවන් එකයි ටිකක් හොඳ මට්ටමක පවත්වා ගෙන යනව. හැබැයි සමහර වෙලාවට චිත්‍රපටියෙ දෙබස් වල සද්දෙත් එක්ක natural surround sound system එකකුත් ඇහෙනව. හෝල් එක පිරෙන්න සෙනග ඉන්නව දැක්කෙ නම් "අබා" ගිය මුල් දවස් ටිකේ විතරයි.

කොම්පඤ්ඤවීදියේ රියෝ එකේ පෙන්වන්නෙ වැල චිත්‍රපටි විතරයි නේද? කොටුවෙ රිට්ස් 1 හා 2ත් රියෝ එකේ තත්වයෙන්ම තමයි තියෙන්නෙ. බොරැල්ලෙ රිට්ස් එක නම් අනිත් හෝල් වලට සාපේක්ෂව හොඳ තත්වයක තියෙනව.

අඩේ ඔය පරණ ෆිල්ම් ගැන වැඩිය කියන්න එපා... උඹේ වයස මාට්ටු වෙනවා... ;)

මෙහේ රෙක්ස් එක තියෙනවා. කිංග්ස් එකේ මුල් ගලක් වත් නෑ... එකපාරක් ලේක් ප්ලැසිඩ් බලන්න ගිහිලලා මෙන්න බොලේ මුදල්වන් කියලා ටැමිල් එකක් යනවා. බැලින්නම් ලේක් ප්ගැසිඩ් කලින්දා ඉවර වෙලා...

අමාරුවෙන් ඉඳගෙන ඉන්න පුළුවන් නම් රෙක්ස් එකේ යාන්තමට බයිස්කෝප්පුවක් බලා ගතහැතකි.
+++++++++++++++++++++++++
මචං මාර වැඩක්නේ වුනේ බං දැං...
මම එච් ගේ කමන්ට් එක කියෙව්වා. පොර බදුල්ලේ ඉන්නේ කියලා මම දන්නවා. ඒත් අල්ල ගන්න බැරි වුනා මෙච්චර දවසකට... දැන් ඒ කමන්ට් එක කියවද්දිත් මං කල්පනාකර කර හිටියේ මෑන්ස් අල්ල ගන්න ක්‍රමයක්.
වැඩේ කියන්නේ මං එක ලිය ලිය ඉද්දී මෙතනට මල්ලී කෙනෙක් ඇවිල්ලා ඇහුවා "අයියේ ඔයා හ___ කියලා කෙනෙක් දන්නවද කියලා... එයා කිව්වා ඔයාව දන්නවා කියලා...."
මං උඩ ගියා... යකෝ මං දැං මේ කල්ලනා කරකර හිටියෙත් පොර ගැන තමයි කියලා මං ඒකට කිව්වා. මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්ද බං. මං කල්පනා කර කර ඉන්නකොටම ඔත්තුවක් ලඟටම ඇවිල්ලා... හරි හරි තව ටිකයි මං මෑන්ස්ව අල්ල ගන්නවා... කමන්ට් එක දිග වැඩි වුනාද මන්දා... ඒත් මේක මෙතනම කිව්වේ නැත්තං වැඩක් නෑ බං. සොරි ඈ...

++++++++++++++++
@H
යූ ජස්ට් වේට්.... :-)

ගම්පහ නයෝමි එක යන්තම් තාමත් ඉන්න පුළුවන් තැනක්.
මෙකලා සහ පබ්ලික් හෝල් නම් බලුෂරි.

දළුගම කන්ට්‍රාස්, කිරිබත්ගොඩ හිමාලි, කඩවත රුවනි..ඒවාත් එහෙම තමයි. හැබැයි කඩවත නිකාඩෝ එක නම් දාපු දවස්වල ටිකක් විතර හොඳයි. දැන් කොහොමද දන්නේ නැහැ.
මාළිගාවත්තේ රූබි එක නම් ගෙදර වගේ වෙච්ච කාලෙකුත් තිබුනා. මාත් දැනට ගිහින් තියෙන හොදම හොල් එක සැවෝයි එක තමයි. ලිබර්ටි මස එම්සී තාම ගිහින් නැති නිසා කියන්න දන්නේ නැහැ. ඔය කියලා තියෙන හුගාක් හෝල් වලට මාත් එක පාරක් හරි ගිහින් තියෙනවා.
පෙරේදාත් මම ගම්පහ නයෝමි එකේ බඹරවළල්ල බැළුවා. බියර් කෑන් එකකුත් හිමින් සීරුවෙ අරන් ගිහින්.
ස්තූතියි සිනමාශාලා ගැන කල සිහිපත් කිරීමට..සුන්දර අතීතය..

මරදානෙ සෙන්ට්‍රල්, කොම්පකදකදවීදියෙ නවා?

අර කිව්ව වගේ කසිකබල් චිත්‍රපටි ශාලා තියනකං සිනමාව කොහේ යයිද? සිංහල ෆිල්ම්ස් කීයෙන් කීයද හොඳ? විදේශ සිනාමව මුල් අදින්නේ ඔය දුර්වල කම නිසා නේනනං. බදුල්ලේ අපිට රෙක්ස් තමයි. ටකරන් මඩුවයි ප්ලිස්ටික් පුටුයි. ෆෑන් එකේ සද්දේ නිසා වචන ඇහෙන්නෙත් නෑ. හික් කුෂාන් සහෝදරයා කිව්ව කතාව ඇත්ත SBU එකේ ඉන්න බදුල්ලේ අය ගැන ඔත්තු දැන් දැන් දැනගන්න ලැබෙනවා :D

film (hall) critic විදියට රස්සාවක් හොයාගන්න බැලුවොත් නරකද? නම නම් මතක නෑ, ජා-ඇල ස්ටේශන් එක ලග තියන හෝල් එක හොල්මන් film බලන්න මරු. වව්ල්ලු ඉගිල්ලෙන සීන් එහෙම මාර natural. :P

@කුෂාන්
පාට් ටයිම් cyber stalking වැඩක් කරනව වගේ.

මිණුවන්ගොඩ හෝල් එක කඩලා දැන් අවුරුදු 5ක් විතරද කොහෙද.. ;)

දළුගම කන්ට්‍රාස් එකට යනවට අපිට ගානක් ගෙවන්න ඕනේ.අම්මලත් එක්ක තමා එකේ ෆිල්ම්ස් බැලෙන්නේ.ගිය අවුරුද්දේ නම් සතියකට දවසක් විතර අපි හිටියේ ලිබර්ටි,MC සහ savoy eke. :D ඒවා නම් අවුලක් නෑ.හ්ම්ම්ම්.අන්තිමට හෝල් එකකින් බැලුවේ 3 idiots.

මමත් ගම්පහයි කොළඹයි තියෙන ෆිල්ම් හෝල්ස් ඔක්කොම වගේ cover කරලා තියෙනවා. මතක හැටියට කොළඹින් miss වෙලා තියෙන්නේ මරදානේ 'Cine city' එකයි කොම්පඤ්ඤ වීදියෙ තියෙන දෙමළ ෆිල්ම් විතරක් පෙන්නන හෝල් එකයි (නම මතක නෑ) 'සැවෝයි' එකයි විතරයි.
වැඩිපුරම ගිහින් තියෙන්නේ ග්‍රෑන්ඩ්පාස් 'අශෝකා' එකට. හුණුපිටිය ගංඟාරාමෙ කිට්ටුව තිබුන 'එම්පයර්' හෝල් එකත් හොඳ තත්වයක තිබුනා වගේ මතකයි, මොකද දන්නෑ ඒක අයින් කලේ.
මම ගිහින් තියෙන ජරාම හෝල් එක තමයි කඩවත 'රුවනි'. ඒකෙ ෆිල්ම් බැලුවට වඩා හොඳයි එළිමහනකට වෙලා ෆිල්ම් බලන එක. ෆිල්ම් එකට වඩා එළිය පේනවා, ෆිල්ම් එකේ සද්දෙට වඩා මාකට් එකේ සද්දේ ඇහෙනවා :D
කිරිබත්ගොඩ 'කන්ට්‍රාස්' එකත් ගන්නම දෙයක් තිබුනෙ නෑ ඒ දවස්වල. දැන් නම් කොහොමද දන්නෑ.
'මැජස්ටික්' එකයි 'ලිබර්ටි' එකයි තමයි හොඳ මට්ටමක තිබුනේ.
නියම post එක මචන්... මාරයා කිව්වා වගේ "සුන්දර අතීතය".

@ කුෂාන් - මට ‍අදාල පොර උදේම ඇවිත් කිව්වා... මගේ කම්මැලිකම සහ උවමනාවක් නැතිකම නෙවෙයිනම් මම මෙලහකටත් උඹව සෙට් වෙන්න ඇවිත්... සෙට් වෙමු සෙට් වෙමු ළඟදිම... :D

තව ඒවා මිස් වෙලානේ.
අසෝකා ග්‍රෑන්ඩ්පාස්. දැන් ඒකත් නැහැ. ෆිල්ම් එක බලලා ඉවර වෙනකොට කොන්දේ අමාරුවකුත් හැදුනා කැඩිච්ච පුටුවක ඉඳගෙන ඉඳලා. බොරැල්ලේ රීට්ස්. මේකේ ෆිල්ම් බැලුවට හරියට මතක නැහැ ගොඩක් කල් නිසා. දෙමල ෆිල්ම් බලන එක වෙලාවකට ජොලි, හරියට ලයිව් ෂෝ එකක් බලනවා වගේ, විසිල් ගහනවා අප්පුඩි ගහනවා. නැගිටලා සිංදු වලට නටනවත් එක්ක. මරදානේ සෙන්ට්‍රල් එකට නම් ගිහින් තියෙනවා ඒත් ඔලිම්පියා එකට ගිහින් නැහැ. ඊට එහා ගාමිනී හෝල් කියලා එකක් තිබිලා තියෙනවා ඒත් දැන් නම් තියෙන්නේ බස් හෝල්ට් එක විතරයි. කොම්පඤ්ඤවීදියේ නවා එකට ගිහින් නැහැ බලන්න ඕනේ ෆිල්ම් එකක් එකේ තිබිල යන්න හම්බ උනේ නැහැ.

පොඩ්ඩක් හිටපල්ල අපිත් බදුල්ලේ එනවා වෙලාවක.

අශෝකා එකත් නැද්ද? දෙමළ ෆිල්ම් එකක් නම් හෝල් එකක බලලා නෑ. කොම්පඤ්ඤ වීදියෙ 'නවා' එකට මම ගිහින් තියෙනවා. මට ටැපලිලා බන් කොම්පඤ්ඤ වීදිය නෙමෙයි ආමර් වීදියෙ තියෙනවා නේද දෙමළ ෆිල්ම් විතරක් පෙන්නන හෝල් එකක්?

@ ම - අසෝකා එකේ දැන් ලක්බිම රිටර්න් වෙන පත්තරයි, කඩදාසියි පුරවල තියෙන්නෙ.

බොරැල්ලෙ රිට්ස් එකේ නම් කියන්න තරම් අවුලක් නෑ. ඒත් බොක්ස් නම් ටිකක් අවුල්. මොකද ODC එකේ පිටිපස්සෙම පේළියෙ ඉන්න උන් රබර් ඇහැ දාගෙන ඉන්නෙ බොක්ස් දිහාට. හැබැයි ටිකක් ඉඩ කඩ තියෙන බොක්ස් රිට්ස් එකේ තියෙනව.

කොටුවෙ රිකී 1 බොක්ස් නම් හොදයි. ටිකක් දාඩිය දානව. ඉස්සරහින් ආවරනයක් නැති එක තමයි අවුල. රිකී 2 නම් බොක්ස් නෑ.

කොම්පඤ්ඤවීදියේ නවා එකේ බොක්ස් නැහැ. මුල්ම දවසෙ ගිහින් හැරිල ආවා බොක්ස් නැති නිසා. පස්සෙ තනියෙන් ගිහින් ෆිල්ම් 1ක් බලල ආව.

කොම්පඤ්ඤවීදියේ රියෝ එකේ නම් බොක්ස් වැඩක්ම නැහැ. පුටුව මැද්දෙන් පුටු ඇන්දක් තියෙන්ව. එහෙම බොක්ස් එකකට ගිහින් තියෙන වැඩේ මොකක්ද?

කොටුවෙ රීගල් එකේ බොක්ස් නම් හොදයි. ඒත් ගාන තමයි වැඩි.

නුගේගොඩ ක්වින්ලන් එකෙන් එක පාරක් යාළුවොත් එක්ක ගිහින් ෆිල්ම් 1ක් බලල තියෙනව.

පාණදුරේ තියෙන මාෂා එකයි, ජීවන් එකයි තියෙන්නෙ එකට. ඉස්සර නම් ඔය දෙක අයිති වෙලා තිබ්බෙ ජීවන් කුමාරතුංගට. දැන් මං හිතන්නෙ අයිති සුනිල් ටී.ට. මිනිහටනෙ ලංකාවෙ වැඩිම ෆිල්ම් හෝල් ගානක් තියෙන්නෙ. ෆිල්ම් හෝල් වැහිල යන කාලෙක මෙහෙම හරි ෆිල්ම් හෝල් දෙකක් පාණදුරේ ඉතිරි වෙලා තියෙන එක ලොකු දෙයක්.

රත්මලානෙ විජිතා එකේ කාලයක් වැල චිත්‍රපටිම තමයි පෙන්නුවෙ. දැන් නම් සිංහල චිත්‍රපටිත් පෙන්නනව.

රාජගිරියෙ ඉම්පාලා එකත් හොඳයි. කීප සැරයක්ම ෆිල්ම් බලල තියෙනව.

A/L කරන කාලෙ කළුතර ටියුෂන් යන දවස්වලට ටියුෂන් කට් කරල සෝනියා එකේ, චිත්‍රා එකේ, ප්‍රිස්කා එකේ, සුනිල් ටී එකේ චිත්‍රපටි බලල තියෙනව. දැන් නම් මේවට යැවෙන්නෙ නෑ. ඒ වගේම තමයි අවුරුදු 4ක්, 5ක් පරන චිත්‍රපටි පෙන්වන හෝල් එකක් තමයි වාද්දුවෙ වින්ස්. චිත්‍රපටිය බලල ඉවර වෙලා එන්නෙ හෝල් එකේ අයිතිකාරයගෙ මව් ගුණ ගය ගයා.

බොහොම කලාතුරකින් ෆිල්ම් බලන්න යන හෝල් එකක් තමයි මොරටුවෙ ටවර්. පාණදුරේට කලින් හොද ෆිල්ම් එකක් ටවර් එකට ආවොත් ගිහින් බලනව.

බොරැල්ලෙ රිට්ස්, කොම්පඤ්ඤවීදියේ රියෝ, කොටුවෙ රීගල්, කොටුවෙ රිකී 1 හා 2 කියන ෆිල්ම් හෝල් නම් කවදාවත් අමතක වෙන තැන් නෙමෙයි.

මට තියෙන එකම ගැටළුව තමයි මෙච්චර ලොකු හෝල් දැන් පවත්වගෙන යන්නෙ ඇයි කියන එක? දැන් කාලෙට හරි යන්නෙ අඩු ආසන ප්‍රමානයක් තියෙන වැඩි බොක්ස් ප්‍රමාණයක් තියෙන හෝල් කියලයි මට නම් හිතෙන්නෙ. වැඩිපුර හිස් ආසන ප්‍රමාණයක් තියෙන එකෙන් වෙන්නෙ ෆිල්ම් හෝල් තවත් පාඩු ලබන එක විතරයි.

කමෙන්ට් එක පෝස්ට් එකක් වුනාද මන්ද. දිග වැඩි වුනත් මම ගිහින් තියෙන ෆිල්ම් හෝල් ගැන පොඩි විස්තරයක් ඔන්න දැම්ම.

මං නං ජීවිතේට ෆිල්ම් හෝල් දෙකකටයි ගිහින් තියෙන්නේ.. අර රෙක්ස් එකයි හම්බන්තොට මොකද්දෝ එකකටයි.. දෙකම චොර..

මම හිතන්නේ ලංකාවෙ හෝල් වලින් සියට අනූවක්ම කවර් කරල තියන පොරක් එක්කයි අපි ඉන්නේ.. ආඩම්බරයි!!.. ෆිල්ම් හෝල් ගැන කථා කලොත් ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ගැන ටිකක් දුක හිතෙනවා.. ඒත් පුදුමෙකට කියන්නේ හලාවත, බිංගිරිය ෆිල්ම් හෝල් එක කාලයක් වහල තිබිල මේ ලගදි අලුතෙන් පටන් ගත්තා.. ඒකනම් හොද ලකුණක් වගේ!!!

යකඩෝ මූ ගම් කීයක කෙල්ලෝ එක්ක රවුම් ගහන්න ඇද්ද මේ හෝල් අස්සේ . . . නැත්නම් අහවල් කෙන්ගෙඩියකටඩ ලඟපාත ෆිල්ම් හෝල් වලට නැතුව තූත්තුකූඩිවල තියෙන ෆිල්ම් හෝල් වල රින්ගන්නේ . . . .hiks

මේ මචෝ අපේ යාලුවෙක්ට අපි නම දාලා තියෙන්නේ බයිස්කෝප් පුන්චා කියලා බලාගෙන ගියාම ඒ නම වැඩිය ම මැච් වෙන්නේ උඹට . . හික් හික්

@දුකා අයියා හා එකඟයි.
මොකටද මෙච්චර මේ ළඟපාත හෝල් තියෙද්දි දුර ගියේ??
ඔන්න බලන්න මම? ඔය කියන හෝල් තුනම තියෙන්නේ කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත. අතේ දුරින් නෙව. අපේ කැම්පස් එක පේන නොපෙනෙන මායිමේ. කට් කලා ගියා.

උඹ ඈත පලාතක හෝල් වලට යන්නේ සහ ගියේ මොකටද??
:D :D :D

@h- සොරි වෙන්න ඕන... එදා මං මේ පෝස්ට් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නෑ... දැන් නිකමට ආවම තමයි ඔයාගේ කමන්ට් එක දැක්කේ.... ඉතිං මගේ උත්තරෙ මෙන්න...
අනි අනි අනිවා... :)

"කලින් දෙහිවල කොන්කෝඩ් එකෙත් වීරයා ඉන්න දර්ශන යනකොට තිරය වටේට ලයිට් පත්තු වෙනවා. දැනුත් ඒක තියෙනවද මට මතක නැහැ."

දැන් ඉතින් වෙන වෙන ඒවා වෙන්ටැ මතක.
:P

ලඟ පාත ෆිල්ම් හෝල් වලට යන්නේ නැත්තේ දන්න අඳුනන අය දකින්න පුළුවන් නිසා නේ අනික තම දෙමල ෆිල්ම් බලන්න යෑම. 1000% ෂුවර් අඳුනන එය එන්නේ නැහැ කියලා. :-D

කොන්කෝඩ් එක මේ ලඟදි වෙනස් කලා ඒක නිසා මට ෂුවර් නැහැ ඒ ලයිට් ටික තාම තියෙනවද කියලා. ලඟකදි ගියේ නැති නිසා :-D

Bloggers.com - Meet Millions of Bloggers