මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා.

අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන් දෙනෙක් බීලා ඉන්න වෙලාවක ආයි ගෙන්න ගන්න එකසිය පනහ විතරක් නෙමෙයි. බීල ඉවර වෙලා කැම කන ගමන් දාගන්න ෂොට් එක එහෙමත් නැත්නම් හොඳටම වෙරි වෙලා ඉන්න වෙලාවක බෝතලේ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරන්න දාගන්න එක. ඔය වගේ හොඳට බීලා ඉන්න වෙලාවක අන්තිමට බොන බීම වීදුරුව.

ඔය ගොඩක් වෙලාවට මේස උඩ ඉතුරු කරලා යන්නේ ඔය අන්තිම ෂොට් එක බීගන්න බැරි උනාම තමා. ඒකත් බීල කෙලින් ඉන්න අය නැතුවම නෙමෙයි. මේ ලඟදි බෝතලයක් බීපු දෙන්නෙක්ව වට්ටන්න හිතාගෙන තව 100ක් ගෙන්නත් දුන්න මෙන්න මුන් දෙන්න තව 100ක් ඉල්ලුවා ඉතින් තවත් දුන්නත් එච්චර නිසා අපි වැඩේ අතැරලා දැම්මා. ඔය අන්තිම ෂොට් එක නොබී ඉන්න පුලුවන් නම් ගොඩක් අයට ඒ වෙනකන් බීපු සේරම ආපහු නොදා තියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒත් ගොඩක් අයට ඒක කරන්න බැහැ අන්තිම ෂොට් එකත් දාගන්නවම තමා.

කොච්චර කොහොම උනත් මේ අන්තිම ෂොට් එක නොබී ඉන්න පුළුවන් බොන අයනම් මට හම්බ වෙලා තියෙන්නේ අඩුවෙන්. බීම ඉවර වෙලා නවත්තන එක වෙනම කතාවක් ඒත් තියේනම් අන්තිම ෂොට් එකත් බොනවම තමා.

මට අනික් අය ගැන කෙසේ වෙතත් මන් ගැන සලකද්දි ඇයි මේක බොන්නේ කියලා නම් හිතා ගන්න බැහැ. කලාතුරකින් නම් වෙරි මදි වගේ නිසා බොනවා ඒත් අනික් වෙලාවට. බීම කියන්නේ එහෙම හදිස්සියේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ ඒක පැහැදිලි කරන්න බැහැ.

27 අදහස්:

මමනම් අන්තිම ෂොට් එක විදිහට ගහන්නෙ ප්ලේන්ටියක්. ඒක මාර ආතල්. බෝතලයක් උනත් බීල ඉවර වෙලා ප්ලේන්ටියක් ගැහුවහම නිකන් සුර ලෝකෙට ගියා වගේ දැනෙනවා. වැඩිවෙලා ඔළුව කැරකෙන එක කොහෙන් යනවද දන්නෙ නැහැ.... අති සුන්දර විදිහට බීම විඳින්න පුළුවං...!

මටනම් අන්තිම ෂොට් එක හැටියට වෙන නම් මොකුත්ම බොන්න නම් බැහැ හැබැයි අයිස් ක්‍රීම් හරි ෆෘට් සැලඩ් එකක් හරි කන්න නම් පුළුවන්

ඔය අන්තිම ශොට් එක ගහන්නේ පෙරේත කමට බන් (කාටවත් කියන්න එපා හොඳේ)

@දුමී!
මොකක්?
ගිය සතියේ අර උඹලගේ ගෙදර සෙට් වෙලා උඹයි මමයි කොටා අයියයි ලීටරේ විස්කි බෝතලයකින් මිලි ලීටර් 200ක් විතර ඉතුරු වෙන්න ගහලා උඹ කන සාක්කුවේ දාගෙන ඉඳල අපි නිදා ගන්න ගියාම ප්ලේන්ට්ත් බිව්වද ??

කැතයි හොඳේ

අපිනම් අන්තිම ෂොට්එක හවුලේ බොන්නේ. ගොඩක් වෙලාවට කොකාකෝලාත් ඉවරවෙලා අමුවට තමයි ගහන්නේ. කොහොම උනත් ඒකනම් හොඳට වදිනවා..

හහ හා.. අන්තිම ශොට් එක ගහන්නේ සමහර වෙලාවට ඔච්චර අපිට සලකන බෝතලේට කළගුණ සළකන්න වගේත් වෙන්නැති.. බෝතලේ ටිකක් හරි ඉතුරු කරලා යන එක බෝතලේට කරන මොන නව නිංගිරාවක්ද!!!


අපරාදේ මාත් බොන්න පටන් ගත්තනම් ඕවා ගැන අදහස් පළ කරන්න තිබුනා... හික් හික්

ඕයි! බොට මතකද අපි අන්තිමට ඉවර කරපු අන්තිම සීය? කුෂාන් හෝ ලිෂාන් මේක දැක්කොත් විනාසයි!

@දුකා,
එදා මචං අපි බොන්න කලින් බීච් එකේදි ප්ලේන්ටි බීලනේ ආවෙ. අර පැත්ත මාරු වෙච්ච හින්ද තමයි මගෙ කණ සාක්කුවට ගියේ, අනික වෙරි හින්ද නෙමෙයි නිදි මත හින්ද.

අනික ඉතින් උඹ ලීටරේ බෝතලෙන් මි.ලි 10ක් ව්තර සෝඩා මි.ලි 300 ක් එක්ක කලවං කරගෙන හිටපු නිසා මායි කොටයි තමයි මි.ලි 800 ක්ම ඇද්දේ.

රචියා ඒක නිසා තමා බන් මේක ලිව්වේ :-D

පැතුම් දැන් ඔය උඹ බොන්නේ නැතුවද 19 බොන්න එන්නම් කිව්වේ :-D

මම ගොඩක් වෙලාවට බොන්නේ තනියම ඒක නිසා මට අන්තිම ෂොට් එක වැඩිය ගානක් නෑ ..

මේක අන්තිම ෂොට් එක කියලා ගැහුවට තව ටිකකින් තව ෂොට් එකක් දාගන්න හිතෙනවා ...

අන්න නියම මාතෘකාවක් ...අපිටම හදපු එකක් ..

ජයවේවා !!

හ්ම්ම්ම්.. අලුත් පෝස්ට් එකක්.. මාතෘකාව සහ අන්තර්ගතය ගැන කිසිත් නොකියමි..
:D :D

මටනම් තාම ඔය අන්තිම ෂොට් එකෙන් කිසිම හානියක් වෙලා නෑ.

ඕකට අපේ හැඳින්වීම ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එක.

සිරිතෙ හැටියට හැම එකාටම ලැබෙන්න ඕනෑ, මගදි වැඩියෙන් ගත්තොත් ඊලඟ දවසෙ සුද්දයක්.

සෝ අන්තිමට ඉන්න එකා හෙණ වාසනාවන්තයි :D

>>>
බෝතලේ ටිකක් හරි ඉතුරු කරලා යන එක බෝතලේට කරන මොන නව නිංගිරාවක්ද!!!
>>>>

අන්න නියම විග්‍රහය

ඕකට අපි කියන්නෙ පෙරේත ෂොට් එක කියල. මට ඕක ගහල ඉඳල හිටල කෙලවිලා තියෙනව.

හා හා... දුටිමි දුටිමි...

මං නං දන්නේ මෙච්චරයි. කවුරුහරි මගෙන් ඇහුවොත් වැඩියෙන් වදින්නේ බාගේ බෝතලේද 100 ෂොට් එකද කියලා, මං කියන්නේ 100 ෂොට් එක...

උඹ දන්නෑ මේ ලඟදී අපේ යාළුවෝ දෙන්නෙක් සෙට් වෙලා බාගයක් ගැහුවා. යස අගේට විදග්ද කතා බහක පැය එක හමාරක් ගෙවුනා. බාගෙන් පස්සේ, මදි හරියට 100 ෂොට් එකක් ගෙනාවා.
මෙන්න බොලේ අර යසට හිටපු උන් දෙන්නා කියවන්න ගත්තා. පාරේ ගියෙත් නිකං කොඩ් වැල් අදිනවා වගේ. මට මතක හැටිය‍ට එකම කතාව තුන් පාරකට වඩා කිව්වා.

හික් හික්...

වන්නි උඹ ඔය වගේ එවුන් ආස්රේ කරන්න එපා බන් :-D

මට නම් හිතෙන්නේ මේ කියන අන්තිම ශොට් එක පෙරේත කමට බොන එකක් කියලා හික්ස්

බීම කියන්නේ විඳින දෙයක් මිස විඳවන්න දෙයක් නෙමෙයි කියලා හිතන කෙනෙක්ට අන්තිම ෂොට් එකක් උවමනා වෙන එකක් නෑ.

මම නම් ඇල්කොහොල් ෆ්‍රී නිසා මට මේ ප්‍රශ්න නෑ නේ... හික්ස්

ඔය 100 ශොට් එක කියන්නෙ මොකක්ද...??

බොන එක කෙසේ වෙතත් බිව්වට පස්සේ මේස අස්කරන්න අනිවාර්යෙන් සෙට් වෙන කෙනෙක් විදිහට ඔය අන්තිම ශොට් එක තියෙන ග්ලාස් අයින් කරන්න මට සිද්ධ වෙන්නේ හරිම කලා තුරකින් 1% ක් වගේ.. ඒකෙන්ම පේනවා අපේ රටේ අන්තිම ශොට් එක එහෙම අහක දාලා බෝතල් වලට නිගා කරන අය නැහැ කියලා.. හැබැයි ඇත්තම කියනවා නම් මට නම් කවුරු හරි අන්තිම ශොට් එක දානවා දකිද්දි ඇතිවෙන්නේ හරි සතුටක් මොකෝ එතනින් බීම ඉවර වෙලා කන්න පටන් ගන්නවානේ සාමාන්‍යයෙන්.. හික්!

අම්මපා කිවුවට මොකද අන්තිම ෂොට් එක ගැන හරියට විග්‍රහ කොරන්න පුලුවන් කමක් නෑ. ඒක එක එකාට අනුව වගේම එක එක අවස්තාවන්ට සාපේක්ශයි නොවැ.

කුන්දෙං යන්ට ගහපු වෙලාවක අන්තිම ෂොට් එක ගැහුවොත් ආයෙ දෙකක් නෑ කුන්ද පනිනවා. බඩු මදි උන වෙලාවක නම් අන්තිම ෂොට් එක කියලා දැන ගත්තම මල පනිනවා.කාන්තාවො නම් අපි අන්තිම ෂොට් එකට ලඟා උනා කියල දැනගත්තම යාංතං ඉවර වෙන්නයි යන්නෙ කියල සතුට දෝරෙ ගලනවා.


මොනවා උනත් අන්තිම ෂොට් එක ෆ්‍රෙන්ඩ්ශිප් ෂොට් එක උනේ නැත්නම් ඒකෙ පොඩි අඩුවක් තියනවා වගේ දැනෙනවා...

මට නං දැනුත් වැනෙනවා වගේ දැනෙනවා...

අනේ මට බෑ අප්පා... තව සීයක් ගේන්ටෝ ..

සුදු අස්සයගේ පැත්තේ කොකා කෝලා නැතුවයෑ... අනෙක ලිශා මටත් එක්කම මෙගා බූතලයක් අරගෙන එයි... හික් හික්

ඒක නෙවෙයි කාලයක් තිබුනා ෆීල්ඩ් එකේ එකෙක්වත් මාව බොන ස්පොට් වලට අරගෙන යන්නේ නැති, ඇයි ශැන්ඩි ටිකයි බයිට් එකයි ඉවරයිනේ... ඊට පස්සේ අහිංසකයෝ ටික අමුවෙන්ම ගහනවා....

හැමෝම මේ මතට තිත කිය කියා හිටියට තිතට මත් වෙන කස්ටිය වගේ කමෙන්ට් දැක්කාඅම් හිතෙන්නේ නම් . .
@දුමී
එදා උඹලා දෙන්න බීම දැකපු නැති උන් වගේ බොන හැටි දක්කාම මට බය හිතුනා මම බිව්වොත් උඹලට මදිවෙයිද කියලා .. ඒකයි ඒ . . හික් හික් හික්

කාලෙකින් නෙද බීම ගැන ලිවුවෙ...
slbike.blogspot.com

අපි කැම්පස් ඉන්න කාලේ අන්තිම ෂොට් එක බොන්නේ එක වීදුරුවකින් හැමෝම බෙදාගෙන, ඒකට කිව්වේ ලව්-සිප් කියලයි.

අපි නම් අන්තිම ශොට් 1ක friendship ශොට් 1ක් තමා දාන්නේ,මොකද හිමිට බොන උන්ට සාදාරනයක් කරන්න,එත් කොච්චර බීවත් අන්තිමට බාගයක්වත් වෑඩිමිලට ගන්න වෙනවා හෙතුව 9න් පස්සේ බාර් වහනවනේ...ගොඩක් වෙලාවට මට මෙ වෑඩෙ වෙලා තියනවා...

එක දවසක් මතකයි අපේ පොරකුයි මමයි සෙට් වෙලා ඉන්නකොට අනික් පොරට කණ පැලෙන්න වැදිලා ඉන්න කොට රංගි අක්කා අන්තිම ෂොට් එක දාගත්තාන්‍.. මම සාමාන්‍යයෙන් බොන ප්‍රමාණය වෙනස් වෙනවා.. ඒත් අන්තිම ෂොට් එක ගහලා වැටෙනවා වගේ නම් ඒක බොන්නේ නෑ.. හැබැයි පැයි ගාණක් හරි කතා කර කර ඉඳලා ඒක කට්ටිය එක්ක බොනවා... හැමෝටම එක ප්‍රමාණය බොන්න පුළුවන් නම් අන්තිම ෂොට් එක වෙනකොට හැමොටම එක ගාණට වැදිලා තියෙයි.. ඒක නම් මරු..

මතක් කරන්න එපා.. මට අන්තිම ෂොට් එක එපා වුනේ ඕක දාගෙන වැස්ස දවසක පාන්දර එකට වාහනයක් එලවාගෙන ගිහින් හතරමන් හන්දියේ ලොරියකට අඩයක් තියල. කකුල් දෙක අතගාල බැලුව. හොඳට තියෙනවා. හැබැයි කාරෙකේ දකුණු පැත්තෙන් ලොරිය බොනට්ටුව උඩට ගොඩවැදිලා ! ඊට පස්සේ අන්තිම එකට එකක් කලින් මතට තිත තියනවා !

Bloggers.com - Meet Millions of Bloggers