මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


මළ ගෙදරක අවසාන කටයුතු ඉවර උනාට පස්සේ ඇවිල්ල ඉන්න අයට කන්න දෙන කෑම වේලට කියන්නේ මළ බත කියලා. සම්මතයක වශයෙන් අපේ පැත්තේ නම් මේකට දෙන්නේ වට්ටක්කා, කරවල හොදි සහ තක්කාලි සම්බෝල. ඒත් ඒ ඇරුනම බෝංචි, අළු කෙසෙල් වගේ ඒවත් සමහර තැන් වලින් දෙනවා.

මේ සිරිත පළාතෙන් පළාතට වෙනස්. සමහර පළාත් වල නම් මළ බත කියලා එකක් දෙන්නේ නැහැ. අනුරාධපුරේ ගිය වෙලාවක ගෙදර බිම වාඩි වෙලා මළ බත කන්න සිද්ද වෙලා තියෙනවා එක පාරක්. වට්ටකයි, කරෝලයි, තක්කාලි සම්බෝලයි එකතු උනාම මළ බතේ තියෙන්නේ පුදුම රසක් ඒක නිසා මම නම් මළ ගෙදරක අන්තිම දවසේ ගියොත් මළ බත නම් නොකා ලේසියෙන් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුනාම ඒ ගෙදර කෑම උයන එක නවත්තනවා ආයි කෑම උයන්න පටන් ගන්නේ මේ මළ බත උයලා තමයි. ඒ නිසා වෙන්න ඇති මේකට මළ බත කියන්නේ. තවත් දෙයක් මළ බත එතන ඉඳන් කන්න දෙනවා මිසක් කාටවත් පාර්සල් හදාගෙන ගෙදර අරන් යන්න දෙන්නේ නැහැ.

අපේ පැත්තේ තව දෙයක් කරනවා, වල කපන්න උදව් උන සේරටම අන්තිමට පෙට්ටිය තියලා පාංසකූලේ දීපු තැන තියලා සේරම ඉන්න තැන ප්‍රසිද්ධියේ අරක්කු බොන්න දෙන එක මේක කරන්නේ අනික් අයට මළ බත කන්න දෙන්නත් කලින්. දැන් වැඩිපුර මිනී වලලන්නේ නැතුව ආදාහනාගාරෙට ගෙනියන නිසා මේක නම් මන් වැඩිය දැකලා නැහැ. ඒ ඇරෙන්න පිට පළාත් වල දැකලාම නැති තරම්. ඔය උඩ ෆොටෝ එකේ තියෙන කුරුම්බා ගෙඩි දෙකත් වල කපන්න උදව් උන අය සේරම එකතු වෙලා උගුර උගුර බීපු එකක්. ඒක නම් මන් දැක්ක පළවෙනි වතාව.

පළාතෙන් පළාතට, අදහන ආගමේ හැටියට මිනිස්සු මැරුනම එක එක විදිහේ දේවල් කරනවා. ඒවායේ තේරුම තියේද නැද්ද මන් දන්නේ නැහැ සමහර විට මැරුන කෙනාගේ නෑදෑ හිතවතුන්ගේ දුක අඩු වෙන්න කරන දේවල් වෙන්න ඇති ඒත් සමහර ඒවායින් නම් ඒ අයට දුක දෙගුණ තෙගුන වෙනවත් ඇති. මුස්ලිම් ආගමේ විදිහට ඉක්මනින්ම අවසාන කටයුතු සිද්ධ කරන එකට නම් මම කැමතියි මිනියත් තියාගෙන් දවස් ගනන් විකාර කරනවට නම් වඩා.

16 අදහස්:

ඔව් ඒක ඇත්ත. මතකයන් හිත් වල තියෙන උන්ට දුකක් වෙන්න ඕන නෑ!

ඔව් මමත් දැකලා තියන විදියට මළ ගෙදරක කටයුතු ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පළාතෙන් පළාතට එක එක කටයුතු වෙනස් වෙනවා..

අවසානෙට කියපු එකට මාත් එකඟයි... වැඩිය කල් තියාගනේ නැතිව මිනිය අයින් කරන එක...

ඒකට අපේ පැත්තේ සල්ලි තියන උන් නම් මළ බතට මාළු හිටන් හදනවා. සමහර වෙලාවට මඟුල් ගෙයක් වගේ O_O

හ්ම්හ්ම්.. නුවර පැත්තෙ නම් මලබත දෙන්නෙ අල්ලපු ගෙදර ඉදිං.. පැන් වඩන්නෙ කුරුබ්බෙන්..
ආ මරණේ අරන් යනකොට රතිඤඤා දානවා.. ඒක නම් ආතල් වැඩක් :D හිහ් හිහ් හිහ්

හැබැටම උබට මොකෝ මලබත මතක් උනේ ? රෑට රෑට හීනෙන් සුදුකොඩි පේනවද ? :P

ඔවු පූසා කියපු එකට මාත් එකඟයි.. ඉස්සර අපේ පැත්තෙත් මළ බත දුන්නේ ඔය වට්ටක්කා සහ කරවල තමා ඒත් දැන් දැන් ඒක වෙනස් වෙලා.. මඟුල් ගෙයක් වගේ..

මුස්ලින් ක්‍රමේය මාත් කැමතියි...

නැහැ බන් මේ දැන් මළබතක් කාලා ආවා විතරයි :-D

එන්න එන්න සිරිත් වෙනස් වෙනව දැන් සමහර මල ගෙවල් මගුල් ගෙවල් වගේ....
slbike.blogspot.com

Me paththeth oya menu ekama thama.eka sirithak ne.kos mallum hadanawa welawakata. :-) mama wadiya aasa na mala bath kanna.apirisidui,wishabeeja.,eka nisa ape gedara saha naadaa gewal wala mala batha lasthi karanna kalin clean karala,fan ehema daala masso elawanna systems lasthi karanawa mulinma mama

මලබත උයන එකට හේතුව නම් මමත් අහලා තියෙන්න උඹ කියපු හේතුවම තමා.. මල ගෙදරින් පස්සෙ වල උඩ තියාගෙන බොනවා කියන එක සිරිතක් විදිහට ගත්තොත් මුලින් කෙරුවේ වල තනි කරන්නේ නෑ කියලා වලදාපු දවසේ සෙට් එකක් නිදිමරපු එක. දැන් නම් ඒක වෙනස් වෙලා.. කට්ටියට එලිවෙනකම් කරන්න දෙයක් නැති නිසාත් නිදිමරන්න වෙන්නෙ සෙහොන් පිට්ටනියක නිසාත් බොන්න ඇති.. දැන් ඒක පුරුද්දකට ගිහින්. දැන් වෙස්සන්තර ජාතකය කියවන්නෙත් නෑනේ.. සංස්කෘතිය කියන එකත් මම කියන්නේ සාමාජීය තාක්ෂණික ප්‍රවණතා එක්ක වෙනස් විය යුතුයි...

This comment has been removed by the author.

මිනියකින් විනාඩියකට කොච්චරක්ද මන්දා විසබීජ පිටවෙනවා කියලා මම අහලා තියෙනවා.

තුවාල, දද එහෙම තියෙන අයට මල ගෙවල් වල් ගිහින් ආවහම "කිලි" නිසා වැඩි වුනා කියනෙන ඒක වෙන්න ඇති.

කොහොම උනත් එහෙම විෂබීජ තිබුනු තැනක විෂබීජ විනාශ නොකර කෑම කන සිරිත නම් වෙනස් වුනොත් හොඳයි කියලයි මගේ හැඟීම නම් .

මුස්ලින් ක්‍රමේය මාත් කැමතියි...

මේකෙ හොඳම අත්දැකීම මම වින්දා පහුගිය ටිකේ.. අපේ තාත්තගෙ මරණය වුණ වෙලේ හැකි තරම් ඉක්මනින් ඒක ඉවර කරමු කියල අපි තීරණය කලේ ඕක තියාගන්න එක ඇත්තටම උවමනා නැති නිසයි. ඒත් දවස් ගාණක් යනකල් (තාමත්) ගෙදර තිබුණා ඒ ගැන උණුසුම. ගෙවල් කීපයකට එහා මුස්ලිම් ගෙදරක ආච්චි කෙනෙකුත් ඔය ගමන්ම නැති වුණා. එයාල පහුවදාම අවසන් කටයුතු කලා... පහුවදා ඒ පවුල සාමාන්‍ය ජීවිතයට පිවිසිලා තිබුණ. හැබැයි ඔය ආගමික වතාවත්නම් එයාලගෙත් කාලයක් යනකල් කරන බව මම අහල දැනගත්ත.

මල බත ගැනනම් මට අදහසක් නෑ. තාත්තගෙ මරණෙ සිද්ධ වෙලත් අපේ ගෙදර හැමදාම කෑම හැදුව. පිටින් කට්ටිය ගෙනල්ලත් දුන්න. ඒ දවස් ටිකේ මගේ ඥාති පිරිස උයන එකට සෙට් වෙලා පුදුම ගේමක් දුන්නා. ඒත් එක එක පලාත් වල ඔය මලබත කියන එක සාමාන්‍ය සම්ප්‍රදායක්...

ඒ එක්කම මිනියක් ගෙදර තියාගැනීම!

ඉන්න කාලෙ හොඳට ආදරෙන් අවබෝධයෙන් මනුස්සයෙක්ව ඇසුරු කලානම් මැරුණට පස්සෙ ඒ මනුස්සය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ හැකි ඉක්මනින් අවසන් කටයුතු කරන එක කියලයි මට හිතෙන්නේ.... වතාවක් මගේ යාළුවෙක් කිව්ව එයාගෙ අම්මගෙ සිරුර එයාල දවස් 7ක් තියාගත්ත කියල. තියාගන්න බැරි වුණ නිසා ආදාහනය කලා මිස පුළුවන්නම් තවත් කල් තියාගන්නව කියල... මන්ද මම හිනා නොවී හිටියෙ අමාරුවෙන්...

උඹ මගේ මරණය වෙච්චි එකේ මළ බත ගැන ලියන්න තිබ්බේ මීට කලින්... :)

ඉක්කමනට අහක් කරන එකටනං මාත් කැමතියි. ඒත් ඔය වෙලාවට නා නා ප්‍රකාර පොරවල් ඇවිල්ලා තවුසන්ඩ් ටෝක් දෙනවා. අරහම කරන්න, මෙහෙම කරන්න කියලා. එව්වටත් ඇහුංකං දෙන්න එපැයි ඉතිං...

දැන් සමහරු මල බත දෙන්නෙත්fashion එකට catering service එකකින් තමයි posh එවුන් මලබත දෙන්නේ

හැමෝටම ආයිත් ස්තූතියි කමෙන්ට් වලට

මළගෙවල් සම්බන්දව එක එකපැතිවල එක එක සිරිත් තියේ. අපේ පැත්තේ අඟහරුවාදා සහ සිකුරාදා මිනී ගෙට ගන්නේ වත් අවසාන කටයුතු කරන්නේවත් නැහැ. හැබැයි තමන්ගේ මළ ගෙදර එහෙම කරලා අනික් අය කරකොට දොස් කියන අය තමා වැඩි. ඒ ඇරුනම සම්හරු වෙලාවක් බලනවා මිනිය ගෙයින් එළියට ගන්න.

රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ කියලා තිබ්බ මිනිහෙක් මැරුනා කියන්නේ කුණු ගොඩක් , කුණුගොඩක් විසික් කරන්න උත්සවයක් මොකටද කියලා උන්වහන්සේගේ ආදාහනය ගැන ජීවත් වෙලා ඉන්නකොට අහපුවාම. ඉතින් මළ කුණක් ගෙදර දවස් ගානක් තියාගන්නව කියන්නේ පිස්සු වැඩක් කියලා මන් නම් හිතන්නේ. මැරිච්ච මිනිහෙක්ගේ මලකුණක් තමන්ගේ තත්වේ පෙන්නන යොදාගන්න එක ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ.

Bloggers.com - Meet Millions of Bloggers