මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


ස්කූල් බස් එකේ ඉස්කොලේ ගිය කෙනෙක්ට නම් ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි ස්කූල් බස් එකේ ගිය කාලේ.

මම ඉස්කොලේ ගිය දවසේ ඉඳන් සාමාන්‍ය පෙළ කරනකම්ම ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. උසස් පෙළ කරනකොට නම් වැඩිය ලේසි නිසාත් බස් එකේ එක ගමනක් යන ගානෙන් කෝච්චියේ මාසෙටම සීසන් ගන්න පුළුවන් නිසා සහ බස් එකේ ටිකට් ගත්තා නොගත්තා, ලොකු අයියලාට දවස ගානේ ගානක් දෙන්න වෙන නිසාත් ඉස්කෝලේ ගියේ කෝච්චියේ.

එක වසරේ ඉඳලා පහ වසර නම් මන් ගියේ කාන්තා පාසැල් බස් රථයක. ඒ බස් එකේම හිටියේ කොල්ලෝ 5යි. අනික් ඉතින් ඒ කාලේ බැට්රි පෙට්ටිය උඩ ඉඳගන්න එක ගැන සිහිය මිසක් බස් එකේ ඉන්න ගෑනු ලමයි ගැන මෙලෝ කල්පනාවක් තිබ්බේ නැහැ.

ඊට පස්සේ හයේ ඉඳන් එකොළහ වෙනකම්ම ගියේ කාන්තා, මිශ්‍ර සහ පිරිමි පාසල් තුනකටම තිබ්බ පොදු පාසල් සේවයක. ඒ කාලේ තමා නියම. ඉස්කෝල තුනේ ආචාර්ය මණ්ඩලේ කීප දෙනෙක් හිටියත් ඔය බස් එක ඇතුලේ පෙම් යුවල් කිහිප දෙනෙක්ම හිටියා. උදේ හවස ලියුං , සුභ පැතුම් පත් එහෙම පොත් අස්සේ දාලා හුවමාරුත් උනා. මිශ්‍ර පාසලේ ගෑනු ලමයි එක්ක ඇයි හොඳයි කං තියන්න පිරිමි ඉස්කෝලේ ලමයින්ට අවසර නැති උනත් කාන්තා පාසැලේ ගෑනු ලමයි ගැන එහෙම ගැටළුවක් තිබ්බේ නැහැ. ඉඳලා හිටලා ඔය ගෑනු ලමයි බෙදා හදාගන්න බැරුව පොඩි පහේ රණ්ඩු නොතිබුනේමත් නැහැ ඒත් ඒවා වැඩිය දුර දිග නම් ගියේ නැහැ.

අපේ මුළු ගමනම පැය බාගයක් වගේ පොඩි වෙලාවක් උනත් ඒ ගතකරපු වෙලාව තමා ඉස්කොලේ ජීවිතේ ගොඩක්ම සතුටින් හිටියේ. ඒ කාලේ සමහර ඉස්කොලෙන් අස් වෙච්ච අයියලා උදේ හවස ස්කූල් බස් එකේ යන්න එන්න විතරක ආපු වෙලාවලුත් තිබ්බේ බස් එක දාලා යන්න බැරි නිසාමද කොහේද

ආයි ඉතින් ජීවිතේට යන්න ලැබෙන එකක් යෑ

ඡායාරූපය මෙතනින්

18 අදහස්:

ඇයි බං අයියේ ඕවට හරියන්නත් එක්ක අපි දැන් ගූගල් බස් වල යන්නේ :DDDDDDD

ඒවට හරියන්න දැන් මරේ ගූගල් එකේ බස් දානවලු !

අපිට ඉස්සර වැඩිය ස්කූල් බස් ලැබෙන්නේ නැහැ. ලැබුනත් ඕක වැඩි කාලයක් තියෙන්නෙ නෑ. ප්‍රධාන හේතුව වලි. ඕන්නං වැඩිම වුනොත් මාස හතරක් තියෙයි. ඊට පස්සේ සතියෙ මැද දවසක වීදුරු කුඩු කරගෙන කොහේ හරි පොලිසියකට හරවන එක තමයි වෙන්නෙ. හැබැයි එහෙම කියල ආතල් එකනං බින්දුවක් වත් අඩුවෙන්නෙ නැහැ. ස්කූල් බස් එකේ හොඳකම තියෙන්නෙ බාලිකාවන් තක්සලා දොරින් එලියට ඇවිත් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා රාවණාල සෙට් එකට ඒ ඒ තැන් වලට ගොඩ බහින්න පුලුවන් නිසා. පාරේ බස් වලට ඒක අල්ලන්න බැහැ.

මං උසස් පෙල කරන කාලෙ මාසයක් විතරක් ස්කූල් බස් එකක ගියා. එච්චරයි මට තියන අත්දැකීම. ඒකෙ ගියේ 6 පන්තියෙන් පහළ ළමයි විතරයි. ඒත් මට ගෙදර ඉඳල ඉස්කෝලෙට තිබුණෙ කිලෝමීටර් 2යි :-D
අපේ අයියනම් උසස්පෙළ ලියනකම්ම ස්කූල් බස් එකක ගියේ. ඉස්සර එයාලගෙ බස් එකේ පොඩි එකෙක් නිදිමතේ ගේ ලං වුණාම බහින්න හදද්දි අයිය කෙනෙක් එයාගෙ බෑග් එක වෙනුවට අතට දීල තියෙන්නෙ බස් එකේ කුෂන් කෑල්ලක් . මේ ළමය නිදිමතේම ඒකත් අරන් බස් එකෙන් බැහැල :-D

අපිත් උදේ හවස පැය 2 ගානෙ ස්කූල් බස් එකේ ගියා. නියමම කාලේ :D
This reminds me the good old days !! :)

අපිත් ස්කූල් බස් එකේ ගියේ පැය 1/2යි. හැබැයි ඒකේ හැම ඉස්කෝලෙම ළමයි හිටියා. රසවත් සිදුවීම් නම් එමටයි. ආයෙම ඒ අතීතෙට ගියා ටික වේලාවකට. ස්තූතියි මරේ පරණ මතක ආපසු එලියට ඇද්දට..

ඒ සුන්දර අතීතයට ආපහු යන්න පුළුවන්නම්, මම ඕනෙම කැප කිරීමක් කරනවා...

හෙහ් හෙහ් මමනම් ගියේ ස්කූල් වැන් එකේ......
ඒ කාලෙනම් මාර ජොලි තමා :D, හැබැයි ඉතින් සාමාන්‍ය පෙළ ඉඳලා උ.පෙ ඉවර වෙනකම්ම පරයිවෙට් එකේ තමා :)

ස්කූල් බස් ජීවිතේ නම් කියල වැඩක් නෑ . . .
ඇත්තෙන්ම ලව් කරපු උන් තමයි එකේ මැක්සාම ෆන් එක ගත්තේ. . .

ස්කූල් බස් අතීතෙනම් එලම තමයි..
ඕවා මොනාද බන්.. අපි තව කාලෙක කියයි අපි ගූගල් බස් එකකත් ගිහින් උන්ට කෙලෙව්වනේ කියල හික් හික්

පාසැල් බස් වල ගියාට ඒ කාලෙ ලව් කරන්න නම් ගියේ නෑ. එත් පට්ටම ආතල් එකක් නම් ගත්තා. දැන් නම් හිතෙනව ආයෙත් ඒ කාලෙට යන්න පුලුවන් නම් කියල.

හුඟ දෙනෙක් missed the bus වගේ!

@රංග
ඇත්තම කියල තියෙනවා. මොකද ලව් කරනවා කියන්නේ 100% ඒවට නේ. කෙල්ලෙක් පස්සෙ ගිහිල්ල බැහ් කියල අහගත්තු ඒවට ලව් කළා කියලා කියන්නෙ බෑනේ, නේද?

ස්කූල් බස් ගැන නම් මොකට කියනවද.. එහෙම කාලයක්. වලි... ලව්.. අරවද මෙව්වද... මම ඇතුලු අපි සමහර දාට ස්කෝලේ යන්නෙ ස්කූල් බස් එකේ යන්න ඕනිවට. ඒ කියන්නේ ස්කෝලෙ ගාව නොබැහ කෙලින්ම බස් එකේ ගමනාන්තයට් ගිහින් එඊකෙම ඊලඟ ටර්න් එකේ ගෙදර යනවා. හික් හික්

මේ ඒ ගැන කතාවක්...

ස්කූල් බස් ( school bus ) ඉනිමගේ ස්කොලේ ගිය හැටි...

හැමෝටම ස්තූති වේවා!

සුළඟ වගේ ඇවිදින් පොත කියවනකොටත් ඔය ස්කූල් බස් එකේ ගිය කාලේ මතක් වෙනවා

හැබැයි කතන්දර, කෙල්ලෝ පස්සේ ගිහින් බැහැයි කියන ඒවා තමා ජොලිම. හා කිව්ව දා ඉඳලා අර තිබ්බ ආතල් සේරම ඉවරයි. බෑ කිව්ව නම් ආයි පස්සෙන් යන්න හරි වෙන කවුරු හරි පස්සේ යනන් හරි පුළුවන් නේ.

පිටස්තරයා උඹලාගේ සහ අපේ ස්කූල් බස් අතර මාරන්තික වලි යන එකත් ඒලෙවල් කරන්කොට කෝච්චියේ යන්න එක හේතුවක් උනා බන්

අප්පා ස්කූල් බස් නම ආයෙ මොනාද. තාම මතකයිමමත් අවුරුදු 6ක් තිස්සෙ ගියානෙ ඔවැයෙ.......

කියලා වැඩක් නෑ ඒ කාලෙනම්. මා.මාත් අනුන්ගේ ස්කෝලෙක බස් එකක නැගලා ගියා නොවැ.

@මම නං 4 වසරයි 5 වසරයි විතරයි ස්කූල් බස් එකක ගියේ. 6 ඉඳන් A/L වෙනකං පාරේ බස් එකේ. ඒකත් නරකම නෑ :P

Bloggers.com - Meet Millions of Bloggers