මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සීට්ටු දානවා කිව්වම සමහර අයට හිතෙයි ඒක කරන්නේ සමහර විට සමාජයේ ටිකක් පහල මට්ටමක ඉන්න බැංකු ගණු දෙනු ගැන වැඩි දැනුවමක් නැති අය කියලා ඒත් මේ ලඟදි පත්තරේක තිබ්බා ලංකාවේ කොහේ හරි පැත්තක කෝටි ගානක් සීට්ටු සල්ලි වංචාවක් ගැන. ඒ ඇරෙන්න මන් දන්න ඉතා උසස් තත්වයේ ඉන්න බැංකු ගණු දෙනු ගැන හොඳට දන්න අය පවා මිලියන ගනන් වල සීට්ටු වලට දායක වෙනවා.

සීට්ටු කියන්නේ බැලූ බැල්මට වාසි දායක නැති මුදල් ඉතිරිකිරීමේ ක්‍රමයක් ඒත් මේකට යෙදෙන පුදගලයන් නම් කියන්නේ මේක බැංකුවට වඩා වාසියි කියලා. සීට්ටුවකින් වෙන්නේ මේ වගේ දෙයක් 10 දෙනෙක් ඉන්නවානම් එයාලා හැමෝම සමාන මුදලක් උදා 1000ක් වගේ හැම මාසෙම එකතු කරලා එක්කෙනෙක්ට දෙනවා මේ වගේ මාස 10කදි හැමෝටම 10000 ගානේ ලැබෙනවා. මුදල් සීට්ටු විතරක් නෙමෙයි ලීබඩු සහ වෙනත් බඩු භාණ්ඩ වලටත් සීට්ටු දානවා.

ඔය සල්ලි දෙන පිළිවෙල තෝරන්නේ තුණ්ඩු ඇදලා. පළවෙනි එක හැමදාම සීට්ටුව කරන කෙනාට. මේකේදී වාසි වෙන්නේ සල්ලි හදිස්සි කෙනෙක් මුල් සීට්ටු වටිනාකමට වඩා අඩු මුදලකට ලබා ගන්නවා ඒ කියන්නේ 10000 වෙනුවට එයා 9000ක් ඇති කියන්වා එතකොට අනික් අයට යන්නේ ඒ මාසේ 900 ඒත් 9000 ගත්ත කෙනා සීට්ටුව කල් පිරෙනකන් 1000 ගානේ ගෙවන්න ඕනේ. ඒ වගේ උනාම 9900ක් ගෙවපු කෙනෙක්ට උනත් 10000ක් අන්තිමට ලැබෙනවා.

සීට්ටුවක් සාර්ථක වෙන්නේ ඒක කරන කෙනා අනුව. කරන කෙනාට පුළුවන් නම් ඉන්න 10 දෙනාගෙන්ම හැම මාසෙම බලෙන් හරි 1000 එකතු කරන්න සීට්ටුව හරියට යනවා. නැත්නම් ඉතින් කවුරු හරි මග ඇරියොත් එතන ලොකු පාඩුවක් සිද්ද වෙනවා. 1000 වගේ සුළු මුදලකදි නෙමෙයි ලක්ෂ කෝටි ගනන් වලින් ඔය ගණු දෙනුව සිද්ද වෙද්දි තමා ඒකේ පාඩුව සිද්ද වෙන්නේ.

මන් හිතන්නේ මේ සීට්ටු කියන ක්‍රමයම හරි විදිහකට කලා නම් ලංකාව තුලත් හොඳ ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තිබ්බ මොකද මෙච්චර සාර්ථක විදිහට සීට්ටු ක්‍රමය යනවනම් ඒක බැරි වෙන්න විදිහක් නැති නිසා.

9 අදහස්:

අනේ මන්දා, මටනම් සීට්ටුවකට දායක වෙන්න හිතෙන්නෙම නෑනේ...:D

මම නම් සීට්ටු දෙක තුනකටම ඉඳලා තියෙනවා. කොහොම හරි මුල තුන්ඩුවක් ලැබෙන එක වාසියි. ලොකුම් වාසිය පොලී නැනේ :) ෂේපෙකේ ගෙවාගෙන යන්න තියෙන්නේ.

ඔතනදි වාසිදායක වෙන්නෙ වෙන්දේසි සීට්ටු ක්‍රමය. ඒකෙදි සීට්ටු මුදල වෙන්දේසි කරන නිසා අවසන් වශයෙන් ගන්නා අයට ලොකු වාසියක් ලැබෙනවා.

මම පොඩි කාලේ අපේ අම්මා හරි ආච්චි හරි සම්බන්ද වෙන සීට්ටුව අහුලන්නේ අනිවාර්‍යෙන් යන්නේ මම.

මොකද්දෝ හේතුවකට බොහෝ වෙලාවට මට අංක 2 හම්බුවෙනවා.

ටිකක් ලොකු වුනු කාලේ අසල්වැසි ඇන්ටිලා දාපු මමත් සීට්ටු දෙක තුනකට මමත් සහභාගී වෙලා තියෙනවා.

කිව්වත් වගේ මේක හොඳ ක්‍රමයක්.

සීට්ටුව දාන්න විස්වාසදායි කෙනෙක් ඉන්නවානම් ඇත්තෙන්ම හොඳ දෙයක්

අඩේ අපිත් සීට්ටු දැම්මා ඉස්කෝලේ ගිය කාලේ

එකෙක් රුපියල් 2/- යි මේ 10 වසරෙදි වගේ :D

එකම සීට්ටුවෛ දැම්මේ ජීවිතේටම, ඒ කාලේ වැඩ කලේ කුරුණෑගල,හොඳම යාලුවෙක් තුන් වෙනි හරි හතරවෙනි හරි සීට්ටුව ගත්ත, ඊට පස්සේ පොරට ට්‍රාන්ස්ෆෙර් එකක් ආවනේ ගාල්ලට,පොර ගියා. මට පොරගේ ඉතුරු වාරික ටික ගෙවන්න වුනේ.ඔය කාලයේ mobile ෆෝන් තියා ගාල්ලට ටෙලිෆෝන් call එකක් ගන්නත් ට්‍රුන්ක් call එකක් බුක් කරලා පැය ගණනක් බලා ඉන්න ඕනේ.

මම ඔය සීට්ටු ගැන දැනගෙන හිටියෙම නෑ. ඒත් කොළඹ කොංපැණියෙ වැඩකරද්දි කට්ටිය කතා වෙලා සීට්ටුවක් දැම්මා 1000ක. සේරම කට්ටිය 17 දෙනෙක්ද කොහෙද හිටියා. මට ආවෙ 6-7 වගේ ප්ලේස් එකක්. ඒත් 15 වෙනි තැන ආපු දුප්පත් කොල්ලෙක් එක්ක මම තැන මාරු කරගත්තා ඌට සල්ලි හදිසියක් තිබුණ නිසා. අන්තිමේදි මගේ චාන්ස් එක එනකොට සීට්ටුවෙ හිටියෙ 13 දෙනයි. අනිත් උන් අස්වෙලා ගිහින්... මට ඊට පස්සෙ සීට්ටු එපා වුණා.

ගිය අවුරුද්දෙ දැන් මම වැඩකරන ආයතනයේ සෙට් එකත් සීට්ටුවක් දැම්මා. මම ගත්කටටම බෑ කිව්වා. ඒකට මට කිණ්ඩියකුත් දැම්මා කට්ටිය. ඒත් අන්තිමේදි ඒකත් අල වීගෙන ගියා.... හැබැයි වැඩේ කරපු එකා දස්සයා නිසා මාසෙකට දවස් දෙක තුනක් එහෙ මෙහෙ ගිහින් සල්ලි එකතු කරගත්තා.

"ආයෙනම් සීට්ටු දාන්නෙ නෑ" කියල තමයි ඌ දැන් ඉන්නේ...

වෙන්දේසි සීට්ටු ගැන අහල නෙද්ද ?.....එකේදී තුන්ඩු දන්නේ නැ..... සීට්ටුවට වෙන්දේසි කරන දවසක් දාගන්නවා... අපි හිතමු හැම මාසෙම 10 වෙනිදා හවස 5 ට කියලා.... සීට්ටුව ගන්න ඕනේ කියලා හිතන අය වෙලාවට වෙන්දේසියට යන්න ඕනේ... සීටුව organize කරන කෙනා තියනවා ලන්සුවක් .... අපි හිතමු 250 කියලා .. එක්කෙනෙක්ගෙන් මාසෙට 1000 කියලා... දැන් සීටුව ගන්න ඕනේ අය 250 ඉදලා ගාන වැඩි කර කර ඉල්ලනවා... 275 .... 300... 325... 350...400.... ඔහොම ගිහින් වැඩිම ගානට ඉල්ලන කෙනාට සීට්ටුව දෙනවා.... අනිත් අය ඒ මාසේ ගෙවන්න ඕනේ වෙන්දේසි උන ගාන සම්පුර්ණ ගානෙන් අඩු කරලා එන ගාන සාමාජිකයන් ගානෙනේ බෙද්දාම ලැබෙන ගාන.... අන්තිමටම සීට්ටුව ගන්න අයට වාසියි..... ව්ස්තර කිව්වට මම ආසත් නැ ඔය සීට්ටු වලට ...

හැමෝටම තුති
මන් හිතුවා බ්ලොග් ලියන අය සීට්ටු ගැන අහලත් නැතුව ඇති කියලා. :-)
මට එක පාරක් නම් සීට්ටුවකට එකතු වෙන්න ආරාධනාවක් ලැබුනා ඒත් කරන් කෙනා විශ්වාස නැති නිසා ගියේ නැහැ . ඒත් සීට්ටුවක් දාලා බලන්න නම් කැමැත්තක් තියේ.

Bloggers.com - Meet Millions of Bloggers