මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


ආපිකෝ එකට ගියවෙලාවේ නිකමට වගේ ඇහැගැහුනා ඉස්සර කාලේ කාපු ටොපියක හැඩේ තියෙන පැකට් එකකට. ඉක්මනට අතට අරන් බැලුවාම බුල්ටෝ පැකට් එකක්. කාලෙක ඉඳන් ආයිත් බුල්ටෝ එකක් කාලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉක්මනින්ම අරගත්තා. ඉස්සර නම් සත විසිපහට තිබ්බේ ඒත් දැන් එයින් බාගයක් වත් සයිස් එක නැති බුල්ටෝ එකක් රුපියල් 2යි ඒකත් තියෙන්නේ 20 පැකට් වලින්. ඒ කාලේ තරම් රස නම් නැහැ ඒත් බුල්ටෝ කන ගතිය තියෙනවා.

දැන් නම් මන් ඉන්නේ කඩචෝරු කන වයසක නෙමෙයි. කඩචෝරු කන්න අතේ සල්ලි තිබ්බත් කන්න එච්චර ආසාවක් නැහැ ඒත් අතේ සල්ලි නැතිව තිබ්බ දසක දෙකකට විතර කලින් කාලේ නම් කඩචෝරුවලට තිබ්බේ පුදුම පෙරේත කමක්.

බුල්ටෝ ඇරුනම ගොඩක් කාපු දෙයක් තමා ඇඟිලි විස්කෝත්තු. ටිකක් රස දැන් තියෙන ජින්ජ බිස්කට් වගේ උනාට ඊට වඩා ටිකක් හයියයි. හැඩයත් ඇඟිල්ලක් වගේ. සූදූරු ඇටයක් වටේට පැනිරස පිටි මිශ්‍රණයක් ගාපු හූණු බිජු කියලා අපි කියන පැකට් නම් ගත්තේ ඒවා කනවට වඩා ඒක එක්ක දෙන පුංචි නලා, සෙලම් බඩු වගේ ඒවා ගන්න ඕනේ නිසා. මොනවායින් හදලා තියෙනවාද කියලා නොදන්න සවු බොරත් ගොඩක් කන්න පුළුවන් රස කැමක්. සවු බොර නම් දනුත් ගන්න තියෙනවා ගොඩක් තැන්වල. අවිස්සාවේල්ල බස් නවතුම්පොලේ විතරක් බස් වලට නැගලා වෙළෙන්දෝ විකුනන ඉඟුරු දෝසි මන් වෙන කොහේවත් තාම නම් දැකලා නැහැ. ඉස්සර අවිස්සාවෙල්ලට ආවොත් ඉඟුරු දෝසි පැකට් එකක් නම් අනිවාර්යයෙන් ගන්නවම තමා. දැන් වගේ විවිධ නම් වලින් තියෙන ටොෆී , චොකලට් ජාති ගොඩක් නොතිබ්බ ඒ කාලේ ඔය වගේ ජාති දෙක තුනක් තමා අපේ ප්‍රියතම කැම උනේ.

කැෂියර් එකේ හිටපු මල්ලි කිව්ව මේ බුල්ටෝ පැකට් ගොඩක් විකිනෙනවා කියලා, අනිවාර්යයෙන් ඒ කාලේ කාපු අය තමා නැතුව දැන් කාලේ තියෙන ටොෆී වල වගේ පෙනුමකුත් නැතුව දැන් ලමයි නම් බුල්ටෝ කන එකක් නැහැ.

23 අදහස්:

බුල්ටෝ එකක් කාපු කාලයක් මතක නැහැ ......
හැබැයි සව්බොර හුනු බිජු නම් මේ ලඟදිත් කෑවා

ගුවන් විදුලියේ ගිය ගුණසිරි බුල්ටෝ ඇඩ් එක මතකද?'
"ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන දෙය්"
ඉතුරු හරිය නම් මතක නැත.

අප්පේ බුල්ටෝ අන්තිමට කෑවේ අවුරුදු ගානකට කලින් අපේ සඳරු ලාගේ ගම් පලාතේ ගිය වෙලාවක. මේ පැත්තේ උන් දැකලත් නෑ ඔය බුල්ටෝ. මේ ළඟදී මම කිව්වාම බුල්ටෝ කන්න ආසයි කියලා මගේ යාළුවෙක් අහනවා ඇත්තටම එහෙම කෑමක් තියනවද කියලා :(

අප්පා දැන් ඔව්වා හොයාගන්නත් නෑ..අර හූණුබිජුනම් තියෙනවා...

බුල්ටෝ නම් මාත් කන්න මාර ආසයි ආයේ... කොහෙදි හරි අපි හමුවෙනවනම් එදාට අරන් වරෙන් කොල්ලෝ පැකට් එකක්...:D

ඉඟුරු දෝසි තියනවා වාරියපොලත්... එතනින් බස් වලට නැගලා වෙලෙන්දෝ විකුණනවා ඒවා...

බුල්ටෝ විතරක් නෙමේ . . . අපි පොඩිකාලෙ කාපු ගොඩක් චූටි චූටි කෑම ජාති ආපිකෝ එකේ තියනව . . . . නාරං බික්, සීනි කූරු, අර මින්ට් රස සුදු පාට එකේ කලු වයිරං තියන සීනි බෝල, එස්සෙට්‍රා . . . . . එස්සෙට්‍රා . . .
අපේ මායිය ඕව ටික ඉස්සෙල්ලම දැකපු දවසෙ . . . . මාව හින්දුවා

අනේ දැන් බුල්ටෝ කර කරපු සීනි වගේ....... මෙලෝ රහක් නෑ.... ආසාවට කනවා විතරයි.......

සව්බොර අපේ තාත්තා කිව්වේ ඉතිරි වන බිස්කට් වලින්ම හදනවා කියලා. අනේ මංදා.

ගුණසිරි මුදලාලි අපේ ගෙවල් ලඟ.. උන්නැහෙට පුතාලා හතරදෙනෙක් හිටියානෙව... පොඩිම් උන්නැහැ තමා ගුණසිරි... කව්රුවත් තත්තාගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේ නෑ නෙව... අයියා හෙල උරුමයෙන් චන්දය ඉල්ලුවා.. මල්ලී එක්සත් ජාතික පක්සයෙන් ඉල්ලූවා කලකට ඉහත...
සුදු සරමක් හා කමිසයකින් සැරසුණු ගුණසිරි මුදලාලී ඔහුගේ නිවස ඉදිරිපිට දැනටත් ඉඳහිට දකිත හැක..

අනිවා ඊගාව පාර හම්බ වෙනකොට අරන් එන්න ඕනා ඔය කියන ජාතියෙ බුල්ටෝ එකක් මටත් රස බලන්න. :D
[මං ඇත්තටම කාලා තියෙන්නෙ එකම එක පාරයි, ඒත් රස මතක නෑ]

මං පොඩි කාලේ කාපු නාරං බික්, හූනු බිජු, බුල්ටෝ මතක් වුනා.

මට මතක විදියට අර ඔබ්සර්වර් කියන ඇඩ් එකේ මෙන්න මෙහෙම තිබුණා.

මං අම්මට කියනවා
මං තාත්තට කියනවා
......

අපිට නොදී
අයිය කන්න හදනවා

මරේ, අන්ශුවා : ගුණසිරි බුල්ටො මුදලාලිගෙ පුතා මගෙ යාලුව. ඌ ආයෙ ගුණසිරි බුල්ටො පටන් අරගෙන. වෙලාවක මම උඹලට උගෙන් පැකට් එකක් ගෙනත් දෙන්නම්

තිස්ස අය්යා : ඔයා දන්නෙ නැති උනාට චූටි අය්ය (ගුණසිරි මුදලාලිගෙ බාල පුතා) කපිල අය්ය (තව පුතෙක්) එක්ක ආයෙ බිස්නස් එක පටන් ගත්තා. දැන් මාස කීපයක් වෙනව පටන් අරගෙන. බුල්ටො ගැන මම මගේ බ්ලොගේ පෝස්ට් එකකුත් දැම්ම.

බුල්ටෝ... අර පැය ගනන් කටේ තියාගෙන සූප්පු කර කර ඉන්න එක. මැක්සා. ඉස්සර අපි කොයිතරම් ඕවා කෑවද? ස්කෝලේ කැන්ටියේ ජනප්‍රියම කෑම තමා ඔය.

මාත් මේ ගුණසිරි බුල්ටෝ දැන් නෑ කිව්වට කොහේ හරි බ්ලොග් එකක කියෙව්ව කියල මතකේ තිබුන,. කමෙන්ට් කියවනකොටනෙ දැක්කෙ ඒක තිබුනෙ රංග ගෙ බ්ලොග් එකේ කියල.

හූනු බිජු, නාරං බික්, සීනි කූරු, ඇඟිල විස්කෝතු, ජුජුබ්ස්, සව් බොරව, අම්මෝ ඒවයෙ රහ.

වටිනා කියක බ්ලොග් එක. මාත් ඔන්න ෆලෝව් පාරක් දැම්මා...

බුල්ටෝ කියන්නේ ඒකාලේ අපේ ජාතික ආහාරෙනේ..... උඩු තල්ලෙ ඇලුනත්, දත් වල ඇලුනත් කවදාවත් එපා වෙන්නැති කෑමක්නේ....

ඒක නෙමේ ඇයි ඔයා කඩචෝරු කන වයසක නෙමේ ඉන්නෙ කියන්නෙ... කඩචෝරු කන්න වයසක් ඕනයැ බොල....

Few years back i was attending to a conference in a very famouse hotel and they gave us Bulto instead of Polo. We all collect Bulto and i had 25 of them at the end of conference !!

හමෝටම ස්තූතියි කමෙන්ට් වලට :-)

දන්නවද මලය ? බුල්ටෝ කියන්නේ මගේ අසම කමක් හැබැයි කාලෙකින් රස විඳලා නෑ . ඕකට ඉස්සර අපේ ඔෆිස් එක ළඟ විකුනපු සීය කිවුවේ කටේ පයිට් කියල !!
ඉස්තුතියි මගේ කඩ මල්ලටත් ගොඩ වැදුනට

හ්ම් මාත් ආසයි බුල්ටෝවලට.......... ඒවා දැන් හොයගන්න අමාරැයිනේ

bulto gena kiyawanakota podi kale mathak wenawa.. uda thallei, hakke dathwalai alogena bulto kapu heti..harima sundarai. :) eth goda kalekin kanna hamba une nehe :(

බුල්ටෝ කියන්නේ කර කරපු සීනි තමා. මට මතක හැටියට පොල් කිරිත් දානවා. පදම ගන්න අමාරුයි. එක්කෝ කර වෙනවා නැත්නම් දියාරු ගතියට හිටිනවා.

බුල්‌‌‌‌‌‌ටෝ කිව්වම මට නම් ‌පොඩි කා‌ලෙ කරපු අපත වැඩක් මතක් උනා. අ‌පේ ඉස්‌කෝ‌ලෙ ළග ක‌ඩේක ඕවයි තව පපඩම් කියලා පාට පාට ‌ලොකූෟඋඋඋඋ ක‌ටේ දිය‌වෙන කෑමකුයි තිබුනා. අම්මා හවසට බස් එ‌කේ එන්න ‌දෙන රැ2.50 ‌හෙන් (එත‌කොට බා‌ගේ ටිකට්) ඕවා කාලා ළග ති‌යෙන අ‌පේ මාම‌ගේ ක‌ඩේට ගිහින් සල්ලි නැති උනා කියලා එයා‌ගෙන් සල්ලි ඉල්ලගන්නවා. බස් එකට සල්ලි ‌දෙන් නැතුව ‌‌‌කො‌හොම හරි‌‌ ‌හො‌රෙන්ම ඇවිල්ලා පා‌රෙ ක‌ඩෙන් තව කඩ‌චෝරැවක් අර‌ගෙන කකා ‌ගෙදර එනවා ඒ‌‌කේ නම නම් මතක නෑ. සත 5 ට එක ගා‌නේ රටකජු ඇ‌ටේ ව‌ටේට ‌රටකජු ‌පොත්ත තරම් හීනියට ‌‌‌චොක්ලට් ව‌ගේ සීනි ජාතියක් තවරපු ඔය කෑම මම තාම ‌හොයනවා. අ‌පේ මාම තාම දැකපු ගමන් 2.50ත් ‌‌දෙන්නද අහනවා....

Bloggers.com - Meet Millions of Bloggers