මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ ජීවිත වලම කොටසක් වෙන යාළුවෝ අපිට පොඩි කාලෙම ඉඳලා හම්බ වෙනවා, සමහර අය ජීවිත කාලෙටම අපිත් එක්ක යාළුකම් තියා ගත්තත් ගොඩක් දෙනෙක් ටික කාලෙකින් නැති වෙලා යන යාළුවො. මට නම් පුංචි කාලේ ඉඳලා ඉන්න යාළුවො කියන්න පුළුවන් අය නම් දැනට ඉන්නේ එක්කෙනයි එයත් එක්කත් වැඩි යාළුකමක් නැහැ කලාතුරකින් තමා මුණගැහෙන්නේ. යාළුවන්ටත් වඩා මන් ගොඩක් ආස්‍රේ කරන්නේ පවුලේ නෑදෑ සහෝදර සහෝදරියන් ඒක නිසා මට ගොඩක් ඉන්නේ එහෙම අය මිසක් යාළුවො නෙමෙයි.

මම මොන්ටිසෝරි ගිහින් නැති නිසා මට මොන්ටිසෝරියේ ඉඳන් එකට ඉන්න යාළුවෝ කියලා ජාතියක් ඇත්තේම නැහැ. එකේ පන්තියේ ඉඳන් ඉන්න යාළුවෝ එක්කෙනෙක් ඉන්නවා. ඒතමයි ඉන්න එකම පරණම යාළුවා. හයේ ඉඳන් එකොලහ වෙනකන් හිටියේ වෙනම යාළුවො පිරිසක් ඒ අය අතරින් නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉඳ හිට හම්බ වෙනවා ඒත් වැඩි සම්බඳකම් නැහැ. උසස්පෙළ කරනකොට හිටපු අය වෙනම පිරිසක් ඒ අයගෙනුත් දැන් ඉඳ හිට හරි කතා බහ කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.

ඊට පස්සේ ඔය එක එක කෝස් කරන කාලේ තවත් යාළුවෝ ටිකක් හිටියා එයාල එක්ක නම් දැන් කිසිම කතාබහක් නැති තරම් . වැඩ කරනකොට එක එක තැන්වල යාළුවො ටික දෙනෙක් හිටියත් දැන් එයාලා එක්කත් වැඩි කතාබහක් නැහැ.

මන් දිගටම එකම තැන පදිංචි වෙලා හිටියෙත් නැති නිසා එහෙම ගමේ යාළුවෝ කියලා ජාතියකුත් නැහැ. දැන් වැඩ කරන තැන කියලත් එහෙමට කියන්න තරම් යාළුකමක් නැහැ. ඔහොම ඔහොම ගියාම මට හොඳම යාළුවෙක් කියන්න කෙනෙක් නැහැ වගේ.යාළුවෝ කියන ජාතිය නැතුවත් බැහැ , ජීවත් වෙනකොට දුක සැප බෙදා ගන්න. උදව් පදව් කරගන්න එහෙම. අපිට එහෙම හුදකලාව ජීවත් වෙන්න බැරි නිසා. පවුලේ නැදෑ මිතුරන් ඇරෙන්න මට වෙන මිතුරන් නැතිම තරම්.

මේ දවස් වල නම් මට ඉන්නේ අන්තර්ජාලෙන් හම්බ වෙච්ච යාළුවෝ විතරයි . ඒ ඇරුනම ඉන්නේ යාළුවෝ වගේ ඉන්න නෑදෑ සහෝදර සහෝදරියෝ විතරයි. එයාලනම් සදහටම ඉඳී ඒත් අනික් අයත් සමහර විට කාලයක් යනකොට නැති වෙලා යයි.

15 අදහස්:

නැතුවත් බැරි සමහරවෙලාවට ඇතුවත් බැරි යාලුවෝ.

People come into your life for a reason, a season or a lifetime කියල කියනවනෙ. මට නම් ඔය ජාති 3 ම උන් හම්බ වෙලා තියෙනවා.

යාලුවෝ... ඇතුවත් බැරි නැතුවත් බැරි යාලුවෝ.... එහෙම තමයි මචන් කාලෙන් කාලෙට ඉන්නේ එක එක යාලුවෝ..දුක් වෙන්න එපා මචන්...

යාළුවෝ ගැන නම් ම්හු........ අනේ මංදා තමා...... :D

ඔවු කාලෙන් කාලෙට එක එක යාළුවෝ සැට්වෙනවා නම් තමා....

යාළුවෝ......... මාළුවෝ.......... යාළුවෝ.........

මටත් උඹට වගේම තමා... ගමේ ඉස්කෝලේ හිටිය යාලුවෝ එකයි දෙන්නයි දැන් හම්බ වෙන්නෙත් කතා කරන්නෙත්... A/L කරනකොට හම්බ උන අයගෙන් එකෙක් දෙන්නෙක් එක්ක කලාතුරකින් කතා බහ කරනවා... ඊට පස්සෙ HNDE එකේදී මුන ගැහුන උන් ටිකක් තමා දැන් නිතරම ආශ්‍රය කරන්නේ..ඊට අමතරව උඹලා....:-)

යාලුවො කියන්නේ එක්තරා කාල වලදී අපේ ජීවිත හරහා යන කට්ටියක්

අපිනං මේ දවස් වල ඉස්කෝලේ පරණ සෙට් එක ආපහු එකතු කර ගන්න දැවැන්ත ගේමක් දෙමින් ඉන්නවා... හැබැයි වර්ථමානයේ නම් වැඩියෙන්ම ඉන්නේ බ්ලොග් යාළුවෝ තමා. ඒ යාළු කං නං හැමදාම තියෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ...

හ්ම්ම්ම් යාළුවෝ.... මටත් මහාලොකු යාළුවෝ ගොඩාක් නෑ. හොඳම යාළුවෝ බොහෝම ටික දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න තව යාළුවෝ ඉන්නවා ඒත් කවදාහරි අපි එක එක තැන්වලට යයි එදාට අද වගේ හිනාවෙලා විහිළුවක් කරලා කතාකරන අවස්ථා අඩු වෙයි.........

හමෝටම ස්තූතියි කමෙන්ට් වලට :-)

මං හිතන්නේ නම් ඕක කොයි යාළුවටත් පොදුයි.. මං සම්බන්දයෙන් නම් ඒක තමයි ඇත්ත.!

සිරාවටම මටත් මේ කතාව ඔට්ටුයි වගේ. සාපේ කාලේ හම්බුණු පොරක් තමා ඉතින් මේ දවස්වල මැන්ගෝ යාළුවා. ඒ වගේ ඉන්න හැම තැනම වගේ මොකා මොකා හරි ඉන්නවා යාලුවන්ට

මමත් එක තැනක හිටි මිනිහෙක් නෙවෙයි ..මගේ යාලුවෝ ලෝකේ දස අතේ.. හොඳම යාලුවෝ ලෝකේ කොහේ හිටියත් එකයි.. දේවල් තියෙනවා තමන්ගේ පවුලේ අය එක්ක කතාකරන්න බැරි. එවුවට යාලුවෙක් ඕනෑමයි..

මටත් හිටිය හොඳම යාලුව කියන කෙනා කාලෙන් කාලෙට වෙනස් වුනා. ඒත් මට යාලුවො හිටිය. මම මැරෙන්න තීරණය කරල හිටි දවසෙ මම මගෙ ඒ කාලෙ හිටි යාලුවට කතා කලා ඒ ගමන යන්ඩ.... විස්තර මුකුත් ඇහුවෙ නෑ.... මම කඩවත ඉන්නෙ... විනාඩි 10ක් දියන් මම ගම්පහට එන්නම්... යන තැනක ඌවත් එක්කන් පලයන් කියල තමයි එවෙලෙ කිවුවෙ.... මෙන්න මේක ආපුවමත් එමම කියනව.... වෙලාවට එදා මයෙ තවත් යාලුවෙක් මගදි හම්බ වෙලා අපෙ ගමන නැවැත්තුවෙ..
නැත්තම් අද මෙතන කොමෙටුවක් කෙටීමට පවනියෙක් නැත...!!!
එහෙත් දැන් නම් ,,,,ඒ යාලුවා සෑහෙම කාලෙකින් හමු වූයේ නැත.
:)

Bloggers.com - Meet Millions of Bloggers