මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අද පෝය දවස වාසනාවකට නිවාඩු හම්බ උනා. හවස් අතේ මන් Download කරල තිබ්බ Film එකක් බැලුවා නම Death Race. අපි ජීවත් වෙන්නේ අපිට කැමැති විදිහටද? අපි ජීවත් වෙන විදිහ තීරනය කරන්නේ අපිමද? අපේ අනාගතය තීරනය කරන්නේ අපිමද?මට හිතුනේ මේවා තමා මේ Film එක බැලුවම. අවසානය එතරම් උද්වේගකර නැතත් හොඳ Film එකක්.

මේ සමාජය ශිෂ්ඨයි කිවුවට මටනම් හිතෙන්නේ මේක මිලේච්චයි කියලා. තව කෙනෙක් ගේ මරණය අනික් අයට මුදල් ඉපයීමේ මාරගයක් වෙලා. අනික් අය මැරෙන හැටි බල බලා මිනිස්සු විනෝද වෙනවා. මරණය වෙනුවෙන් ඔට්ටු අල්ලනවා. මිලියන ගනනක් මිනිස්සු, තව කෙනෙක් මැරෙනවා බලල විනෝද වෙන්න අන්තර්ජාලෙන් එක රැස් වෙලා.

අන්තර්ජාලය තුල මෙවැනි දේ සිදුවෙනවද කියලානම් මන් දන්නේ නැහැ. ඒත් නොවෙනවා කියන්නත් බැහැ. හැම නිර්මානයක්ම මනංකල්පිතම නෙමෙයිනේ.

Action Movie එකක් නිසා කාන්තාවන්ටනම් ගැලපෙන එකක් නැහැ. ඉදිරියේදී ලිබර්ටි සිනමාහලේ පෙන්නනවා කියලා තියෙනවා එයිද දන්නේ නහැ. මොකෝ පෙන්නනවා කියන සේරම මෙහෙ පෙන්නනේ නැති නිසා

6 අදහස්:

ඔය වගේ කතාවක් තමයී Untraceable , හෑකර් කෙනෙක් වටා ගෙතුනු කතාවක් ...
අනේ මන්දා තවකෙනෙක්ව අමාරුවේ දාලා මිනිස්සු කොහොම සතුටු වේනවද මන්දා ....
ටොරන්ට් වලට පින්සිද්ද වේන්න මටනම් ෆිල්ම් හෝල් වලට යන්ඩ ඔනා නෑ ...

මාත් Film Download කරන එක තමා කරන්නේ Film Hall වලට යන්නේ නැහැ. ඉස්සරනම් බම්බලපිටියෙන් DVD ගත්තා. ඒත් එවට වඩ හොඳ Copy Download කරන්න පුළුවන් නිසා දැන් සල්ලි වලට DVD ගන්න එක නැවැත්තුවා.

DivX වලට ජයවේවා

The Condemned වලත් කතා තේමාව Death Race වගේම තමා. Untraceable නම් මටත් එච්චර ඇල්ලුවේ නැහැ. මන් හිතන්නේ Fast Forward කර කර බලපු නිසා වෙන්න ඇති ආයි බලන්න ඕනේ.

DivX වලටනම් ජය වෙන්නම ඕනේ. ඒක නැත්නම DVD Movies Download කරලා හමාරයි.

Action Movies බලන කාන්තාවන් ඉන්නවා. ;)
මම Death Race Movie එක බැලුවා. කාලෙකට පස්සේ බලපු, අමුතු තේමාවක් තියෙන කතාවක්. කතාවේ උද්වේගකර කොටස තියෙන්නේ අවසානයට ඔන්න මෙන්න තියල. ඒ තමයි Franklynstin එයාගේ ප්‍රතිවාදියා සමග Military Truck එක විනාශ කරන මොහොත..
එතැන් සිට ඒ උණුසුම කතාවෙන් ඉවතට නම් යන්නේ නෑ.
ඇත්තටම ‍හොද නිර්මානයක්..

එහෙනම් The Condemned නුත් බලන්න එකම කතා තේමාවක්. එකේත් ඔය විදිහටම හිරකාරයො යොදාගන්න ක්‍රීඩවක් තියෙන්නේ. ඔක්කොම මරල ඉතුරුවෙන කෙනා දිනුම්. හැබැයි කාර් රේස් එකක් නෙමෙයි දූපත්කින් නිදහස් වෙන්න තියෙන්නේ.

Bloggers.com - Meet Millions of Bloggers