මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ රටේ බොනව කියන එක සැලකෙන්නේ මහ ලොකු අපරධයක් හැටියට බැරි වෙලාවත් රූපවාහිණියේ බොන දර්ශනයක් එහෙම ගියොත් කොටු පුරෝනවා ඒත් පහුගිය දවසක Discovery Travel & Living Channel එකේ ගියා සිංගප්පූරුවේ පැවති බියර් උත්සවයක දර්ශන වගයක්. අවසාන්යේ පෙන්නුවා බියර් ජාති හතරක් බොනවා ඒ හතර බොනකොට කටගැස්මට ගන්නෙත් වෙන වෙන විදිහට පිළියෙල කරපු කෑම ජාති හතරක්. ඇත්තටම ඒ මිනිස්සු නම් බීම වල රස නියම විදිහට විඳිනවා. අපේ අයියලා කොහෙද බියර් බොන්නෙත් අරක්කු ටිකක් සැන්ඩි වලට දාලනේ.

බියර් විතරක් නෙමෙයි මන් අහලා තියෙන විදිහට වයින් බොන්න විවිධ හැඩයේ වීදුරු භාවිතා කරන්නෙත් ඒ වයින් වල සුවඳ හරියට දැනෙන්නලු. ඔන්න ඔය වගේ විවිද දේවල් මිනිස්සු බොනකොට අනුගමය කරන්වා. ගොඩක් බීම ජාති නීට් බොන්න කියන්නෙත් එහෙම නැත්නම් අයිස් විතරක් දාල බොන්නෙත් ඔය බීම වල තියෙන නියම රස විඳින්න ඕනේ නිසා.

අපි ඉතින් සේරටම කොකාකෝලා දාල රස මරලා රස විඳිනවා. මට නම් ඕනේ මෙහෙත් බීම ප්‍රචලිත කරන්න හැබැයි හැමදාම හැන්දෑවට කනමදයා වගේ බොන්න නෙමෙයි . බීම වල නියම රස විඳින්න. අරක්කු වලට ස්ට්‍රෝංග් බියර් කලවම් කරන්න නෙමෙයි ගැලපෙන වෙන දෙයක් දාලා ඒකේ රස වැඩි කරලා රස විඳින්න.

මෙහෙත් බියර් උත්සවයක් තිබ්බනම් නියමයි අප්පා

20 අදහස්:

නියම කතාවක් මචන්.

බීම කියන්නෙ කලාවක්. (අපේ රටේ හැටියට නම්
අපරාධයක්)

බීම ගැන, වීදුරු ගැන, කලවම් කිරීම ගැන කලාව දැනගන්න මේ සයිට් එකට ගිහින් බලන්න.

http://www.drinksmixer.com/

හරියටම හරි බං... බොන එක හරියට බොන්න ඕනා... කොහෙද මෙහෙ ඉන්න කණමදයොත් එක්ක... මිනිස්සුන්ට බීම අපරාදයක් කියල හිතෙන එක පුදුමයක් නෑ එක අතකින් බලනකොට...

හරියට හරි මචං
මේ බියර් එක පුලුවන්නම් හොයාගෙන බීලා බලපන්. මම බීලා තියන හොදම බියර් එක.
Paulaner Hefe-Weizen
ජර්මනි වල බියර් එකක්

මිත්‍රයා, අපේ රටේ බීම කියන්නෙ වෙනම ආතල් එකක්. අපේ මිනිස්සුන්ට බොනවා කියන්නෙ, කන් ඈත් වෙන්න ගහල, කබරයා දාගෙන, අහල පහල යන වලියකුත් බලෙන් ඇඟේ දාගෙන ෆුල් චාටරයක් කරගන්න එකක්. මොකද එහෙම බිව්වම විතරයි අපේ මිනිස්සුන්ට ඇඟට දැනෙන්නෙ, පහුවදාට රස කර කර කියන්න පුළුවන් වෙන්නෙ. අනිත් කාරණාව තමයි අපේ මිනිස්සු පුද්ගලයෙක් කොයි තරම් තමන්ට සෙට් වෙනවද කියල බලන්නෙ ඒ පුද්ගලයට කොච්චර බොන්න පුලුවන්ද කියන එක මත. කට්ටිය සෙට් වෙලා බොන තැනක එක්කෙනෙක් එක ෂොට් එක වැඩි වෙලාවක් තොලගානව කියල හිතන්න. එතකොට කියන්නෙ අපෝ මූ බොරුව කරනව කියල. එක දිගට අම්බානක ගහන එකා පොර වෙනව. තමන්ගේ ආතල් එක වෙනුවෙන් හෙමීට බොන එකා චාටර්. අනික අපේ මිනිස්සුන්ට අරක්කු බෝතලයක් ලැබුනොත් ඒකෙ අඩිය දකින තුරු ඉවසිල්ලක් නෑ. පුලුවන් තරම් ඉක්මනට බෝතලේ ඉවර කරන්නයි ඕනෙ. ඉතින් තමන්ගෙ ගෙදර බෝතලයක් දෙකක් තියගෙන (හැමෝටම මිනි බාර් තියාගන්න බෑනෙ )ආතල් එකේ අඩියක් ගහගෙන, තමන් බොන බීම රසවිඳින්න අපේ මිනිස්සු දන්නෙ නෑ. මට මතකයි මගේ යාලුවෙක් කියනව "මචං අපේ රටේ මිනිස්සුන්ට බීමේ සංස්කෘතියක් නෑ. බඩජහරි කමක් විතරයි තියෙන්නෙ" කියල.
ජය.

නියම මාතෘකාවක් . . හොඳ සටහනක් . . . හොඳ කෑම රස විඳින්න පුලුවන් වගේම හොඳ බීමත් රසවිඳින්නත් පුලුවන් වෙන්න ඕන . .. නොදරුවා ගේ කමෙන්ට් එකත් උපරිමයි . .. එල එල . .

අර නොදරුව කිව්ව කතාව නම් සහතික ඇත්ත. ලංකාවෙ මින්ස්සු බොන්නෙත් පෙරේතකමට. නැතුව බීමෙන් ගන්න පුළුවන් ආතල් එකත් හරියට නම් ගන්නෙ නෑ. ඒ නිසාමයි බීම මහ චාටර් දෙයක් වෙලා තියෙන්නෙ ලංකාවෙදි. ලංකාවෙ තියෙන පොරටෝක් සංස්කෘතියට ගැලපෙන්න තමයි බොන සංස්කෘතිය තියෙන්නෙත්.

මට හිතාගන්න බෑ ඇයි කට්ටිය අරක්කු වලට කෝක් දාන්නෙ කියලා. ඒකෙන් අරක්කු රහත් නෑ කෝක් රහත් නෑ. මිනිස්සුන්ගෙ රසය ඒ වගේ කොහාටවත් නැති එකක් වුණේ ඇයි?

බියර් උත්සව ගැන කතා කරද්දි මේ මාසෙ තමයි ආතල්ම ජ්ර්මනියේ.
Octoberfest කියලා උත්සවයක් Munich, Stuttgart වගේ නගර වල තියෙනවා. කට්ටියම එකතු වෙලා බියර් බීලා, නටලා, සින්දු කියලා මරු ආතල් එකක් ගන්නවා.

ලොකේ තියෙන හොදම බියර් තියෙන්නෙ බවාරියා ප්‍රාන්තයේ කියලානේ එහේ ඉන්න ජ්ර්මනුවො පුරසාරම් දොඩවන්නෙ ඉතින්. කොහොම උනත් මමත් ඉතින් එහේ බියර් වලට කැමතියි ;-)

වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්..
http://www.oktoberfest.de/en/

අප්පා... මරණය මොඩ් වෙලා.. මෙහේ ඉතිං ගැණු අය ‍බීම රස විදින්න තියා බොන ‍කෙනෙක් එක්ක ළගින් ඉන්න එකත් අකැපයි වගේනේ සමහරු කියන්නේ..

wow... meka ta man mage 5 cents add karannam...
ettenma beema kiyanne culture ekak.. eka gena kelavarak nethiva igena ganna deval thiyenava...
( me kiyana mama vediyama salli viyadam karala igena ganipu courses thamai beema sambandava) man hithanne mage degree valatath vada mata evata cost unaa.
mage plan ekak thiyenava lankavata evith me sambandava interest keepa denekuta hari lessions denna.. food n drinking.. adu gane e field vala rassa karana ayata hari udavvak veine.

( man heena mavanava maranaya nodaruva haresh la vage beeme honda petta gena danan minissu tikak ekka set vela beeme honda petta gena katha karanna podi pahe beemak ekkai rasne pitin thiyena kemai ekka.. (ammo anna malee endum ussan enava mata guti denna) ow ow malee th ekka...)

නියම අදහස
අපි එහෙම බීම කෑම සමග කතාබහක් කරමු

අනේ ඔයාගේ බීම පාඩම කරන දවසට මටත් කියන්න මම අනිවාර්යෙන් එනවා

ළදරුවා said...

බීපුහම ලෙඩ හැදෙන්නෙ නැත්ද ?
ජීවිතයේ අවසාන කාලෙ දුක් ව්දින්න වෙන්නෙ නැත්ද ?
සුරාවට පෙම් බැඳ නුරාවෙන් දිවි ගෙවන
"සිරෝසීස්‌ අක්‌කලාගේ" කතාව
http://www.divaina.com/2009/11/01/feature28.html

හරියට හරි මචං

අවුල අපේ රටේ අය බොන්ෙන් ෙවරි ෙවන්න

නොදරුවා ekka math ekagai..

මෙහෙ බීමයි පිටරට බීමයි ජාති දෙකක්. නොදරුව කිව්ව වගේ අපේ එවුන් බීල වන කරගන්නවා. එතකොට බීමේ ආතල් එක එන්නේ වෙන විදියකින් සමහරවිට ගුටි කෙලියකින් ඉවරවෙන්නේ. පිටරට එහෙම නෑ. ෆුල් රිලැක්ස් එකේ උන්ගේ ආතල් එක ගන්නවා. අපිට මතට තිත කිව්වට මෙහෙ ඉන්න ලොක්කන්ට නම් තිතට මත වෙල තියෙන්නේ. උන් ආතල් ගන්නවා අපිට ගන්න දෙන්නේ නෑ. හරියට කකුළුවගේ කේස් එක වගේ. අපිට කෙලින් යන්න කියල උන් හරහට යනව වගේ වැඩක්. තව ටික දවසක් යනකොට ලOකාවේ දුලභම බීම අරක්කු වෙයිද දන්නේ නෑ. අනේ එහෙමනන් වෙන්න තියා හිතන්නවත් එපා.

ඇත්ත කතාව. මන් මෙ ලගදි ගියා whiskey් එකක් ගන්න. හොඩ brand් එකක් ගන්න ඔනි නිස ඉතින් Green label එකක් ම අරන් එතන පොරගෙන් අහුව කරන්නෙ මොන එක්කද කියල.
පොර කිව්ව උබට ඔක mix කරන්න ඔනි නම් අපරඩෙ ඔය ගනට ඔක ගත්තෙ. අර ලාබ Red label එකක් අරන් coke එකක් එක්ක බීපන්. ඔක බොනවනම් ice ටිකක් විතරක් දල බීපන් ඔකෙ රස නති නොවෙන්න කියල. කොල්ල ඉතින් දාල බිව්ව.

ඇත්ත කතාව. මන් මෙ ලගදි ගියා whiskey් එකක් ගන්න. හොඩ brand් එකක් ගන්න ඔනි නිස ඉතින් Green label එකක් ම අරන් එතන පොරගෙන් අහුව කරන්නෙ මොන එක්කද කියල.
පොර කිව්ව උබට ඔක mix කරන්න ඔනි නම් අපරඩෙ ඔය ගනට ඔක ගත්තෙ. අර ලාබ Red label එකක් අරන් coke එකක් එක්ක බීපන්. ඔක බොනවනම් ice ටිකක් විතරක් දල බීපන් ඔකෙ රස නති නොවෙන්න කියල. කොල්ල ඉතින් දාල බිව්ව.

කෝක බිව්වත් අවුට්පුට් එක එකයි.

ළදරුවා. අපොයි ඔයා නම් කිරි බොන ළදරුවෙක්ද තාම?

ඔයා කියන ලින්ක් එකට ගිහින් ආපහු කියවලා බලන්න එයාල කොහොමද බීල තියෙන්නෙ කියලා. අපි මේ කතා කරන්නේ බීමේ කලාවක් ගැන. ඒකෙ තේරුම මේ වැටෙන්න බොන එක නෙමෙයි.
මිනිස්සු නොදන්නාකමට හැම එකටම ඔහොම කියවන්න ගියාම අවුල් වෙනවා ළදරුවෝ. මම නම් ඕනෙම වෙලාවක බොනවා හැබැයි මට සුවර් එකක් තියෙනවා කවදා කොහොම බිව්වත් වැටෙන්න නැතිව මං බොනවා කියලා. මොකද මගේ බීමේ පරමාර්ථය කුඩු වෙන්න ගහලා කානුවක් පල්ලේ වැටෙන එකවත් කාත් එක්ක හරි සෙට් වෙලා ඩාන්ස් එකකට සෙට් වෙන එකවත් නෙමෙයි...මම බොන්නේ කතා කරල හිනාවෙලා ෆන් එකක් ගන්න.... අනික එහෙම බිව්වා කියල හැමෝටම සිරෝසීස් හැදෙන්නේ නෑ.
තමන් දැනගන්න ඕනෙ තමන්ගේ ලිමිට්ස්.

This comment has been removed by the author.

කථාව ඇත්ත, එහෙමනං ලංකාවේ බහුතරයක් සිරෝසිස් ලෙඩ්ඩු ඉන්න එපායැ.

Bloggers.com - Meet Millions of Bloggers