මන් හිතන්නේ වෙසක් පෝය කියන්නේ බෞද්ධ අපිට තියෙන වැදගත්ම දිනයක් ඒත් දැන් වෙසක් කියපු ගමන් මතක් වෙන්නේ දන්සැල් ඊට පස්සේ කූඩු, තොරන් සැරසිලි බල්බ් වැල් ඔය අස්සේ මතක් වෙනවා බාර් වහලා කියලත්. වෙසක් වලට හේතුව එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඉපදීම , බුදුවීම සහ පිරිණිවන් පෑම කියන එක මගේ නම් මතකයට එනෙනේම නැති තරම් දැන් නම්.
උදේ පාන්දර ඉඳන් කනපැලෙන්න දාන් ටීවී එකේ සද්දේ නිසා නැගිටින්නෙත් මෛත්‍රිය වඩමින්, ටීවී චැනල් සේරමයි රේඩියෝ චැනල්නුයි තරඟෙට වැඩසටහන් විකාශනය කරන්නේ අහපියවු බණ දුවපියව් නිවනට කියන්නා වගේ. මන් කූඩු නම් හදන්නේ නැහැ දන්නේ නැති නිසා ඒත් බල්බ් වැල් ටිකක් නම් දානවා ඒත් දාන්න ඕනේ නිසා මිසක් කිසිම කැමැත්තකින් නම් නෙමෙයි. මොකෝ දැම්ම වගේ නෙමෙයිනේ ගලවන්නත් ඕනෙනේ.
වෙසක් එකට බාර් වහනවා හැබැයි දැන් අපේ අයත් නත්තල් වලට වගේ වෙසක් එකටත් කලින්ම බඩු ගෙනත් තියාගන්නවා. මේ අහල පහල දන්සැලට මන් හැමදාම අධාර හැටියට දෙන්නෙත් බෝතලයක්. දවස් දෙකක් බාර් වහලා තිබ්බත් වෙනදා නොබොන අයත් බොන්න සෙට් වෙන උත්සවයක් තමා වෙසක් කියන්නේ, ඒකනන් මේ පාර දන්සැල පිටි පස්සේ හිටපු මට හොඳටම වැටහුනා. අරින අරින බෝතලයක් සටස් ගාලා ඉවර වෙනවා දැක්කම.
මෙහෙම උත්සවයක් නම් ලෝකේ කොහේවත් නැතුව ඇති, මන් කියන්නේ විනෝද වෙන්න එන අයට මග දිගට බඩ කට පිරෙන්න කෑම බීම බලෙන් දෙන. මිනිස්සු ඇවිදලා ආතල් අරන් කොහෙන් හරි කාල ගෙවල් වලට යනවා. මාර්ග නීති කියන ඒවා බල්ලට දාලා හූ තියාගෙන යන උන්ට දඬුවම් වෙනුවට බඩ කට පිරෙන්න සංග්‍රහ කරන රටක් වෙන ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ.
ඇත්තටම අපි මේ සමරන්නේ බුදුහාමුදුරුවන්ගේ ඉපදීම , බුදුවීම සහ පිරිණිවන් පෑම නේද !!!!
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
නම් කිරීම් :
විකාර
Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
ආ... උඹ ඉන්නව නේද? මම හිතුවා මැරිලය කියලා.. හික් හික්... ඕව නම් ඉතිං ඔහොම තමයිලු නේද... ඇත්තම හේතුව වෙනුවට වෙන වෙන හේතු ටිකක් ඇවිත්... මේ වතාවෙ අපි ගිය සව් කැඳ දන්සලක පොඩි කතාවකුත් මට කියන්න හිතුණා. ඒ සව් කැඳ එක ඇත්තටම හොඳ නිසා ගොඩක් අය පෝලිමේ බොන්න ආවා. ඒත් දන්සල දීපු අයගෙම කාටද හෙන ගොඩක් දීලා පාරෙ ගිය කට්ටියකට ලැබුණෙ නෑ කියලා පොඩි වලියක්... අර මිනිස්සු බණිනවා මුන් දන්සල් දෙන්නෙත් තමන්ටමනෙ කියල... ඔය කොල්ලො දෙන දන්සල් තමයි ආතල්ම... උන් 5ට පටන් අරන් 7ට ඉවර කරල 10-11 වෙනකල් ආතල් ගන්න එකනෙ කරන්නේ.... එක අතකට බැලුවම ඒ අතින් වෙසක් වගේ එකක් කොහෙවත් නැතිව ඇති... වෙසක් වල අර්ථය ඇත්තටම ගන්නෙ අවුරුදු 50 පැනපු අය විතරයි. ඒත් ඒකත් අප්සෙට්නේ....
කාලෙත් එක්ක වෙසක් දිනෙත් වෙනස් වෙලා. බුදු හාමුදුරුවෝ දේශනා කරපුවා අමතක කරලා උන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සමරන එක තරම් අමන් වැඩක් තව නැහැ :)
වෙසක් කියන්නෙ තවත් "Festival" එකක් ලු නේ.. :D
අප්පේ, මේ පෝස්ට් එක මට මග හැරුණානේ. වෙසක් එකට දන්සැල් නම් වැන්දා නේද හිටු කියලා??? :D :D
katey masuran daanna oney.. eeth madi mata nam. Uthkrushtai (danselata bothalayak dena eka arenna)!!!
Post a Comment