බියර් ගැන කාලෙකට කලිනුත් ලිව්වා ඒත් ආයි ලියන්න හිතුනා පොඩි සිදුවීමක් නිසා.
පහුගිය දවසක අධික වෙහෙසකර කටයුත්තක නියැලෙන්න උනා. ඉතින් වැඩ කරලා වැඩකරලා හොඳටම මහන්සිවෙලා හිටියේ කොච්චරද කියනවනම් ඇවිදගන්නත් පන නැහැ වගේ.
මන් මේ පරිගනකයක් ඉස්සරහා ඉඳන් කරන රස්සවක් නිසා ශරීරය හොඳටම හොර වෙලා ඉතින් පොඩ්ඩක් ඇඟපත හොල්ලල වැඩක් කලොත් එහෙම පාන් කියාගන්න බැරුව යනවා. ඇයි ඉතින් මෙලෝ ව්‍යායාමයක් නැහැනේ.
ඉතින් කොහොම හරි වැඩ ඉවර වෙලා රෑට කන්න යනකොට ෆ්‍රිජ් එකේ තිබ්බ එකම එක කූල් බියර් බෝතලය අපි දෙන්නෙක් බෙදා හදාගෙන බිව්වා. දවස් ගානක් ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා නියම ගානට කූල්. පුදුමේ කියන්නේ ඊට පස්සේ අර ඇඟේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. බියර් වලට පුදුම බලයක් තමා තියෙන්නේ මහන්සිය නැති කරන්න.
මන් මේ කිව්වේ බියර් ගොඩක් ගැන නෙමෙයි උපරිම බෝතලයක් විතර ප්‍රමානයක් ගැන. ඉතින් ඒ බියර් බාගෙත් බීල හොඳට කාල නින්දට ගිය නිසා පහුවදා උදේ ෆුල් ෆිට් එකේ නැගිට්ටා.
අම්පාර වගේ කාෂ්ටක පැත්තක ගොඩක් ඇවිදලා හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක මහන්සිය නිවන්න උනත්, නුවර එළිය වගේ හීතල පළාතක හීතලේ ගල් වෙලා ඉන්න වෙලාවක හීතල නැතිකරන්නත් හොඳට කූල් වෙච්චර බියර් වලට කරන්න පුළුවන් වීම මහ පුදුම වැඩක් (මන් කිව්වේ මේ මන් ගැන) මේ දේශගුණ දෙකටම මේ විදිහට ගැලපෙන වෙන බීම ජාතියක් නම් මට කල්පනා වෙන්නේ නැහැ.
(අද උදේ ඉඳන් හයියෙන් වහිනවා කූල් බියර් එකක් තිබ්බ නම් ටිකක් ඇඟ රත් වෙන්න මරු කියල හිතෙන නිසා බියර් ගැන ලිව්වේ.)