පහුගිය දවසක සිරීපාදේ ගියා, හැමදාම මන් හිතාගෙන යන්නේ ආයි නම් සිරීපාදේ යන්නේ නැහැ කියලා මොකද සිරීපාදේ එක පාරක්වත් නොගිය එකාත් මෝඩයා එක පාරට වඩා ගිය එකාත් මෝඩයා කියන එක ඇත්ත කියලා මන් හිතන නිසා. මන් නම් දැනටමත් මෝඩයෙක් මොකද මන් දැන් 6,7 වතාවක් විතර සිරීපාදේ ගිහින් තියෙන නිසා.
රත්නපුර පාරෙන් නම් මට තාම සිරීපාදේ යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ පාරෙන් නම් ගිහින් බලන්නත් ආසයි. කුරුවිට පාරෙන් සහ හැටන් පාරෙන් තමා මන් සිරීපාදේ ගිහින් තියෙන්නේ. හැටන් පාර කුරුවිට පාරටත් වඩා ලේසියි සහ ලඟයී ඒත් කුරුවිට පාර හැටන් පාරට වඩා ලස්සනයි.
සිරීපාදේ ගමන කියන්නේ මිනිස්සුන්ව මිත්‍යා මතවලින් බය කරලා යන ගමනක්. ඒකෙන් ලොකුම වාසිය ගන්නේ මග දිගට ආශිර්වාද විකුනන චීවරධාරියෝ. උන් හැමොටම කියන්නේ එන්න පණ්ඩුරක් දාලා අශිර්වාද අරන් යන්න කියලා. සමන් දෙයියන්ගේ ආශිර්වාදයත් නිකන් නැහැ කීයක් හරි දෙන්න ඕනේ ඒක ගන්නත්.
කට වරද්ද ගන්න හොඳ නැහැ. සැලසුම් කරගෙන ගියාට ඒ වෙලාවට එන්න බැහැ වගේ කතා කියනවා. අපි වෙලාවක් හිතාගෙන ඒ වෙලාවට යන එන එක නම් කොහොමත් කරන්න බැහැ ඒකට හේතුව ඉන්න සෙනග ප්‍රමනය සහ හැමෝටම එකම වේගයකින් නගින්න බහින්න බැරි කම මිසක් වෙන අමුතු දෙයක් කියලා නම් මන් හිතන්නේ නැහැ. දවස් තුනේ නිවාඩු තියෙන සති අන්ත පෝය දවස් වගේ ඒවායේ සිරීපාදේ ගියොත් කොහොමත් සෙනග වැඩි නිසා හිතනවට වඩා කාලයක් යනවා.
සිරීපාදේ අවට නිතරම තියෙන වැහිබර කාලගුණයත් එක්ක පොලිතින් නම් නැතුව බැහැ ඒත් පොලිතින්වලින් වෙලා තියෙන පරිසර දූෂණය ගැන නම් කියලා නිම කරන්න බැහැ. පහල ඉඳන් මළුවටම යනකම් පාර දෙපැත්තේ පොලිතින් හැමතැනම. කට පරිස්සන් කරන් යනවට වඩා පරිසර විනාශය ගැන පොඩ්ඩක් කල්පනාවෙන් යනවනම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ
ඡායාරූපය සහ වැඩි විස්තර මෙතනින්
අපේ ඔය දන්න කියන කෙනෙක් සිරීපාදේ යන්න ගිහින් වෙච්ච අකරතැබ්බයක් ගැන මේකේ තියෙනවා
තවත් ලිපි කිහිපයක්
ගෝල්ඩ් fish සිරීපාදේ පීනපු හැටි… (හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා)
සිරිපා මතක
මේ පාරත් සිරීපාදේ යනවද? ~ උතුම් ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹෙයි......
හිමේ නැග්ම සහ පැරණි කථා...
අපේ සිරීපාද ගමන
27 අදහස්:
මමනම් සිරිපාදේ නැගල තියෙන්නේ එකපාරයි. අපි රත්නපුරේ පැත්තෙන් නැගල හැටන් පැත්තෙන් බැස්සේ. නගිද්දියි බහිද්දියි ආපහු පාරක් නම් යන්නෑ කියල හිතන් හිටියට දැන්නම් ආසයි ආපහු නගින්න.
අපි ගිය ගමන ගැන වැදගත් විදියට ලියලා තියනවා. නියමයි. මගෙ පොලිතින් දෙක මම මගෙ බැග් එක ඇතුලට දාගත්තා.
එල එල මාත් ගියා බං 4,5 පාරක් තාම කුරුවිටින් යන්න බැරි වුනා... බලමු ඊළඟ පාරවත්.
Ah...mage post ekath daala ne.... :-D yep.siripade wandanaa karana aya meeta wadaa parisaraya gana hithanna one...bt what to do...lankawe ne...
"ලොකුම වාසිය ගන්නේ මග දිගට ආශිර්වාද විකුනන චීවරධාරියෝ" me wage dewal gana nam minissu dodak danuwath wenna one.
මමත් මෝඩයෙක්. මං තවම එක පාරක්වත් සිරීපාදේ ගිහින් නෑ. අපේ ගෙදරින් මං විතරයි ගිහින් නැත්තෙ. නොගියට මොකද ඒ ගැන කතන්දර අහන්නනම් මං හරි ආසයි. මරණෙ දාපු ලින්ක් ටිකත් හොඳයි.
ඔය රත්නපුර පැත්තෙ පාර සිරීපාදෙ නගින්න හොඳයිලු බහින්න අමාරුයිලුනෙ. හැබැයි පරිසර සුන්දරත්වය වැඩිලු ඒ පාරෙ.
යසිත් මටත් රත්නපුරේ පාරෙන් නම් ගිහින් බලන්න උවමනාවක් තියෙනවා
රවා මන් නම් ඒවා මග කුණු දාන්න තිබ්බ තැනක දැම්මා ඒත් ඉතින් ඒවා කොහේ දානවද නම් දන්නේ නැහැ
ප්‍රසන්න කුරුවිට පාර හැටන් වලට වඩා නම් ලස්සනයි හැබැයි ටිකක් දුරයි
පොපී, පඬුරු ගැටගහන පරිසරය වඩා ඒක ගැන නම් හිතන්න වෙනවා
පිස්සු පූසා වැඩක් නැහැ කොච්චර දැනුවත් උනත් හිතේ බය තියෙනකන් ඕවට අහු
වෙනවා. එක තැනක අපේ කවුරුත් පඬුරු දැම්මේ නැති උනාම එක චීවරදාරියෙක් කියනවා පඬුරු දාන්න නිකන් බැහැ නේ සල්ලි නැත්නම් එයා දෙන්නම් අපිට කියලා ඔන්න උන්ගේ තරම
අයියෝ මගේ ජීවිතේ තව කල් යන්න කලින් යන්න නැත්නම් නගින්න බැරිවෙයි දෙතුන් දෙනෙක්ගේ සහය නැතුව :-) රත්නපුර පාර තමා දුර වැඩිම කියන්නේ
මමත් මෝඩ වෙලා තියෙනවා, හැබය් ටිකය්. දෙපාරය් නැගල තියෙන්නේ, ආයේ නං මෝඩ වෙය් කියල හිතෙන්නෙ නැහැ (වයසෙ වැරැද්ද)
නරකද සිරීපාදේ පැත්තේ පරිසර පිරිසිදු ශ්‍රමදානයක් කළොත්.
කට්ටියක් එකතු වෙලා ලොකු මළු අරගෙන අවට පොලිතීන් එතකුකරමින් කන්ද නගිනවා. අනිත් පැත්තෙන් බහිනවා.
කට වරදින එකකුත් නෑ!
@Observer දැන් නම් ආයි පාරක් යන්න පුළුවන් වෙයිද?
@කතන්දර. පුළුවන් නම් ලොකු දෙයක් ඒත් ඔය මොකුත් නැතුවත් බොහොමෙ අමාරුවෙන් නේ නැගගත්තේ :-)
මම නං එකපාරක් රත්නපුරේ පාරෙන් ගිහිල්ලා තියෙනවා. ගමන නං ටිකක් අමාරුයි. ඒත් මරු. පඩි එහෙම හරියට නැති නිසා නගිනවාට වඩා වෙලාවක් බහින්න ගියා. ආයෙත් යනවා නං රත්නපුරෙන් යන්න.
අපෝ..මම තාම සිරිපාදේ යන්න සිහින දකින්නියක්..කවමදාක හරි යන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා...
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මරණෙ මල්ලි.
කතන්දරටත් සුභ අළුත් අවුරුද්දක් , වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න ලැබේවා!!!
එසේම වේවා වත්!!!
ඔව් තිලිණ රත්නපුරේ පාරෙනුත් ගිහින් බලන්න ඕනේ
නිම්ෂා එච්චර අමාරු නැහැ හැටන් වලින් ගියාම දවසෙන් ගිහින් එන්න පුළුවන්
මමත් යන්න හිතන් ඉන්න තැනක්...
මොකද අලුතින් මොකුත් ලියන්නේ නැත්තේ ? කීප වතාවක් ආවා !!
සිරිපාදේ කියන්නේ මගේ ජීවිතේ වගේ.. මං 25 වතාවකව වඩා වැඩි වාරයක් කරැණා කරලා තියෙනවා. රත්නපුරා පාරෙන් තමයි වැඩිමනත්. සිරිපාදේ නියමාකාර අවබෝධයක් ලබන්න එකදවසකින් බැහැ. අද ගොඩක් දෙනෙක්ට සිරීපාදේ කියන්නේ තවත් එක කන්ඳක් විතරයි. මෑතකාලෙ දී කරැණා කරන්න බැරි උනත් තාමත් යන්නම තමයි හිත.
මමත් දෙසරයක් සිරීපාදෙ ගිය මෝඩයෙක්. තව පාරක් යන්න ප්ලෑන් කරනවා දැන් අවුරුදු දහයක් දොළහක් තිස්සෙ. ප්ලෑන් කරනවා වැඩිකමටද කොහෙද, යන්න වුණේ නෑ තවම.
රත්නපුරේ පැත්තේ මිනිස්සු නිකන් කට වහරේට කියන්වා සිරීපාදේ යනවා වගේ ඒවා කලින් සැලසුම් කලාට ඒ විදිහට යන්න වෙන්නේ නැහැ කියලා. හදිස්සියේම වෙන්න ඕනේලු :-)
කට වරද්ද ගන්න එපා කියන එකේ නම් පොඩි ඇත්තක් තියෙනවා.. මම ගිහින් තියෙන්නේ දෙපාරයි, දෙපාරම ඕක අත්වින්දා..මොනවා වුනත් අර පාර දිගට ඉන්න සල්ලි එකතු කරන අයට විරුද්දව කාටවත් මොනවත් කරන්න බැරිද දන්නේ නෑ නේ?? හොර මුලවල්..
මුලටම ඉන්න කෙනා නූල් වගයක් විකුනනවා..රුපියල් 100 ක් දීලා ගන්න අයගේ අධ්‍යාපනය දියුණු වෙන්න අපල දුරු වෙන්න නිරෝගී වෙන්න හැම මගුලක්ම පතනවා.. රුපියල් 20 දීලා ගන්න එකාට නිරෝගී වේවා විතරද කොහෙද.. පුදුම මිනිස්සු. ශ්‍රද්ධා සිතින් යනකොට ඕවට අම්බානක් මිනිස්සු අහුවෙනවා ඇති.
සිරීපාදෙන් වැටිල හරි මමත් මැරෙන්න කැමති එකෙක් !!! ඕන්න මමත් සයිබර් මරණය එක්ක සෙට් උනා
චීවරධාරියො ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොච්චර වුනත් අපේ මිනිස්සු කටක් ඇරලා බනින් නෑ සිවුරට ගරු කරලා
මරණේ, මොකද කාලෙකින් මුකුත් ලියල නැත්තෙ?
Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
Post a Comment