මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්.

උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව නැති උනොත් අර කියපු කෙනාම කියාවි එහෙනම් උඹම වෙන ජොබ් එකක් හොයා ගනින් කියලා වගේ. ගෙදර ප්‍රශ්නෙකදි ගෙදර කෙනාට "ඉන්න බැරිනම් යන්න කියපන්" වගේ උපදෙසක් දෙන කෙනෙක් ආපහු සමගි කරන්න ඒවිද නම් කියන්න බැහැ. අසල්වැසියන්ගේ ගැටළුවකදී ඔවුන්ට පාඩමක් උගන්නන්න කියන උදවිය හදිස්සියකදී අපිට උදව්වකට එන්නේ නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙනවා අපිට අවාසි වෙන වගේ තීරණ වලට පවා යාමට. ඒ වෙලාවට එහෙම අවාසියි වගේ හිතුනත් සමහර විට ඒ දේවල් දිගුකාලීනව අපිට වාසිදායක වෙන්නත් බැරිකමක් නැහැ.

මෙහෙම කියන්න හිතුනේ පහුගිය දවස්වල මගේ හිත්වතුන්ට සිද්ධ වෙච්ච සමහර සිතුවීම් සහ ඒවාට ඔවුන් ක්‍රියාත්මක උන ආකාරයත් වටේ ඉන්න අය ඒ ගැන කියන දේවලුත් නිසා. කෙලින්ම සිදුවීම් වලට සම්බන්ද අය පුළුවන් තරම් ඔවුන්ගේ අනාගත ආරක්ෂාවට කටයුතු කරත් එලියේ ඉන්න අය කියන්නේ ඊට වඩා සැර ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා. හැබැයි එහෙම කරලා පස්සේ ප්‍රශ්නයක් උනොත් වෙන්නේ මුල් පාර්ශවේට එහෙම නැතුව අර වටේ ඉන්න අයට නෙමෙයි ඒ වෙලාවට වටේ ඉඳන් උපදෙස් දීපු අය හොයන්නත් නැහැ. සමහර වෙලාවකට හිතෙනවා දක්වපු ප්‍රතිචාර වැඩක් නැහැ කියලත් ඒත් මේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවම වෙන කරන්න දෙයක් නැහැ.

මන් නම් හිතන්නේ අනික් අය "එහෙම කරපන්" "මෙහෙම කරපන්" කිව්වට නෙමෙයි අපි අපිට පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා මිසක් "මෙහම කරපන්" "එහෙම කරපන්" කියන අය කියන විදිහට කරන්න ගිහින "එහෙම උනාම" "මෙහෙම උනාම" ඔය කියපු අය නැහැ ඒකට මුහුණ දෙන්න වෙනෙන අපිට තනියම තමා.

29 අදහස්:

i m confused... seems like this isn't you. whats up with ur writing style?

සහතික ඇත්ත මචං. ඔය වගේම දැන් සමහර උදවිය බ්ලොග් ලියන්නත් උපදෙස් දෙනවා මං දැකලා තියනවා. මෙහෙම කරන්න. අරහෙම කරන්න කිය කියා.

කිව්වත් වගේ කවුරුත් එන්නේ නැහැ ..අරහෙම මෙහෙම කරාම වැරදුනාම උදව් කරන්න...හරි යන්න හෝ වැරදි වෙන්න අපිම තමා තිරණ ගන්න ඔනේ..

This comment has been removed by the author.
This comment has been removed by the author.

අනිත් දේ තමයි අපිට ගැටලුවක් උනාම මිතුරන්ගෙන් ලැබෙන සුලබ ප්‍රතිචාරයක් තමයි මේක. "මචං මටත් ඔහොම උනා. උඹ මෙන්න මෙහෙම කරපන්" කියලා තමන්ගෙ අත්දැකීම අපි පිට පටවලා අපිටත් ඔවුන් ක්‍රියාකරපු ආකාරයට කරවන්න යනවා. අපිට ඒ වෙලාවට හිතෙන්නෙ නෑ සිදුවීම් දෙක ටිකක් සමාන උනත්, ඒවට පසුබිම් වෙච්ච හේතුකාරණා වෙනස් වෙන්න පුලුවන් බව. මේ වගේ වෙලාවට යාලුවා කියන විදියට වැඩ කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙන්නත් පුලුවන්.

ඒ විතරක් නෙවෙයි . අපි ගොන් වාදක කරනකොට කිසිම කතාවක් නැතුව ඉඳල වැඩේ වැරදුනාම අපි නම් ඉතින් දැනන් හිටිය.. කියල කියන මිත්‍රයෝ නෑදෑයෝ ඊටත් වැඩ හපන්,.. ඔබ හරි.. හොඳම දේ තමයි තමුන් තනියම හිතල බලල තීරණය කරන එක. බැඳලා නම් ඉතින් සහකාරිය හරි කාරයාගෙන් අහන එක හොඳයි.. නැත්නම් අම්ම තාත්ත විතරයි අපට අවංකව අදහසක් දෙන්නේ.

"ස්ව බුද්ධීර් සුඛං සේතී
බහු බුද්ධීර් මරණං භවෙත්"

අනික මට නම් හිතෙන්නෙ ,

කවුරු අපිට 'මෙහෙම කරපන් ' කිව්වත් ,

සමහර වෙලාවට අපිම කාගෙ හරි ගාවට උපදෙස් පතන් ගියත් ,

සමහරවිට කවුරු හරි අපි ගාවට උපදෙස් ඉල්ලන්න එනව වගෙ ආවත් ,
අන්තිමේදි

ප්‍රශ්නයට මූන දුන්නු පුද්ගලයා කරන්නෙම තමන්ගෙ හිතට හිතුන දේ.... :-)

ඔතන දෙපැත්තක් තියෙනවා මම හිතන්නේ. අපිට ඉතාමත් හොඳ උපදෙස් ගන්න පුළුවන් යාළුවොත් ඕන තරම් ඉන්නවා වගේම ඕන කරදරයකදි තමන්ගේ ජීවිතය පවා නොතක උදව්වට ආපු යාළුවොත් මට හිටියා. උපදෙස් පිළිපදින්න කලින් උපදෙස් දෙන යාළුවා හරි හිතවතා හරි, නෑදෑයා හරි මොන මට්ටමේ කෙනෙක්ද කියලා අපි තේරුම් අරගෙන අවසාන තීරණය ගන්නවා නම් තමයි හරි කියලයි මටනම් හිතෙන්නෙ.

මාත් සමහර වෙලාවට සමහර අයට "අරම කරපන්" "මෙහෙම කරපන්" කියලා තියෙනවා.දැන් හිතෙනවා එහෙම කරපු එක වැරදිද කියලත්.
හැබැයි ඉතින් මම නම් එහෙම දෙයක් කියන්නෙ හිතේ කහට තියාගෙන නෙමේ. දන්න කියන විදියකට කෙනෙක්ව ප්‍රශ්නෙකින් ගලවන්න හිතාගෙන.
ඒත් අදින් පස්සෙනම් ... අනේ මන්දා , විකාරයි..
මොනවා වුනත් දුමී එක්ක මාත් එකඟයි.

මචන් උඹ මෙහෙම කරපන්... උඹට ඔය එහෙම මෙහෙම කරපන් කියන උන් ඉන්නව නම් උඹ උන් ඔක්කොම කියන ඒව අහල අන්තිමේ උඹට ඕන එක කරපන්... ;-)

ආං එච්චරයි.
දිල්ශාරා කියන්නෙත් ඒකමයි.
මං හිතන්නෙ වැඩි දෙනා කරන්නෙත් අන්තිමේ තමන්ට ඕන දේ.
හරි ගියා හෝ වැරදුණා :-D

පෝස්ට් එකය් කොමෙන්ට් ඔක්කොමය් කියෙව්ව. කොමෙන්ට් එකක් හැටියට කියන්න දෙයක් හිතට එන්නේ නැහැ. මොනවා හරි හිතුනොත්, ආයෙමත් ඇවිල්ල, ලියල යන්නම්.

තමන් හිසට තම අතමය සෙවනැල්ල....

මට නම් ඔහොම උපදෙස් නෙන්න අවොත් කරන්නෙ.. එතැනින් ඉක්මනින්ම මාරු වෙන එක.. උන්ගේ උපදෙස් අහලා අහලා අන්තිමට මට හිතෙන දේවත් හරියට කරගන්න බැරි වෙන නිසා..

මරේ, උඹට මේක මෙහෙම නොලියා පොඩ්ඩක් විතර වෙනස් කරල අරහෙම ලිව්වනම් හොඳයි කියල මට හිතෙනව බං.

කොහොම කිව්වත් හිතලා තමයි කරන්න ඕනේ.

මටත් හිතෙන්නේ මේ ලිපිය මේ විදිහට නැතුව අර විදිහට තිබ්බා නම් හොදයි කියලා.

මේ පොස්ටුව දැක්කාම මතක් වුනේ මමත් කාලයක් ඔය අර විදිහට කලානම් හොඳයි කියල කොමෙන්ට් කරන කට්ටිය අතරෙ හිටියා. දවසක් ළඟම යාළුවෙක්ට පිරිසිදු සිතින් මෙහෙම කලානම් හොඳයි කියන්න ගිහින් බැනුම් අහලා ඇනගත්තට පස්සේ මම ආයෙ ඒවගේ කියන්න කලින හොඳට හිතල බලනවා.

බොහෝම වටින අදහසක් ම..,මමත් කැමති ඕන දෙයක් හිතලා, පෙනිලා කරන්න..මෙහෙම කරපන් ,අරම කරපන් කියන එක තරම් පෙන්නන බැරි දෙයක් මට තවත් නැහැ....ඔහොමම ඉදිරියට යන්....ඔයාට ජය වේවා!
තව එකක් අපිට වැරදුනු දාට ඉන්නෙ ඔට කවුරුවත් නෙවේ අම්මයි තාත්තයි විතරයි....මම ඇහුවත් එයාලා කියන එකක් විතරයි අහන්න කැමති..(ඔය අරම ,මෙහෙම කරපන් කියන ඒවා)

ಹೆಚ್ಚು ಜ್ಞಾನವನ್ನು ಪಡೆಯಲು ತಾಂತ್ರಿಕ ಮತ್ತು ತುಂಬಾ ಉಪಯುಕ್ತ ನನಗೆ ಏಕೆಂದರೆ ನಾನು ಈ ಲೇಖನ ಇಷ್ಟ. ಓದಲು ಗುಡ್ ...
Domain name India

යාලුවො කියන අය අපේ ගැටලු විසඳන්න උපදෙස් දෙන්නෙ එයාලගෙ රාමුවෙන් බලල...එයාලගෙ රාමුව ඇතුලෙ ඉඳන්....මට උනෙත් ඕක තමා,මම නම් කලේ මෙහෙමයි,උඹත් එහෙම කරපන්, කියනවා....ඒක අපි පිලිගත්තෙ නැති උනොත්..එයාලට ලොකු මදිකමක් කලා වගේ අපිට දොස් කියල අපේම වැරදි කියල..අපිව පැත්තකට දානව....මට එහෙම උනා...දැන් මම මගේ ප්‍රස්න තනියම විසඳ ගන්නවා හොඳට කල්පනා කරලා....හරි ගියොත් ලාබය මට...වැරදුනොත් අලාබයත් මට කියල.......

මටත් ජීවිතේ ගොඩාක් තැන්වල වැරදුනේ අනුන් කියපුවා කරන්න ගිහින් තමයි,,

කාට හරි කණ පුරෝලා දීල වගේ.

කස්ටිය කියන විදියට වැඩ නොකර එයාල කියන ඩෙවලුත් අහගෙන තමන් ගෙ මතයත් එක්ක සසඳල බුද්ධිමත්ම තීරණයක් තමන්ම ගන්න එක තයි ඕන් වටින්නෙ...

අදයි මේ පැත්තට ගොඩවුනේ....මමනම් බ්ලොග් වලට අලුත්..තාම ඉගෙනගනිමින් පවතී.....ලස්සන වටිනා ලිපියක්....

හේ..මමනෙ මේ බ්ලොග් එකේ 400 සම්පූර්ණ කරල තියෙන්නෙ..හුරේ...හිහ්...

මේ කතාව නම් සහතික ඇත්ත.. අ‌පේ උන්දැත් ‌මේ පහුගිය මා‌සේ ඔ‌හොම ව‌ටේ ඉන්න උන්දල‌ගේ සහාය ඇතුව වැඩ කරන එ‌කෙක් එක්ක ‌ලෙඩක් දා‌ගෙන උන්දැට ‌දෙකක් ‌කෙලල ඇරලා සතියක් ‌ගෙදර හිටියා අනිවර්ය නිවාඩු දීලා.. වැ‌‌‌ඩේදි අ‌පේ උන්දැ වැරදි නම් නෑ... හැබැයි ‌මේ මා‌සේ පඩිය අඩු ‌වෙලා තිබු‌නොත් උන්දැ කන්‌නෙ ම‌ගෙන් තමයි... හික් හික් ...

යාලුවො නං තව අවුලක් නෑ අඩුමගානෙ උන්ව තෝරගන්න පුළුවන්. බක පණ්ඩිත නෑදෑයෝ තමයි එපා කරපුම ජාතිය. උන් කියපුවා නොකලහම බනින්නත් එනවා. වගකීම ගන්නවද ඇහුවාම වහකීමක් ගන්නත් බැහැලු. වයස හින්ද වලිදාගන්නත් බයයි පෙෂර් වැඩිවෙලා වලකජ්ජ ගැහුවොත් ඒකත් යන්නෙ අපේ පිටින්

Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

Bloggers.com - Meet Millions of Bloggers