හෙට සඳුදා. මටනම් සතියේ එපාම කරපු දවස. අළුත් සතියක ආරම්භය ඒ කියන්නේ හෙට ඉඳන් දවස් පහක් වැඩ කියන එක. ආසම දවස සිකුරාදා. මේකාලේ හැමෝටම වගේ පොඩි හරි රස්සාවක් හොයා ගන්න පුළුවන් තරම් ඇබෑර්තු ඉරිදා පත්තරවල තියේන නිසා රැකියාවක් නැති නිසා අසහනයෙන් පෙලෙන අය හම්බ වෙනවා අඩුයි. හැබැයි ඒ අඩුවටත් හරියන්න රස්සවක් කරන ගමන් එ ගැන අසහනයෙන් පෙලෙන අයනම් ගොඩක් ඉන්නව මාත් ඇතුළුව.
ලැබෙන පඩිය අඩුවීම, වැඩ වැඩිවීම, ලොක්කන්ගේ අලි පාට් බලන්න සිදුවීම, නොයෙකුත් අසාධරණ කම්,වැඩ කරන තරමට ඇගැයීමක් නොමැති වීම, අයිස් ගහන අයට වැඩි සැලකිලි ලැබීම. මෙකී නොකී විවිද හේතු නිසා වැඩකරන අය අසහනයෙන් ඉන්නව. ඉතා ඉහල වැටුප් ලබන අයත් තමන්ගේ රකියාව ගැන සතුටින් නොසිටීමත් පුදුමයට කාරනාවක්.
මේකට හේතුව මිනිස්සු කවදාවත් කිසිම දෙයකින් තෘප්තිමත් නොවීමම කියන්නත් බැහැ.
රජයේ සේවකයො නිතර නිතර වරජන කරන්නෙත් මේ අසහනේ නිසාම කියලයි මටනම් හිතෙන්නේ. බැලුවම දොස්තරලත් ඉන්නේ අසහනෙන්
මට හිතෙන්නේ නම් හැමෝම ජීවත් වෙන්න රස්සවක් කලත් ඒක කරන්නේ සතුටින් නම් නෙමෙයි කියලයි.
ජේම්ස් බොන්ඩ් අළුත් චිත්රපටියක් ඇවිත් Quantum of Solace . තාම Download කරන්න තියෙන්නේ නම් Camara Copy එක විතරයි
Can't read
පිදුම
අයිතිවාසිකම්
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
මගේ ජීවිතේ එක එක කාලේට මන් එක එක දේවල් වලට අසා කල. කොච්චර ආස දෙයක් උනත් එක දිගට දීර්ඝ කාලයක් පැවතිලා නැහැ. මන් හිතන්නේ වැඩිම කාලයක් තියෙන එකම ආසාව තම පොත් වලට තියෙන ආසාව. ඒකනම් මට මතක ඇති කාලෙක ඉඳන් තාමත් තියෙනවා.අවුරුදු දහයක් දොලහක් වෙනකම් මන් මොනවටද ආස කලේ කියල මට මතක නැහැ. අවුරුදු දහතුන දාහතර වගේ කාලෙ මට පුදුම හින්දි උනක් තිබ්බ. ඒකලෙ තමා රූපවාහිනියේ හින්දි චිත්‍රපටි පෙන්නන්න පටන් ගත්තේ. ඒ කාලෙ මම ඒව බලනව ඊට පස්සෙ සින්දු කැසට් වල පටිගත කරගන්නවා නළු නිළියන්ගේ පින්තූර එකතු කරනවා.කොටින්ම හින්දි සිනමාවට ඇබ්බැහි වෙලා හිටියේ
අපොස සාපෙ කරන කාලෙ වගේ නම් ප්‍රේමයට ඇබ්බැහි වෙලා හිටියා. ඊට පස්සේ උසස් පෙළ කරන කාලේ කොළඹ තිබ්බ හැම ෆිල්ම් හෝල් එකකටම ආපු ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. දෙපාරක්ම බොරුවට උසස් පෙළ කරල යන්තම් පාස්වෙලා පරිගණක අධ්‍යපනය පටන්ගත්ත කාලේ ඉඳලා අන්තර්ජාලෙට ඇබ්බැහි උනා හැබැයි එක එක විශය වලට. මුලදිම ඇබ්බැහි උනේ එකම අකුරේ අකුරුතුනේ වචනෙට . වෙනදෙයක් නැහැ අන්තර්ජාල සම්බ්න්ධතාවයක් එක්ක පරිගණකයක් හම්බ උනාම ගූගල් ගෙන් අහන්නේම ඕක ගැන. එක බොහොම ටික කාලයයි ඊටත් පස්සේ ඔන්ලයින් චැට් රූම් වලට ඇබ්බැහි උනා මෙලෝ සිහියක් නැහැ චැට් කරනවා. ආයි කාලයක් මොකුත් නැතුව ඉඳලා එහාට මෙහාට ඊමේල් ෆෝවඩ් කරන්න ඇබ්බැහි උනා. පහුගිය ටිකේ බ්ලොග් වලට ඇබ්බහි වෙලා හිටියා එක තාම ටිකක් තියෙනවා. මේ දවස් වල මුහුණු පොතට ඇබ්බැහි වෙලා ඉන්නේ. එකත් දැන් දන් එපා වේගන එන නිසා තව ටික කාලෙකින් ඉවර වෙයි. ඊට පස්සේ තව දෙයක් හොයා ගනී.
හැබැයි කවදාවත් වැඩකට ඇති දෙයකටනම් මම ඇබ්බැහි වෙලා ඉඳල නැහැ.
Face Book මටනම් මාර වසංගතයක් වෙලා. වැඩ නැති විවේක වෙලාවට විතරක් නෙමෙයි වැඩ තියෙන කාර්ය බහුල වෙලාවටත් මන් ගිහින් අනුන්ගේ ඕප දූප බල බල ඉන්න පුරුදු වෙලා. මේක නම් වහාම නවත්තන්න ඕනේ නැත්නම් රස්සවෙනුත් මාව එලවලා දායි අපේ බොස්. මේක ලෝකෙම ජනප්‍රිය වෙබ් අඩවියක් නොයෙක් ජාති පිරිලා තියෙනවා ඒත් ඇත්තටම බැලුවහම වැඩකට ඇති කිසිම දෙයක් මටනම් Face Book වලින් හම්බ වෙලා නැහැ. විවිද Application තියෙනව ඒත් ඇති ප්‍රයොජනයක් නැහැ. අපි නිකන් ඒකට ඇතුළු වෙලා වැඩත් පාඩු කරගෙන අයිතිකාරයන්ට සල්ලි හම්බ කරලා දෙනවා.
වැඩිපුරම තියෙන්නේ ඕප දූප කියල තමා මටනම් හිතෙන්නේ. අනික් අය කාපුව බීපුව කරපුවා කියවන්න. මෙලෝ වැඩකට නැති එවායේ රස විඳින්න තරම් මාව පහලට වැටුනේ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.
මේකනම් මගේ කවියක් නෙමෙයි . ඒත් ඒක කියෙවුවම මට කොපි නොකර ඉන්න බැරි උනා ඒක ඒ තරමටම රසවත් නිසා
සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..
මට මේක හම්බ උනේ මෙතනින
මේය තමා මේක එතනට දාල තිබ්බේ
මේ තියෙන්නේ ලියපු කෙනාගෙ බ්ලොග් අඩවි.
අඩිය
අන්‌දරේගෙ......... කෙරුම්
මේ කවිය කාගේද කියලානම් දන්නේ නැහැ. කාගේ උනත් මොකද රසවත් කවියක් නේ අපි මේක රසවිඳිමු
මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය මේ කවිය. මේකටනම් තෑග්ගක් දෙන්න වටිනවා
මේ කවිය තවත් තැන්වල තිබිලා තියේන්වා. මේ ඒව ගැන. හරේෂ් ට ස්තුති ඒ ගැන කිවුවට
මේ තවත් තැනක්
මේ එයගෙ ඡායා රූප එකතුව
තව වැඩි විස්තර අදහස් වල තියෙනවා
කමක් නැහැ කමක් නැහැ කාගේ උනත්. මන් මේක ගත්තේ මහේෂ් දාපු පිළිතුරකින් නිසා මහේෂ් ට ස්තුති.
පහුගිය දවසක බෝතලයක් ගන්න ආර්පිකෝ එකට ගියවෙලාවෙ (ඉස්සරනම් ආර්පිකෝ යන්නේ රබර් මොනාහරි ගන්න ඕනේ උනාම දැන් ආර්පිකෝ එකේ නැති දෙයක් නැහැ. ෆුඩ් සිටියේත් බෝතල් තිබ්බට එකෙන් ගත්තම බෝතලේ කවරෙක දාල දෙන්නේ නැහැ එක නිසා ආර්පිකෝ එකෙන්ම තමා ගන්නේ . ආර්පිකෝ එකේ බෑග් එකක දාල ගානට කවර් කරලා දෙනවා ) බාරි එකේ ෆ්රිජ් එකේ නරක් වෙච්ච පළතුරු වල හොඳ කොටස් ටික කපලා ලස්සනට ඇසුරුම් කරලා තිබ්බ. බාර් එකේ සේවක මහත්තය කිවුවා පළතුරු බයිට් එකකුත් අරගන්න කියල. සාමාන්යයෙන් පැලතුරු විකුනනේ වෙනම තැනක දැන් එක බාර් එකටත් ඇවිල්ලා. ඉස්සර කෑම කාල අතුරු පසට කාපු පළතුරු දැන් අය කන්නේ බයිට් එකට. එකත් හොඳයි.
මම මේ අරක්කු ප්රචාරනය කරනවා එහෙම නෙමෙයි වැඩිපුර ලියවෙන්නේ හුඟක් සමීප දේවල් ගැන නේ. මොනාකරන්නද බොනදේවල් වැඩිපුර සමීප උනාට
මම මේ දැකපු දෙයක් තමා සාමාන්යයේන් සති අන්තයේ බ්ලොග් කියවනයට එච්චර අළුත් ලිපි එකතු වෙන්නේ නැහැ, සතියේ දිනවල තරම්. ඒත් වෙන්න ඕනේ ඒකෙ අනික් පැත්ත සති අන්තයේ විවේකයේ වැඩිපුර ලිපි එකතු වෙන්න ඕනේ. මටනම් මේකෙන් පේන්නේ වැඩි දෙනෙක් බ්ලොග් ලියන්නේ එක්කෝ කාර්යාලයේ ඉඳන් නැත්නම් ඉගෙන ගන්න අධ්යාපන ආයතන්යේ ඉඳන්. මේ දෙතැනම ඉඳලා බ්ලොග් ලියන එක එච්චර හොඳ දෙයක් කියල මම නම් හිතන්නේ නැහැ. මාත් සමහර වෙලාවට කාර්යාලයේ ඉඳල බ්ලොග් ලියන්වා ඒත් ඒක වැරදි වැඩක් කියල තමා මටනම් හිතෙන්නේ
ඒත් ඉතින් ලියන්න දෙයක් හිතට ආවම ඒක ඉක්මනට අමතක වෙන්න කලින් ලියල දාන්ව මිසක ඉන්නේ කොහෙද කියල බල බල ඉන්න පුළුවන්ද.
අද ඉරිදා. මට ඊයෙත් වැඩ කරන්න සිද්ධ උනා. සතියම වැඩකලහම අඟට හරිම අමාරුයි , මම ඇඟ වෙහෙසන වැඩක් නොකලත් දවස් 6ක් එකදිගට වැඩකලහම ඇඟට පුදුම මහන්සියක් දැනෙනවා. ඒක නිසා අද ගෑණු ලමය හම්බ වෙන්න ගියෙත් නැහැ. ඒකට පොඩි පහේ යුද්ධයකුත් ඇති උනා. උදේ වරුවම නිදාගත්ත හවස නැගිටල Sex and the City: The Movie එක බැලුවා. ඉස්සර TV Series එක යනකාලේ ගොඩක් කැමැත්තෙන් බැලුවා එකක්. නම ටිකක් අවුල් උනත් හොඳ ෆිල්ම් එකක්. බලන්න කැමති අයට ටිකක් හොඳ Movie එකක්. කැමතිනම් බලන්න. මට නම් හොඳයි.
හෙට සඳුදා සතියේ අකමැතිම දවස මොනා කරන්නද ජීවත් වෙන්න රස්සවක් කරන්නම එපායැ. නැතිනම් කාල බිල ඉන්නෙ කොහොමද? (කන්න නම් කවුරු හරි දෙයි ඒත් බොන්න සල්ලි කවුරුත් දෙන්නේ නැහැනේ )