මැරත්න් තියා මොක උනත් ඉතින් පටන් ගන්න ඕනේ කැමතිම මාතෘකාවෙන්නේ ඔන්න ඉතින් පටන් ගත්තා
මිල රුපියල් 2700.00 ඇල්කොහොල් 40% මිලි ලීටර් 700යි මේ තමයි මෙන්ඩිස් අවුරුදු 18ක් පරන අරක්කු එක.
මගේ මචං කාරයා ආයිත් පොඩි නිවාඩුවකට පහුගිය දොහේ ලංකාවට සැපත් උනා. ඉතින් එයාගේ නිවාඩුවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් හම්බ උනේ නැහැ මට නිවාඩු නැති නිසා. ඒත් හිටපු සති අන්ත දෙකම මුන ගැහෙන්න අපි අතපසු කලේ නම නැහැ.
වෙනද වගේම ඒකා මෙරටට සැපත් වෙනකොට තීරු බදු රහිතව රැගෙන ආපු, මන් මීට කලින් බීල තිබ්බේ නැති Absolut Tropics සහ Absolut Pears බෝතල් දෙකම ඉක්මනින් අවසන් උනේ අපිට තව බොන්න දවසක්ම ඉතුරු වෙලා තියෙද්දි.
ඉතින් මක් කරන්නද හැමදාම බොන ජාති පැත්තක දාල අපි දෙන්න හිතුවා අළුත් යමක් බොන්න ඕනේ කියලා. ඉතින් අපි දෙහිවල ආර්පිකෝ එකට ගිහින් ඇහුවා මෙන්ඩිස් ගැන. එහෙම අහලා දැනට විකුනන්න තියෙන ගනන්ම අරක්කු බෝතලෙන් ඉතුරුවෙලා තිබ්බ එකම බෝතලේ උස්සන් ගෙදර ආවා. ඇවිත් හරියට අළුතෙන් මනමාලියක් එක්ක ආවා වගේ හැමතැනම තිය තියා ෆොටෝ ගැහුවා ඒත් මන් ගහපු ෆොටෝ වලින් දෙකක් ඇරෙන්න අනික් සේරම ෆොටෝ ගහලා තියෙන්නේ බෝතලේ පිටිපස්සේ ලේබල් එකක්.(බෝතලේ දැකලම වෙරි). අපි දෙන්න බෝතලේ ෆොටො ගහනවා, වීඩියෝ කරනවා දැකලා අපේ අක්කා අහපි ඔය දෙන්නට පිස්සු හැදීගෙන එනවද කියලා. (පිස්සු නොහැදී තියෙයියෑ මේක දැක්කම). ඉතින් ඕක කඩලා අමුවෙන්ම ටිකක් බීලා බැලුවා. ෂා..... අමෘතේ වගේ (ඔය ඒ කාලේ අමෘතේ කියන්න ඇත්තේ පරන මත්පැන් ජාතියකට තමා ) ටිකක් සැරයි ඒත් මාර රසයි. අමෘතේ උනත් බොනකොට පහසුවෙන් බොන්න ඕනේ නිසා අයිස් සහ ජින්ජ ඒල් දාගෙන තමා බිව්වේ ඊට පස්සේ. නියම බීම. ඕන් දවල් බාගයක් ඉවර කලා ඊට පස්සේ රෑ අනික් බාගෙත් ගහලා බෝතලේ (බෝතලේ කිව්වට අනික් බෝතල් වලට වඩා මිලි ලීටර 50ක් අඩුයි ඒත් සැර වැඩියි . අනික් අරක්කු ඇල්කොහොල් 33%-35% වගේ මේක 40% )ඉවර කලා අපි දෙන්නා එක්ක.
ඔන්න ඉතින් බීලා නිදා ගෙන පහුවදා නැගිට්ට කියමුකෝ මාර වැඩක්. කලින්දා බිව්වද කියලවත් නැහැ. මීට කලිනුත් අපි දෙන්නා ඔය වගේ එක එක ජාති දිවා රෑ පානය කරලා තියෙනවා ඒත් ඒ හැමදාම පහුවදා 10 විතර වෙනකම් කලින් දවසේ බීපුවා වැඩ කරනවා ඒත් මේක කොච්චර හොඳද කියන්වනම් බීපු වගක් වත් නැහැ.
මන් නම් හිතන්නේ මේක තමා ලංකාවේ තියෙන අපේ බීම ජාති වලින් හොඳම එක. ඉතින් කවද හරි රස බලන්න.



