One | Zero | Zero කියන්නේ "වචන සීයක හිරවුන දිග කතා" අපේ නොදරුවාගේ ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය එකතු වෙලා කරන අළුත් වැඩක් තමා මේක.
දිගම දිග කතාවක් ලියන්න ඕනේ හැබැයි කතාවේ නම ඇරුනම තියෙන්න පුළුවන් වචන සීයක් විතරයි. ලේසියි වගේ පෙනුනට ලේසිමත් නැහැ දිගට දිගට ලියාගෙන යන්න අවසර නැහැනේ හිතේ තියෙන සේරම ටික වචන සීයකට හිර කරන්න එපායෑ.
මුද්‍රිත පොත් ගත්තම නම් කෙටි කතා වලට වඩා නව කතා ජනප්‍රියයි තමා , ඒත් පරිගනකයෙන් බලනකොට නම් දිගට දිගට තියෙන කතා වලට වඩා කෙටි කතා හොඳයි කියලා මන් හිතන්නේ. ගොඩ දෙනෙක් බ්ලොග් බලන්නේ කාර්යාලයේ ඉඳන් නේ එතකොට දිග කතාවක් කියවන්න යන වෙලාවෙන කාලක් වැය කරලා කෙටි කතාවක් කියවන්න පුළුවන් .
ඔයගොල්ලන්ටත් පුළුවන් වචන සීයක කතාවක් ලියන්න, හැබැයි ඒක තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕනේ, අහපු සිදුවීමක් ගැන උනත් කමක් නැහැ ඒත් හමෝම අහපු ඒවා නම් එපා. ප්‍රධානම දේ කතාව වචන සීයක් වෙන එක තමා.
ඔයගොල්ලන්ටත් වචන සීයක කතාවක් එහෙම ලියන්න හිතෙනවනම්, හිත හිතා ඉන්න එපා ලියලා මේකට onezerozerowords[at]gmail[dot]com ඊමේල් කරන්න
http://onezerozerowords.blogspot.com/
Can't read
පිදුම
අයිතිවාසිකම්
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
ඉතින් ඊයේ රෑ අටට පටන්ගත්ත බ්ලොග් මැරතන් එක අද ඉවර උනා . පැය විසි හතරක් පැය කාලෙන් කාලට ලිපියක් ලියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි ඉතින් අපේ පිස්සාගේ දුවන බ්ලොගය මේ කටයුත්ත ඉටු කලා.
මාත් ඇතුළුව තව කිහිප දෙනෙක් මේ කටයුත්තට සහභාගී උනත් ලිපි 96ක් ම ලියැවුනේ නැහැ වෙන අය අතින්.
බැලූ බැල්මට මේක පිස්සු වැඩක් වගේ පෙනුනත් මටනම් ඒක හරිම විනෝදාත්මක කාරියක් උනා. සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න මේක අපූරු වැඩක්. ලියන්න උනන්දුව ඇති වෙනවා. ලියන්න ආසත් හිතෙනවා.
ලිපි ලියමින් අනික් අයගේ බ්ලොග් වලට අදහස් එකතු කරන එක හරිම ජොලි වැඩක්. එකිනෙකා අතර සුහදතාවත් ඇත්තටම වර්ධනය උනා.
මන් හිතන්නේ බ්ලොග් මැරතන් එකෙන් සංවිධායකයෝ බලාපොරොත්තුවෙන සේරම වගේ ඉශ්ඨ වෙනවා.
මම හිතන විදිහට මේක තුන්වෙනි මැරතන් එක
මම සහභාගී උන පළවෙනි එක
හිතාගෙන අවෙ නම් ලිපි 96ම ලියන්න ඒත් ලියන්න පුළුවන් උනේ විසි ගානයි. කමක් නැහැ ඊලඟ පාර සේරම ලියන්වා
ඉතින් මේ තරඟය සංවිධානය කරපු, තරඟයට සහභාගී උන, වතුර ගහපු හැමෝටම ස්තූතියි!!!!!
චියර්ස්ස්ස්ස්ස්.....!!!!!
මටනම්
පළවෙනි ස්ථානය
පිස්සාගේ දුවන බ්ලොගය
දෙක
...සඳක් නැති සඳැල්ලක්...
තුන
ශ්‍රීශානුගෙ දිවිල්ල
ඉන්ද්‍රනාම ගේ මැරතන් අඩවිය
තාරකගේ මැරතන් 2009
විසි නමය
ඉතින් දැන් මැරත්න එක අවසාන වෙන්නත් ලඟයි. තවමත් අපේ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් දුවනවා. ආරම්භයේ සිටි බොහෝදෙනෙක් මේ වනවිට විවේක සුවයෙන් සිටිනවා.
දුවපු අය වගේම වතුර ගහපු අයත් දුවන්න පාර සුද්ද කරලා දීපු අයත් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කලයුතුයි.
මම නම් දැන් දුවලා ඉවරයි. තරඟය නරඹමින් තමා ඉන්නේ.
දුවන හැමෝටම සුබ පැතුම්.
විසි අට
වෙනදා වගේ ඉරිදා පත්තර ටික සෙනසුරාදා (අද ) ආව. (පත්තර බෙදන කෙනා ගෙනාව නැතුව පත්තර ඇවිදන් අවේ නැහැ )ඉස්සරනම් ඉරිදා පත්තර තිබ්බේ රුපියල් 25 ට දැන් 40,50 ඒ මදිවට පිටුත් අඩුවෙලා. ඉස්සර සිළුමිනක් ගත්තම මාසයක් බත් ඔතන්න ඇති දැන් සතියකත් මදි වගේ.(ආණ්ඩුවේ පත්තරේ මිනිස්සු වැඩිපුරම ගන්නේ කොල ගොඩක් තියෙන නිසා මිසක් බලන්න දෙවල් ගොඩක් තියෙන නිසා නම් නෙමෙයි ).
දැන් දැන් පත්තර සේරම එක වගේ මෙලෝ දෙයක් නැහැ බලන්න. මේ දවස් වල බස්නාහිර ඡන්දේ නිසා බාගයක්ම තියෙන්නේ එයලගෙ දැන්වීම් .
මේ මිනිස්සු පත්තරවල දැන්වීම් දාන්න වියදම් කරන සල්ලි වලින් ලේසියෙනම තිබ්බ ඉස්කෝලයක් හදලා දෙන්න. දැන්වීම් දානවා ඉස්කෝල හදනවා කියලා කරන්නේ නම් නැහැ. දැන්වීමට තමන්ගේ සල්ලි වියදම් කලාට හදන්න සතපහක් වියදම් කරන්නේ නැහැ සේරම ආණ්ඩුවෙන් දෙනකම්ම ඉන්නවා. අනේ මුන්ටනේ අපි 25 ගිහින් කතිරේ ගහලා එන්නේ.
විසි හත
හරියටම තරඟ කලානම් මැරතන් එක ඉවර වෙනකොට ලිපි අනූ හයක් තියෙන්න ඕනේ. මගෙ නම් තියෙන්නේ විසි ගානක් විතරයි. මම මැරතන් එකෙන් හතරෙන් එකකට වගේ තම සහභාගී වෙලා තියෙන්නේ.
මම සහභාගී වෙන පළවෙනි එකනේ. ඉතින් ඔය මදෑ. ඊලඟ පාර මීට වඩා ට්‍රයි කොරනවා.
ආරම්භයේ සිටම සිටි ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තවමත් තර්ඟ කරන බවක් පේන්න තියෙන්වා.
දැන් ඉතින් ලියන්න තියෙන සේරම වගේ ලියලා ඉවරයි ආයි කාලෙකට බ්ලොග් එකට මොකුත් ලියන්න වෙන එකක් නැහැ වගේ.
විසි හය
දැන් මැරතන් තරන්ගය 18 වෙනි පැයටත් ලන්වෙලා. දනුත් තරඟකාරයො තමන්ගේ දිවිල්ල කරගෙන යන්වා.
මමනම් කඩින් කඩ තම තරඟයට සහභාගී උනේ.
මට අලි වැඩක් උනා. අද දිවා අහාරය සඳහා ආරාධනයක් තිබ්බ මාත් ඉතින් උදේටත් නොකා හොඳටම බඩගිනි වෙනකම් ඉඳලා ගියා. හිස් අතින් යන්න බරි නිස පොඩි පහේ කේක් ගෙඩියකුත් අරන් තමා ගියේ. මෙන්න බොලේ යනකොට ආරාධනා කරපු ගෙදර දොරවල් ජනෙල් වහලා කිසිම කෙනෙක් පේන්න නැහැ.
ගෙදරටත් කෑම එපා කිව්වා. ඉතින් බලලා බලලා කඩෙන් බත් එකකුත් අරන් ආපහු ගෙදර ආවා. දැන් ඉතින් ඒකවත් කන්න ඕනේ.
විසි පහ
අපේ ගෙවල් ලඟ අඹ ගහක ගෙඩි පිරිලා තිබ්බ. ඒකේ ගෙඩි ඉදෙන්න කලින් පණුවෝ ගහනවා ඒක නිසා කවදාවත් ඉදුනු ගෙඩියක් කන්න බැහැ. ගහයට හැම තැනම පණුවො ගහපු ගෙඩි පිරිලා. මේ ලඟදි එයාලට වාසියක් වෙලා. ඔය ස්වභාවික පලතුරු බීම හදහන සමාගම නියෝජිත්යෙක් ඇවිත් මුළු ගහේම අඹගෙඩි ටික සල්ලිත් දීල කඩගෙන. නිකන් කුනුවෙලා යන එක නිසා එයාලත් දීලා.
ඉතින් ඔන්න ඔය වගේ ඉස්තරම් පළතුරු තමා ඔය උදවිය බීම හදහන්න පාවිච්චි කරන්නේ.
ඇත්තටම තමන්ගේ වත්තේ හැදෙන එළවලුවක් පලතුරක් ඇරෙන්න කඩෙන් ගන්න කිසිම දෙයක් ගැන මේ කලේ නම් විස්වාස කරන්න බැහැ.
විසි හතර
අවුරුදු දවසට පහුවදා මම තවත් මිතුරෙක් සමග බෝපත් ඇල්ල බලන්න ගියා. සිදුවෙලා තියෙන වෙනස්කම් නම් අදහා ගන්නත් බැහැ.
ඉස්සර මම ජීව්ත් උනේ ඇල්ලට යන පාරේ ඒ කාලෙ අපිටනම් කිසිම වටිනා කමක් තිබ්බේ නැහැ ඇල්ලේ ඒත් දැන් බෝපත් ඇල්ල බොහෝ දෙනෙකුට ජීවනෝපාය වෙලා. ඇල්ල අවට පරිසරයන් හොඳටම විනාස කරලා. හරිම අපිරිසිදුයි නව ගොඩනැගිලි හදලා මුදල් අයකරන අය පරිසර රැකීම ගැනවත් පිරිසිදුකම ගැනවත් එච්චර තැකීමක් කරන්නේ නැහැ වගේ.
ඒ කාලෙන කට්ටිය 10ක් විතර නැත්නම් අපි යන්නේත් නැහැ ඇල්ලට මොකෝ ඒ තරම් පාලුයි ඒ වගෙම හොරු හිටියා. දැනුත් හොරු ඉන්නවා නාන්න යන අයගේ ගමන් මළු වගේ එවා පැහැරගෙන යන අය. ඉතින් ඔයාලත් යන්වනම් වටින කියන බඩු භාණ්ඩ පරිස්සම් කරගන්න. නන්න ගලවලා තිබ්බනම් ඒ අසලින් තමන්ගේ කෙනෙක්ම රඳවන්න.
ඇත්තෙනම ඇල්ල ලස්සන පල්ලේහාට ඉතින් වීරයෝ වෙන්න හිතාගෙන උඩට නැගලා නිකන් ජීවිතේ නැති කරගන්න එපා. බිව්වට කමක් නැහැ ගැඹුර නැති තැනක නාන්න.
අංක විසිතුන
පහුගිය දවසක පරණ හිතවතුන් පිරිසක් මුන ගැහුනා. හමෝම ඉතින් කාලෙකට පස්සේ හම්බ උන නිසා ආගිය තොරතුරු කියන්න පටන් ගත්තා.
ඉතින් ඔන්න කෙනෙක් කියන්ව, දවසක් මචං අපේ ගෙදර බොන්න සෙට් වෙල... අනික් එක්කෙන කියන්ව මන් දවසක් බෝතලෙකුත් අරන්... ඕං තව එකෙක් කියන්වා අපි එදා බෝතලේකුත් අරන්... එදා සෙට් වෙච්ච වෙලාවේ කියල තවත් එකෙක් කියපි ඔන්න ඔය වගේ තම හැමෝගෙම වගේ සොඳුරු මතකයන් එක්ක බෝතලයක් සම්බඳ වෙලා.
අවුරුදු දවස් දෙකේ අරක්කු වික්ක කෙනෙක් හම්බ උනා, ගල් බෝතලේ 1500/= ටත් වික්කලු. මේ මිනිස්සුන්ට අවුරුද්දට කලින් රුපියල් 550ක් දීල ගන්න බැහැ ඒදාට 1500ක් දීල ගන්නව. මේක ආණ්ඩුව එහෙම දැන ගත්තොත් අරක්කු ගනන් තවත් වැඩි කරයි
අංක විසිදෙක
ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්.
වෙන රටවල් ගැනනම් මන් දන්නේ නැහැ ඒත් ලංකාවෙ මන් ගිහින් තියෙන හැම පළාතකම වගේ මදුරුවෝ ඉන්නවා. ඉස්සරනම් නුවරඑළියේ එහෙම මදුරුවෝ හිටියේ නැහැ ඒත් දැන්නම් මෙහෙ තරමටම නැතත් මදුරුවෝ ඉන්නවා.
නුවරඑළියේ ඉන්න උන් සීතලට මොකක් කරනවද කියලා නම් මන් දන්නේ නැහැ (අපි වගේ බොනවා ඇති හැබැයි මත්පැන් නෙමෙයි වැඩි වැඩියෙන් අපේ ලේ)
මෙච්චර මදුරු මර්දන ව්‍යාපාර ක්‍රියාත්මක වෙද්දිත් මදුරුවො හැදෙන්නේ කොහෙද මන්දා. එහෙම නැත්නම් මදුරු නාශක විකුනන මුදලාලිලා මදුරුවෝ ඇති කරලා එලියට දානවද කොහෙද.
කඩේ නම් එක එක ජාතියේ මදුරු මර්දන් තියෙනවා. ඔය හැම එකක්ම වගේ මන් පාවිච්චි කරලත් තියෙන්වා. මටනම් හම්බ උන හොඳම ක්‍රමය තම මදුරු දැල
මදුරු දැල් ශරීරයට අහිතකරත් නැහැ. එක පාර ටිකක් වැඩි මුදලක් වියදම් වෙන එක විතරයි ඊට පස්සේ හැමදාම නොමිලේ සේවය. ඉඳලා හිටලා හේදුවහම ඇති ඒ නැතත අවුලක් නැහැ
අංක විසි එක
මම ඉතින් බ්ලොග් එකේ එක එක දෙවල් ගැන ලියනවා ඒත් වැඩිපුරම ලිපි ලිය වෙන්නේ බීම ගැන තමා.
මන් මෙච්චර කල් ලියපු ලිපි අතරින් වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේත් බීම ගැන ලියපුවාට තමා.
මගේ සමහර ලිපි නම් හරිම අසාර්ථකයි. සමහරක් එවා නම් හොඳට ලිය උනා කියලා මට හිතෙනවා. හොඳටම සවුත්තුයි කියලා හිතුන ඒවා නම් මන් ඉවත් කලා ඒත් අනික් අය ප්‍රතිචාර දක්වපුවා ඉවත් කරන එක හරි නැහැ වගේ නිසා සමහර ඒවා නම් ඔහේ තියෙන්න ඇරියා.
කොහොම උනත් මාස 7ක් විතර බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය එක ගැන නම් මන් සතුටු වෙනවා.
අංක විස්ස
ලියන්න දෙවල් හිතේ තියෙනකොට ලියන්න හිතෙනව. ඒත් එවා ලියාගෙන ලියාගෙන ගිහින් ඉවර උනාම හිතට හිස බවක් දැනෙනවා. හරියට බල්දියක තිබ්බ වතුර ටික සේරම එලියට අරන් වීසි කලාවගේ. ලියන තරම් වේගයෙන් ඔලුවට අදහස් එන්නේ නැහැනේ ඉතින් අළුතෙන් ලියන්න දෙවල් නැහැ වගේ.
අද පොල දවස. ඉස්සරනම් පොලේ ගිහින් බඩු ගේන්වා දැන්නම් යැවෙන්නේ හරිම අඩුවෙන්. හැම තැනම දාල තියෙන එළවලු කඩ නිසා දැන් පොලේ යන්න ඔනේම නැහැ ඔනෙම දවසක හොඳ එළවලු ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන එළවලු කඩයකුයි පොලේ වෙලෙඳන් අතරයි පහුගිය කාලෙ පොඩි පහේ යුද්ධයක් තිබුනා. දැන්නම් එහෙම එකක් නැහැ.
කොහොම උනත් මිනිස්සු යන්නේ රුපියලක් හරි තමන්ට වාසි තැනකටනේ. ඒකට කාටවත් දොස් කියන්න පුළුවනෑ
අංක දහ නමය
අත්‍යාවශ්‍ය නොවන අත්‍යාවශ්‍ය ආහාරයක්. කිරිපිටි කොහොමද අපේ අයට නැතුවම බැරි උනේ කියලා මම නම් දන්නේ නැහැ. මටත් ඉස්සර පිටි කිරි වීදුරුවක් උදේට නැතුවම බැහැ. නැගිටපු ගමන් හොයන්නේ උදේ කිරි එක. ඒත් මන් දැන් පිටි කිරි බොප්න එක සම්පූරනයෙන්ම නවත්තලා තියෙන්නේ. එළකිරි හම්බ උනොත් විතරක් බොනවා නැත්නම් ඒකත් නැහැ.
පිටි කිරි බොන එක නැවැත්තුව නිසා මගේ ශරීරයටනම් කිසිම ආබාධයක් ඇතිඋනේ නැහැ. මම නම් හිතන්නේ මේ පිටි කිරි අත්‍යාවශ්‍ය ආහාරයක් කරන එක පිටි කිරි විකුනන සමාගම් විසින් ඇති කරපු මතයක්.
කාලයක් මෙලමයින් තියෙන්වා කියලා කතාවක් ආවා. දැන් ෆාම් ඔයිල් තියෙන්වා කියනවා ඉතින් ඇත්තටම පිටි කිරි වල මොන මොන විස දේවල් ශරීරයට අහිතකර දේවල් තියෙනවද කියල කවුද දන්නේ?
සමාගම්වලට කැමති කැමති විදිහට ගනන නග්ගන්න දුන්නනම් අපේ අය පිටි කිරි බොන එක නිකම්ම නැවතිලා
අංක දහ අට
ඔන්න බ්ලොග් මැරතන් එකේ දෙවෙනි දවසත් උදා උනා. මම නම් නිඳකුත් දාල නැගිට්ට විතරයි. තවමත් අපේ සහෝදරවරු දුවන බවක් තමා පේන්නේ. ඉතින් උදේ පාන්දරම දුවන හැමෝටම මන් ගානේ වතුර පාරක්.
දුවන්න මල්ලිලා හයියෙන් දුවන්න....
චියර්ස්ස්ස්....!!!!
අංක දාහත
දැනට මම නවතිනවා ආයි හෙට උදේට ලියන්න හිතාගෙන ඉන්නවා. අද දවල් තමා මන් හිතුවේ මැරතන් දුවන්වා කියලා. ඉතින් මේ මදෑ ලිව්වා. ආයි හෙට ලියන්වා.
අනික් දුවන හැමෝටම සුභ පතුම්
කමෙන්ට් වතුර ගහපු අයටත් ටැන්කියූයූ...!!!
අංක දාසය
හැන්දෑවට බාර් එකක් ගාවින් යනකොට අපේ රටේ මිනිස්සු බොන හැටි බලා ගන්න පුළුවන්. කාලෙ බෝතලයක් අරන් ගිහින් පෝලිමේ ඉඳන් බාර් එකෙන් එකට අරක්කු පුරෝ ගන්නවා, ඊට පස්සේ ඇවිත් කළුවර තැනකට වෙල ඒක කටේ හලාගෙන මූනත් ඇඹුල් කරගෙන කෙල ගහලා යන්වා යන්න වෙන කෙනෙකුට හිස් බෝතලේ දීලා
මමනම් බීම කියන්නේ ඕකට නෙමෙයි. ඔය මත්පැන් හැම එකකටම රසක් තියෙන්වා ඒක නිදහසේ විඳ විඳ බොන එකට තමා මන් කැමති. විවිධ මත්පැන් වලට විවිධ ජාති මිශකරලා එවායේ රසය වෙනස් කරලා තමයි වෙන රටවල නම් මිනිස්සු මත්පැන් බොන්නේ
අරක්කු වලට නැති උනාට වෙනත් ජාති වලටනම් Cocktail recipes තියෙන්වා. ඒවාට මිනිස්සු විවිධ නම් පවා භාවිතා කරනවා. අපේ රටේ අය තාම අමුවෙන් ගල් ගහනවා
අංක පහලොව
ඉස්සර බස් එකේ ගිය මම දැන් ගමන් බිමන් යන්නේ මෝටර් බයිසිකලයේ. මම නම් ඒකේ කිසිම හොඳක් දකින්නේ නැහැ මොකෝ දැන් දැන් පොඩි දුරක්වත් පයින් යන්නේ නැතුව මම පෙට්‍රල් පුච්චගෙන මෝටර් බයිසිකලයේ ගමන් යන්න පුරුදු වෙලා. එක මගේ සාක්කුවටනම් එච්චර හොඳක් කරන්නේ නැහැ.
ඉතින් ඔය මෝටර් බයිසිකලේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙන්වා. මන් මේ කියන්න හදන්නේ ඉස්සරහට කවුරුහරි ඒක නවීකරනය කරන්න හිතාගෙන ඉන්නවනම් මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න.
මෝටර් බයිසිකලේ තියෙන ප්‍රධානම අඩු පාඩුව තමා වහලයක් නැති එක. වහින වෙලාවට ඉතින් දෙයියන්ගෙම පිහිටයි . අහසින් වහින වතුර මදිවට පාරෙ තියෙන වතුරත් අනික් වාහන වලින් අපේ ඇඟටම ගහලා යනවා.
දෙවෙනි එක තමා එකපාරට නවත්ත ගන්න තියෙන අපහසුව. මේක අනික් වාහන වල තිබ්බත් ඊට වඩා මේකී තියෙන්වා ඒක අපේ ජීවිත වලට ලොකු අවදානමක්.
තුන්වෙනි එක තමා මේකෙ බඩු භාණ්ඩ ටිකක් වැඩිපුර ගෙනයෑමේ අපහසුව.
මේවත් සම්පූරන උනානම් මෝටර් බයිසිකලේ කියන්නේ එළ වාහනයක්
අංක දාහතර
හිතේ තිබ්බ ගොඩක් දෙවල් දැන් ලියලා ඉවරයි ඒක නිසා දැන්නම් මට ලියන්න දෙයක් ගැන හිතා ගන්නත් අමාරුයි.
දැන්නම් ලාවට බියර් තිබහක් ඇති වේගන එනවා. මොනා කරන්නද දන් බාර් වහලනේ. කලින් බඩු ලෑස්ති කරගත්තෙත් නැහැ.
අවා පොඩි අදහසක් ඒක ගැන ඊලඟ ලිපිය ලියන්වා. එහෙනම් තව ටිකකින් ඒක බලන්න
අංක දහතුන
ගොඩක් දෙනෙක් කැමති නැති කෑමක්, විසේසයෙන් කාන්තා පාර්ශ්වේ අය චුයින්ගම් කන්න කමති උනාට බුලත්විට නම් පෙන්නන්න බැහැ. මේකට ගොඩක්ම හේතුව තමා බුලත් කාල හැම තැනම කෙල ගහන එක.
මම හැදුන ගොඩක් ගෙවල්වල ඉස්තෝප්පුවේ වරදින්නේ නැති දෙයක් තමා බුලත් හෙප්පුව. ගෙට ගොඩවෙන ඕනෑම කෙනෙක්ගෙන් අහන්නේ විටක් කමුද කියන එක තමා. පොඩි කාලෙනම් පොඩි තහනමක් තිබ්බත් දැන්නම් එහෙම එකක් නැහැ. අදවගේ නිදි මරන්න තියෙන දවසක ඒකට කියාපු දෙයක් තමා බුලත් විටක් කියන්නේ. මල ගෙවල් වල නිදිමරන අයට නියම අවුසදයක් විටක් කන එක.
හුණු සහ දුංකල කන එක සරීරයට අහිතකර උනත් බුලත් සහ පුවක් සමග අනික් කලමනා විටට ගැනීම අහිතකරයි කියලා මම නම් හිතන්නේ නැහැ.
මේකත් කියවලා බලන්න
ඔය කවුරු අකමැති උන අපේ ව්‍යත්සයින් (නම හරිද මන්දා ) නුත් මේකෙ ගුණ ගැන කියලා තියෙන්වා