මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ගිය සතියේ ලක්බිමේ මානිගේ තීරුවෙ මෙහෙම කතාවක් තිබ්බා. දියුණු වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමා යූ. එන්. පී. එකේ ඉඳලා ආණ්ඩුවට එකතු වෙන එක කියලා ඉතින් දැන් ආණ්ඩුවෙ ඉන්න කෙනෙකුට ඒක කරන්න නම් ගිහින් ආපහු ආණ්ඩුවට එකතු වෙන්න වෙනවා.

අපේ සමහර කාර්යාලත් ඒ වගේ තමා. ඉන්න අයට හොඳට සකලන්නේ නැහැ හැබැයි අළුතින් එන අය උඩින් පිළිගන්නවා ඒත් ගොඩක් වෙලාවට වැඩියෙන් වැඩ කරන්නේ නම් අර පරණ හිටපු අයම තමා.

පහුගිය දවසක අහන්න ලැබුනා අපේ රට ජපානේ වගේ දියුණු නොවෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සු රස්සාවල් මාරු කරන එක නිසා කියලා. කතාව නම් ටිකක් ඇත්ත. තැන් තැන් වලට යනකොට වැඩිය වගකීමකින් හිතන්නේ නැහැ වැඩේ අටෝන එක තමා කරන්නේ ඒත් ගොඩ දෙනෙක් මේක කරන්නේ (මාත් ඇතුළුව ) හරි හමන් සැලකීමක් පාලකයන්ගෙන් නොලැබෙන නිසා. අපි කොම්පැණි ගැන හිතුවත් උන් අපි ගැන හිතන්නේ නැහැනේ. අනික කොම්පැණි කාරයෝ නම් කීයටවත් රට ගැන හිතන්නේ නැහැ. උන් කොහොමත් හිතන්නේ ලැබෙන ලාබේ ගැන විතරයි රට නෙමෙයි ලෝකෙටම හෙන ගැහුවත් උන්ට වැඩක් නැහැ. ජපානේ තත්වෙ ගැන නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙ අයත් ජපන් යන්න පොරකන්නේ එහෙ සමාගම් සමහර විට මෙහෙට වඩා හොඳට වැඩකරන මිනිසුන්ට සලකනවත් ඇති.

පහුගිය දවසක මන් වැඩකරන සේවාදායකයෙක් කියනවා ඔයාගේ වැඩේ ලස්සනට ඉදිරිපත් කලොත් ඒකේ වාසිය ඔයාට කියලා. ඒකනම් ඇත්ත. මන් කරන්නේ Web Development ඉතින් එක Design එක ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒත් අපි කොච්චර හොඳට Development එක කලත් පාවිච්චි කරන කෙනාට පෙන්නේ Design එකනේ ඉතින් ඒක කැතනම් අපේ වැඩෙත් වැඩි වටිනාකමක් නැහැ.

IT Field එකේ විතරක් නෙමෙයි ඕනෑම Field එකක වැඩකරන හැමෝටම තමන්ගේ තැන රැක ගන්න නම හැමදාම අළුත් වෙන්න වෙනවා. මොකෝ අද දේ නෙමෙයි හෙට. කොච්චර අවුරුදු ගානක් අත්දැකීම් තිබ්බත් වැඩක් නැහැ අළුත් දේවල් ගැන දන්නේ නැත්නම්.

මන් හිතන්නේ අනික් ඒවටත් වඩා IT Field එකේ ඒ තත්වේ වැඩියි . ඉතින් අළුතෙන් මේකට එන්න හිතාගෙන ඉන්නවනම් හරි මේකෙ දැනටමත් නාන මන් වගේ කෙනෙක් හරි නම් අළුත් දේවල් ගැන හිතන්න නැත්නම් ඉතින් අනාගතේ අනතුරේ.

විසි අට
වෙනදා වගේ ඉරිදා පත්තර ටික සෙනසුරාදා (අද ) ආව. (පත්තර බෙදන කෙනා ගෙනාව නැතුව පත්තර ඇවිදන් අවේ නැහැ )ඉස්සරනම් ඉරිදා පත්තර තිබ්බේ රුපියල් 25 ට දැන් 40,50 ඒ මදිවට පිටුත් අඩුවෙලා. ඉස්සර සිළුමිනක් ගත්තම මාසයක් බත් ඔතන්න ඇති දැන් සතියකත් මදි වගේ.(ආණ්ඩුවේ පත්තරේ මිනිස්සු වැඩිපුරම ගන්නේ කොල ගොඩක් තියෙන නිසා මිසක් බලන්න දෙවල් ගොඩක් තියෙන නිසා නම් නෙමෙයි ).

දැන් දැන් පත්තර සේරම එක වගේ මෙලෝ දෙයක් නැහැ බලන්න. මේ දවස් වල බස්නාහිර ඡන්දේ නිසා බාගයක්ම තියෙන්නේ එයලගෙ දැන්වීම් .

මේ මිනිස්සු පත්තරවල දැන්වීම් දාන්න වියදම් කරන සල්ලි වලින් ලේසියෙනම තිබ්බ ඉස්කෝලයක් හදලා දෙන්න. දැන්වීම් දානවා ඉස්කෝල හදනවා කියලා කරන්නේ නම් නැහැ. දැන්වීමට තමන්ගේ සල්ලි වියදම් කලාට හදන්න සතපහක් වියදම් කරන්නේ නැහැ සේරම ආණ්ඩුවෙන් දෙනකම්ම ඉන්නවා. අනේ මුන්ටනේ අපි 25 ගිහින් කතිරේ ගහලා එන්නේ.

කවුරු පත් උනත් මම අයිතිවෙන බස්නාහිර පළාත්සභාව තියෙන තත්වෙට වඩා වෙනසක් වෙන්නේ නැහැ කියලා මන් නම් හොඳටම දන්නවා. ඒත් මේ ඡන්දේට අපේක්ෂකයෝ වියදම කරන විදිහ දැක්කම පුදුම හිතෙනවා.

පළාත්සභාව කියන්නේ එච්චර වියදම්කරලා යන්න තරම් වටින කියන තැනක්ද මන්දා. කොහේද මන්දා තිබ්බ එක අපේක්ෂකයෙක් ඡන්දෙට මිලියන 150 ක් වියදම් කරනවා ඒත් පළත්සභාවෙ සෞඛ්‍ය අමාත්‍යන්ශෙට අවුරුදු 4ට වෙනක් කරන්නේ මිලියන 80ක් කියලා.

මේ තනතුරු 102 ට ප්‍රධාන පක්ෂ දෙකෙන් අඩුම ගානෙ 200 දෙනෙක් වත් ඉල්ලන්වා මේ එක්කෙනෙක් අඩුම ගානෙ රුපියල් මිලියනයක් වත් වියදම් කරනවා එතකොට ඡන්දේට මිලියන 200ක් වියදම් කරන අය පත් නාම මිනිස්සු වෙනුවෙන් නම් සතපහක් වියදම්කරන්නේ නැහැ .

මම උදේ හවස යන පාරේ ඉස්සර තිබ්බ මාලු කඩ, ලී මඩු, තෙල් මොල්, අතෑරපු සිල්ලර බඩු කඩ, ලී මෝල්, ගරා වැටුණු නිවාස වගේ සේරම මේ වෙනකොට මැතිවරණ කාර්යාල වෙලා. සේරම ඉතින් ආණ්ඩු පක්ෂේ. මේ මිනිස්සු නිකම්ම මේවා හදන්න දෙන්නේ නැහනේ ඡන්දෙන් පස්සෙ මොකක් හරි වැඩක් කරගන්න බලාගෙන තමා සේරම දිනන අයට උදවු කරන්නේ ඉතින් මේ තියෙන කාර්යාල ගානෙ හැටියට ඡන්දෙන් පස්සෙ දිනන මිනිහට වෙන වැඩක් කරන්න වෙන එකක් නැහැ උදවු කරපු අයට සලකනවා ඇරෙන්න.

මොන පක්ෂේ උනත් කමක් නැහැ හන්දියේ බාර් එකට සංස්ථා අරක්කු විකුන්නන් බලපත්‍රයක් දෙනවානම් මන් එයාට ඡන්දේ දෙනවා.

ඇල්කොහොල් වලට ජයවේවා!!!!!

ගම්පහ ඉඳන් කොළඹ යනකොට කැළණි පලම අහුවෙල ටිකකින් වම් අත පැත්තෙන් දර්ශනය වෙනව ලෝකේ තියෙන දවස ගානේ උස වැඩිවෙන එකම කන්ද්. අනික් කඳු වල තියෙන ස්වභාවික කොල පැහැය වෙනුවට මේකෙ තියෙන්නෙ කලු පැහැයක්. විවිධ වූ පක්ෂීන් වෙනුවට කපුටන් පමනක් මෙහි දිස්වෙනව. මීදුමෙන් වැසුනේ නැතත් ඒ වෙනුවට කලු දුමෙන් කන්ද සමහර වෙලාවට වැසී යන්ව.
බ්ලූමැන්ඩල් කුණු කන්දත්, පොදු වැසිකිලියකුත් අපේ රටේ ඉන්න දේශපාලකයොත් යන තුනම දැක්කම අපේ හිතට එකම ආකාරයෙ හැඟීමක් ඇතිවෙන්නෙ අපේ අවාසනවටද රටේ අවාසන්නවටද මන්දා.
මේ කුණු කන්ද දැක්කමත් අපිට අප්‍රසන්න උනාට මේකෙ අයිතිකාරයටනම් මේක එක්තර විදිහට සුයිප් එකක් මොකෝ දවසකට මේක නිසා ඔහුට රුපියල් ලක්ෂ ගනනක් හම්බ වෙන නිසා. ඒක ලඟම ඉන්න අය ගොඩක් මේකෙ කුණු තෝරල ජීවත් වෙනව. දේශපලකය වගේම තමා. තමන් හම්බ කරගන්නවා, ලඟම ඉන්න අයට හම්බ කරලා දෙනවා හැබැයි ගඳ ගහනවා. මුළු පලාතම විනාශ කරනවා. පොදු වැසිකිලියත් මේ වගේම තමා. රටක් හදන්න ඉන්න දේශපාලකයො කුණු කන්දක්, වැසිකිලියක් වීම කොච්චර සුන්දරද?

Bloggers.com - Meet Millions of Bloggers