මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කවි කඳුර කියන්නේ සුනේත්‍රා රාජකරුණානායක ගේ අළුත්ම පොතක්. සරසවි ප්‍රකාශකයෝ තමයි කරලා තියෙන්නේ. මිල රුපියල් 450/=


සුනේත්‍රා මන් කැමතිම ලේඛකාවියක්, එයා ලියපු පොත් ගොඩක් මන් ගාවා තියෙනවා. මේ පොතට නම් මන් ගොඩක් ම කැමති එකේ තියෙන අමුතු බස් වහර නිසා. වෙලාවකට ඒක කියවන එක අමාරු උනත් ගොඩක් වෙලාවට ඒක හරිම රසවත්.

පොතේ ආරම්භය වර්තමාන කාලේ තියෙන්නේ ඒ හරියෙදි නම් හිතෙනවා දැනට ජීවත් වෙලා ඉන්න ප්‍රසිද්ධ දේශපාලන චරිතත් ඉන්නවදෝ කියලා ඒත් මුල් කතාව ඇතුලේ තවත් කතාවක් යන්නේ ඒක තනිකරම රජකාලේ කතාවක්. සුනේත්‍රාගේ කතා පොත් ගොඩක එක කතාවක් ඇතුලේ තව කතා ගොඩක් කියනවා. පොත නවකතාවක් උනාට වෙන වෙනම පරිච්ඡේද ලියන්නේ වෙන වෙනම චරිත. එහෙම පොත් ටිකක් අඩුයි

මේ ඇරුනම සුනේත්‍රා ඉරිදා දිවයින සියපත අතිරේකයට ලියපු ලිපි පෙලක් කර්ම අත්පොත කියලා පිට වෙලා තියෙනවා. ඒක නම් කතා පොතක් නෙමෙයි.

කවි කඳුර පොතේ හැන්දින්වීම්

කවි කඳුර මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. කවිකඳුර පොතේ හැන්දින්වීම්නුවර යුගයේ කතන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය.වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බසද මුසු වනුයේ අදාළ චරිතවල පසුබිම අනුවය.

වර්තමානයෙන් නුවර යුගයටත් නුවර යුගයෙන් 1900 වසර ආරම්භය දක්වාත් දිවෙන කතාව යළිත් වර්තමානයට පතිත වනුයේ නැවුම් ආඛ්‍යායන ක්‍රමෝපායකිනි.

නුවර යුගයේ මෙන්ම වතමානයේ සංකීරණ දේශපාලන චිත්‍රය ද කවි කඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

නැති රටට ගිහින් නැති දේ ගේන්න කියල කිව්වොත් ඒ මොන මල විකාරයක්ද කියලා තමා එක පාරටම හිතෙන්නේ ඒත් ඒක ඒත් ඒක ලස්සන වසීලිස්සා පොතේ නීල කොබෙයියා කතාවේ අන්ද්රේ (අන්දරේ නෙමෙයි) ට දුෂ්ඨ රජා පවරපු රාජකාරියක්. 

ලස්සන වසීලිස්සා, රුසියානු සුරංගනා කතා පොතක්. මන් ඒක ගත්තේ මන් මට මතක හැටියට 1990 දි විතර ඒ කාලේ හොර ලෙඩ අරන් ඉස්කොලේ යන්නේ නැතුව ඉන්න හැමදාම වගේ ඔය පොත කියවන එක තමා කරන්නේ. කී සැරයක් කියවලා තියෙනවද දන්නේ නැහැ. ඊයේ පෙරේදා ආයි කියෙව්වා. ඒත හරිම ආසයි කියවන්න.

මේ පොතේ සේරම වගේ කතාවල එකම චරිත ටිකක් වගේ ඉන්නේ ඉවාන්, නපුරු රජවරු, දුප්පතා, පෝසතා, බාබායිගා යකින්න, කතා කරන සත්තු, මේ වගේ නොයෙක් විදිහේ මේ ලොකේ නැති ඒවා තමා තියෙන්නේ. වෙන සිදුවීම්නුත් ඒවගේ කවදාවත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි හැම කතාවකම තියෙන්නේ හොඳ අවසානයක්. දුෂ්ඨයා පරදිනවා වීරයා දිනනවා.

සුරංගනා කතා කියන්නේ නොවෙන සිදුවීම් උනත් ඒවා කියවන්න හරිම ආස හිතෙනවා. අපේ රටේ මිනිස්සු දේසපාලුවෝ කියන කතා වලටත් මෙච්චර කැමති ඒ නිසාද දන්නේ නැහැ. කවදාවත් කලේ නැතත් කියන ඒවාට ආසා නිසා කට ඇරගෙන ඒවා අහන් ඉන්නවද කොහෙද

මන් ගාව තියෙන්නේ රුසියානු රාදුගා ප්‍රකාශකයන්ගේ එකක් ඝන කවරය තියෙන. ලස්සන පිතූරත් තියෙනවා. මන් මේ ලඟදි මේ පොත් තියෙනවද බැලුවා පොත් කඩවල. ඒත් දැන් තියෙන එක එච්චර හොඳ මුද්‍රණයක් නෙමෙයි.

පොතේ එක කතාවක් මෙතන තියෙනවා.

මේ වගේ එකක් නම් මන් තාම දැකලා නැහැ ඒත් සිරසේ ගිය බුක් මාර්ක් කියන එක ටිකක් මේ වගේ කියලා මට හිතෙන්නේ. අජිත් ගලප්පත්තිගේ සහෘද සටහන් පොතේත් තියෙනවා මේ වගේ වැඩසටහනක් ගැන. ඉතින් මේ කෑම, බීම ගැන රූපවාහිනී වැඩසටහන නෙමෙයි පොත් ගැන එකක්. කාවද ගන්නේ ඉදිරිපත් කරන්න. මේ දෙන්න කොහොමද? දුකා එක්ක එල්ජී.

වැඩසටහන පෙල ගැහෙන්න හිතුවේ මෙහෙමයි. පොතක් තෝර ගන්නවා ඒක ලියපු කෙනයි, එක පොත් කඩේකුයි , පාර අයිනේ තියෙන ලාබෙට පොත් විකුනන තැනකුයි, තෝරගත්ත පොත කියවපු අයයි, පොත ගැන කියන්න දෙතුන් දෙනෙකුයි, ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පුස්ථකාලෙකුයි.

මුලින්ම තෝරගත්ත පොතෙන් ටිකක් කියවලා ලියපු කෙනාගෙන් ඒ පොත ලිවීම ගැන අහනවා. ටිකකින් ඔය පොත් කඩේ පෙන්නනවා. ඊට පස්සේ ඒ පොත කියවපු සාමාන්‍ය රසික රසිකාවියෝ දෙතුන් දෙනෙක්ගේ අදහන් විමසනවා. ඔය අතරේ මුළු වැඩසටහන පුරාම කඩින් කඩ අර තෝරගත්ත පොත ලියපු කෙනාගේ කතාබහත් යනවා. ඔය අතරේ අර පාර අයිනේ පොත් තියෙන තැනක් පෙන්නලා ඒක අයිති කෙනා එක්කත් පොඩි කතාබහක් කරනවා. පොත කියවපු ටිකක දැන උගත් කෙනෙක්ගේ අදහසුත් ඔය අතරේ දානවා.

අවසාන හරියේ පුස්ථකාලෙටත් ගොඩ වැදිලා ඒකේ විස්තරයකුත් දානවා. අන්තිමටම වගේ යන්නේ. අළුතින් නිකුත් වෙච්ච පොත් ගැන, පොත් එළිදැක්වීමේ උත්සව, පොත් ප්‍රදර්ශන සහ පොත් වලට සම්බන්ද තවත් කටයුතු ගැන විස්තර.

අපේ රටේ පොත් ප්‍රදර්ශනයේදි ඇරෙන්න පොත් කියන්නේ එච්චර ජනප්‍රිය දෙයක් නොවන නිසා මන් හිතන්නේ නම් නැහැ මේ වගේ එකකට අනුග්‍රාහකයෝ හොයා ගන්න නම් ලේසි වෙයි කියලා.

බීම ඇරුනම මන් වැඩියෙන්ම කතාකරන්න කැමති මාතෘකාවනේ පොත් කියන්නේ. ඉතින් පොත් ගැන ටිකක් ලියන්න හිතුනා.

අපි කියවන පොත් වලින් සමහර පොත් තියෙනවා ආයි ආයි කියවන්න ආස හිතෙන ඒවා. සමහර ඒවා නම් සල්ලි දීල අර ගත්තත් එක පාරක්වත් කියවන්න හිතෙන්නේ නැහැ මගදිම එපා වෙනවා. මන් ගාවත් එහෙම කියවපු නැති පොත් තියෙනවා. ඒත් මන් මේ කියන්න හදන්නේ ආයි ආයි කියවපු පොත් ගැන.

පොඩිම කාලේ ආයි ආයි කියවපු කතා පොතක් තමා "ලස්සන වසීලිස්සා" මේක නම් පොඩිම කාලෙ නෙමෙයි දැන් උනත් ආපහු කියවන්න ආසා හිතෙන පොතක්. කීය වසරෙද කියලා මතක නැහැ ඒත් ඉස්කොලේ සිංහල පොතක තිබ්බ දොන් පීටර් පියතුමාගේ "වනගත ලමෝ" පොතේ කොටසක් ඒක නිසා ගත්ත "වනගත ලමෝ" පොතත් කීප සැරයක්ම කියෙව්වා. එතුමාගේම "ඩිංකි", "පාළු දූපත", "අමල්ගේ බල්ලා" එකපාරකට වඩා කියවලා තියෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ "මඩොල් දූවත්" මන් හිතන්නේ පස් හය පාරක් කියවලා ඇති. කුලසේන ෆොන්සේකා මහත්මයා ලියපු "තුන් යහළු වික්‍රමය", "කල්ලන් දූවේ මුතු කොල්ලය" සහ "සෝමපුර වීරයෝ", තව ලිව්වේ කවුද කියලා මතක නැති "නෙල්ලි කැලේ වීරයෝ", "කඩවර" වගේ පොතුත් එකපරකට වඩා කියවලා තියෙනවා.

කලින් කිව්වේ ඉස්කොලේ යන කාලේ වගේ දෙපාරක් කියවපු පොත් ගැන. ඊට පස්සේ කාලේ ගත්ත පොත්වලින් චිත්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පරිවර්ථනය කරපු "අරණට පෙම් බැඳි" දෙතුන් පාරක් කියෙව්වා. සුනේත්‍රා රාජකරුණානයකගේ "ප්‍රේම පුරාණය" දෙපාරකටත් වඩා බලන්න ඇති. සරත්චන්ද්‍රයන්ගේ "මළ ගිය ඇත්තෝ", "මළ උන්ගේ අවුරුදු දා" දිනෙෂ් කොළඹගේ ගේ "සුළඟ වගේ ඇවිදින්", චන්දරසිරි දොඩංගොඩගේ "මගේ සඳ ඔබ" එඩ්වඩ් මල්ලවාරච්චිගේ "චාතුර්යා 1 " එක පාරකට වඩා කියවපු තවත් පොත්. සමහර පොත් වල මුළු පොතම නැතුව පොඩි පොඩි කෑලි ආපහු කියවනවා. සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොඳ මීදුම් 1" පොතේ සමහර පිටු ආයි ආයි බැලුවා කියලා මට මතකයි

මෑත කාලේදි ගත්ත පොත් වලින් නම් දෙපාරක් කියවපු පොතක් නැති තරම්. මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව" ඇරෙන්න එහෙම දෙපාරක් කියවන්න ආස හිතෙන පොතක් ලඟදි නම් ගත්තේ නැහැ.

සේරම පොත් අතරින් මන් වැඩිම පාරක් කියවපු පොත තමා දිනේෂ් කොළඹගේ ගේ "සුලඟ වගේ ඇවිදින්" මේක නම් කීපාරක් කියෙව්වද මතක නැහැ.

එකපාරක් බැලුවට පස්සේ පොතක අවසානය ගැන තියෙන කුතුහලයනම් නැති වෙනවා ඒත් ආයි ආයි පොතක් බලන්නේ හිතෙන්නේ එහෙම ආයි ආයි කියවලත් ඒකෙන් අමුත් ගතියක් ලැබෙන නිසා කියලා මට නම් හිතෙන්නේ

පොත් වලට කැමති කට්ටිය අළුත් වැඩක් කරනව ඒකත් නිකන් ඉන්න වෙලාවක ගිහින් බලන්න.

අරක්කු
කිසිම සැලසුමක් නැහැ හදිස්සියෙම වගේ කට්ටිය එකතු වෙනවා. ඔන්න ඉතින් එක්කෙනා රුපියල් සීය දෙසීය දාල අමාරුවෙන් රුපියල් හත්සීයක් විතර එකතු කරලා ගේනවා අරක්කු බෝතලයක්. ඕක බොන්න යන්තමට ඇති වෙන්න සෝඩයි හපන්න ලාබෙට මොනා හරිත් අරන් ඇවිත් ඉන්න ගානෙන් බාගයකට ඇති වෙන්න කෝප්පත් හොයා ගන්නව ඉතින් එකම කෝප්පේ (ගොඩක් වෙලාවට ප්ලාස්ටික් ) මාරු කරකර බෝතලේට වග කියනවා. කෝප්පෙට ටිකක් දාලා යන්තම් සෝඩා දාලා බොන්නේ එක උගුරට. ඔය අතරේ යන කතා බහ හරිම විනෝදයි. කතා බහ සරලයි අනිකා මොනා හිතුවත් ඔහේ කියලා දානවා. අරක්කු බොන කොට නම් වින්දනේ උපරිමයි හපන එකෙන් අතේ ගෑවෙන ඒවා පිහදාන්නෙත් කඩදාසියක...

විස්කි
ඔන්න ඉතින් වෙනම සැලසුමක් හදලා කට්ටියට ආරාධනා කරනවා. පිරිසිදු වීදුරු කෝප්ප අයිස්, සෝඩා හපන්න සොසේජස්, ඩෙවල්, ඔම්ලට්. පිඟන් වලට දාලා ගන්නේ ගෑරුප්පුවෙන්.වැරදිලාවත් වීදුරුවක් එහෙම මාරු වෙන්න දෙන්නේ නැහැ. වීදුරුවට ටිකක් දාලා ඒ වගේ දෙගුනයක් සෝඩා දාලා අයිස් පුරෝලා බොන්නේ උගුර උගුර. කතා බහ බරපතලයි අනික් කෙන මොනා හිතයිද දන්නේ නැහැ කියලා කියන දේවල් කියන්නේ හරිම පරිස්සමින් (අරක්කු බීලා ගහගන්නත් විස්කි බීලා සාමෙන් ඉන්නෙත් මේ නිසා වෙන්න ඇති ). ඉඳුල් ටිකක් හරි අතේ ගෑවුනොත් පේපර් සවියට් එකකින් තමා පිහ දාන්නේ. ඇත්තටම මේලෝ රහක් නැහැ .....

මොන වින්දනයක් නැතත් විස්කියි අරක්කුයි එකට තියලා බොන්නේ මොනාද කියලා ඇහුවම නිතර බොන්න නොලැබෙන නිසා තියෙන පෙරේතකමට මාත් තෝර ගන්නේ ඉතින් විස්කි කියන එක තමා

මන් හිතන්නේ පළවෙනි වතාවට මන් පොත් ප්‍රදර්ශනේට නොගිහින් හිටියා.
ගන්න පොත් 4ක් 5ක් හිතේ තිබ්බ ඒත් ගනන් ගැන හොයලා බැළුවම නොගිහින් ඉන්න එක හොඳයි කියලා හිතුනා පොත් වල ගනනුත් අරක්කු වල ගනන් වගේ හැමදාම වැඩි වෙනවද කොහෙද???

කවුරු හරි ලිබර්ටි සිනමාහලේ තියෙන Love Aaj Kal ෆිල්ම් එක බැලුවද?
කොහොමද හොඳයිද?


පර්ල් එස්. බක් ගේ Hidden Flower කියන පොතේ සිංහල පරිවර්ථනය තමයි සකායි කියන්නේ. මේක පරිවර්ථනය කරලා තියෙන්නේ මගේ කැමතිම ලේඛිකාවක් වෙන සුනේත්‍රා රාජකරුණානායක. සුනේත්‍රාගේ පොත් ඕනේ එකක් මන් ගන්න නිසා මේ පොත ගත්ත මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි ගත්තේ නම්. 1992 දි ප්‍රථම මුද්‍රනයේදි පොත් 2 ක් හටියට තිබිලා දැන් 2006 තුන්වෙනි මුද්‍රන්යේදි එක පොතක් හැටියට තමා තියෙන්නේ.

මගක් කියවද්දිම බ්ලොග් එකේ දාන්න හිතුනේ මේකේ කතාව යන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ කාලේ ජපානයේ ජීවත් උන නම්බුකාර විදිහට ඉන්න හදන සාම්ප්‍රදායික ජපන් පවුලක යුවතියක් වන ජෝසු සකායි සහ ඒවගේම ඉන්න ඇමරිකානු පවුලක ජපානයේ සේවය කරන හමුදා නිලධාරියෙක් වෙන ඇලන් කෙනඩි අතර ඇතිවෙන ප්‍රේමය ගැන.

මේක කියවද්දි මට මතක් උනේ අපේ රටේ අනාත කඳවුරක ඉන්න වැදගත් දෙමළ පවුලක් අනාගතේ දවසක ගෙවල් වල පදිංචි උනාම එහෙම පවුලක ද්‍රවිඩ තරුණියක් සහ අපේ සිංහල හමුදා නිලධාරියෙක් අතර ප්‍රේමයක් ඇති උනොත් මේ වගේ වෙයිද කියලා.

යුද්ධෙන් දිනලා නිසා ඇමරිකානුවන් ජපන්නුන්ට සලකන්නේ පහත් විදිහට. යුද්ධෙන් පැරදුන නිසා ජපන්නු ඇමරිකානුවන් දිහා බලන්නේ වෛරයකින්. මේවා මේ විදිහටම නැතත් අපේ රටේත් අඩු වැඩි වශයෙන් නැත්තෙමත් නැහැ. (දැන් කට්ටිය කියයි ඒ යුද්ධෙයි මේ යුද්ධෙයි වෙනස් කියලා මටනම් කොහෙ උනත් යුද්ධේ යුද්ධෙම තමා). කොහෙදි හරි මන් දැක්ක ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදු වෙනවා කියලා කවුද කියලා තියෙනවා.

ගිය පාර පොත් ප්‍රදර්ශන්යෙදි ගත්තත් අද තමා කියවන්න පටන් ගත්තේ තාම පිටු 320 න් 153 කියෙව්වේ.

මිල නම් ටිකක් වැඩියි 390/= පොත් ප්‍රදර්ශනයෙදි ගත්ත නිසා මන් හිතන්නේ 20%ක විතර වට්ටමක් ලැබෙන්න ඇති.

මීට කලින් පොත් ගැන ලියල තියෙන්නේ මෙන්න මේ ටික සහ මේක විතරයි. දැන් පොඩ්ඩකට කලින් අපේ හොඳ දරුවා (ඌ තමා එහෙම කියාගන්නේ [සුදාරක] අනේ මන් නම් දන්නේ නැහැ ඕවායේ ඇත්ත නැත්ත.) එක්ක පොඩි චැට් එකක් දැම්ම පොත් ගැන සහ පොත් කියවීම ගැන ඉතින් බීම ගාවට මන් ආසම පොත් ගැන තව මොනා හරි ලියන්න කියලා හිතුනා.

දැන් දැන් අන්තර්ජාලෙත් සිංහල පොත් බාගන්න තියෙනවා වගේ ඒත් පොතක් පොතක් වගේම අතේ තියාගෙන කියවනවා තරම් ඒකේ ගතියක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා බාන පොත් කියවන්න ඒත් මටනම් මේකක මිල දරන්න බැහැ අනික ඒ සල්ලි වලිනුත් පොත්ම ගත්තම ඉවරයිනේ.

මම නම් පොත් කියවන්න කැමතිම ඇඳේ නිදාගෙන ඒ ඇරෙන්න කලාතුරකින් තමා වාහනයක යනකොට පොත් කියවන්නේ පොත කියවනකොට පොතේ කඩදාසි වලින් එන අමුතු සුවඳ විඳින්නත් කැමතියි. ඒකෙත් මාර ගතියක් තියෙනවා. අලුතෙන් පොත් ගෙනවාම ඉතින් ඉඹ ඉඹ ඉන්න එක තමා කරන්නේ(ඉඳලා හිටලා භූමිතෙල් ගඳ පොතුත් නැත්තේ නැහැ).

ඉතින් තව ටික දවසකින් සාහිත්‍ය මාසෙත් එන්වා, මේ පාර නම් එක පොතක් වත් ගන්න වෙයිද දන්නේ නැහැ ඒ තරමටම මගේ ආර්ථිකය අයහපත්. නිකන් ගිහින් බලලා එන්න බැහැ දැක්කොත් පොතක් ගන්නමයි හිතෙන්නේ.

කවුරු හරි මන් අසාම පොත මොකද්ද කියලා ඇහුවොත් ඒකට හරි උත්තරයක් දෙන්න බැහැ මොකො මන් ආස පොත් ගොඩක් තියෙන්වා. අනික එක එක කාලෙට ආස පොත් වෙනස් වෙනවනේ. කරුණාසේන ජයලත්, සුනේත්‍රා රාජකරුණානායක, චන්ද්‍රසිරි දොඩංගොඩ වගේ අයගේ පොත් වලට ටිකක් වැඩිපුර කැමතියි.පොඩි කාලෙනම් දොන් පීටර් පියතුමා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.බී ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ අයට තමා ගොඩක් කැමති උනේ.

පොත්වලට කොච්චර ආස උනත් දවසින් දවස ඉහල යන පොත් මිළ නම් අපිව පොත් වලින් ටික ටික ඈත් කරන එක නම් කරනවා. (හැබැයි බෝතලේ මිළ නම් අහස උසට ගියත් අපි ඈත් වෙන්නේ නැහැ ). ඒ ගැන නම් බළවත් කනගාටුව

ලිෂාන්ගෙත් ලිපියක් තිබ්බ.

දුකාත් පොත් ගැන ටිකක් ලියලා තිබ්බ මෙතන

ඉස්කෝලෙ 10 ,11 ඉන්නකොට බැලුවා අමුතුම පත්තර සඟරා ජාතියක්. දැන්නම් එවා බලන්නේ නැහැ. හැබැයි ඒ කාලෙනම් හොය හොයා තම බැලුවෙ. ඉස්සරනම් බොහොම අමාරුවෙන් හොයා ගත්තතෙ දැන් නම් තත්වෙ කොහොමද දන්නේ නැහැ. කාලයක් පිටකොටුවෙ බොහෝම ලේසියෙන් ගන්න තිබ්බා.

විජය පත්තරේ "මල් මාමා" සහ නවයුගයේ "පණ්ඬිතුමා" ඔය පත්තර අතරේ ඉඳලා හම්බ වෙච්ච අමතක නොවෙන චරිත.

පරිගනක වෙනුවෙන් තියෙන සඟරා වලින් මන් දන්නේ විජය පරිගනක ගැන විතරයි තව කීපයක් තියෙන බව අහලා තිබ්බත් කියවලා නම් නැහැ. ඉස්සර තිබ්බ කියලා ඉංග්‍රීසි එකක් ඒත් එක කලාප කිහිපයකින්ම නැවතුනා.

ගොඩක් වෙලාවට දිනපතා / සතිපතා පත්තර කියවන අයගේ දේශපාලන පක්ෂේ එයාලා කියවන පත්තරෙන් කියන්න පුළුවන්. හැම වෙලාවටම හරිගියේ නැතත් ගොඩක් වෙලාවට ඒක හරි.

ඉස්සරනම් පත්තර එච්චරම ගනන් නැහැ ඒත් දැන්නම් ටිකක් ගනන් වැඩි මේ හේතුව නිසාත් මිනිස්සු පත්තර ගන්න එක අඩු වෙලා ඇති දැන් ඉරිදා පත්තරයක් රුපියල් 40-50 ත් අතරත් දිනපතා පත්තරයක් රුපියල් 20කුත් වෙනවා. ඒ ඇරෙන්න අනික් පත්තර රුපියල් 20 සිට ඉහලට වගෙ තියෙන්නේ. සඟරානම් රුපියල් 50 සිට ඉහලට තියෙනවා

පත්තර සඟරා කොච්චර තිබ්බත් මේවායේ බලන්න දේවල්නම් මහ ගොඩක් නැහැ හරිම ටිකයි වැඩකට ඇති දේවල් තියෙන්නේ. ඇතටම කියනවානම් අපි ගෙවන මුදලට හරියන්න දෙයක් මේ එක පත්තරයකින්වත් සඟරාවකින්වත් හම්බ වෙනවද කියන එකනම් මන් දන්නේ නැහැ

පොඩි කාලෙ ඉඳලම මන් පත්තර සඟරා බලනවා. ඒකාලෙ මන් බැලුවෙ "බිංදු", "මිහිර","විජය" වෙන පොඩි අයගෙ පත්තර තිබ්බද කියලා මට මතක නැහැ. දැන් නම් පත්තර ලැල්ලක් ගාවට ගියොත් ඒක පිරෙන්න තියෙන්නෙ අර බබා මේ බබා කියල පොඩි අයට තියෙන පත්තරමනේ.

මට මතක ඇති කාලෙ ඉඳලම මට "මනහර", "මුතුහර", "රසවාහිනී", "නවයුගය" සඟරා කියෙව්ව. "රසවාහිනී" ඇරෙන්න අනික් එවා තාමත් තියෙනවා. ඒ අතිරින් නවයුගයනම් මන් තාමත් ගන්නවා. අනික් එව හම්බ උනොත් විතරයි බලන්නේ.

මට මතක පරණම දිනපතා / සතිපතා පත්තරේ "දවස". දන් නම් "දවස" නැහැ ඒත් වෙන දිනපතා / සතිපතා පත්තර තොගයක් තියෙනවනේ. ඒ අතින් දෙක තුනක් නිතර බලන්න හම්බ වෙනවා.

අපේ රටේ ගොඩක් සඟරා නම් "මංගල කළාපය" ට විතරක් සීමා වෙනවා. මොකො පලවෙන් එක එනවා ඊට පස්සෙ නැහැ. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගිය පත්තර ප්‍රමානයත් අති විශාලයි.

මේ පත්තර සඟාර අතරෙන් කවුරු හරි ඇහුවොත් මොකද්ද හොඳ කියලා කියන්න එකක්වත් නැහැ. ටිකක් හරි හොඳ කියන්න පුළුවන් නවයුගය සඟරාව, දිනපතා ලංකාදීප පත්තරේ සහ ඉරිදා ලක්බිම පත්තරේ . මේ ඇරුනම "Explore Sri Lanka" කියන ඉංග්‍රිසි සඟරවත් ටිකක් හොඳ තත්වයේ තියෙන්වා.

කෙටිකරපු දිග කතා, කුමාරි කියල විතරයි ලේඛිකාවගෙ නම තියෙන්න. මන් පොත් ප්‍රදර්ශන්යෙන් ගත්ත තවත් පොතක්. තාම බාගයයි කියෙවුවෙත් ඒත් හිත හොඳටෝම සසල උනා.තියෙන්නෙ උතුරු නැගෙනහිර ඉන්න මිනිස්සුන්ගෙ කතා. 88 , 89 ගැන මට යන්තම් මතක ඒ අවුරුදු දෙකේ දකුණේ මිනිස්සු හිටියෙ කොච්චර පීඩාවකින්ද. ජේ. වී. පී එකෙන් ගෙනියයිද ආමි එකෙන් ගෙනියයිද නැත්නම් වෙන කවුරු හරි ගෙනියයිද කියල මොකද කවුරු ගෙනිච්චත් ආපහු එන්නෙ නැති නිසා.දකුණේ මිනිස්සු අවුරුදු දෙකක් විඳපු දුක් දැන් උතුරෙ අය අවුරුදු 25ක් හරි ඊටත් වඩා කාලයක් විඳිනවා. හමුදාව, එල්.ටී.ටී.ඊ එක, කරුණා එහෙමත් නැත්නම් කවුරුත් දන්නැති අය ඇවිත් අරන් යන තරුණ ජීවිතවලට වෙන දෙයක් නැහැ. රටක සුළු ජාතියක් වීම එච්චර පීඩාවක් අවුරුදු 25ක් විඳින්න තරම් වැරැද්දක් උනේ කොහොමද? නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු අනාථ කඳවුරු වල ගාල් කරල ඒ අයට කරන නින්දාවට ඒ මිනිස්සු කොහොම මුහුණ දෙනවා ඇද්ද? මේ අයගැන කතාකරන අයට කොටි ලේබලේ ගැහුව කියල ඒ මිනිස්සුන්ට ඒකෙන් සැනසීමක් ලැබෙනව්ද? ඒකෙන් මේ ප්‍රශනේ විසඳෙනවද? නිදහසේ ජීවත් වෙන්න විතරක් ඉල්ලන මිනිස්සුන්ට අපෙන් ඒ දේ ලැබෙනවද

පොත් ප්‍රදරිශනයෙන් ගත්ත නීල් විජේරත්නගෙ කේරළ නළඟන කියවල ඉවර කලා. ඉන්දියාව ගැන තියෙන චාරික සටහන් පොතක්. කියවනකොටනම් ඉන්දියාවට ගිහින් ඒතැන් බලන්න හිතෙනව ඒත් තාම හරියට ලංකවෙ වත් ඇවිදල නැති නිසා ඉන්දියවෙ යන එකනම් හීනයක් විතරක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනව. හොඳ පොතක් පොඩි අවුලක් තියෙන්නෙ මේකෙ රචකයා හිතන්නෙ එයා පොරක් කියල එකනිසා සමාන්‍යා මිනිස්සු එක්ක ඉන්න්කොට ඉහලින් ඉන්න හදන්ව වගේ. මට අල්ල්නෙ නැහැ එහෙම මිනිස්සු. සුනේත්‍රා රාජකරුනාණායකගෙ පොත් වලත් ඉන්දියාවෙ චරිකා සටහන් ගැන තියෙනව ඒවනම් කියවනකොට බොක්කටම වදිනව මොකද එය හැමවෙලෙම හසිරෙන්නෙ සමාන්‍යා ගැහැණියක් විදිහට කොයි වෙලාවකවත් එය අනික් අයට වඩා උසස් කියල හිතන්නෙ නැහැ. එහෙම කියනකොට තම මගේ හිතට සමීප වෙන්නෙ චරිකා කරන කතා නායකයව.

ඊයෙ ගියා බණ්ඩාරණායක අණුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ් ශාලවෙ පටන් ගත්ත ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න. පළවෙනි දවස නිසාද කොහෙද වැඩිය සෙනඟ හිටියෙ නැහැ. මේ පාර පොත් නම් ටිකක් ගනන් වැඩි. වෙනදට වඩා ඉඩකඩ ඇතුව කඩවල් නම් දාල තියෙනව. එන අයගෙ වාහන එකක් වත් ඇතුලට ගන්න දෙන්නෙ නැහැ. ඒක නිසා වාහන වල යන අයට නම් කරදරයක් වෙනව එවා නවත්තන්න තැනක් හොයාගන්න එක. කැම බීම කඩත් වැඩිපුර තිබුන.

Bloggers.com - Meet Millions of Bloggers