අවුරුදු දෙක තුනක් රස්සාව කලාට පස්සේ මගේ වත්කම් බැළුවම වැඩිපුරම හම්බ කරලා තියෙන ජාතිය තමා පොත්.
කබඩ් දෙකතුනක් පිරෙන්න තියෙන පොත් කියවලා විතරක් නෙමෙයි ඒව අතපත ගාලත් මම ලබපු සතුටනම් කියලා වැඩක් නැහැ. දැනුමක් නම් ලබා ගත්තද මන්ද ඒත් මන් හිතන පතන විදිහට පොත්වලින් නම් මොකක් හරි බලපෑමක් වෙලා ඇති.
සමහර පොත් එක පාරකුත් සමහර පොත් දෙතුන් පාරකුත් සමහරක්වා උඩින් පල්ලෙන් කියවන්නත් හේතු උනේ නම් ඒ ඒ පොත මගේ හිතට අල්ලපු විදිහ. ඒත් කිසිම පොතක මට තියෙන වටිනාකම නම් පොත කොච්චර සවුත්තු උනත් අඩුනම් වෙලා නැහැ.
මන් ගාව වැඩිපුරම තියෙන්නේ නම් නවකතා සහ පරිවතන ඒ ඇරෙන්න විවිධ විෂය ගැන ලියැවුනු පොතුත් බොහොම ටිකක් තියෙනවා. සිංහල පොත් තමා වැඩිපුරම තියෙන්නේ ඉංග්‍රීසි පොත් නම් අතේ ඇඟිලි ගානටවත් නැති තරම්.
පොත්වලින් අපි ගන්න ප්‍රයොජනනම් හරිම අඩුයි මලලසේකර ශබ්දකෝෂයේ එකපිටුවක් එක දවසකට කියෙවුවනම් මේ වෙනකොට මුළු ශබ්දකෝෂයම දෙතුන්පාරක කියවන්න කල් ඒත් එකේන් මට කොච්චර ඉංග්‍රීසි දැනුමක් ලබාගන්න තිබ්බද ඒත් ඒක එහෙම වෙලානම් නැහැ.
පොත් සම්බඳව මට තියෙන අමිහිරිම අත්දැකීම තමා මන් සල්ලි දීල ගේන පොත් නිකන් අරන් යන නෑදෑයෝ සහ හිතවතුන් ආපහු ගෙනත් නොදෙන එක. එයාල පොත් ගෙනියන්නේ කියවන්නම නෙමෙයි දැක්කම ආසාවට ඒත් ආපහු ගෙනත් නම් දෙන්නේ නැහැ අපි ගිහින් ඉල්ලනකොට දකින්න හම්බවෙන්නේ කොහෙහරි දාල තියෙනවා ඒතකොට තමා එයලට මතක් වෙන්නේ එහෙම එකක් ඉල්ලන් ආවා කියලා ආයි අපිට කියන්වා තාම බැලුවේ නැහැ කියවලා ගෙනත් දෙන්නම් කියලා. නොදුන්නොත් එහෙම බනිනවා අරයා අඩුම ගානෙ පොතක්වත් දෙන්නේ නැහැ කියලා.
පොත් ගැන සිංහලෙන් තියෙන වෙබ් අඩවියක් මම නම් දැක්කේ මේක විතරයි අනික් එවා නම් පොත් විකුනන්න තියෙන වෙබ් අඩවි.
පොත් කියන්නේ මටනම් හරිම වටින දෙයක්
පොත්
Written by ම on Friday, May 22, 2009 at 8:07 PM
16
අදහස්
Categories:
අනං මනං,
මම
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

16 Responses to "පොත්"
May 22, 2009 9:37 PM #
මම නම් පොත් කියවන්නේ හරිම අඩුවෙන්. ඇත්තටම කියවන්නෙ නැති තරම්. අවුරුදුරුදු 5 - 6 කින් මම පොතක් කියවලත් නෑ, අරගෙනත් නෑ. හරිම නරක දෙයක්. වෙනස් වෙන්න ඕනේ...
May 22, 2009 10:07 PM #
පොත්ම ඕනේ නැහැ. අන්තර්ජාලෙ තියෙන ලිපි කියෙව්වහමත් දැනුම නම් ලැබෙනවා.
May 23, 2009 12:30 AM #
මම නම් වැඩියෙන් පොත් අරන් කියවන්නෙ පුස්ථකාලෙකින් අරගෙන.පරිවර්ථනය කරපු පොත් නම් කියවන්නෙම නැති තරම්.පරිවර්ථනය කරපු පොතක් කියවනවට වඩා නියම පොතම අරගෙන කියවන කොට තමා කථාවෙ නියම රසය දැනෙන්නෙ.
Taslima Nasrinගෙ පොත් වලට තමා වැඩියෙන්ම කැමති."Lajja" හා "French Lover" තමා මම ආසම පොත් දෙක.මම හිතන්නෙ ඔය පොත් දෙකම දැන් සිංහලට පරිවර්තනය කරල තියෙනව.පුලුවන්නම් හොයා ගෙන කියවන්න.
May 23, 2009 6:59 AM #
මම පරිවර්තන කියවන්නේ නියම පොත කියවන්න තරම් මගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමානවත් නැති නිසා. ලජ්ජා එකේ පරිවර්තනයනම් මන්ගාව තියෙනවා අනික නම් නැහැ.
May 23, 2009 9:36 PM #
ෙපාත් වලට අාදරය කරන කෙෙනක් ගැන අහන්න දකින්න ලැෙබන ඒකත් සංෙතා්ෂයක්.
පරණ කථාවක් අහල තිෙයනවා ෙපාතත්, ස්ත්‍රියත් සමානයි කියලා. ෙවන කෙෙනක්ෙග අතට ගිෙයාත් ගියාම තමයි.
අමාරුෙවන් හරි ඉංගිරීසි ෙපාතුත් කියවන්න පුරුදු වුනානම් වටිනවා. ඒකක් කඩ්ඩ දියණු ෙවනවා. අෙනක ෙවන රටවල කතුවරු නවකතා කලාෙවන් ෙකාච්චර ඉස්සරහද කියල දැනගන්න පුලුවන්.
May 23, 2009 10:01 PM #
ස්ත්‍රියක් නම් ආපහු නොලැබුනත් කමක් නැහැ පොත හම්බ වෙලා.
May 24, 2009 8:09 PM #
මගෙ ලගත් තියෙනව පොත් තොගයක්ම. අවුරුදු ගනන් පරන සමහර පොත් තියෙනව මම කියවලම නැ...
කීපයක් තියෙනව හැමදාම වගේ පට්ට ගහන...
සමහර පරන පොත් වල තියන්නෙ අමුතු සුවදක්..
@ චින්තක -
ඕක කියන්නෙ ජීවිතය ලස්සනයි නාට්ටියෙ 'දෙව්බස්'
ස්ත‍්රී රන්තන්
පුස්තක රත්නන්
පර හස්ත ගතන්
ගතන් ගතන්....
May 24, 2009 11:18 PM #
@ ගවේෂණ ,
මම අහල තිබුෙණ පරණ ශ්ෙලා්කයක් කියල.
පුස්ථකං ස්ත්‍රීරත්නං
පර හස්තං ගතං ගතං
May 25, 2009 9:45 AM #
අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මේකම පෝස්ට් එකම කොපි කරලා කමෙන්ට් එකට දාතැහැකි.. මං හිතන්නේ ඔයා ගාව මං ගාවට වඩා පොත් ඇති.. ඊට වැඩි වෙනසක් නෑ..
May 25, 2009 9:53 AM #
මම හිතන්නේ මන්ගාව ටිකක් වැඩිපුර පොත් ඇති මොකෝ මන් 5 වසරෙදිත් ඉස්කොලේ පොත් ප්‍රදර්ශන වලින් පොත් ගත්තා. ලස්සන වසීලිස්ස ගත්තේ 1990 විතර.
ඒකාලෙනම් කොහෙන්ද සල්ලි හම්බ උනෙ කියල මටනම් මතක නැහැ.
May 25, 2009 11:41 AM #
@ චින්තක
ඇත්තටම දැනන් හිටියෙ නැ ඔබ කියන කන්. මම හිතන් හිටියෙ ඒක ඒ නාට්යට හදා ගත්තු දෙබස් කැල්ලක් කියලයි..
දැනුවත් කිරීමට තුති. ;)
May 25, 2009 1:07 PM #
මමත් ගත්තා.. ගත්තා නෙවෙයි අරන් දුන්නා.. ඒත් ඒ දවස් වල අපි හිටියේ පොඩි ගෙදරක පොත් තියන්න වැඩි ඉඩක් තිබ්බේ නැහැ. ඉතිං මං ලොකු වෙන්න වෙන්න පොඩි කාලේ කියවන පොත් එක එක අයට දුන්නා.දැන් නම් ඉතිං මොනවා දුන්නත් මගේ පොතක් දෙනවා කියන එක ඇගෙන් ඇටයක් යනවා වගේ වැඩක්
May 25, 2009 1:26 PM #
මට හැමදාම මේ බ්ලොග් එකේ මොකක්හරි හොඳ මාතෘකාවක් වැටිලා තිබුනොත් මට අනිවාර්යයෙන්ම කියවන්න හම්‍බවෙන්නේ පරක්කුවෙලාමයි... මොකද මන්දා ඒ... අනිත්වා නරකයි කියනවා නෙවෙයි. පොත් කියන්නේ ඉතින් කොහොමත් හොඳ මාතෘකාවක් නෙව...
මම පොතක් පුස්තකාලෙකින් ඇරගෙන කියවනවාට වඩා කැමති අතින්ම සල්ලි දීලා ඇරගෙන පොතක් ළඟ තියාගෙන නිදහසේ කියවලා බලන්න. අනේ මන්දා ඒක පුරුද්දට ගිහිල්ලා. අර කිව්වා වගේ පොත් වලින් අපිට දැනුම විතරක් නෙවෙයි. අපිට විඳගන්න බැරි ජීවිත අත්දැකීම් අනිත් කිසිම මාධ්‍යයකට (උදා - චිත්‍රපටි) වඩා හොඳින් අපේ ජීවිතයට එකතු කරනවා. සමහර විට විඳපු ජීවිත අත්දැකීමක් තවත් තීව්‍ර කරන්න පොතකට පුලුවන්. ළඟදී කියවපු පොත් අතරින් අටවක පුත්තු තමයි සිරාම පොත :)
අර වෙන අය පොත ඇරගෙන ගිහිල්ලා නොදුන්නාම නම් මට ඌරුජුවල් නගිනවා! :D
May 25, 2009 5:18 PM #
ඔන්න බීමට අමතරව මගේ තවත් මාතෘකාවක් ගැන 'ම' ලියල..මමත් සාමාන්ය පෙළ ක‍්රන කාලෙ පොත් කඩෙන් අරන් බැලුව..ඒක ප‍්රම්පරාවෙන් එන දෙයක්ද කොහෙද..අපේ ගෙද‍්ර ඇදුම් අල්මාරි වලට වඩා පොත් අල්මාරි තියෙනව.. ?:) දැන් නම් මම පොත් කියවන්නෙ කොලඹ මහජන පුස්තකාලයට වෙලා තමයි.."ම" පුලුවන් නම් එතන සාමාජිකත්වය ගන්න..ඇත්තටම පාඩු නෑ..තියෙන පොත් ගොඩ දැක්කම එතන සිකියුරටි වීමත් වාසනාවක් කීයල හිතනව..
May 27, 2009 10:25 AM #
උබ කියන කතාවනම් පට්ට ඇත්ත බන් මටත් ඔය පොත් අදාරඅව හොදටම තියනවා ගන්නවා කියවනවා
තියන ලොකුද ගැටලුව තමා පොත් අරගන යන උන් අපහු ගෙනත් නොදෙන එක අනික මම පොත් දුන්න එවුන් මතකත් නැ මටනම් එපාවෙලා තියෙන්නේ ඔය දාන පාරමිතාව
(හික් හික් උබ හිස් බොතල් ඉතුරු කරලා නැද්ද බන්?)
May 27, 2009 10:28 AM #
අපෝ නැහැ එව දැක්කම දුක හිතෙනවනේ බන් අනේ මන් බීමට මේච්චර සල්ලි නාස්ති කරලා තියෙනවානේ කියලා
Post a Comment