වෙසක් බලන්න යමු

Written by ම on Monday, May 11, 2009 at 8:15 PM

මේ අවුරුද්දේ වෙසක් ඉවරනේ මන් නම් වෙසක් බලන්න ගියේ නැහැ ඒත් ඔය ලඟපාත පොඩ්ඩක් ඇවිද්දා විතරයි. ලබන අවුරුද්දේ වෙසක් බලන්න යන්න කියල හිතාගෙන ඉන්නේ ඒකට ඕනේ කරන දේවල් ලැයිස්තුවක් හැදුවා.

පැදගෙන යා හැකි ඕනෑම වාහනයක්
( License, Insurance, Number Plate නොමැති නම් වඩාත් සුදුසුය. වහලයක් නොමැති වීම විශේෂ සුදුසුකමකි)
යක්කුන්ගේ හෝ සතුන්ගේ මුහුණු සහිත සම්පූරන්යෙන්ම හිස ආවරනය වන වෙස් මුහුණු.
පපර බෑන්ඩ් කණ්ඩායමක් හෝ හොඳින් බෙර ගැසිය හැකි පුද්ගලයෙක්
පොලිසිය භාවිතා කරන ආකාරයේ විසිල් එකක්
හොඳින් හූ තැබිය හැකි පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙක්
(සියල්ලටම යා හැකි ලොරියක් හෝ අත් ට්‍රැක්ටරයක් තිබුනොත් හොඳය )

සහභාගීවන සියළු දෙනාට අදාල කාර්යයන් ඇති අතර ආරම්භයේ සිට අවසානය දක්වා සද්ද පුජාව පැවැත්විය යුතුය. දන්සල් ලඟ නැවැත්වූ විට සංග්‍රහ ඉවර වනතුරු වාහනයෙන් බැස පිස්සු වැටුනු සේ නැටිය යුතුය. පිරිමින් නොවන සියළුම් දෙනාට උසුළු විසුළු කලයුතු අතර වයස් බේදයක් නැත. සුද්ද සිංහල භාවිතයටද තහනමක් නොමැත. අපායට ඇසෙනසේ හයියෙන් හූ තැබීම තමන්ගේ ශ්‍රද්ධාව වැඩියෙන් පෙන්වීමේ මාර්ගයක් නිසා නිතර එය කල යුතුය. සියළුම දෙනා පසුබිමින් ඇසෙන බයිලා වාදනයේ තාලයට නැටිය යුතුය.

මේ විදිහට තම අපේ අය වෙසක් සමරන්නේ. පෝය දවසේ උදේට සිල් ගත්තත් රෑ උනාම වෙසක් බලන්න යන්නේ මේ විදිහටනේ. ඉතින් මෙහෙම යන අයට තමා දන්සැල් දාල නිකන් කන්න බොන්න දෙන්නේ.

හැබෑටම වෙසක් කියන්නේ මේ වගේ උත්සවයක්ද? ඒක සමරන්න ඕනේ මේ විදිහටද?

9 Responses to "වෙසක් බලන්න යමු"

Comment by deeps
May 11, 2009 9:11 PM #  

ඇයි තව අහල පහල ගෙවල් වල මල් පෝච්චි මාරු කරලා තියන්න පුලුවන් හයිය හත්තිය තියන මනුස්ස පරාන දෙක තුනක්

Comment by Thilina
May 11, 2009 9:30 PM #  

අන්තිමට කස්ටිය මගදිම සෙට් වෙලා, බෝතල් දෙක තුනකට වැඩේ දීල යන වාහනෙන්ම කවුරුහරි අහිංසකයෙක්ව ය‍ට කරනවා

Comment by
May 11, 2009 9:36 PM #  

හ්ම්ම්.....
මටනම් හැබෑවටම කලකිරුනා අපේ අය වෙසක් සමරන හැටි දැකලා

Comment by niroshinie
May 11, 2009 9:58 PM #  

අනික් අයට කරදරය වෙන්නැති විදියට තමන්ගෙ පාඩුවෙ තොරණක් දෙකක් බලලා දන්සැලකින් කාල බීල ගියා නං ඉවරයිනේ. මං පොඩි කාළෙ නං වෙසක් බලන්න යමු කියලා තාත්තට කරදර කරනව. දැන් නං මේ විකාර වැඩ නිසා එච්චර ආසාවක් නෑ.

Comment by ශාකුන්තල
May 12, 2009 7:52 AM #  

ගන්න ඕනම ආතල් එකක් අනුන්ට කරදරයක් නැතුව.

Comment by malee_msg
May 13, 2009 9:19 AM #  

අපෝ සෙනග! මට වෙසක් බැලිල්ල හරි යන්නේ නැහැ අප්පා!

Comment by
May 13, 2009 9:22 AM #  

හ්ම්ම්ම්
මටත් කොහොමත් සෙනඟ වැඩි තැන් අල්ලන්නේ නැහැ.

Comment by ජ-පෙ
May 13, 2009 9:28 AM #  

දන්සැල් ලඟ traffic එක කොහොමද? ඔය ගැන මගේ blog එකෙත් ටිකක් ලිව්වා.

Comment by
May 13, 2009 9:57 AM #  

ඒ ගැනනම් කියලා වැඩක් නැහැ පාරවල් පොඩි නිසා ට්‍රැෆික් නිකම්ම හැදෙනවා. ඒකෙන් වෙන්නේ කෝප්ප අරන් යනවා වාහන වල අය

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates