කියනකොට කිව්වට තමන් අනික් අයගෙන් අවවාද අනුශාසනා ලබන්න කැමතියි කියලා ගොඩක් අය තමන්ට අනික් අය අවවාද දෙනවට කැමති නැහැ හැමෝම කැමතියි තමන් කැමති විදිහට වැඩකරන්න. වෙලාවකට හිතෙනවා අපිට අවවාද දෙන කෙනාට වඩා අපි දන්නවා කියලා එහෙම නැත්නම් ඒ කෙනා කියන දේවල් වල මොනා හරි අඩු පාඩු පේන්වා.
ගොඩක් වෙලාවට අනික් අයට ගුරුහරුකම් දෙන අය තම්න් විඳපු අත්දැකීම් ඇසුරෙන් තමා අනික් අයට යමක් කියන්නේ ඉඳලා හිටලා කෙනෙක් අනික් මිනිහා දියුනුවෙයි කියලා බයට ඒයාව වට්ටන්න හිතාගෙන බොරුවට උපදෙස් දෙන වෙලාවලතුත් නැතුවම නෙමෙයි. ඒත් අපිට හිතවත්ම කෙනෙක් කියන දෙයක් නම් සැලකිල්ලට ගන්න එක තමන්ගේ අනාගතයටන යහපත් ආකාරයෙන් බලපානවා.
මට මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ ඒ කාලෙ මට අනික් අය දීපු අවවාද (අවවාදම නෙමෙයි නිකන් මෙහෙම කරන්න කියල කියපු කතා ) වැඩිය මාත් ගනන් ගත්තේ නැහැ ඒත් දැන් නම් තේරෙනවා ඒ කාලෙ ඉඳලා එහෙම කලානම් මේ දවස් වල ඒවායේ ප්‍රයොජන බුක්ති විඳින්න තිබ්බ කියලා.
කීය කීය හරි ඉතුරු කරන්න - එහෙම නොකල එකේ පාඩුව දැන් තමා දැනෙන්නේ, කට්ට කාගෙන රස්සාව කරන්න - ඒ විදිහට කලින් රස්සා කලානම් ඒත් මීට වඩා මගේ තත්වය යහපත් වෙන්න තිබ්බ, සල්ලි නාස්ති කරන්න එපා - දැන්නම් ඒකලෙ ගත්ත සමහර DVD එහෙම මෙලෝ වැඩක් නැහැ කියලා හිතෙනවා.
හැබැයි ඉතින් අරක්කු බෝතල් වල නම් අවවාද ගහලා නැහැ ඒත් ඉතින් ඔය සිගරට් පැකට්වල තියෙන අවවාද සිගරට් නොබොන අය ඇහුවට බොන අය කනකටවත් ගන්නවායෑ ඒක නිසා කොයි අවවාදෙත් මේවාට නම් අදාල නැහැ
අවවාද
Written by ම on Wednesday, May 27, 2009 at 9:19 PM
3
අදහස්
Categories:
අනං මනං
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

3 Responses to "අවවාද"
May 28, 2009 11:52 AM #
ඇත්තම කියනවා නම් මම කැමති නෑ කවුරුවත් මගේ ඔළුවට හැම වෙලේම අවවාද පුරවනවාට.. මම කැමතියි හැම දෙයක්ම මමම අත්දැකලා තේරුම් ගන්න.. හැබැයි ඉතිං අම්මලා උපදෙස් දෙනවෙලාවට අහගෙන ඉන්නම එපැයි.. ආදරේටනේ කියන්නේ.. ඒක නිසා අම්මයි තාත්තයි කියනදේට කං දෙනවා ඇරෙන්න අනිත් අය කියන දේවල් මම ඒ තරම් ගනන් ගන්නේ නැහැ.. හරි ගියත් වැරදුනත් මං මට ඕන විදියට ඉන්න ආසයි..
May 28, 2009 2:27 PM #
සමහර වෙලාවට අනිත් උන්ගේ අදහස් වැඩ කරනවා. සමහර වෙලාවට නෑ (බොහෝ විට). ජීවිතයේදි තමන්ගේ ක්‍රමයකට වැඩ කිරීම පහසුයි කියලයි මම හිතන්නේ. මගේ ක්‍රමයට වැඩ කරන්න ගිහිල්ලා මට තැන් කීපයකදි වැරදුනා. ඒ නිසා මගේ ජීවිතය දැන් වෙනම පැත්තකට හැරිලා. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. හික් හික්...
May 28, 2009 2:42 PM #
මේකනේ වැඩේ අපේ විදිහට ගිහින් හරිගියොත් හරි වැරදුනොත් එහෙම ඉතින් ඉඳලා හමාරයි. අනික් අය කියන්නේ අපි කියන දෙවල් අහන්නේ නැතුව ඕං කොලා කියලානේ
Post a Comment