මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපොස උසස් පෙළ ඉවර වෙලා කැම්පස් යන්න තරම් ලකුණු නැති කෙනෙකුට ලොකු පඩියකුත් එක්ක වැඩ අඩු රස්සවක් ලැබුනොත් ඒකට කැමති වෙන්නේ උඩින් හැබැයි මන් නම් ඒක දකින්නේ තමන් විසින් තමන්ගේ අනාගතයම නැතිකර දැමීමක් හැටියට. මොකද දන්නවද අත්දැකීම් අඩු කෙනෙක් වැඩිය වැඩක් ගන්නෙත් නැතුව තියාගෙන ඉන්න කොම්පැනියක් ටික කාලෙකින් බංකොලොත් වෙනවා ඊට පස්සෙ අපොස උසස් පෙළ විතරක් අධ්‍යාපන සුදුසුකම තියාගෙන කාලයක් වැඩ කලත් හරියට වැඩ කරල අත්දැකීම් නැති කෙනෙකුට වෙන රස්සාවක් හොයාගන්නත් අමාරුයි හොයා ගත්තත් අරවගේ ලොකු පඩියක් ලැබෙන්නෙත් නැහැ එතකොට එයට එහෙම වැඩ කරන්නත් බැහැ.

ඉතින් එහෙම කෙනෙක්ගේ අනාගතයම ඉවරයි. ඒක නිසා මමනම් කියන්නේ පළවෙනි රස්සව පඩි නැතත් හොඳ පුහුනුවක් ලැබෙන එකක් කරන්න ඕනේ. මම දැන් කරන්නේ මගේ කීවෙනි රස්සවද මන්දා ඒත් මන් මුලදිම කරපු ඒවායේ තිබ්බ දුෂ්කර ස්වභාවය නිසා මට ඒවා ඒපා උනා ඒක නිසාම මට හරියට පුහුණුවක් ලැබුනේ නැහැ. දැන් තාමා ඒකේ පාඩුව මට දැනෙනේ. දැන් මන් වයසට ගිහින් ඉතින් කාගෙන වැඩකරන්න හිතෙන්නේ නැහැ ටිකක් ලේසියෙන් වැඩකරන්න තමා කැමති ඉතින් එහෙම උනාම මගේන් උපරිම කාර්යක්ශමතාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම වැඩ කරන කෙනෙකුට වැඩකරන තැනිනුත් උපරිම සැලකිලි ලැබෙන්නේත් නැහැ.

අපේ වෘත්තීය ජීවිතේ පටන්ගන්නකොට හොඳ පුහුණුවක් ලැබුනොත් අපිට අනාගතේදි ඒකෙන් ලැබෙන වාසි බොහොමයි. හොඳට පිලිවෙලට වැඩකරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒක නිසා මන් මේ ඊලඟට වැඩ පටන්ගන්න හදන අයට කියන්නේ. මුලිනම කරන රැකියාවෙන තමන්ට ලැබෙන වැටුපට වඩා ලැබෙන පුහුණුව , අත්දැකීම් ගැන හිතන්න ඊලඟ රැකියාවෙන් වැටුප ඉබේටම ලැබෙයි එතකොට

7 අදහස්:

මම කරන ජොබ් කට්ට මේකයි, (දන්න කියන කෙනෙක්ගේ මාර්ගයෙන් සෙට් වුනු කටිටක්) සතියට දවස් දෙකක් සවරයක් අතපත ගානවා. බට් මට පඩියක් නම් නැත. ඉතිරි දටස්
3 ස‍වරේ වැඩි දුර ඉගෙන යොදා ගන්නවා. මට නම් එතනින් ලැබෙන්නේ අත්දැකීම + 2Mbps අන්තර්ජාල සමිබන්ධයක් පමණයි (වැඩ කරන වෙලාවට)

අපිට නම් තාම ජොබ්බෙකක් කරන්න තරම් වයසක් නෑ ඕං :D ඉතින් එහෙව් වයසක ඉන්න අපිට මේක නම් වටිනා බ්ලොග් ලිපියක්! :)

මේවා ගැන නම් හනේ අපොයි කථා කරලා වැඩක් නෑ!

මාත් පුස්තකාලෙක පොඩි ජොබ් කට්ටක් කලා. ඒ දවස් වල නම් පුදුම අමාරුවක් තිබ්බෙ පඩි නෑ කියලා. එත් දැන් තමා තෙරෙන්නේ ඒ අත් දකීම් වල වටිනාකම. ලියන්න ලියන්න අපිටත් ඔයාගේ අදහස් දැන ගන්න ආසායි

ඇත්ත කථාව.මමත් එලෙවල් කරලා ජොබකට සෙට්වුන මිනිහෙක්.මුලින්ම මම කරපු ජෝබ් එක මට සුදුසුද කියලා හිතුන එහෙම හිතිලා ඇඩුන අවස්ථා අනන්තයි.එත් දැන් එකේ සැප ගන්නවා.ඒ හින්දා ඒ දවස්වල කාපු කට්ට තාමත් හොදට මතකයි.
නිකන් කොහොමද බස් එකේ යන්න තියෙන රැපියල් 6න් සිගරට් එකක් ගහගෙන රෑ10ට 11 ටවිතර පයින් අදින කොට.දැන්නම් මතක් වෙනකොටත් කකුල් සටසට ගානවා.
ඇත්තටම ජෝබ් එකක් පල්ලෙහා තැනින්ම පටන් ගත්තම අපි ඉස්සරහට යනකොට පස්සෙන් ඉන්න එවුන්ට අපිට වෙට්ටු දාන්න අමාරැ වෙනවා..

අනේ මන්දා බන් මමත් කැමති අර කිවුවා වගේ නිකන් ඉන්න පුලුවන් ජොබකට තමයි කරුමෙට එහෙම එවා නැනේ

මොනවා උනත් උබ කියන කතාව මසුරන් වටිනවා බන්

අඩෝ සිරාවටම මමත් A/L ඉවර වෙලා කම්මැලිකමට ජොබ් එකක් කරන්න හිතුවෙ, ඒත් පෙර වාසනාවකටද කොහෙද කැම්පස් සිලෙක්ට් උනා, දැන් තමයි මේකෙ වටිනාකම තේරෙන්නෙ..

Bloggers.com - Meet Millions of Bloggers