මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මෙච්චර කාලෙකට මන් බීල තියෙන ජාති අතරින් මන් කැමතිම ජාතිය මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ආයි කතා දෙකක් නැතුව මම කියන්නේ මෙන්න මේක කියලා. ඒ තමයි Absolute වොඩ්කා වල තියෙන Mandarin රසැති වොඩ්කා එක.

දෙහිකෑල්ලක් සහ කොකාකෝලා සමග වීදුරුව පිරෙන්න අයිස් කැට දමා ගත් විට මේක නම් නියම බීමක්. 40% ඇල්කොහොල් අඩංගු වෙන නිසා 50ml Shot 3ක් විතර හොඳටම සෑහෙනවා.

මේකේ තියෙන අවාසනාවන්තම තත්වය තමා අධික මිල. කොහොමටවත් මේක තියෙන්නේ මට දරන්න පුළුවන් මිලක නෙමෙයි ඒක නිසා කාගෙන් හරි පිනට ලැබුනොත් මිසක් සල්ලි දීල අරන්නම් බොන්න වෙන්නේ නැහැ. ටිකක් හරි දරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ Duty Free එකෙන් ගත්තොත් විතරයි. ලංකාව තුල ගානනම් කතාකරලා වැඩක් නැහැ.

තාම නම් මට මීට වඩා රසවත් බීමක් හම්බ වෙලා නැහැ. Absolute වොඩ්කා වල විවිධ රස විශාල ප්‍රමානයක් තියෙනවා. තාම නම් මට රස බලන්න හම්බ වෙලා තියෙන්නේ දෙක තුනක් විතරයි අනාගතේදි තව දෙක තුනකවත් රස බලන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

පින්තූරය ලබාගත්තේ මෙතනින්

16 අදහස්:

මටත් ඕකක් ලැබුණා, ඒත් මං හැලුවානේ බොන්නේ නැති හින්දා! අපරාදේ ගම්පහ ඉන්න උඹටවත් ලාභේට විකුණන්න තිබ්බා (එහෙමවත් මං කරන්නේ නැති වෙයි!).

හැලුවා.............???????????????
අපොයි උඹ වගේ අපරාධකරයෙක්
ඊලඟ පාර මට දීපන් මචෝ, Duty Free ගානට මන් ගන්නම්.

පොලිසියේ අන්කල් මෙන්න මුන් දෙන්න හොර අරක්කු විකුනනවෝ

PS අලුත් theme එක ලස්සනයි.

මේවා කොහොමද අනේ හොර අරක්කු වෙන්නේ
මේවා ඉම්පෝටඩ් ඉම්පෝටඩ් බඩු

මටනම් හිතෙන්නේ අළුත් Theme එකේ අකුරු කියවන්න අමාරුයි වගේ කියලා

බදු ගෙවන්නේ නැතුව හොරාට විකුනනකොට හොර බඩු තමා. මගේ මොනිටර් එකේ නම් කලින් එකට වඩ මේ theme එකෙ අකුරු හොදට පේනවා.

මම ඕක බීල තියෙනව, ඕක නියම විදියට නොවෙයි ඔබ පානය කර ඇත්තේ.. මෙ‍හෙමයි ඕකට මරුම කොක්ටේල් විදියයි, passion or orange සමග මිශ්ර කර අයිස් කැට දමා පදමට ගත යුතුයි - මෙය මාගේ පුද්ගල අත්දැකීමකි,තනිකරම මිරින්ඩා සුවද මයි

මම හරියටම ඔය Cocktail ගැන නම් දන්නේ නැහැ අහු උන දෙයක් දානවා. මට ඒක නැගලා ගිය නිසා එහෙම දාගෙන තමා බ්ව්වේ.

මන් නම් හිතන්නේ අපි බොන විදිහ වැරදියි ඒක නිසා බීමේ නියම රස විඳින්න ලැබෙන්නේ නැහැ

@ම - ඒක අපි දැන ගත්තෙත් ඕක සාම්ප්රදායික ලෙස බොන්න ඔන්න මෙන්න තියල, මාතර පොල්හේන Reef Garden, එකේ දි.. ඒකෙ වැඩ කරන crew කෙනෙක්, මේ බෝතලය දැකල අපිට කිව්ව system එක. ඇත්තටම, එදා අපි මෙහි රස නොමරා රස වින්ද කියල කියන්න පුලුවන්...

උඹ හරි . one of the best.
Duty free ඒෙකන් ගන්න පුලුවන් local gin ඒකක් ගන්න ගානට අඩුෙවන්. තව තැන් කීපයක් තිෙයනවා Duty free ගානට වඩා රු 200ක් විතර වැඩිෙයන් ගන්න පුලුවන්. ෙම්ෙක ලියන ඒක හරි නැහැෙන්.

නුවන් හරි. ෙගාඩක් ෙවාඩ්කා වලට ඔෙරන්ජ් ජූස් හරියනවා. (natural නැත්නම් sunquick වුනත් කමක් නෑ) 1 ට 1ක් mix කරානම් මරු.අයිස් ටිකකුත් අවශ්‍යයි.

Vodka cocktail ගැන ෙම්ක කියවන්න.
http://www.drinksmixer.com/desc28.html
ෙම්කත් බලන්න.http://www.tastings.com/spirits/vodka.html

වැඩි වැඩියෙන් රස බැලීමට අවස්ථාව ලැබේවා..!

ඔච්ච‍්ර බොන්න එපා...

මේවායේ ලියන කියන තරම් නම් මන් බොන්නේ නැහැ

ඇත්තටම අරක්කු මොන රහද බන් ගොඩක් එවුන්ට ඔක සයනයිඩ් මොන රහද ඇහැවුවා වගේ

අරක්කු වල මට දැනෙන හැටියටනම් තියෙන්නේ. කටේ තියන්න බැරි තරම් තිත්තකුයි බඩ පපුව දාල යන තරම් සැරකුයි . ඒවා නැති වෙන්න තමා ඔය සෝඩා අයිස් එහෙම දාල බොන්නේ

එහෙනම් මොන මගුලටද බන් බොන්නේ අපරාදෙ සල්ලි

හරිහපන් රස්සාවක් කරන කාලෙක බොන්න බැරියැ...

Bloggers.com - Meet Millions of Bloggers