මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසින් තමාවම විවේචනය කිරීමක් තමා එහි තිබුනේ.

බ්ලොග් ලියන්න පටන් ගන්න සමහර බ්ලොග් කරුවන්ටත් මේක වෙනවද කියලා වෙලාවකට මට හිතෙනවා මුල් කාලයේ ඉතා රසවත් ලිපි ලියන බ්ලොග්කරුවන්ගේ ලිපි කාලයක් යනකොට මුල්කාලය තරන්ම හොඳ නොවීමට මේක හේතුවක් වෙන්න ඇති. කමෙන්ට් හරහා ඇත්තම තත්වයට වඩා ඉහලින් ඔසවා තබන බ්ලොග් කරුවන් පසුව ඔවුන්ගේ ලිපියට වඩා තමාව රැක ගැනීම කෙරෙහි අවදානය යොමු කරන්න පටන් ගන්නවා, එවිට වෙන්නේ ලිපිය අසාර්ථක නිර්මාණයක් බවට පත්වීම. කමෙන්ට් අඩුවීම හරහා මෙය නිර්ණය කරගන්න අමාරුයි මොකද දවසින් දවස බ්ලොග් ලියන්න අලුතින් පිරිසක් එකතුවෙන නිසා.

හිතන තරන්ම මේක ලේසි කටයුත්තක් නොවෙන්න පුළුවන්. බ්ලොග් ලිපියක් පලකලාට පසු ඒක කියවන අය තමන් ගැන මොනවා හිතයිද. මේක කොහොම තේරුම් ගනීද කියවන අය තරහා වෙයිද වගේ නොයෙක් දේවල් හිතන්න පටන් ගත්තාම ඇත්තටම අපේ අවධානය යොමු වෙන්නේ ලියමින් සිටින ලිපිය ගැන නෙමෙයි අපි ගැන. ලිපිය හරහා අපි අපේ තත්වය රැක ගන්න උත්සාහ කරනවා මිසක් ලිපියේ ගුණාත්මක භාවය වැඩි කිරීම කියන එක ගැන නෙමෙයි ඊට පස්සේ හිතන්නේ.

කමෙන්ට් කරන සෑම විටම අපි සැබෑ ආදහස් ප්‍රකාශ කරනවද? පහුගිය දවස් වල ෆේස් බුක් එකේ කවි ගැන විචාර කිරීම කියලා ගිය සංවාදයක බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුනේ ඔවුන් බොහෝ විට කවි වලට අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ මොකද ඒවා දැම්මහම ඒ ලියපු අය ඔවුන්ව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරනවා බැනලා පණිවිඩ එවනවා වැනි දේ නිසා. ඒක නිසා ඔවුන් ලයික් එකක් පමනක් දමා යනවා කියලා. කවි වලට නම් කිසියම් රාමුවක් තිබ්බට බ්ලොග් වලට එහෙම්මම කියන්න බැහැ නමුත් කවි හෝ බ්ලොග් හෝ වේවා ඒවායේ සැබෑතත්වයට වඩා වැඩි තත්වයක් තිබෙන බව පැවසීමෙන් ඇත්තටම වෙන්නේ ලියන කෙනාගේ හැකියාවන් තවත් දුර්වල වීම.

මම හිතන්නේ බ්ලොග් කියවන අයත් බ්ලොග් ලිපි ගැන සැබෑ අදහස් දක්වන්න පටන් ගත්තොත් අනාගතේ දැනට තියෙනවටත් වඩා හොඳ නිර්මානාත්මක දේවල් බ්ලොග් හරහා අපිට කියවන්න ලැබේවි.

ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. බලමුකෝ ඒකෙත් හැටි

සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :810/=
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:264/=
අලියා සෝඩා පොඩි බෝතලයයි:65/=
පොඩි කොකා කොලා එකයි:85/=
රටකජු ග්රෑම් 100:40/=
කඩල ග්රෑම් 100:40/=
බුලත් විටයි:10/=
ඔක්කොම:1314/=

2008 ඔක්තොම්බර් ඔය ටිකට ගිහින් තියෙන්නේ 1022
2009 මැයි මේ ටිකටම 1091 ගිහින්
මේ දවස් වල 1314ක් යනවා.

ඉතින් මේක කරන්න බැහැනේ අපි වියදම් අඩු කිරීමක් කලා

සංස්ථා ඕල්ඩ් නැතුව ගල් බොන්න පුරුදු උනා :730/=
සිගරට් 12ක් නැතුව 6ක් විතර ගත්තා :132/=
සෝඩා ලොකු බෝතලයයි :125/=
වඩේ 25 :50/=
මුළු වියදම :1037/=

සෙල්ලං නැහැ දැන් කාලා බීලා ඉන්න එකත්


පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පාට පොතක් කියලා හිතන් ගත්තට මොකද ඒක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් වගේ පොතක් ඒත් ඒ අහලකින්වත් තියන්න නම් බැහැ.

මේ පොතේ එක කතාවක් තියෙනවා ඒකේ ප්‍රධාන චරිතෙට ඉන්න විවාහක පිරිමියාගේ රැකියාව නැති වෙනවා, ඊට පස්සෙ අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට අනික් එයාගෙන් ණයට සල්ලි ගත්ත අයත් මග අරිනවා. ඒ මනුස්සයට සල්ලි ලැබෙන්න තියෙන වෙනත් ආදායම් මාර්ගත් අඩු වෙනවා. මේ මනුස්සයා කරන්නේ බිරිඳගේ රත්තරන් බඩු ටික උගස් කරලා අළුත් ඇඳුම් පැළඳුම්, ළමයට අලුත් බයිසිකලයක්  එහෙම අරගෙන ගෙදරත් තින්ත ගාලා අළුත් වැඩියා කරලා බොරු ප්‍රචාරයක් යවනවා දැන් මිනිහට කලින්ටත් වැඩිය සරුයි කියලා. ඒතකොට අර කලින් මගඇරපු යාළු මිත්‍රයෝ හිටන් ආයි ඇවිත් පරණ ණය මුදල් ලැබිලා අනික් ආදායම් මාර්ගත් හරි ගිහින් මිනිහගේ සියළු අග හිඟ කම් නැති වෙනවා.

මේක තමා ගොඩක් වෙලාවට වෙන්නේ බාහිර පෙනුමට රැවටිලා ණය ගනු දෙනු කලාට ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු සල්ලි තියෙන උදවිය වගේ පෙනී ඉන්න අය තමා අනික් අයගෙන් ගන්න සල්ලි වංචා කරන්නේ. වැඩිය සල්ලි නැතත් සාමාන්‍ය උදවිය එහෙම කරනවා සාපේක්ෂව අඩුයි

අපේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා ලඟදි රස්සාව නැති වෙලා, වෙන කිසිම ආදායම් මාර්ගයකුත් ඒ මනුස්සයට නැහැ. දවසක හදිස්සියේ එයා ඇවිත් රුපියල් 1000ක් ණයට ඉල්ලනවා. ලඟ තියෙන හංදියේ ඉන්න කඩේ මුදලාලි,  බස් එහෙමත් තියෙනවා චෙක් එකක සල්ලි හවස ලැබෙනවා ඒ ලැබුනම බේරන්නම් කියලා ණයට ලක්ෂයක් ඉල්ලනවා. මේ අවස්තා දෙකෙන් පළවෙනි කෙනාට අපි සල්ලි දෙන්නේ නැහැ මොකක් හරි කියලා මග අරිනවා නමුත් මුදලාලිට අතේ තියෙන රත්තරන් බඩුවක් හරි උගස් කරලා සල්ලි ගිහින් දෙනවා. මුදලාලිට සල්ලි දෙන්නේ හදිස්සියකදි උදව් කරයි කියලා හිතාගෙනත්. ඒත් අන්තිමේ අපිට මුදලාලිගෙන් උදව්ත් නැහැ දීපු සල්ලිත් නැහැ. ලොකු ලොකු සල්ලි කාරයෝ වගේ පෙනී හිටින අය තමා ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට පොලු තියන්නේ. අතේ මිටේ එහෙමට සල්ලි නැති උදවිය ඇත්තටම බැරිකමකට මිසක් කපටි කමට කාටවත් පොළු තියන්නේ නැහැ.

මම නම් සාමාන්‍යයෙන් ණය ගණු දෙනු කරනවා බොහෝම අඩුයි. කාගෙන් හරි ඉල්ල්ලාම නැති තරම්. මගෙන් කවුරු හරි ඉල්ලුවොත් අතේ සතේ නැහැ කියලා බේරෙනවා ඒ ඇරෙන්න මට උවමනා උනොත් අතට කීයක් හරි ලැබෙනකම් ඉවසගෙන ඉන්නවා මිසක් කාටවත් ණය වෙන්න නම් යන්නේ නැහැ.

ඉස්සර කිව්වේ ණයට දීමෙන් මිතුරත් මුදලත් නැති වේ කියලා ඒත් දැන් කියන්නේ ණයට දීමෙන් මුදලත් මිතුරාත් බිරිඳත් නැති වේ කියලා

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්.

උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව නැති උනොත් අර කියපු කෙනාම කියාවි එහෙනම් උඹම වෙන ජොබ් එකක් හොයා ගනින් කියලා වගේ. ගෙදර ප්‍රශ්නෙකදි ගෙදර කෙනාට "ඉන්න බැරිනම් යන්න කියපන්" වගේ උපදෙසක් දෙන කෙනෙක් ආපහු සමගි කරන්න ඒවිද නම් කියන්න බැහැ. අසල්වැසියන්ගේ ගැටළුවකදී ඔවුන්ට පාඩමක් උගන්නන්න කියන උදවිය හදිස්සියකදී අපිට උදව්වකට එන්නේ නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙනවා අපිට අවාසි වෙන වගේ තීරණ වලට පවා යාමට. ඒ වෙලාවට එහෙම අවාසියි වගේ හිතුනත් සමහර විට ඒ දේවල් දිගුකාලීනව අපිට වාසිදායක වෙන්නත් බැරිකමක් නැහැ.

මෙහෙම කියන්න හිතුනේ පහුගිය දවස්වල මගේ හිත්වතුන්ට සිද්ධ වෙච්ච සමහර සිතුවීම් සහ ඒවාට ඔවුන් ක්‍රියාත්මක උන ආකාරයත් වටේ ඉන්න අය ඒ ගැන කියන දේවලුත් නිසා. කෙලින්ම සිදුවීම් වලට සම්බන්ද අය පුළුවන් තරම් ඔවුන්ගේ අනාගත ආරක්ෂාවට කටයුතු කරත් එලියේ ඉන්න අය කියන්නේ ඊට වඩා සැර ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා. හැබැයි එහෙම කරලා පස්සේ ප්‍රශ්නයක් උනොත් වෙන්නේ මුල් පාර්ශවේට එහෙම නැතුව අර වටේ ඉන්න අයට නෙමෙයි ඒ වෙලාවට වටේ ඉඳන් උපදෙස් දීපු අය හොයන්නත් නැහැ. සමහර වෙලාවකට හිතෙනවා දක්වපු ප්‍රතිචාර වැඩක් නැහැ කියලත් ඒත් මේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවම වෙන කරන්න දෙයක් නැහැ.

මන් නම් හිතන්නේ අනික් අය "එහෙම කරපන්" "මෙහෙම කරපන්" කිව්වට නෙමෙයි අපි අපිට පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා මිසක් "මෙහම කරපන්" "එහෙම කරපන්" කියන අය කියන විදිහට කරන්න ගිහින "එහෙම උනාම" "මෙහෙම උනාම" ඔය කියපු අය නැහැ ඒකට මුහුණ දෙන්න වෙනෙන අපිට තනියම තමා.

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එකම කට්ටියක්. මේ අතර ඉන්නවා මිනිසුන් තුන් දෙනෙක්. ඉතාම හොඳින් මාත් එක්ක කතාබහ කලත් මේ තුන් දෙනාව මට පෙන්නන්න බැහැ ඒ ඔවුන්ගේ ඇති වැරැද්දක් නිසා නම් නෙමෙයි. ඔවුන් කිසිවෙක් මට කිසිම වැරැද්දක් කරලා තියෙන නිසාත් නෙමෙයි. එකම හේතුව ඔවුන් විසින් කරන් රස්සාව. මේ තුන් දෙනාම බ්‍රොකර්ලා.

බ්‍රෝකර්ලා කිව්වම අපි ගොඩක් දන්නේ වාහන බ්‍රොකර්ලා සහ ඉඩම් බ්‍රොකර්ලා. බ්‍රොකර්ලා බහුතරයක් ඉතින් කරන්නේ සාධාරණ විදිහට මුදල් ඉපයීම නෙමෙයිනේ ඒත් එහෙම නිසාවත් නෙමෙයි මට මේ අයව පේන්න බැරි . මේ උදවිය ගස් බ්‍රෝකර්ලා. මට පළවෙනි වතාවට තමා ඔය ගස් බ්‍රොකර්ලා පිරිසක් හම්බ උනේ මේ අයට කලින් මන් ඔහොම ගස් බ්‍රොකර්ලා දැකලා තිබුනේම නැහැ. මෙයාලගේ රස්සාව තමා අපි ඉන්න ප්‍රදේශයේ තියෙන හොඳට හැදුන ගස් කපන්න අය හොයලා දීම. මන් නම් දකින්නේ මේක මහා අපරාධයක් හැටියට. මොකද මෙයාලා කප්පවන්නේ පොඩි පොඩි ගස් නෙමෙයි සමහර විට ඔවුන්ගේ වයසටත් වඩා වැඩි කාලයක් මේ පොළව මත තිබුන ගස් තමා මේ අය හරහා ලී මඩු වලට යැවෙන්නේ.

ඇත්තටම ගස් වලට මොවුන් ලබාදන ලංසුව ඉතාම පහල මිලක් සමහර විට ඒ මුදලට එම දැව වර්ගයෙන් ලෑලි කිහිපයක් වත් මිලට ගන්න බැරිතරම් කුඩා අගයක්. එහෙම උනත් මේ අය ගස් විකිනීම් වලට සම්බන්ධ වෙනවා. මට හිතා ගන්න බැහැ මිනිස්සු ඇයි මෙච්චර අඩු ගානකට ගස් විකුනලා දාන්නේ ඇයි කියලා. ගෙදරකට කඩා වැටෙන්න පාරකට අවහිර වෙන්න වගේ හේතුවක් නිසා නොවෙන්න එහෙම ගස් කපන්න විකුන්න ඕනෙද කියලා වෙලාවකට හිතෙනවා.

ගස් විකුනලා ගන්න සල්ලි වලින් ගස් අයිතිකාරයෝ දවසක් දෙකක් ජීවත් වෙයි, ගහ විකුනන්න බ්‍රොකර් වැඩේ කරලා අතට එන කොමිස් මුදල මේ අයත් දවසක් දෙකක් වියදම් කරයි. ඒත් ඒ ගහ නැති වෙච්ච එක නිසා වෙන පාඩුව නම් ඒ විදිහට සල්ලි වලින් මනින්න පුළුවන්ද මන්දා.

මෙහෙම කිව්වට මාත් ලී ඕනේ කමට මටත් වඩා වයස ගස් කීපයක්ම බිම දාන්න දායක වෙච්ච කෙනෙක්.


පහුගිය දවසක සිරීපාදේ ගියා, හැමදාම මන් හිතාගෙන යන්නේ ආයි නම් සිරීපාදේ යන්නේ නැහැ කියලා මොකද සිරීපාදේ එක පාරක්වත් නොගිය එකාත් මෝඩයා එක පාරට වඩා ගිය එකාත් මෝඩයා කියන එක ඇත්ත කියලා මන් හිතන නිසා. මන් නම් දැනටමත් මෝඩයෙක් මොකද මන් දැන් 6,7 වතාවක් විතර සිරීපාදේ ගිහින් තියෙන නිසා.

රත්නපුර පාරෙන් නම් මට තාම සිරීපාදේ යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ පාරෙන් නම් ගිහින් බලන්නත් ආසයි. කුරුවිට පාරෙන් සහ හැටන් පාරෙන් තමා මන් සිරීපාදේ ගිහින් තියෙන්නේ. හැටන් පාර කුරුවිට පාරටත් වඩා ලේසියි සහ ලඟයී ඒත් කුරුවිට පාර හැටන් පාරට වඩා ලස්සනයි.

සිරීපාදේ ගමන කියන්නේ මිනිස්සුන්ව මිත්‍යා මතවලින් බය කරලා යන ගමනක්. ඒකෙන් ලොකුම වාසිය ගන්නේ මග දිගට ආශිර්වාද විකුනන චීවරධාරියෝ. උන් හැමොටම කියන්නේ එන්න පණ්ඩුරක් දාලා අශිර්වාද අරන් යන්න කියලා. සමන් දෙයියන්ගේ ආශිර්වාදයත් නිකන් නැහැ කීයක් හරි දෙන්න ඕනේ ඒක ගන්නත්.

කට වරද්ද ගන්න හොඳ නැහැ. සැලසුම් කරගෙන ගියාට ඒ වෙලාවට එන්න බැහැ වගේ කතා කියනවා. අපි වෙලාවක් හිතාගෙන ඒ වෙලාවට යන එන එක නම් කොහොමත් කරන්න බැහැ ඒකට හේතුව ඉන්න සෙනග ප්‍රමනය සහ හැමෝටම එකම වේගයකින් නගින්න බහින්න බැරි කම මිසක් වෙන අමුතු දෙයක් කියලා නම් මන් හිතන්නේ නැහැ. දවස් තුනේ නිවාඩු තියෙන සති අන්ත පෝය දවස් වගේ ඒවායේ සිරීපාදේ ගියොත් කොහොමත් සෙනග වැඩි නිසා හිතනවට වඩා කාලයක් යනවා.

සිරීපාදේ අවට නිතරම තියෙන වැහිබර කාලගුණයත් එක්ක පොලිතින් නම් නැතුව බැහැ ඒත් පොලිතින්වලින් වෙලා තියෙන පරිසර දූෂණය ගැන නම් කියලා නිම කරන්න බැහැ. පහල ඉඳන් මළුවටම යනකම් පාර දෙපැත්තේ පොලිතින් හැමතැනම. කට පරිස්සන් කරන් යනවට වඩා පරිසර විනාශය ගැන පොඩ්ඩක් කල්පනාවෙන් යනවනම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ

ඡායාරූපය සහ වැඩි විස්තර මෙතනින්

අපේ ඔය දන්න කියන කෙනෙක් සිරීපාදේ යන්න ගිහින් වෙච්ච අකරතැබ්බයක් ගැන මේකේ තියෙනවා

තවත් ලිපි කිහිපයක්

ගෝල්ඩ් fish සිරීපාදේ පීනපු හැටි… (හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා)

සිරිපා මතක

මේ පාරත් සිරීපාදේ යනවද? ~ උතුම් ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹෙයි......


හිමේ නැග්ම සහ පැරණි කථා...

අපේ සිරීපාද ගමන


මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා.

සමහර මළගෙවල් වල ඇතුලටවත් ගිහින් නැහැ ගිය ගමන් යනවා සෙට් වෙන්න ඊට පස්සේ ආපහු ගෙදර එනවා. මළගෙවල් විතරක් නෙමෙයි බණ දානේ උනත් දැන් කන්න විතරයි ඒ ගෙදරට යන්නේ අනික් වෙලාවට බෝතලයක් එක්ක තමා.

මම නම් මගුල් ගෙවල් වලට වඩා ජොලියක් ගන්නවා මළගෙවල් වලදි. මගුල් ගේ වරුවක් විතරයි ඒකත් ඇඳන් ඉන්න ඇඳුම නිසා ඉන්නේ හරිම අපහසුවෙන් මළගෙවල් ඊට වඩා හොඳයි. අනික ගොඩක් වෙලාවට මගුල් ගෙවල්වල ආවේ නැතත් මළගෙවල් වලට හැමෝම එනවා ඉතින් කාලෙකින් හම්බ වෙන නෑදෑ හිතමිතුරෝ එක්ක සතුටු වෙන්න හොඳම අවස්ථාව තමා මළගෙවල් කියන්නේ. අනික මගුල් ගෙයක් වගේ නෙමෙයි මළගේ අඩුම ගානේ එක රැයක් එළිවෙනකන් වත් තියෙනවා. ඉතින් නිදහසේ බොන්න පුළුවන්. කවුරුත් හොයන්නේත් නැහැ, හෙව්වත් කියන්න පුළුවන් කනත්තට ගියා, කොඩි දාන්න ගියා වගේ දාහක් බොරු.

මල ගෙදර ඉවර උනාම වටේ තියෙන හිස් බෝතල් ගානෙන් කට්ටිය කොච්චර බීලාද කියලා බලාගන්න පුළුවන් කියලා මන් කලින් හිතුවේ ඒත් නොම්බරේ තමා කිව්වේ මූඩි ගානෙන් කියලා මොකද ගල් බෝතල් එම්ටි ආපහු දීලා බෝතල් ගේන නිසා.

අපේ නොම්බරේත් ලියලා තිබ්බා මළගෙවල් වල බොන එක ගැන

ඡායාරූපය මෙතනින්

Bloggers.com - Meet Millions of Bloggers