මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා.

සමහර මළගෙවල් වල ඇතුලටවත් ගිහින් නැහැ ගිය ගමන් යනවා සෙට් වෙන්න ඊට පස්සේ ආපහු ගෙදර එනවා. මළගෙවල් විතරක් නෙමෙයි බණ දානේ උනත් දැන් කන්න විතරයි ඒ ගෙදරට යන්නේ අනික් වෙලාවට බෝතලයක් එක්ක තමා.

මම නම් මගුල් ගෙවල් වලට වඩා ජොලියක් ගන්නවා මළගෙවල් වලදි. මගුල් ගේ වරුවක් විතරයි ඒකත් ඇඳන් ඉන්න ඇඳුම නිසා ඉන්නේ හරිම අපහසුවෙන් මළගෙවල් ඊට වඩා හොඳයි. අනික ගොඩක් වෙලාවට මගුල් ගෙවල්වල ආවේ නැතත් මළගෙවල් වලට හැමෝම එනවා ඉතින් කාලෙකින් හම්බ වෙන නෑදෑ හිතමිතුරෝ එක්ක සතුටු වෙන්න හොඳම අවස්ථාව තමා මළගෙවල් කියන්නේ. අනික මගුල් ගෙයක් වගේ නෙමෙයි මළගේ අඩුම ගානේ එක රැයක් එළිවෙනකන් වත් තියෙනවා. ඉතින් නිදහසේ බොන්න පුළුවන්. කවුරුත් හොයන්නේත් නැහැ, හෙව්වත් කියන්න පුළුවන් කනත්තට ගියා, කොඩි දාන්න ගියා වගේ දාහක් බොරු.

මල ගෙදර ඉවර උනාම වටේ තියෙන හිස් බෝතල් ගානෙන් කට්ටිය කොච්චර බීලාද කියලා බලාගන්න පුළුවන් කියලා මන් කලින් හිතුවේ ඒත් නොම්බරේ තමා කිව්වේ මූඩි ගානෙන් කියලා මොකද ගල් බෝතල් එම්ටි ආපහු දීලා බෝතල් ගේන නිසා.

අපේ නොම්බරේත් ලියලා තිබ්බා මළගෙවල් වල බොන එක ගැන

ඡායාරූපය මෙතනින්

17 අදහස්:

උඹ මාර එකෙක්නෙ බන්.
ඕව කරත් ප්‍රසිද්දියේ කියන එවුවද මන් අහන්නෙ

මේ බීම ගැන ලොකුවට ලියන උන්ට මූඩි දෙකකට වඩා බොන්න බැරිලු.

මම නම් නෙමේ අභීතය තමා කියන්නෙ.

මාරය නම් මූඩියක් පෑගිලා කට් උනාලු. :-P

අමිල :- ඒ උනාට කරනවනේ බන් :-)

රංග :- සහතික ඇත්ත මචන්
දැන් බලපන් මන් බො කිව්වත් ඇති වෙරි වෙන්න පලවෙනි සොට් එකෙන් කන සාක්කුවේ :-D

හුඟක් කෂ්ටිය ප්‍රසිද්ධියෙ කිව්වෙ නැතුවට කතාව සහතික ඇත්ත.

උඹේ කටේ මසුරන් දාන්න ඕන කොල්ලෝ. 200% ක් එකඟයි උඹ එක්ක.

අපේ ආච්චි අසනීප වෙලා හිටි කාලේ මම උදේ හවා ප්‍රාර්ථනා කලේ මම නිවාඩු එක නම් අල්ලලා ඉන්න ආචිචියේ කියන එකයි.

කොහෙද මගේ කරුමෙට දැනට මාස දෙකකට කලින් ආච්චි මලා. . .

මගේ යාලුවෙක්ගේ ආච්චි කෙනක්ගේ මලගේක කතාවක් තියෙනවා . . වෙලාවය ලියන්නම්. පන හයියම ආච්චි කියලා ලිව්වේ ඒකද මන්දා

Observer ටත් බැරියෑ බ්ලොග් එකක් ලියන්න. බ්ලොග් බල බලම ඉන්න වෙලාවේ :-)

අපේත් මැරෙන්න ලඟ කවුරු හරි ඉන්නවනම් මම උදේ හවා ප්‍රාර්ථනා කරන්නේ සිකුරාදා දවසක් අල්ලලා මැරියන් කියලම තමා :-D

මළ ගෙවල් නම් මතක් කරන්න එපා බං.... තව පොඩ්ඩෙන් දවසක් පොලිසියෙත් ලගින්න වෙනවා. හැබැයි මොනා වුනත් උඹ කියලා තියෙන හැම දේකටම මාත් එකඟයි මචං.

හික් සිරාවටම නේ..,!! ශික් අපේ ආච්චිලා අපිට මළගෙවල් වල කරන්න ඔය වගේ ආතල් වැඩක් පටන් අරගෙන නැහැනේ.. ඉන්න උන්ට තේ හදන වගේ වැඩ ඇරෙන්න.. ශික් මේ ගෑණු ජාතිය!

@ ම,
මගේ රාජකාරිය නිරීක්ෂණය කරන එකනේ, ඒ ගමන් ඔයාලගේ පොස්ට් නිරීක්ෂණය කරන කොට මතක් වෙන වල් පල් කොමෙන්ට් හැටියට දාන්නම්

මචං "ම" . . .
බොනව කියන එක අද ඊයෙක පටංගත්ත දෙයක් නෙමේනෙ . . . .
බොරුනං කියවල බලපං . . . . ගුත්තිල කාව්්‍යයෙත් තියනව . . .
සරා සලෙලු දන "සතොසේ" . . . .
සුරා පාන කරන ලෙසේ . . . කියල,
ඒකියන්නෙ ඒකාලෙත් "සතොස" බාර් තිබිල තියනව

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත් :))

@ Hasitha
මම ඕක දන්නෙ
සුරාවේ ගුනයත් . . . .
එහි ඇති මිහිරි රසයත් . . .
බොන සුදනෝ මිසක් . . .
නොබොන අනුවන දනෝ නොදනිත් . . . .
කියලයි

මගේ බ්ලොග් එකට වඩා වටින්නේ ඒ පොස්ට් එක බොට...
කිව්වනම් මම එක බොට දෙනවා මර්ජ් කරන්න...:D

මංදා මම යන්න අකමැතිම තැන් වලින් එකක්.., එකක්.., රෝහල.., අනික ඉලවු ගෙවල්..!
..,මොනවා උනත් කතාව ඇත්ත.., අකමැත්තෙන් ගියාට මොකෝ.., ගියාට පස්සේ එක ජෝගියයි..!!

පිස්සු පොරක් බන්.. එල හම්බුන එල බ්ලොග් එකක්..

මමත් මගුල්ගෙවල් වලට වඩා මල ගෙවල් වලට කැමතියි
පලවෙනි හේතුව ඉස්කෝලෙ යන්නෙ නැතුව ඉන්න පුලුවන් නිසා.මගුල්ගෙයක් නම් එක දවසයිනෙ
අනික ගොඩක් දෙනෙක් හම්බෙන නිසායි උන් එක්ක බොන්න පුලුවන් නිසායි ..
බොන්න කිව්වෙ හැබැයි ඕව නෙමෙයි .. ක්‍රීම්සෝඩ නෙක්ටෝ වගේ ඒව

ලොල්ය... කියවගෙන යනකොට රස සෛල උත්තේජනය වෙන ජාතියෙ පොස්ට් 1ක් හම්බ උනා. ලොල්ය... හැබැට බොතල් කීයක් විත්‍ර හිස් කරයි...????

Bloggers.com - Meet Millions of Bloggers