මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසින් තමාවම විවේචනය කිරීමක් තමා එහි තිබුනේ.

බ්ලොග් ලියන්න පටන් ගන්න සමහර බ්ලොග් කරුවන්ටත් මේක වෙනවද කියලා වෙලාවකට මට හිතෙනවා මුල් කාලයේ ඉතා රසවත් ලිපි ලියන බ්ලොග්කරුවන්ගේ ලිපි කාලයක් යනකොට මුල්කාලය තරන්ම හොඳ නොවීමට මේක හේතුවක් වෙන්න ඇති. කමෙන්ට් හරහා ඇත්තම තත්වයට වඩා ඉහලින් ඔසවා තබන බ්ලොග් කරුවන් පසුව ඔවුන්ගේ ලිපියට වඩා තමාව රැක ගැනීම කෙරෙහි අවදානය යොමු කරන්න පටන් ගන්නවා, එවිට වෙන්නේ ලිපිය අසාර්ථක නිර්මාණයක් බවට පත්වීම. කමෙන්ට් අඩුවීම හරහා මෙය නිර්ණය කරගන්න අමාරුයි මොකද දවසින් දවස බ්ලොග් ලියන්න අලුතින් පිරිසක් එකතුවෙන නිසා.

හිතන තරන්ම මේක ලේසි කටයුත්තක් නොවෙන්න පුළුවන්. බ්ලොග් ලිපියක් පලකලාට පසු ඒක කියවන අය තමන් ගැන මොනවා හිතයිද. මේක කොහොම තේරුම් ගනීද කියවන අය තරහා වෙයිද වගේ නොයෙක් දේවල් හිතන්න පටන් ගත්තාම ඇත්තටම අපේ අවධානය යොමු වෙන්නේ ලියමින් සිටින ලිපිය ගැන නෙමෙයි අපි ගැන. ලිපිය හරහා අපි අපේ තත්වය රැක ගන්න උත්සාහ කරනවා මිසක් ලිපියේ ගුණාත්මක භාවය වැඩි කිරීම කියන එක ගැන නෙමෙයි ඊට පස්සේ හිතන්නේ.

කමෙන්ට් කරන සෑම විටම අපි සැබෑ ආදහස් ප්‍රකාශ කරනවද? පහුගිය දවස් වල ෆේස් බුක් එකේ කවි ගැන විචාර කිරීම කියලා ගිය සංවාදයක බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුනේ ඔවුන් බොහෝ විට කවි වලට අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ මොකද ඒවා දැම්මහම ඒ ලියපු අය ඔවුන්ව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරනවා බැනලා පණිවිඩ එවනවා වැනි දේ නිසා. ඒක නිසා ඔවුන් ලයික් එකක් පමනක් දමා යනවා කියලා. කවි වලට නම් කිසියම් රාමුවක් තිබ්බට බ්ලොග් වලට එහෙම්මම කියන්න බැහැ නමුත් කවි හෝ බ්ලොග් හෝ වේවා ඒවායේ සැබෑතත්වයට වඩා වැඩි තත්වයක් තිබෙන බව පැවසීමෙන් ඇත්තටම වෙන්නේ ලියන කෙනාගේ හැකියාවන් තවත් දුර්වල වීම.

මම හිතන්නේ බ්ලොග් කියවන අයත් බ්ලොග් ලිපි ගැන සැබෑ අදහස් දක්වන්න පටන් ගත්තොත් අනාගතේ දැනට තියෙනවටත් වඩා හොඳ නිර්මානාත්මක දේවල් බ්ලොග් හරහා අපිට කියවන්න ලැබේවි.

40 අදහස්:

මමනං හිතන්නෙ ඕක බ්ලොග් වලට නෙවෙයි මුලු මිනිස් සංහතියටම පොදු දෙයක්.. කීයෙන් කීදෙනාද ඇත්ත කියන්නෙ... මූනිච්චාවට රැවැට්ටීම හා ඇඟ බේරගන්න එක තමයි කරන්නෙ... ලිපියෙ හොඳ නරක වලින් වැඩක නෑ... තමන්ගෙ ඇඟ බේරගන්න. ක්මැන්ට් එකෙනුත් අනුන්ගෙ පිට කසනව තනගෙත් කසාවියැයි බලාපොරොත්තුවෙන්.. වැරැද්දක් තිබුනොත් කියන්නෙත් නෑ.. ඒකත් වෙලා තියෙන්නෙ වැරැද්දක් පෙන්නුවොත් පිලිගන්නෙත් නෑ... හැමෝම එහෙමයි.. විවෘතව බලන්නෙ නෑ ඒගැන... මේක ලියන මාත් වෙලාවකට එහෙමයි ඒගැන තේරෙනකොට හැබැයි වෙච්ච හරිය වෙලා ඉවරයි...

මනුස්සයා කියන්නෙ සමාජශීලීත්වය නිසාම පරගැති වෙච්ච එකෙක්.. තමනෙගෙ පෞර්ෂය තමන්ම ගොඩ නගා ගන්නවාවෙනුවට කරන්නෙ අනුන්ගෙ එකට බොරු පෝර ටිකක් දාල තමන්ගෙ එකටත් ඒවගේ සප් එකක බලාපොරොත්තුවෙන එක...

ඉතිං ඔයවගේ මිනිහ උපතින්ම අරන එන දෙයක් මිනිහම ලියන බ්ලොග් වලට නෑවිල්ල තියෙද...

කතාව නම් සහතික ඇත්ත...!!

http://www.liyanna-liyanna.blogspot.com/2012/01/blog-post_26.html
ඔන්න ඇඩ් එකක්..ඒත් මන් දුවන් ගිහින් බැලුවෙ මරනයා මගේ මේ පෝස්ට් එකට මොනවද දීලා තියෙන උපදෙස් කියලා.. ඒත් මට එක පාරටම අමතක උනා මුල කාලෙ ඇවිත් කමෙන්ට් කලාට දැන් මරනයා ඒ පැත්ත පලාතෙ එන්නෙ නෑ කියලා..

ඔබේ කතාව සහතික ඇත්තය. හැබැයි අපිනම් කියන තියෙන දේ කීමට ඇනෝ පාවිච්චි කරනවාය. ඇනෝ පාවිච්චි කරන්නේ කොන්ද පණ නැති උන්යැයි සමහරු කියනවායය. කොන්දටනම් මොක උනත් රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමට අපි ඇනෝ පාවිච්චි කරනවාය. ඔබේ කතාවේ කොතරම් දුරට සත්‍යදැයි මෙතන වැටෙන අදහස් වලින්ම ඔබට දැකගැනීමට හැකිවනු ඇත.

තව ස්වල්ප මොහොතකින් මෙතනට එන "අනේ අයියේ ඇත්ත තමයි" කියනා බහුතරය ගැන ඔබට සලකා බැලිය හැක. එසේ කියනා සමහර උන්ම උන්ගේ බ්ලොග් පෝස්ට් එකකට කවුරුන් හෝ නරකයි කීවොත් උඩ පනිනා හැටි බලා ගත හැකි නම් අගනේය.

මම බොහෝ වෙලාවට ඇනෝ ගිහින් වැරදි පෙන්වා දෙනවාය. එතකොට බොහොම්යක් බ්ලොග්වලල අයිතිකරුවන් කුලප්පු වෙනවාය. තවත් උන් පැමිණ "අනේ අයියේ සෝක් කතාව ඔයා ඔය මෝඩ ඇනෝලා කියන ඒවා ගනන් ගන්න එපා" කියනවාය. අවාසනාවකට ඇනෝ කෙනෙක් ඇරෙන්නට බ්ලොග් පෝස්ට් එකක වැරැද්දක් පෙන්වා දෙනවා මා නම් දැක ඇත්තේ අතේ ඇගිලි ගානටත් වඩා බොහෝ අඩුවෙන්යන්ය. විරුද්ධ මත දරාගැනීමට නොහැකි සහ වැරැද්දක් පෙන්වා දුන්න විට මූණ නරක් කරගන්නා බහුතරය නිසා "අනේ හරී සෝක්" බ්ලොග් ලිපි පමණක් අපිට පෙනෙන්නට ඇත.

ඇත්තටම ෆේස්බුක් එකෙත් මොනාහරි ලිපියක්, කවියක් දැම්මොත් වැටෙන කමෙන්ට් 90% ක්ම සෝබන ඒවා තමයි. නිර්මාණය පල කරන්නා මුරුංග අත්තේ තියන ඒවා තමයි. ඒ වුනත් බ්ලොග් ලියන කියවන පිරිස මම ඊට වඩා ටිකක් ඉහලින් ඉන්නවා කියල හිතනවා.(බ්ලොග් ලියන කියවන අයත් ෆේස්බුක් ඉන්න එක වෙනම කතාවක්) මොකද ෆේස්බුක් එකේ ඉන්න සමහර පියරු බබාලට වඩා බ්ලොග් ලියන උදවිය සිතුවිලි අතින් යම්කිසි ස්ථාවර මට්ටමක ඉන්නවා කියලයි මට හිතෙන්නේ. කොහොම උනත් තමන්ව ආරක්ෂා කරන්න හිතාගෙන, තමන්ගේ ප්‍රතිරූපය ගැන හිතල, සෝබන ලිපි පලකිරිමෙනුයි සෝබන කමෙන්ට් දැමිමෙනුයි බ්ලොග් සංස්කෘතියට වෙන හානිය දැන්ම ඉඳල නවත්ත ගත්තේ නැත්තම් ඉස්සරහට බ්ලොග් සාහිත්‍යයත් කුරුවල් වේවි.

තමංගෙ වැරදි සමහර විට පේන්නෙ අනිත් අයට වෙන්න පුළුවන්. ඒ නිසා සාධාරණ විවේචන ගැන මම නං හිතා බලනව. උදාහරණයක් විදියට මම හිට්ස් 10000 ගැන වෙනම පෝස්ට් එකක් දැම්මම මාතලන් කිව්ව "මේ වගේ පෞද්ගලික කාරණාවක් වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න එපා" කියල. මම ඒක පිලිගත්ත. ඒවගේ විවේචනයක් කරන්නෙ කවුද කියනඑක වැදගත් නෑ.

අනිත් කාරණාව බ්ලොග්වල අන්තර්ගතය. එතනදි මම හිතන්නෙ ඒක බ්ලොග් අයිතිකාරයගෙ රාජකාරියක්. ඒක අපිට තීරණය කරන්න බෑ. වැදගත් - නොවැදගත් පරාසයේ ඕන තැනක ඒක තියෙන්න පුළුවන්. හැබැයි මම කරපු නිරීක්ෂණයක් මෙතනදි කියන්නම්. වඩා වැදගත් කාරණා සම්බන්ධ ලිපියකට වඩා විහිළු කතාවක් හිටිවීමේ සම්භාවිතාවය වැඩියි.

අන්තිමඑක තමයි පිටකැසීමේ කොමෙන්ටු. ඒක ගැන කියන්න තියෙන්නෙ, ඒකත් රීඩර්ස්ලගෙ වැඩක්.(මාත් කරනව) කෝටි දෙකක ජනගහනයක් ඉන්න ලංකාවෙ අන්තර්ජාලය පාවිච්චි කරන සුළු ප්‍රථිශතයක් අතරිනුත් බ්ලොග් කියවන්නෙ 2000ක් විතර පිරිසක් කියලයි කියන්නෙ. මේ ප්‍රථිශතය ටික ටික වැඩිවෙනකොට (20000වත් උනොත්) මේ විදියෙ දේවල් අවසන් වෙන්න ඉඩ තියනව. (ලියන-කියවන පිරිස වැඩි නිසා)

ඒ කතාවනම් ඇත්ත...බොහොම වටිනවා මෙහෙම ලිපියක් දාපු එක....

කතාව සහතික ඇත්ත

හොඳම දේ තමා ඇනොනිමස් ව ලිවීම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුලුවන්.

ඔබේ මේ අදහසත් එක්ක එකග වෙනවා...

කාර්ල් මාක්ස්ගේ මෙවැනි ප්‍රකාශයක් කර තිබු බව මතකයේ ඇත
"කලාකරුවෙක්ට තමන්ගේ ලිවීම සඳහා ජනප්‍රියතාව ලැබිය යුතුය.නමුත් ඔහු ජනප්‍රියතාව සඳහා නොලිවිය යුතුය "
මේක මේ ලිපියේ මාතෘකාවට අදාලයි කියල මට නම් හිතෙනව.
වෙලාවකට තිත්තයි සමහරුන්ගේ ලිපි කියවල "හරි හොදයි,දිගටම ලියන්න "කියල අපිත් කමෙන්ට් කරනව.එත් අපි කොච්චර කිව්වත් අපි සේරම මේ රටාවට ගැති වෙලා.වැරදුනේ කොතනද කියල මම දන්නෑ.මම තාම බ්ලොග් 1ට ලියල තියෙන්නේ ලිපි කිහිපයයි.නමුත් මේ තියෙන බ්ලොග් කලාවේ වැරද්දක් තියෙනබව නම් දැනෙනවා!
මේක වටිනාම අදහසක් කියල කියන්නම ඕන :)

මම මේ උඹේ බ්ලොග් එක බලපු පළවෙනි වතාව මචං.. සිරාවටම..

මං නම් ඔහේ ලියනවා. ඉසිස්සෙල්ලම් අන්තිම පේලියට (ජයියා) ලියපු එකටනම් අවංක ඇගයීමක් ලැබිල තිබ්බ.. "උඹට ලියන්න බෑ .. නිකම් ඉඳපන්" කියල මගේ හිතේ.. ඉතින් ඌ කීවේ ඇත්තනේ. මගේ ලිවිල්ල මලකඩ කාලතිබුනේ.. චුට්ටක් හිත නම් රිදෙනවා තමයි.. එත් ඇනෝ හැටියට හරි ඇත්ත කියන එක අපි කාටත් හොඳයි..

කොහෙද උඹලා වගේ උන් අපි ලියන එහෙකට බැනලවත් යන එකක්යැ :D

මෑත කාලයේ බ්ලොග් කියවනකොට හොඳින්ම දැනෙන දෙයක්.
කොටින්ම දැන් බ්ලොග් එකක කෙනෙක් කොමන්ට් එකක් දාන්නෙත් පිට කහලානේ. මට හිතෙන්නේ අර sri lankan forum කලාවට වුනා වගේ කල්ලිවාදයක් බ්ලොග් අස්සටත් බැහැලා කියලයි. කල්ලි උනත් කමක් නෑ හොඳ යමක් ලියනවා නම් එහෙමත් නෑ නේ.
හෙට අනිද්දට නිදහස් බ්ලොග් කරුවෝ වෙනුවෙන් උපවාසය කරන්නත් වෙයිද මන්දා....

මං එක.. ෆට්ට ... ඕව තමා වැඩිපුරම පේන්නේ මට නං. තිත්තවෙනවා.

අඩුපාඩු පෙන්වීම තුළින් අමනාප නොවෙයි කියලා හිතපු චරිතයකුත් මං අඩුපාඩු පෙන්නුවට පස්සෙම මගේ බ්ලොග් එකේ කමෙන්ටු එකක් වත් දාලා තිබුණේ නෑ.. සමහර විට වෙලාවක් නොතිබුණා වෙන්ටත් පුළුවන්..

කොහොම වුණත් මම නං මතයට එකඟ නැත්නං එක්කො කියනවා.. නැත්නං සද්ද නොකර ආපහු එනවා.. කහන්න සුදුසු නම් විතරයි පිට කහන්නේ.. හැබැයි මගේ පිට කහන්න නම් කට්ටිය බොහොම අඩුයි.. හික්ස්..

පිට කහන්න විතරක් නෙවෙයි.. අඩු පාඩුවක් කියන්නවත් කට්ටිය අඩුයි නොවැ...

මං හිතන්නේ කමෙන්ටු 2-3ක් වැටුණා එක් එක් අඩුපාඩු පෙන්නන්න.. ඊට අමතරව එක් කමෙන්ටුවක් වැටුණා.. අමනාපයෙන්.. ඒ ඇරෙන්ට ඉතිං.. ලැබුණු කමෙන්ටු බොහොමයක් සතුටු දායක ඒවා තමයි...

කොහොම වුණත් මරණේ කියපු කතාව ඇත්ත... අපිට අපේ කාර්‍යය අමතක වුණොත් වෙන්නෙ ලොකු වරදක්..

දින කිහිපයකට කළින් මීට පළමුවෙන් සදහන් කල අදහස මගේ ජංජාලයේ දෝශයක් නිසා පබ්ලිෂ් කිරීමේදී වල් බිරිස් විය. ටිකක් දිගට කොටලා නැති වුන නිසා ආයෙ පෝස්ටුවක්ම දැම්මා මේ ගැන. මේ ඒකෙන් කොටසක්.

"කොමෙන්ට් සම්බන්ධ අනික් වැදගත්ම කාරණය වනුයේ එවෙලේම පළවෙන (මොඩරේට් කිරීම් වලින් තොරව) කොමෙන්ටුවක අන්තර්ගතයෙන් තමන්ගේ මතයට පහරක් එල්ල වී ඇත්නම් හෝ තමන්ට උත්තර නැති වෙන ආකාරයේ ප්‍රශ්න කිරීමක් සිදුකර ඇත්නම් හෝ තම මතය වැඩිදුර පැහැදිළි කිරීමක් සහිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති විටක එසේ කිරීමට තමා අපොහොසත් නම් හෝ ( කිසිදු ආකාරයක අසැබි වදන් අඩංගු නොවි දන්න උපරිම සභ්‍ය ලෙසින් විමසීමක් සිදු කර තිබුනත්) එවැනි කොමෙන්ටු කිසිදු හිරිකිතයක් නැතුවම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද අප සුහදයින් කටයුතු කරන බවද මම අත් දැකීමෙන්ම දනිමි. මෙය දෙයා කාරයකින් වේ. එකක් නම් කොමෙන්ටු ගනනේ ඉලක්කම් අගයට හානියක් නොවී කොමෙන්ටුවේ ඇති අන්තර්ගතය ඉවත් කිරීමය. (එවැනි විටක අප බුද්ධිමත් පාඨකයන් ස්වයං නිගමනයකට එළබෙමින් එහි තිබී ඇත්තේ “කුණුහරුපයක්” බව නිගමනය කරති.) අනෙක නම් සුදුවෑනයක් බැස්සීමය. එනම් ඇපත් නැති වෙන්නම සම්පූර්ණයෙන්ම මකා දැමීමය. (එවිට පාඨකයාට අර වගේ හීනයක සැරි සැරීමටවත් අවස්ථාවක් නැති වන්නේය.)"

"කොමෙන්ට් මොඩරේට් කිරීමේදී හෝ කොමෙන්ටුව පලවු පසුව මකා දැමීමට ප්‍රථම කතෘන් සිතිය යුතු කාරණයක් වන්නේ කමන් පෝස්ටුව කෙටීමට වැය කල කාලය තමාට වටිනවා වගේම තමාගේ පෝස්ටුව වෙනුවෙන් කොමෙන්ටුවක් දැමීමට පාඨකයා වැය කරන කාලය ඔහුටද වටින බවයි.එසේම තමාගේ පෝස්ටුවට තමා ආදරය කරන්නා සේම තමාගේ කොමෙන්ටුවටද එය ලියූ පාඨකයා ආදරය කරන බවයි. එමෙන්ම තම බ්ලොගයට එක කුණහරුප කොමෙන්ටුවක් වැටුනු පමණින්ම හෝ එසේ නොවැටීම කොමෙන්ට් මොඩරේට් කිරීම තුලින් ඔබ සිදු කරන්නේ වර්ථමානයේ සිට නැවත අතීතයට පිය මැණිමක් නොවන්නේදැයි සිතා බැලීමද වටී.කොමෙන්ටුවක් දැමු පසු එයට කතෘ අවසරය හිමිවී බ්ලොගයේ පළවනවාදැයි බලබලා සිටීම( අඩවිය නිතරම පිරික්සීම හෝ ‍ඊය නිතරම පිරික්සීම) මට හැගෙන අයුරින්නම් මින් පෙර කාලවල අප පත්තරවලට ලිපි / කවි/ කෙටිකතා ලියා ඒවා මේ සතියේවත් පලවී ඇතියැයි සිතා පත්තරය අතට ගත් සැණින් නිර්මාණ පිටුව මුලින්ම පෙරලා බලනවා වැනිය.මෙවන් පහසුකම් පිරි යුගයකත් නැවත එම තත්වයටම පත්වීටම සිදුවී තිබීමනම් කණගාටු දායක තත්වයකි."

මිනිස්සු පිළිගන්න කැමති නැත්තන් පෝස්ටුවක් ගැන ඇත්තම කියන්නේ කොහොමද ඉතින්.. ??

ඇත්ත කථාව...

සම්පූර්ණයෙන් ඇත්ත කතාව මමත් පිළිගන්නවා.
අඩුම තරමින් බ්ලොග් එකේ ලියල තියෙන්නෙ මොනවද කියල කියවනව නම් මෙහෙම වෙන්නෙ නෑ.
අනෙක් අතට ලියන කමෙන්ට් එක විචාරා්මකව ලිව්ව නම් ‍බ්ලොග්වල අන්තර්ගතය එකිනෙකට වෙනස් වෙන්න ඉඩ තියනවා. එතකොට හැම බ්ලොග් එකක්ම නිර්මාණශිලීව ලියැවෙයි.

නව විචාරාත්මතක ඇසකුත් බිහිවෙයි.

ඉතාම වටිනා මාතෘකාවක්. බ්ලොග් ලියන්න අලුතෙන් එක් වුනු මං වගේ අයට හිතන්න දෙයක් දුන්නට ගොඩක් පින්.

සිරාවට ඇත්තනේ කියල තියෙන්නේ ආපු මුල් දවසේ වගේ නෙවෙයි දැන් තේරෙනවා කරන නිර්මානේ සාර්ථකත්වය මත තම හිට්ස් වැඩිවෙන්නේ.එක තේරුම ගත්ත නිසා මම හැම වෙලාවේම උත්සහ කරන්නේ පොස්ට් එක හොඳින් කරන්න.

මමත් මේ ගැන තමයි අද මගේ පෝස්ට් එකෙන් කතා කරේ..පස්සෙයි ඔයාගේ මේ පෝස්ට් එක දැක්කේ..ඇත්තෙන්ම ගොඩක් වෙලාවට වෙන්නේ එකිනෙකා හුරතල් කර ගැනිම තමයි.එහෙම නොකරොත් තරහ වෙනවා..ප්‍රශ්න ඇති කරනවා කියලා කොන් කරනවා.

මමත් මේ ගැන තමයි අද මගේ පෝස්ට් එකෙන් කතා කරේ..පස්සෙයි ඔයාගේ මේ පෝස්ට් එක දැක්කේ..ඇත්තෙන්ම ගොඩක් වෙලාවට වෙන්නේ එකිනෙකා හුරතල් කර ගැනිම තමයි.එහෙම නොකරොත් තරහ වෙනවා..ප්‍රශ්න ඇති කරනවා කියලා කොන් කරනවා.

මකුළු පැංචිනං ගල් මල් මුල්....ඕන එකකට ඔට්ටුයි...අනික මොන තරම් හොඳ යාලුවෙක්ගෙ බ්ලොග් එකක වුණත් ගත යුතු හිතට අල්ලන දෙයක් ලියවිලා නැත්තම් ප්‍රතිපත්තියක් විදිහට මම මොකුත් අදහසක් ලියන්නෙ නෑ..වරදක් තිබ්බොත් කෙලින්ම කියනව...පුද්ගලිකව හටරි..

අදමයි ආවේ. ෆලෝවක් දෙමි. ඉදිරියට එන අලුත් ඒවා බලමු... :)

ඔයාගේ ඡන්න-සිදුහත්-නේරංජනා-ගල් කතාවට හුගක් කැමතියි..
අදයි ආවේ..හුගක් කියෙව්වා...
අපට අවංක අදහස් දැක්වීමක් අවංක රචනාවක් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැනේද...
ඔයාට ඕනේ නම් එහෙම වෙන්න පුලුවන්..අනිත් අයත් ඕනේ නම් එහෙම වේවි.නැත්තම් නැහැම තමයි.. )

සයිබරය ජීවිතය කරගත් අයට අත්දැකීම් ලැබෙන ප්‍රමාණය අඩුයි...
බොහොම අඩු වපසරියක් සහිත තැනක ජීවත් වෙන කෙනා හරියට බ්‍රොයිලර් කුකුලෙක් වගේ....ඇක්ටිව් ඉන්නෙ බොහොම ටික වෙලාවයි...
ඒ වේග එන්න එන්න මිනිසුන් හිතන සීමාව අඩුවෙලා යනවා..
අනෙකා ගැන සොයන සීමාව අඩු වෙනවා..
එවන් සමාජීය වටපිටාවක මීඩියා වුනත් තමුන්ගැන ලියන්න පොළඹවනවා..
කලකට පෙර අපි විදුසර පත්තරේ දැකපු විග්‍රහ කරපු ලිපි වෙනුවට අද යන්නෙ කවුරු හරි පොරක් හෝ වෙන්ඩ පොරකගෙ අදහස්...
තමා සහ තමා තමා වටා සිටින අයගෙන් ඉවතට තල්ලුවීම ලේසි දෙයක් නෙමෙයි..ඒත් එහෙම කරන්න පුලුවං අය තමයි මගේ වීරයො වෙන්නෙ..
ඒත් මගේ වීරය ඔබේ හෝ අල්ලපු ගෙදර සිරසෙ කතා බලන ඇන්ටිගෙ වීරය නොවෙන් පුලුවනි..

මගේ 50වෙනි පොස්ට් එකෙන් මමත් කියන්න උත්සාහ ගත්තේ මෙ වගේ දෙයක්. ඒත් බොහෝ දෙනෙක් මම හිට්ස් බලාගෙන ලියනවා වගේ අදහස් ඉදිරිපත් කරලා තිබුනා. ඒ ඒ අය ඒක දැක්ක විදිය. නමුත් මට ඇත්ටම පෙන්වා දෙන්න උවමනා කරලා තිබ්බ දෙයක් තමයි අපගේ බ්ලොග් පාඨකයන්ගේන් බහුතරය විනෝදාශ්වාදය සඳහා කියවන අය කියලා. ඒක මම තේරුම ගත්තේ මම ලියපු ලිපි වලට ලැබුන හිට්ස් ගණන් වලින්. ඒත් දැනුම වෙනුවෙන් ලියපු ඒවාට ඇල් මැරුණ උනන්දුවක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. රාජ් (ගේ නවාතැන ) ත් මේ අදහසම දරල තිබුන. සමහර වෙලාවට මමත් වල්මත් වුනා මා කල යුත්තේ ඉල්ලන දේ දීමද ? නැත්නම් මා ලියන දේ බලන පාඨක පිරිසක් ගොණු වන තුරු සිටීමද කියල. මා විශ්වාස කරන්නේ නම් මෙ දෙකින් දෙවැනි එක වඩා හොඳ බවයි. මොනවා වුනත් ඔයාගේ මාතෘකාව කාලීන අවශ්‍යතාවක්. ඒ වගේම කමෙන්ට් තුලත් ඉගෙන ගන්න ගොඩක් දේ තිබෙනවා.

මා දුටු සුන්දරම බ්ලොග්කාරයන් ලියන්නේ අනුන්ට පෙන්නන්නට නොව තමන්ගේ හිතේ ගොළුවෙන සිතුවිලි අකුරින් පිටකරන්නටය...

මෙකත් ඔකට ගැලපෙනවද බලපන්
http://raj-rajmyblog.blogspot.com/2012/08/blog-post.html
හිට්කට්ටත් පැන්නනේ බොල ලක්ෂ පහයි අද වෙනකොට
ෆලෝ ගැජට් ඉඩමදි වෙලා නවසීයත් ඉවරයි බං
පරණ කෙල්ල දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ කියලා
අවුලක් නෑ ඒ උනාට දුක ලියනවා උඹලට මං

ඔබේ කථාව ඇත්ත... බොරුවට නැති ගුණාංග ගැන වර්ණනා කරලා කොමෙන්ට් කරන්න නරකයි...එමගින් වෙන්නෙ හැදෙන්න ඉන්න බ්ලොග්කරුවෙක් උපන් ගෙයිම මියයන එක.. ඒ නිසා කන පැලෙන්න ඇත්ත ඇති සැටියෙන් කියනවට මම නම් මනාපයි...

අද තමයි මරණෙ දැක්කෙ හාපුරා කියලා... අපිත් ගම්පහ කොල්ලො තමා අරිද.... ජය !

මල් වගේම ගලුත් ඉවසන්න පුලුවන්නම් තමා වටින්නෙ.. :)

හප්පේ අදමයි ආවේ එන්න පාර හොයාගත්තේ මාරයාගේ පොස්ටුවෙන් නේ
කෝරලේ වලව්ව

සෝරෝ හින්දා මේක අහු උනේ...

නිකං අනේ මටනං ඔහොම නෙවෙයි කියලා කොමෙන්ටුවක් දානවට වඩා හොඳයි ඇත්තම කිව්වම...

මටත් ඕක සෑහෙන දුරකට උනා. කොයි තරං එහෙම නොවී ඉන්න උත්සහ කලත්... මොනවා කරන්නද බං.. අපි තාම රහත් වෙලා නැහැනේ.. මම.. මගේ.. තමා ඉතිං කොයි වෙලෙත්... දැන් බලහංකෝ උඹේ නම උනත්.. :D

මගේ මරණය
Write to express, not to impress
1 year ago


මගේ බ්ලොග් රෝලෙ අන්තිමය උඹ. මොකෝ ලිවිල්ල අත්හැරියද?????

අවුල තියෙන්නෙ කියවන අයත් එහෙම හිතන නිසානෙ. සාහිත්‍ය නිර්මාණයක් උනත් හිතේ හැටියට ලියලා දාන්න පුළුවන්, පස්සෙ යාළුවො සෙට් එකට බැහැලත් ඉවරයි.. උන් හිතන්නෙ ලියන ඒවා සිරාම ඒවා කියලා. පරිකල්පනය කියන එක නොදන්නකම හෝ වෙන මොකක් හරි අඩුවක් සමාජයේ තියෙනවයි කියලා මට හිතෙන්නෙ.
හොඳ පෝස්ට් එකක්! (මුරුංගා අත්තෙ නෙවෙයි තිබ්බෙ හොඳෙ. ;) )

අදමයි මේකට ආවෙ. මමත් අලුතෙන් එකක් ලියන්න පටන් ගත්තා ළගදි. තවම අලුත් ඒ නිසා. ඔබට ජය.

අනේ ලියහංකෝ බං මොනාහරි

අදමයි මේ පැත්තට අාවේ........... දිගට ම ඒන්නම්......... දැන් පාර හදාගත්තා.......... බ්ලොගය නියමයි

aurudu 7 ta passe me blog ekata awe mage maranaya