මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කාලෙකට කලින් වස්ගමුවේ ගිය වෙලාවක ඒක මැදින් ගලා යන ගඟට ගියා නාන්න , අපි විතරයි හිටියේ අපි කතා කරන එක නැවත්තුවහම අපිට ඇහුන එකම ශබ්දය නිෂ්ශබ්දතාවය විතරයි . ඒ හරියේ ගඟ ගලන්නේ තැනි තලාවක හෙමින් නිසා අඩුම ගානේ ගඟ ගලන සද්දෙත් නැහැ ඒක මන් ජීවිතේදි නිෂ්ශබ්දතාව විඳපු සොඳුරුම අවස්තාවක්.

ගෙදරදි නම් මේවගේ එකක් විඳින්න ලැබෙන එක හීනයක්, රේඩියො සද්ද, රූපවාහිනිය, වාහන මිනිස්සු හයියෙන් කෑගහන සද්දේ, පාර පුරා යන ශබ්ද විකාශන යන්ත්‍ර වල ශබ්ද මෙකී නොකී සද්ද කෝටියයි.

නිෂ්ශබ්දතාවයෙන් අපේ හිතට පුදුමාකර සුවයක් ලැබෙනවා ඒක නගරවල තියා ගම්බද ඉන්න මිනිස්සුන්ටත් දැන්නම් දැනෙන්නෙම නැතිව ඇති. එහෙම නොලැබෙන එක මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍යට කොච්චර බලපානවද කියලා මන් දන්නේ නැහැ ඒත් ඒක එච්චර ඇඟට ගුණ දෙයක්නම් නෙමෙයි කියලා තමා මට නම් හිතෙන්නේ.

ගෙදර ඉන්නකොට පොඩ්ඩක් හරි නිෂ්ශබ්දතාවක් අත්විඳින්න ලැබෙන්නේ රෑට විදුලිබලය ඇනහිටියම විතරයි අනික් හැම වෙලාවටම මොකක හරි සද්දයක් නැති නොවෙන්න හේතුවක් නම් මට හිතාගන්න බැහැ

8 අදහස්:

කැලේ මැදින් ගලන ගඟක හඬ නිසා නිහඬ බවට හානියක් නො වන බව යි මගේ අදහස. ගඟක හඬ විතරක් නො වෙ යි, සොබා දහමේ බොහෝ හඬ එ වැනි යි නේ ද?

නගරයේ ගෝසාකාරී බවෙන් ඈත් වූ විට, කුරුළු ගී ඇසෙන මහ වන මැදත්, තද සුලං හඬින් පිරි මහ එළියේදීත්, (හෝර්ටන් තැන්න), නිස්කලංක බවක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

'ම' ගේ සටහන ලස්සනයි.
අවුරුදු කීපයකට කලින් දෙනියාය පැත්තෙ කට්ටියක් එක්ක ගමනක් ගිය වෙලාවකත් ඔය වගේ අත්දැකීමක් ලැබුව. හවස ඉර බහින වෙලාවක ඒ. අපි හිටපුු තැනට පේන්නෙ ඇතට යන කන් පේන කදුයි මීදුමයි විතරයි..
එලියට බැහල ඉන්න කොට ඇහුණෙ හීනි රැහැයි සද්දයක් විතරයි. ටික වෙලාවකින් ඒකත් නැවතුන.

හ‍රියට මම විතරක් ඉතුරු වුණ ලෝකයක් වගේ.
ඒ පොඩි වෙලාව මට අද වගේ මතකයි. ඒ ඇයි කියන්න තේරෙන්නෙ නැ... :)

මන් හිතන්නේ නිෂ්ශබ්දතාවය ඒච්චරම රසවත් නිසා තමයි හැමදාටම මතක හිටින්නේ. අපි වස්ගමුවේ ගිහිනුත් දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා මන් හිතන්නේ.

මේක ලියන්න හිතුනේ දවස ගානෙ වැඩිවෙන සද්ද බද්ද එක්ක මන් ඉන්නේ හරිම අමාරුවෙන් නිසා

:) නිෂ්ශබ්දතාවය විදීම අතින් නම් මම හරි වාසනාවන්තයි.. මොකද ම‍ම වැඩ කරන කාමරේ ඉන්නේ මම විතරයි.. ඒකත් හොදට වැහුනු කාමරයක්.. ඒනිසා ශබ්ද විදියට ඇහෙන්නේ ඒසී එක වැඩ කරන හඩ විතරයි.. කලින් මෙතන මාත් එක්ක වැඩ කරපු කෙනා රේඩියෝවට ඇබ්බැහි වුන කෙනෙක්.. ඒත් එයා ගියාම මම ඒකත් නැවැත්තුවා‍‍.. රෑ 11න් පස්සේ ගෙදරත් නිහඩයි.. ඒ නිසා දැන් මම ඇත්තටම නිශ්ෂබ්ද තාවෙට ඇබ්බැහි වෙලා.. සමහර වෙලාවට මට කට ඇරලා කථා කරන්න නොහිතෙන වෙලාවලුත් තියනවා... බස් වල යද්දි තමා යකා නගින්නේ කොන්දොස්තරලා කෑ ගහද්දි.. අනේ මන්දා මට ලෙඩක්ද කියලා.. හැබැයි ඉතිං මං කථා කරන්න ගත්තාම නම්... හික් හික්..

"....හැබැයි ඉතිං මං කථා කරන්න ගත්තාම නම්... "

අනික් මිනිස්සු හිතනවා ඇති නිෂ්ශබ්දතාවය කොච්චර සුන්දරද කියලා.....

මම ඉන්නේ පාර අයිනේ Office එකක අනික අපිට AC නැති නිසා දොරවල් ඇරල. අල්ලපු වැටේ ලී මඩුවකුයි තනියට ඉස්සරහ මිරිස් කොටන මෝලකුයිත් තියෙනවා ඉතින් අපිනම් උපරිමේටම විඳිනවා....

අනේ වාසනවන්!

බ්ලොගර් පාවිච්චිය අත් හැරපු නිසා මට දැන් 'ම‍රණය' මිස් වෙනව..ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ..ලිපිය නම් හ‍රිම ලස්සනයි..අපේ ගෙද‍රත් රබර් වත්තකින් වට වෙලා තියෙන්නෙ..ඉතින් නිහඩ බව විදින්න වාසනාව ලැබිල තියෙනව..ඉතින් නිත‍රම මනෝ පාරට බ‍ර වෙනව!

නිෂ්ශබ්දතාව හිතට හොදයි එත් එක වැඩි උනාමත් හිතට මාර ශබ්දයක් බන්

Bloggers.com - Meet Millions of Bloggers