මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සෝඩා කියන්නේත් මහ පුදුම ජාතියක් තමා. නිකන් බොන්න බැහැනේ හැබැයි වෙන මොනා හරි දැම්මම නම් ජාති. ඉස්සරනම් මට සෝඩා පේන්න බැහැ ඇයි ඉතින් මෙලෝ රහක් නැහැනේ. ඒ උනාට නිකන් සෝඩා විතරක් බොන අයත් නැත්තේම නැහැ. සෝඩා වීදුරුවක් පිරෙන්න අයිස් කැට දාල බොන කොටනම් අමුතු ගතියක් තියෙනවලු ඒත් මම නම් බීලා නැහැ.

මම වැඩිය ටීවී නම් බලන්නේ නැහැ ඒත් ටීවී එකෙ බොන දර්ශන වලට කොටු දානකොට ඊට යටින් රස නොමරා රස විඳින්න කියලා සෝඩා දැන්වීමක් යන්වලු. මේක ගැන රාවය පත්තරේ ලිපියක් තිබ්බ. බොන එක වහලා බොන්න කියන්වා වගේ කතාවක් මේ දැන්වීමෙන් කියැවෙනවා සහ තවත් විස්තර ටිකක් කියලා කොහොම උනත් කතාව ඇත්ත සෝඩා දැම්මම රස වෙනස් වෙන්නේ නැහැනේ.

සැන්ඩි වලට සෝඩා ගන්න එකේ පොඩි වාසියක් දෙකක් තියෙනවා. බීමේ රස රැකෙන එක, ශරීරයට කොකා කෝලා තරම් අහිතකර නොවීම, නොබොන අය සැන්ඩි වලට වග කියන එක අවම වීම. ලාබ වීම, අවාසි තමා බොන්න ටිකක් අමාරු වීම මොකෝ කොකා කෝලා වගේ පැනි රසක් නැහැනේ. ඉත්න් බොන්න ටිකක් අමාරුයි.

ලංකාවෙ වෙළඳ පොලේ සෝඩා ජති දෙක තුනක් තියෙනවා අලියා සෝඩා, Lion Soda, Shaa Soda, My Soda. මේවා සේරම ඒක වගේ ඒත් මම නම් වැඩියෙනම් කැමති අලියා සෝඩා වලට . මන් හිතන්නේ අලියා බීම වලින් වැඩියෙන්ම විකිනෙනෙන සෝඩා වෙන්න ඕනේ.

රස නොමරා රස විඳින්න ගැන මෙතනත් තිබ්බා

7 අදහස්:

මම නම් සෝඩා බීපු කාලයක් මතක නෑ. බොන්න ඕනෙ එකක්. හික්...

උබ ඔහෙම කිවුවාට පොඩි කාලේ බඩෙ අමාරුවටත් දුන්නානේ සොඩා මම නම් බොතලේ කඩපු ගැස් ටික ගහන්න මාර ආසයි බන්

සෝඩා විතරක් නිකන් බොන්න එපා තිලිණ. අයිස් ගොඩක් දාල බීල බලපන්

පොඩි කාලෙ ග්ලූකෝස් දාලා මොනාද දුන්න මතකයි සෝඩා ද කියල මතක නැහැ

මම නම් කෝක් එක්ක බොන එක නතර කරන්නයි ඉන්නේ. ඒ නිසා පසුගිය සෙට් වීමෙදි මම සෝඩ එකක්ම ගෙන්නුවා. කෝක් ඕන නම් කෝක් නොබී අරක්කු වලට දාන එක මට නම් චාටර්. ඒකෙන් කෝක් රසත් නෑ බොන බීමෙ රසත් නෑ. ඒ නිසා මට නම් මින් පස්සෙ සෝඩ නැත්තං ඇල් වතුර තමයි.

මාත් සෝඩා වලට මාරු වෙන්න තමා හදන්නේ තාම බැහැ දැනට සෝඩා ගොඩක් දාල කෝක් ටිකක් දානව පැනි රස වෙන්න

සෝඩා දාලා "පාවිච්චි කලාම" පහුවදාට ගඳ වැඩී වාගෙ තේරැනේ නැද්ද.අනාගතේ සීනි කේස් ගැනත් හිතලා මට නම් ස්ප්‍රයිට් දශමයක් විතර වගෙ දැම්මම ඇති. කෝක් වලට කොකේන් නිසා නිල් වෙන්න වදිනවා.

සෝඩා විතරක්ම දාල බොන්නේ නැති පහුවදා ගඳ ගැන නම් කියන්න තරම් තේරුමක් නැහැ.

සීනි ගැන හිතන නිසා තමා මාත් වැඩි පුරම සෝඩා වලට යන්න හිතුවේ

Bloggers.com - Meet Millions of Bloggers