කනපිට හැරවීම

Written by ම on Saturday, May 2, 2009 at 8:00 PM

පොඩිකාලෙ දවසක ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇහුවා "දැකුළු මල්" දැකලා තියෙනවද කියලා. ඒ මල් ජාතිය ගැන දහ අතේ කල්පනා කරනකොට හාමුදුරුවෝ "බීරි මස්කට්" දෙන්න ද ඇහුවා කන්න. නොදන්න දෙවල් කන්න ඒ කාලෙ බය නිසා එපා කියලා අර මල් ජාතිය මොනාද කියලා කල්පනාකලා.

ඊටත් පස්සෙ කාලෙක බේතකට කියලා "පොටිච්ච වැල්" හොයාගෙන එන්න කිව්වා. ගස් වැල් ජාති ගැන කිසිම අදහසක් නැති මට මේවා කොහෙන් හොයන්නද කියලා තමා හිතුනේ. පහුගියකාලෙක කොස් කඩේකට ගිහින් "කොස් කිරන්න" කියපු නෝනා කෙනෙකුගෙන් කඩේ හිටපු කොල්ල කොහාටද කිරන්න ඕනේ කියල අහපු කතාවකුත්, ජනප්‍රිය වෙච්ච සිංදුවක "ඉල්ලල අඹ" ගන්න කතාවකුත්, Class යනකොට කොල්ලෝ නීතිය හදාරන අයට තමන්ගේ "නඩුව බලො" ගන්න බැරිද කියලා ඇහිල්ලකුත් තිබ්බ .

සිංහල බාසාව හැර වෙනත් බසක හෝඩිය ඇරෙන්න වෙන මොකුත් වැඩිය දන්නේ නැති නිසා මේ වගෙ වචන ඒ බාසාවලත් තියෙනවද කියලා දන්නේ නැහැ හැබැයි අපේ නම් තියෙනවා ඕනේ තරම්. අහලා තියෙන වචන නම් ගොඩයි ඒත් මේ වෙලාවේ මතක් වෙන සභ්‍ය ඒවා ටිකනම් මෙච්චරයි අනික් සේරම අසභ්‍ය.

අසභ්‍ය මේ විදිහේ වචන නම් නිතරම පාවිච්චි වෙනවා. මොකෝ අනික් අයට තේරෙන්නේ නැති නිසා කියන්න පුළුවන්නේ ඕනේම තැනක. අනික කියන වචනේ තෙරුමක් තියෙනවා අනික් පැත්ත හැරෙව්වම කුණු හරපෙකුත් තියෙනවානේ

5 Responses to "කනපිට හැරවීම"

Comment by සුපුන් සුදාරක
May 3, 2009 7:12 AM #  

බිපෙසි :D

Comment by Priyankara Perera
May 3, 2009 9:42 AM #  

"දැකුළු මල්"
මකුණු දෑල්

"බීරි මස්කට්"
මාරි බිස්කට්

"පොටිච්ච වැල්"
වෑටිච්ච පොල්

"කොස් කිරන්න"
කිස් කොරන්න

"ඉල්ලල අඹ" ගන්න
අල්ල ඉබ ගන්න

"නඩුව බලො" ගන්න
බඩුව නලවා ගන්න.

@ සුපුන් සුදාරක…
ඔයාගේ වචනේ තේරුම දන්නෑ !

Comment by meegodaya/saman
May 3, 2009 11:00 AM #  

පිනකට ගෙලාබන..!

Comment by සුපුන් සුදාරක
May 3, 2009 1:44 PM #  

@Priyankara Perera- "බිපෙසි" කියන්නේ ඉංග්‍රීසි අන්තර්ජාල වහරේ බහුලව භාවිතා වෙන "Rolling On The Floor Laughing" කියන වාක්‍යයේ කෙටි යෙදුම වෙන "ROTFL" කියන‍ කෙටි යෙදුමට අදාලව සිංහල භාෂා අර්ථයෙන් "බිම පෙරළෙමින් සිනාසෙනවා" යන වාක්‍යයේ කෙටි යෙදුමයි :)

Comment by පොතේ ගුරා
May 4, 2009 11:10 PM #  

හික් හික්..මරු වචන සෙට් එක!

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates