අනං මනං ටිකක්

Written by ම on Thursday, May 28, 2009 at 9:32 PM

පහුගිය දවසක නිකන් ඉන්න බැරුවට මෙන්න මේ URL ( http://www.wwwdotcom.com/ ) එක ගහල බැලුවා මාර වෙබ් අඩවියක් තමා ඒකේ තියෙන්නේ ඔයගොල්ලොත් ගිහින් බලන්නකෝ.
මිනිස්සුන්ටත් හිතෙන දෙවල් මාත් ඕක ගහල බැලුවේ එක ගන්න පුළුවන්නම් ගන්න හිතාගෙන ඒත් මට කලින් වෙන කෙනෙකුට ඒක හිතිලනේ.

ලංකාවෙනම් තාම සූකර උණක් ගැන කතාවක් නැහැ ඒත් මේ දවස් වල කිසිම කෑම කඩේක ඌරුමස් විකුනන්නේ නැහැ. ඉතින් ඌරු මස් ටිකක් ආසාවට කන්න කඩයක් නැහැ. අපේ ගෙදර ගෙන්නේ නැහැ හැබැයි කාල ආවට අවුලක් නැහැ යකාගෙ සිරිත් තමා.

කඩේ තේ බොනකොට දෙන්නෙක් කතා වෙනවා බොනකොට පළවෙනි බෝතලේ ගේන්න සල්ලි දෙන්නේ ඇඟෙන් ඇටයක් දෙනවා වගේ අමාරුවෙන්ලු ඒත් දෙවෙනි තුන්වෙනි එකට සල්ලි පැනලා දෙනවලු ඒ කතාවනම් සහතික ඇත්ත. ඕකට මරු වැඩක් කරලා තිබ්බ මන් දන්න කට්ටියක් මුලින්ම බෝතල දෙක තුනක් ගෙනත් පළවෙනි එක නොමිලේම බොන්න දීල ඊට පස්සේ බීපු අයගෙන්ම සල්ලි එකතු කරලා වැඩි ගානට අනික් බෝතල් විකුනලා ඒ විකුනපු බෝතල් වලින්ම ආපහු බීල. අතේ සල්ලි තියාගෙන පිනට බොන්න එන උන්ටනම් ඔහොම කරන්න ඕනේ.

පොසොන් නිවාඩුව ඉරිදා අපරාදෙ තව දවසක් එහාට පැන්න නම් දවස් තුනක් නිවාඩු. පේනවනේ අපි වැඩ කරන්න කොච්චර උනන්දුද කියලා වැඩකරන දවසක් නැති නොවුන එක ගැන දුක් වෙනවා.

5 Responses to "අනං මනං ටිකක්"

Comment by Thilina
May 28, 2009 9:52 PM #  

උඹත් තීම් එක වෙනස් කළාද? එළ එළ ලස්සනයි... මොකද මනදා මේ ද‍වස් වල හැමෝම තිම් වෙනස් කරනවා... හික්...

Comment by
May 28, 2009 10:04 PM #  

හරි යන්නේ නැහැ බන් . මේක කියවන්න ටිකක් අමාරුයි වගේ
වෙන එකක් දාන්න ඕනේ

Comment by malee_msg
May 29, 2009 9:31 AM #  

හනේ ඔව්. ලබන මාසේ ආසාවකට කියලා නිවාඩුවක් නෑ...:( සදුදා දවස් 5ක්ම තියනවා..!

Anonymous
May 29, 2009 7:23 PM #  

parana theme eka hodai!!!
eka ona!

Comment by දේශපාලුවා
May 30, 2009 1:14 AM #  

Online Hypocrisy මිත්‍ර වරුනි Times online කාරයින්ගේ දෙබිඩි පිලිවෙත ගැන මගේ විග්‍රහයත් පොඩ්ඩක් කියවන්න.

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates