දන්සැල්

Written by ම on Saturday, May 9, 2009 at 7:48 AM

ඊයේ වෙසක් පොයනේ මාත් ඉතින් ගියා දන්සැල් වඳින්න. (පොයටවත් පන්සල් නම් වඳින්න යනවා අඩුයි) උදේ මුලින්ම ගියේ කඩල දන්සැලකට ඒකනම් නියමෙට තිබ්බ (බයිට් එකට මරු. කෝ ඉතින් වහලනේ නැත්නම් මොනා හරි කරන්න තිබ්බ පෝය දවසේ උදේම) ඊට පස්සෙ සරුවත් දන්සැලක්. දවල් කන්න දන්සැලක් හොයාගෙන ගියත් හම්බ උනේ නැහැ ඒක නිසා ෆෘට් සැලඩ් දන්සැලකින් සෑහීමකට පත් වෙන්න සිද්ධ උනා.

ආපහු රෑ, මුලින්ම සිසිල් පැන් ඊට පස්සෙ ජීවිතේ පළවෙනි වතාවට බත් දන්සැලකින් කෑවා. බත්, කොස්, කරවල හොදි, පරිප්පු, අඹ මාළුව, බැදුමක්, අච්චරු තිබ්බ බත් එක නම් නියම රසයි. කෑමට පසු අයි කෝන් එකකුයි කෙසෙලුයි දුන්න. ඒකත් කාල එනගමන් ආයි අර සිසිල් පැන් එකෙන් බීල, සව්, කිරි කෝපි දන්සැල් දෙකක් වැන්දා. රෑ අන්තිමට ගියා සුප් දන්සැලකට. ඒකත් ඉතා ඉහල තත්වයේ තිබ්බ මිනිස්සු ෂොපින් බෑග් වලට හිටන් සුප් අරන් ගියා.

දන්සැල් දෙන එකයි දන්සැල් වලින් කන එකයි දෙකම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ජොලියට කියලයි මටනම් හිතෙන්නේ නැතුව ඒකෙ ආගමික දෙයක් නම් තියෙනවද මන්දා. සද්දෙට සිංදු දාගෙන අනික් අයගෙන් සල්ලි එකතු කරලා බලෙන් දෙන දන්සැල්, පෝලිමෙ ඉඳලා ගිහින් බත් කන, සුප් බොන දන්සැල් වලින් සෙතක් නම් වෙනවද මන්දා. (මාත් හොඳට කාල බීලා ඇවිත් ඒවටම බනිනවා)

7 Responses to "දන්සැල්"

Comment by ecH
May 9, 2009 8:46 AM #  

මමත් ඊයෙ තව යාළුවො දෙන්නෙක් එක්ක දන්සල් ගණනාවක් වන්දනා කලා. අර කිව්ව වගේ ඕක අර නිකං දෙන නිසා කට්ටියගෙ පිං එකවුන්ට් එක පුරවගන්න කියල හිතාගෙන කලත් ආතල් වැඩක් විධියට තමයි සිද්ධ වෙන්නෙ. සාමාන්‍යයෙන් ගමේ කොල්ලො සෙට් එක දෙන දන්සැලේ මූලික අරමුණ තමයි ඉක්මණට දන්සල ඉවර කරල එතනටම වෙලා සින්දුවක් දාගෙන නටන එක. දන්සැල තියෙනවට වඩා නටන වෙලාව වැඩියි. හික් හික්...

Comment by
May 9, 2009 9:13 AM #  

අපෙ කට්ටියකුත් දන්සැලක් දෙනවා මුලින්ම ගෙනාවේ බෝතල් (හැබැයි එකතු කරපු සල්ලි වලින් නෙමෙයි) ඊට පස්සෙ තමා දන්සැලට ඕනේ කරන එවා. දන්සැල ඉවර වෙලා බීල හොඳට නටයි සිංදුවක් දාගෙන. පහුගිය සැරෙත් ඒ විදිහට තමා වෙලා තියෙන්නේ

Comment by Thilina
May 9, 2009 10:48 AM #  

මම නම් ඊයේ උදේම කඩල දන්සැලකට ගියා. ද‍වල්ටයි රෑටයි බත් දන්සැල් දෙකක‍ට ගියා. නියමෙට තිබුණා.

Comment by C4
May 10, 2009 8:57 PM #  

උබ වගේ පෙරෙත යකේක් බන් ඔය කාපු තරමට ලෙඩක් හැදුනොත් හොයාගන්න බැරි ලෙඩක් තමා

ඇතතටම බන් අරක්කු දන්සලක් දිපල්ලාකෝ තනියම බොන්නේ නැතුව

Comment by
May 10, 2009 9:34 PM #  

මගෙ බඩ ඕනෙ දෙකට ඔරොත්තුයි බන්. මොනා කෑවත් බඩේ ලෙඩ නම් නැහැ

සිරාවට එහෙම අදහසක තියෙනවා
ගල් බොතල් දාහක් ගෙනත් එකාට 100ml ගානෙ දෙනවා බිපු උන්ගෙ අතේ තීන්ත පාරක් ගානව ඡන්දෙදි ගානවා වගේ එතකොට එකාට දෙපාරක් බොන්න බැහැ. හැබැයි මන් හිතන්නේ පොලිස් ආරක්ෂාව ඕනෙ වෙයි මේකට

Comment by malee_msg
May 11, 2009 9:05 AM #  

ම්ම්ම් බලමු මගේ මෙවර දන්සැල් වැදීම කෙසේද කියලා....
පෙරේදා දානේ අරන් ගිහිං එනකොට උදේ පාන්දර කොළකැද දන්සැල් එකයි!
ඊයේ රෑ පන්සල් ගිහිං එන ගමන් ගමේ වෙසක් කූඩුවක් බලන්න ය‍නකොට සරුවත් එකයි නෙස්කැෆේ එකයි කෝඩියල් එකයි සව් එකයි ‍එතකොට සේරම 4යි :D

පොසොන් එක‍ට අපේ තාත්තයි එයා‍ගේ යාළුවෝ 10ක් විතරයි එකතු වෙලා දෙන බත් දන්සැල තියනවා හැමෝම එන්න.. රෑට වඩා හොදයි ඉවර වෙන වෙලාවට වගේ ආවනම් කාලා බීලම යන්න පුළුවන්

Comment by
May 11, 2009 10:54 AM #  

පෝලිමේ ඉන්නැතුව ඇතුලට යන්න දෙනවනම් අපි එන්නම්

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates