
සාමාන්‍යයෙන් මම ඕනෑම පළතුරක් කනව ඒත් දූරියන් කියන්නේ කාලෙකට විතරක් කන්න හම්බ වෙන එකක් නිසා ඒකට ගොඩක් කැමතියි. ඉස්සර නම් මටත් මේකෙ ගඳ පෙන්නන්න බැහැ ඒත් දැන් නම් දූරියන් සුවඳ එනකොටත් ඉන්න බැහැ.
දූරියන් ගෙඩියක් කනවා කිවුවම මෙහෙම කෑමක් කියලා හිතන්න එපා ගෙඩිය ලොකු උනාට ඒකෙ ඇතුලේ තියෙන්නේ මදුළු 10ක් වගේ ප්‍රමානයක් ඉතින් දූරියන් ගෙඩි දෙක තුනකට වග කියන එක එච්චරම අමාරු නැහැ.දූරියන් ඇටත් මොනාද මන්දා කරලා බොනවලු ඒකනම් මන් කරලා නැහැ.
මේ දවස් වල දූරියන් හරියට තියෙනවා ඒත් කොච්චර තිබ්බත් ගාන නම් අඩු නැහැ රුපියල් 100 සිට ඉහලා තමා තියෙන්නේ සාමාන්‍ය තරමේ ගෙඩියක් රුපිටල් 200ක් විතර වෙනවා. දූරියන් ගහක් දෙකක් තිබ්බ නම් මේ දවස් වල දූරියන් වල ගානෙ හැටියට හොඳ ගානක් හොයා ගන්න තිබ්බා
දූරියන් ගහ යටින් අලියෙක්වත්යන්නේ නැහැ කියන්වා. ඒකනම් ඇත්ත මාත් දූරිය ගෙඩිතියන ගහක් දැක්ක, බයේ බැහැ ලඟට යන්න එකක් හරි වැටුනොත් ඔළුව ඉවරයිනේ. දූරියන් ගෙඩිය දැක්කම හිතෙනේ ඒකට නම් සත්තුන්ගෙන් හානියක් නැහැ කියලා ඒත් ලේන්නුන්ගෙන් දූරියන් බේරගන්න බැහැලු.ලේනා හරියටම මදුළු තියෙන තැන හාරලා කනවා කියලා මට කව්දෝ කිවුවා.
14 අදහස්:
මේක බයිට් එකට ගන්න පුළුවන්ද කියලා කවුරු හරි දන්නවද?
මම ජීවිතේට දූරියන් කාල නැහැ. පොඩි කාලෙ නම් ඒකෙ සුවදට(ගදට) ආස නැහැ පස්සෙ කාලෙකදිත් දූරියන් කන්න කැමැත්තක් ඇති නොවුනෙ ඒ නිසා වෙන්න ඕනෙ. ට්‍රයි එකක් දාල බලන්න ඕනෙ වෙලාවක.
බ්ලැක්කා... ඔකේ ගද ඉවසගන්නේ කොහොමද අප්පා.. අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා.. දූරියන් පෙරේතියෙක් මොන එහෙකට කනවද මංදා.
හැබැයි දූරියන් වල හොද ගුණ තියනවා කියලා මං අහල තියනවා..
ආ.. තව දූරියන් ගන්නකොට පැලිලා තියන එවා ගන්න එක හොදයිලු...
දූරියන් වල රස දන්නවනම් ඔහොම කියන්නේ නැහැ.
ඔව් ඔව් ගුණ ගොඩක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා (විශේෂයෙන් විවාහක අයට මන් තාම තනිකඩ නිසා ඒ ගුණ ගැන දන්නේ නැහැ)
මන් නම් කන්නේ ගුණ නිසා නෙමෙයි රස නිසා
පැලිච්ච ගෙඩි හොඳට ඉදිලා ඒක නිසා පැළුනු ගෙඩි හොඳයි.
මම නම් බීල තියෙනවා දූරියන් ඇට වලින් හදන බීම. මුලින්ම බොන කොට විනාකිරි වගෙ. හැබැයි ලුණු ටිකක් දැම්මම ෂේප්..
දූරියන්...!!!!????? ඕක්... ඕක්...
අපේ නිලන්ත සහෝ තමා මෙතන ඉන්න තිබුනේ.... දුරියන් ගැණ කියනකොට මට නැන්දලගේ ගෙතර මතක් වෙන්නේ... එහේ ගස් 2ක් තියෙනවා... මොනා වුනත් කවුරු මොනවා කිව්වත් ඒක නම් නියම කෑමක්... බයිට් එකට හරි නෑ... මදුලු අඩු නිසා වැඩිපුර තියෙන්නේ ඇටේ නිසා... කට්ටියගෙන් අදහස දාපු එකාට වැඩිවෙනකොට ගුටිකන්න වෙන නිසාත් බයිට් එකටනම් හොඳම නෑ...
එහෙනම් බයිට් වැඩේ අතඇරලා දාමූ. කොහොම්ද දුරියන් බීම හදලා සැන්ඩි වලට ගත්තොත්?
මමත් මේළඟදී දවසක අමාරුවෙන් හරි ගඳ(සුවඳ) ඉවසගෙන මඳුලු දෙක තුනක් කාලා බැලුවා.(කාලා නැති නිසාම කාලා බලන්න හිතුනා :D ) නරකම නෑ වැඩේ ගඳ(සුවඳ) තමා ඉවසන්න බැරි. රස නම් හොඳයි.
නියම කැම එත් අපිනම් ඔවා සල්ලිවලට කන්නේ නැ කරුවලට බය නැත්නම් දුවන්නත් පුදුවන්නම් ඔවා අඩු මහන්සියකින් උපයා ගන්න පුදුවන්
සේරම තියෙනවා ලඟ පාත ගහක් තමා නැත්තේ
ආසයි බයයි
බෝට්ටුවේ නමයි
අනේ මම කාලා නැහැ.
:(
හැබැයි හරි ගුණදායි පළතුරක්ලු.
අද තමයි කෑවේ අව්ලක් නෑ
Post a Comment