මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නියම සිංදුවක් අහන්න ලැබුනා.

මෙන්න අහන්න
මෙන්න පදවැල

දළ වශයෙන් ගත්තම සිංහලෙන් කියන්වනම්
"ගංජා ගහලා ආතල් විඳින්න තවත් දවසක් මට ජීවත් වෙන්න දුන්නට දෙවියන්ට ස්තූතියි" වගේ අදහසක් තමා කියැවෙන්නේ (මගෙ ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි ඒක නිසා මට තෙරුන විදිහ හරිද මන්දා. අනේ මේ සිංදුවෙන් කියැවෙන්නේ එහෙම එකක් නෙමෙයි නම් සමාවෙන්න ඕනේ)

මෙහෙම එකක් සිංහලෙන් කිව්වොත් කොහොමට හිටීද?

නෙදර්ලන්තයේ තියෙන ඇමැස්ටර්ඩෑම් කියන නගරයේ කෝපි කඩවල නිත්‍යානුකූලව ගංජා විකුනන්න අවසර තියෙනවලු. ඉතින් මෙහෙ වගේ නැතුව අමාරුවෙන් හොයාගෙන හොරෙන් විඳින්නේ නැතුව ඒ පැත්තේ ගියානම් සුන්ඳර හැන්දෑවක ප්‍රසිද්ධියේ ඉඳගෙන මිහිර විඳින්න තිබ්බ. (මටනම් ඒක මැවිලා පේනවා)
(මිහින් එයාර් ලාබෙට ටිකට් දෙන්නේ නැද්ද දන්නේ නැහැ එහෙ යන්න)

මම පාවෙනවා උඹත් පාවෙනව
අපි අහසටම පාවෙමු
බලපන් සමනල්ලු පියාඹනවා
ගංජා අපේ හිතේ කරදර සියල්ල නැති කරනවා............

මේ චිත්‍රපටියෙත් හොඳ ටිකක් තියෙන්වා ගංජා ගැන

අංක දොලහ
අපේ මකර රජ දහනේ එක පාරක් තිබ්බා "මම මලක් ගැසුවෙමි" කියලා ලිපිය ඒකට ආපු සමහර අය ඇවිත් තිබ්බේ මලක් ගැහුවම මොනවගේද කියලා දැන ගන්න. කාලෙකින් මලක් ගහන්න ලැබුනේ නැති නිසා මටත් ඒක මොන වගේද කියලා හරියටම මතක නැහැ.

ඒත් ෆුල් ආතල් කියලානම් මතකයි. ඇත්තටම මලක් ගැහුවම මොන වගේද කියන එක කාටවත් කියන්න බැහැ ඒක තමන්ම අත්විඳලා බලන්න ඕනේ දෙයක්. මෝකො එක එක්කෙනාට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට නිසා.

පාවෙනවා වගේ. මම ගහපු හැමවෙලේම වගේ වෙන ඒවත් මිශ්‍ර වෙලා නිසා තනිකරම මලේ අගය විස්තර කරන්න විදිහක් නැහැ. හොඳටම මතක එකම දේ තම ඊට පස්සේ ඇති වෙච්ච පුදුමාකාර බඩගින්න. ඒක නිවා ගන්න එක පාරක් අයිස් ක්‍රීම් ලීටරයක් විතර කෑවා


ඊයෙ මට මරු සිංදුවල්ක් අහන්න හම්බ උනා
ඔයාල නම් කලින් අහලත් ඇති. ගිහින් බලන්නකෝ. මන් හිතන්නේ මේක ජෝතිපාලගෙ එකක් පද වෙනස් කරලද කොහෙද

පුන් සඳ පායල ඇති රෑක
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කර ගන්නට දුක සෝක
හැමදාමත් කරනවා මේක

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
ඇට නැටි ඇහිඳලා
මල් ඔතනෝ

සියරට අප දේ
සිරි සැප ගෙන දේ
ගහන අයයි ඒවා දන්නේ

මත්පැන් වගේ නෑ
වැඩි වියදම් නෑ
පොඩි ගානයි මේකට යන්නේ

ඉස්සර වගේ නෑ
දැන් දුංකොළ නෑ
සුදු කොළයක ඔතලයි බොන්නේ

බිව්වට වෙරි නෑ
කළබලයක් නෑ
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

තණමල්විල හා
ඇඹිලිපිටියෙ සිට ලොරි බස් යට
සැඟ විල එන්නේ

ඉන්පසු කොළඹින්
හොරෙන් හොරෙන්මයි
මේවා රට වට විසිරෙන්නේ

බාධක මැඩගෙන
අවොත් දුරසිට
අහු උනොතින් කෙලවිල යන්නේ

කොපමන සුර සැප
තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

දීපාල් සිල්වා

නීති විරෝධී උනත් ලංකාවෙ තියෙන් ඕනම නගරෙක ගංජා මිලදී ගන්න පුළුවන්. ඔතන්න දන්නවනම් පැකට් එකක් ගන්න එක ලාබයි නැත්නම් ඔතපු ඒවත් තියෙනව. මන් ඉස්සෙලම ගංජා බිවුවෙ පළවෙනි පාර A/L ඉවර උන දවසෙ. එදා විභාගෙ ඉවර වෙලා අපේ සෙට් එක ගියා නාච්චිමලේ. යනගමන් මල් පෝච්චි විකුනනු ලැබේ කියල බෝඩ් එකක් ගහල තිබ්බ ලෑලි කඩේකින් මල් පැකට් එකක් අරගෙනම තමා ගියෙ. අපි එක්ක ගිය සූස්තිය කියල හිටපු පොරක් දෙයියන්ට පූජා වට්ටියක් හදන තරම් භක්තියකින් මල් පැකට් එකෙ රොඩු අහක් කරල හැදුවෙ නැතෑ ලොකු පන්දමක් තරම් ගංජා සුරුට්ටුවක්. අපි සේරම එක බිව්වා සූස්තිය කියන කපුගේගෙ සිංදු අහ අහ. කොහොම හරි අන්තිම වෙනකොට මගෙ කන සාක්කුවෙ ගලුයි මලුයි ගහල. ගෙදර එන්නකලින් කබරය පාරකුත් දල මොකුත් උනේ නැහැ විභගෙ විතරක් ඉවර උනා වගේ ගෙදර ආව මල රෑ වෙලා. එදා ගංජා වලට වහ වැටුනු මම තමත් ගංජා දුමට පෙම් කරනව. දැන් A/L කරලනම් අවුරුදු 10 කටත් කිට්ටුයි එත පස් හය වතවකට වඩා මට ගංජා රස බලන්න නම් හම්බ වෙලා නැහැ. ඒක නිසා මගෙ ගංජා වලට තියෙන කැමැත්ත භයානක දෙයක් නෙමෙයි

නම අහනකොටත් මගේ මූනේ හිනාවක් ඇදෙන ගංජා ගැන මොනාහරි නොලිව්වොත් මගෙ හිතට හරි නැහැ. එහෙම කිව්වට හිතන්න එපා මම ගංජා කාරයෙක් කියල නිතර භාවිතා නොකලත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මග හරින්නෙත් නැහැ. මල්, ගංජා, සූස්ති, ජොයින්ට්, කංසා, රොකට් ඔය කොයි නමින් හැඳින්නුවත් සේරගෙම මන් දන්න විදිහට නම් තියෙන්නෙ වේලපු කංසා ගස් වල මල්. අපේ බල්ලට බඩේ අමරුවක් හැදුනමයි ඌ කෑම කන්න එක අඩු උනාමයි උගේ බත් එකට ගංජා ටිකක් දාල දෙනව. ඒ වෙලාවටනම් හිතෙනව බල්ල උනානම් හොඳයි කියල. ඒත් ගංජා දුමෙන් එන ආතල් එක කනකොට තියෙනවද කියල ෂුවර් නැහැ. මට තියෙන අත්දැකීම් වලා හැටියට ගංජා තරම් කෑම රුචිය වඩවන දෙයක් තවත් මේ ලොකෙ නම් නැතුව ඇති. ගංජා බිව්වට පස්සෙ කන්න පුළුවන් බඩ පැලෙන්න. අපේ මිනිස්සු ඉතින් හැම දේම නරකටනෙ යොදගන්නෙ නැත්නම් ලෝකෙ සමහර රටවල් තියෙනව නීත්‍යානුකූලව ගංජා බොන්න පුළුවන්. අනික ලෝකෙ තියෙන ඉස්තරම්ම වර්ගයෙ රෙදිවර්ගයක් නිපදවන්නත් ගංජා ගස් භවිතා කරනව. ගංජා බීල පැණිරස කන්න කියන්නෙ එත්කොට ආතල් එක වැඩි වෙන නිසා

අපෙ දුකා කියන විදිහට
පැණි රස කෑම දිවගාල කංසා බොන්න සොඳා

Bloggers.com - Meet Millions of Bloggers