මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඕන් ආයෙත් මගේ ප්‍රියතම මාසය උදාවෙලා. දෙසැම්බර් කියන්නේ ඉතින් මන් වැඩිපුරම බොන මාසය. ඉතින් කාලෙකට කලින් ලංකාවෙන් ගිය මගේ මචං ඕන් තව දවස් දෙක තුනකින් ආයි එනවලු. මන් මේ ඒක අහපු දවසේ ඉන්නදලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්තම කියන්වනම් එයාලා මෙහෙන් ගිය දවසේ ඉඳන් අපි ප්ලෑන් කරන්නේ ආපහු ආපු දවස්ට සෙට් වෙන විදිහ ගැන.

ඔන්ලයින් ස්කයිප් එක හරහා බොන්න සෙට් වෙන්න හිතාගෙන හිටියත් ඒක උනේ නැහැ මේ වෙලාවේ වෙනස නිසා. මොකො රටවල් දෙක අතරේ තියෙන වෙනස නිසා එක්කෙනුට බොන්න වෙන්නේ අවේලාවේ . එක්කො මන් උදේ 7 ට 8 ට බොන්න ඕනේ එහෙම නැත්නම් එයා මහ රෑ බොන්න ඕනේ. ඒක නිසා ඒ වැඩේ කරන්න ලැබුනෙම නෑ.

අපි කොහේ හරි කෑමකට යනකොට නම් කියන්නේ කලින් දවසේ ඉඳන් නොකා ඉන්න කියලා ඒත් අපිනම් කතා උනේ නොවැම්බර් ඉඳලම ටික ටික බීලා දෙසැම්බර් බොන එකට අක්මාව පදම් කරගන්න ඕනේ කියලා මොකො නැනම අක්මාවට උනත් දෙසැම්බර් වල ලොකු ප්‍රමානයක් දරාගන්න බැරි වෙන නිසා.

මන් හිතන්නේ දැන් අවුරුදු 4 , 5 ක ඉඳලම අපි දෙන්නා දෙසැම්බර් 24 පටන් ගන්න බීම නවත්තන්නේ 26 රෑට (එක දිගට එහෙම නෙමෙයි දවල් රෑ දවල් රෑ ). ඉතින් මේ පාරත් ගානට නිවාඩු එහෙම සෙට් වෙලා තියෙනවා ඒ කටයුත්ත බාදාවක් නැතුව අපිට කරගෙන යන්න. ඉතින් හැමෝටම චියර්ස්ස්ස්ස්ස්............!!!!!!!!!

බලාපොරොත්තුව දෝත දරා
මම බලා ඉඳී අපි බොන තුරා...

නිකන් ඉන්න වෙලාවට මන් අපේ සුද්ද සිංහල වචන වලට ගූගල් වල තියෙන තැන හොයන්න ඒවා ගූගල් වල Search කරලා බලනව. මේ ලඟදි ආපු ප්‍රථිඵලයක් දැක්කම මටම පුදුමයි. අපේ කුණුහරපවලට ගිය තැනක්. කැමති නම් ගිහින් බලන්න. (කාන්තාවනට සුදුසු නැත ) ඉතාලියේ රොක් සංගීත කන්ඩායමක පලමු ඇල්බමයේ නම අපේ ලංකාවට අනුවනම් සුද්ද සිංහල එකක්. වැඩේ තියෙන්නේ Amazone වල මේක විකුනන්නත් තියෙන්වා ඒ නමින්ම. ලඟදි මචං නුත් බලපු නිසා අපේ ඈයො පිටරටවල ගිහින් නිකම්ම ඉන්නේත් නැහැ කියලයා හිතුනා.

මූ නම් මහ නැහැදිච්ච එකෙක් කියලා මට බනින්න නම් එපා ඕන්. ඔව් මම නැහැදිච්ච එකෙක් තමා. මගේ කොම්පියුටර් එකෙන් මම මට හිතෙන ඕනෙම වචනයක් Search කරනවා ඒකෙ වැරැද්දක් නැහැනේ.

සිංහලෙන්ම සුද්ද සිංහල වචන Search කලාම ගොඩක් ප්‍රතිඵල එන්නේ සිංහල බ්ලොග් වලට අනික් අය දක්වපු අදහස් ඉතින් එහෙම අදහස් දක්වන අයට සාපේක්ෂව මන් එච්චරම පහත් කියල මන් හිතන්නේ නැහැ.

මචං ගැන ගොඩ දෙනෙක් බ්ලොග් වල ලියල තිබ්බ

මලී
ආගන්තුකයා
ප්‍රියංකර
පැතුම්
තිලිණ

මේ හැමෝම වගෙ කියල තිබ්බේ හොඳයි කියලා. මාත් කියන්නේ හොඳයි කියල තමා.
අබා ගැනත් බ්ලොග් ලිපි දකින්නට ලබුනා. ඒත් මචං තරම්ම ලිපි මම නම් දැක්කේ නැහැ.

සුපුන්
අදහස් අවකාශය
රජිත් විදානආරච්ච

මම කියන්න යන්නේ ඒක නෙමෙයි අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය අබා ගොඩක් වර්ණනා කලා. මචන් වලට එයාලගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒත් බලපු අපේ ප්‍රතිචාර අබා වලට වඩා මචං වලට වැඩී ඒ කියන්නේ අපි හරියට ෆිල්ම් බලන්න දන්නේ නැහැ කියන එකද නැත්නම් එයාල දන්නේ නැහැ කියන එකද?එහෙමත් නැත්නම් ඒ උදවිය චිත්‍රපටි වලට සහතික දෙන්නේ ඒකෙ ඉන්න අය හදපු කෙනා එහෙම දිහා බලා මිසක චිත්‍රපටිය බලන්නේ නැතුවද?එහෙමත් නැත්නම් අපි චිත්‍රපටියක් වත් හරියට රස විඳින්න දන්නේ නැති මෝඩයොද?

අනේ මන්දා

Bloggers.com - Meet Millions of Bloggers