මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නියම සිංදුවක් අහන්න ලැබුනා.

මෙන්න අහන්න
මෙන්න පදවැල

දළ වශයෙන් ගත්තම සිංහලෙන් කියන්වනම්
"ගංජා ගහලා ආතල් විඳින්න තවත් දවසක් මට ජීවත් වෙන්න දුන්නට දෙවියන්ට ස්තූතියි" වගේ අදහසක් තමා කියැවෙන්නේ (මගෙ ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි ඒක නිසා මට තෙරුන විදිහ හරිද මන්දා. අනේ මේ සිංදුවෙන් කියැවෙන්නේ එහෙම එකක් නෙමෙයි නම් සමාවෙන්න ඕනේ)

මෙහෙම එකක් සිංහලෙන් කිව්වොත් කොහොමට හිටීද?

නෙදර්ලන්තයේ තියෙන ඇමැස්ටර්ඩෑම් කියන නගරයේ කෝපි කඩවල නිත්‍යානුකූලව ගංජා විකුනන්න අවසර තියෙනවලු. ඉතින් මෙහෙ වගේ නැතුව අමාරුවෙන් හොයාගෙන හොරෙන් විඳින්නේ නැතුව ඒ පැත්තේ ගියානම් සුන්ඳර හැන්දෑවක ප්‍රසිද්ධියේ ඉඳගෙන මිහිර විඳින්න තිබ්බ. (මටනම් ඒක මැවිලා පේනවා)
(මිහින් එයාර් ලාබෙට ටිකට් දෙන්නේ නැද්ද දන්නේ නැහැ එහෙ යන්න)

මම පාවෙනවා උඹත් පාවෙනව
අපි අහසටම පාවෙමු
බලපන් සමනල්ලු පියාඹනවා
ගංජා අපේ හිතේ කරදර සියල්ල නැති කරනවා............

මේ චිත්‍රපටියෙත් හොඳ ටිකක් තියෙන්වා ගංජා ගැන

අන්තර්ජාලය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්ථකාලයක්. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් ගැන ඉගෙන ගන්න ඕන කරන ලිපි, පාඩම්, වීඩියෝ පට අන්තර්ජාලයෙන් හොයාගන්න එක එච්චරම අපහසු දෙයක් නෙමෙයි. උනන්දුවෙන් කැපවෙලා හොයන කෙනෙකුට අන්තර්ජාලය හරියට ප්‍රයොජනයට ගන්න කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය රැකියාවක් උසස් අධ්‍යාපනයක් අන්තර්ජාලයෙන් ලබාගන්නත් බැරිකමක්ම නැහැ ඒත් කනගාටුවට කාරනේ කියන්නේ මෙච්චර වටින කියන අන්තර්ජාලය මම නම් පාවිච්චි කරන්නේ කාලය කාදැමීමේ අංගයක් හැටියටයි.

මම විතරක් නෙමෙයි බොහෝදෙනෙක් අන්තර්ජාලයෙන් හරියට ප්‍රයොජන ගන්නවද කියලා මටනම් සැකයි. Facebook,hi5, forums, email, news, mp3, film අඩවිවල ගතවෙලා තියෙන මගේ කාලය මන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්වනම් මේ වෙනකොට ඒකෙ ප්‍රවීනයෙක් වෙන්න තරමට කාලයක් මන් නාස්ති කරලා තියෙනවා කියල මටනම් හිතෙන්නේ.

18,20 ඉන්නකොට නාස්තිවෙන කාලය ගැන හැඟිමක් නැහැ හැබැයි 25,30 වෙනකොටනම් ඒ ගතවුනු කාලය ගැන කනගාටුවක් ඇති වෙනවා ඒක නිසා මන් මේ කියන්නේ අළුතින් අන්තර්ජාලෙට එකතුවෙන උදවියට. අන්තර්ජාලය ප්‍රයොජනවත් විදිහට භාවිතා කරන්න විනෝදය ටිකක් තිබුනම ඇති ගොඩක් වැඩ වලට යොදා ගන්න.

ලෝකයේ අනික් රටවල් වල ආර්ථිකයන් කඩාගෙන වැටෙද්දී අපේ රට එම අභියෝගයන්ට මුහුනදෙමින් නොසැලී ඉන්නවා කියලා තමා අපේ දේශපාලකයෝනම් කියන්නේ ඒත් ඒ කතාවේ ඇත්ත නැත්තනම් මම හරියටම දන්නේ නැහැ ඒත් අපේ රටේ විශාල වශයෙන් සේවකයන් රැකියාවල නියැළුනු කර්මාන්තශාලා කීපයකම වසාදමා හා සේවකයන් අඩුකරමින් සිටින වගනම් මට අහන්නට ලැබුනා.

මේ බොහොමයක් ආයතනවල ඉවතකරන සේවකයන් හරියට යන්ත්‍ර වගේ ඒ අය දන්නේ එකම එක කාර්යයක නියැලෙන්න විතරයි උදා: දියමන්ති කපන අය එය කිරීමට පමනක් දනී , විද්‍යුත් පරිපථ හෝ වෙනත් උපකරන වල කිසියම් කොටසක් සවිකිරීමට පමනක් තවත් පිරිසකට හැකියාව ඇත. ඇඟලුමකට බොත්තම් ඇල්ලීම, වාටියක් මැසීම , සිප් එකක් ඇල්ලිම රෙදි මැදීම, අසුරන වලට දැමීම, ලේබල් ගැසීම වැනි මෙකී නොකී කාර්යයන් එකක් හෝ දෙකක් පමනක් දන්නා පිරිස් දහස් ගනනක් මේ දිනවල ගලවා ඉවත් කරන යන්ත්‍ර මෙන් රැකියාවෙන් ඉවත් කරනු ලබයි.

එකම කාර්යයකට පමනක් හැකියාවක් ඇති මෙම පිරිසට වෙනත් රැකියාවක නියැලීමට හෝ ස්වයං රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. විශාල වශයෙන් සෙවකයන් ඉවත් කලත් ඒ ආකාරයෙනම අපේ රටේ රැකියා අවස්ථා අළුතින් ඇතිවන්නේ නැහැ.

ඉතින් මේ අයට සහ එයාලගෙන් යැපෙන අයවෙනුවෙන් මෙච්චර කාලයක් මේ උදවිය නිසා සැප විඳපු අයගෙන්නම් මොනවා හරි වෙයි කියලා මටනම් හිතන්න බැහැ. මේක සැබැවින්ම කනගාටුදායක තත්වයක්.

අයින් වෙනකොට මාස දෙක තුනක වැටුප දුන්නත් ඒ දෙන්නේ මූලික වැටුප පමනයි බොහෝ විට කමහල් වල සේවය කරන අයගේ මූලික වැටුප රුපියල් 3000ක් ඉක්මවන්නේ කලාතුරකින් ඉතිරි සියල්ල ඔවුන් ලබන දීමනා ඉතින් රුපියල් හත් අට දහසක් එකවර ලැබුනා කියා ඔවුන්ගේ ජීවිතවලට වෙන සෙතක් නම් නැහැ.

මේකත් නිකන් බලන්න

මෙවන් පුදගලයෙකු ගැන ලිවීමට තරම් මට ඔහුගැන දැනුමක් නැත. ඔහුගේ චිත්‍රපට සමහරක් මා නරඹා ඇතත් ඒවා ගැඹුරින් තේරුම් ගෙන නැත. පිටගම්කාරයෝ ටෙලිනාට්ටියා බැලුවා වගේ ලාවට මතකයක් ඇත. ඒත් එය තෙරුම් ගත්තේනම් නැති බව මට විශ්වාසය. ඔහුගේ මා විසින් කියවා ඇති ඔහුගේ එකම පොත "අයාලේ ගිය සිතක සටහන්" යන්න පමනි. එහි ඇති රසවත් බව නිසාම මම ඔහුට අතිශයින් ප්‍රියකරමි. ඔහු ගැන හෝ ඔහු සමග කල සාඛච්ඡා ඇසුරින් ලියූ පුවත්පත් ලිපිනම් හමුවූ සෑම විටම මා විසින් කියවා ඇත.

සාමාන්‍යයෙන් මෙරට ප්‍රසිද්ධ පුදගලයන් මියගිය විට මට ඒ ගැන කිසිම කනගාටුවක් නැත්තේ ඔවුන්ගෙන් මෙරටට සිදුවන සෙතක් නැති නිසාය එහෙත් මෑත්දී මියගිය කේමදාසයන්ගේ සහ මෙතුමාගේ අභාවන් සැබවින්ම මා සසල කලබව මට සිතේ. මන්ද යත් මොවුන් මියගියපසු ඔවුන් සතුවූ ඒ මහා දැනුම් සම්භාරය, හැකියාවන් ඔවුන් සමගම දැවී අළුවී ගිය බැවිනි. අනාගතයට සුරැකිව ඇත්තේ ඒ ගැන මතකයන් පමනි.

ඔහු ගැන ලිපි කිහිපයක්

සුදුර්ලභ මිනිසා
තිස්ස අභිමානවත් පිටගම්කාරයා
විශිෂ්ඨයෙකුගේ සමුගැනීම
නිල් අහස් තලේ නෑ වලාකුළු...
අයාලේ ගිය සිනමා වන්දනාකාරයා
රණකාමය, ජාතිකත්වය හා කලාකරුවා
සමසමාජකාරයා කවදත් හිස කෙළින් තබාගෙන නිවැරිදි දේ නිර්භයව කළ අයෙක්

අදට අවුරුදු අවුරුද්ද උදා වෙලා සතියක්. මට තාම අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න (බොන්න) බැරි උනා. වෙන අවුරුදු වලනම් 14 වෙනිදම වැඩ පටන් අරන් මේ වෙනකොට හතර පස් වතාවක්ම කටයුතු වල නිරත වෙලා. ඒත් මේ පාර තාම නැහැ. මටත් පුදුමයි ඒ ගැන. මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ අපේ පවුලේ සමීපම හිතවතුන් කිහිප දෙනෙක්ම පහුගිය කාලයේ රට හැරයාම. ඒක නිසා දැන් සෙට් වෙන්න උදවිය නැහැ. තනියම ඔය කටයුත්ත කරන එකේ කිසිම ගතියක් නැති නිසා වැඩ කල් දදා ඉන්නවා.

ඒ අස්සේ අද ප්‍රවෘත්තියකට කියවුනා ඡන්දේ හින්ඳා 25,26 බස්නාහිර පළතේ සියළුම බාර් වහල කියලා. ඕකෙන් ඉතින් බස්නාහිර පළාත මායිමේ තියෙන වෙන පළාත් වලට අයිති වෙන බාර් වලට හොඳ වෙළඳාමක් තියෙයි. ඒ කියන්නේ මේ සතිඅන්තයෙත් මට වැඩක් කරන්න බැරිවෙයි වගේ.

අද රාත්‍රී අහාර වේල සඳහා මගේ ප්‍රියතම මස් වරගය වන ඌරු මස් තිබූ නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් බත් ගිල්ල. අපේ ගෙදරට අමු ඌරු මස් ගේන්නේ නැතත් උයාපුව රැගෙන එන බැවින් ඉඳහිට ඌරු මස් ආහාරයට ගැනීමට ලැබෙනවා.කඩෙන් කනවිටනම් අනිවාර්යයෙනම් වෙනත් මසක් මා ඇනවුම් කරන්නේ එම කඩයේ ඌරුමස් නොමැති නම් පමණි.

බොහෝ දෙනෙක් ගෙවල් වලට ඌරු මස් නොගෙනාවත් පිටත ආහාර ගන්න විට ඌරු මස් බොහෝම ආසාවෙන් කෑමට ගන්නව මම අනන්තවත් දැක ඇත. සමහර උදවියට නම් ඌරු මස් බොහොම අප්‍රසන්න වන්නට හේතුවක් වී ඇත්තේ ඌරා ගන්න ආහාරයය නමුත් ඌරු මස් මෙතරම් රස වීමටද හේතුව වනුයේ ඌ ගන්න ආහාරයම විය හැක.

අපිට වැඩිපුර ලැබෙන්නේ ගම්(චීන) ඌරු මස් ය නමුත් වල් ඌරු මස්ද බොහෝ ප්‍රදේශවල ලබාගැනීමට ඇත මටනම් වල් ඌරුමස් වලට වඩා ගම්(චීන) ඌරු මස් රසවත්ය. ඌරු මස් අධික තෙල් සහිතවන අතර සමහර ප්‍රදෙශවල මෙම තෙල් සහිත කොටස පමණක් ඉතාම රසට පිලියෙල කරනු ලැබේ. සමහර උදවිය මෙම තෙල් සහිත බව නිසා ඌරුමස් ආහාරයට නොගත්තත් ඌරුමස් වල ඇති විෂේශත්වයත් මෙම තෙල් සහිත බවය.

ඩෙවිල් පොර්ක් එකක් තිබෙනවා නම් බාගයක් ගහන එක සිම්පල් කටයුත්තකි.

ඉතින් ඊයේ රෑ අටට පටන්ගත්ත බ්ලොග් මැරතන් එක අද ඉවර උනා . පැය විසි හතරක් පැය කාලෙන් කාලට ලිපියක් ලියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි ඉතින් අපේ පිස්සාගේ දුවන බ්ලොගය මේ කටයුත්ත ඉටු කලා.

මාත් ඇතුළුව තව කිහිප දෙනෙක් මේ කටයුත්තට සහභාගී උනත් ලිපි 96ක් ම ලියැවුනේ නැහැ වෙන අය අතින්.

බැලූ බැල්මට මේක පිස්සු වැඩක් වගේ පෙනුනත් මටනම් ඒක හරිම විනෝදාත්මක කාරියක් උනා. සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න මේක අපූරු වැඩක්. ලියන්න උනන්දුව ඇති වෙනවා. ලියන්න ආසත් හිතෙනවා.

ලිපි ලියමින් අනික් අයගේ බ්ලොග් වලට අදහස් එකතු කරන එක හරිම ජොලි වැඩක්. එකිනෙකා අතර සුහදතාවත් ඇත්තටම වර්ධනය උනා.

මන් හිතන්නේ බ්ලොග් මැරතන් එකෙන් සංවිධායකයෝ බලාපොරොත්තුවෙන සේරම වගේ ඉශ්ඨ වෙනවා.

Bloggers.com - Meet Millions of Bloggers