පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පාට පොතක් කියලා හිතන් ගත්තට මොකද ඒක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් වගේ පොතක් ඒත් ඒ අහලකින්වත් තියන්න නම් බැහැ.
මේ පොතේ එක කතාවක් තියෙනවා ඒකේ ප්‍රධාන චරිතෙට ඉන්න විවාහක පිරිමියාගේ රැකියාව නැති වෙනවා, ඊට පස්සෙ අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට අනික් එයාගෙන් ණයට සල්ලි ගත්ත අයත් මග අරිනවා. ඒ මනුස්සයට සල්ලි ලැබෙන්න තියෙන වෙනත් ආදායම් මාර්ගත් අඩු වෙනවා. මේ මනුස්සයා කරන්නේ බිරිඳගේ රත්තරන් බඩු ටික උගස් කරලා අළුත් ඇඳුම් පැළඳුම්, ළමයට අලුත් බයිසිකලයක් එහෙම අරගෙන ගෙදරත් තින්ත ගාලා අළුත් වැඩියා කරලා බොරු ප්‍රචාරයක් යවනවා දැන් මිනිහට කලින්ටත් වැඩිය සරුයි කියලා. ඒතකොට අර කලින් මගඇරපු යාළු මිත්‍රයෝ හිටන් ආයි ඇවිත් පරණ ණය මුදල් ලැබිලා අනික් ආදායම් මාර්ගත් හරි ගිහින් මිනිහගේ සියළු අග හිඟ කම් නැති වෙනවා.
මේක තමා ගොඩක් වෙලාවට වෙන්නේ බාහිර පෙනුමට රැවටිලා ණය ගනු දෙනු කලාට ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු සල්ලි තියෙන උදවිය වගේ පෙනී ඉන්න අය තමා අනික් අයගෙන් ගන්න සල්ලි වංචා කරන්නේ. වැඩිය සල්ලි නැතත් සාමාන්‍ය උදවිය එහෙම කරනවා සාපේක්ෂව අඩුයි
අපේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා ලඟදි රස්සාව නැති වෙලා, වෙන කිසිම ආදායම් මාර්ගයකුත් ඒ මනුස්සයට නැහැ. දවසක හදිස්සියේ එයා ඇවිත් රුපියල් 1000ක් ණයට ඉල්ලනවා. ලඟ තියෙන හංදියේ ඉන්න කඩේ මුදලාලි, බස් එහෙමත් තියෙනවා චෙක් එකක සල්ලි හවස ලැබෙනවා ඒ ලැබුනම බේරන්නම් කියලා ණයට ලක්ෂයක් ඉල්ලනවා. මේ අවස්තා දෙකෙන් පළවෙනි කෙනාට අපි සල්ලි දෙන්නේ නැහැ මොකක් හරි කියලා මග අරිනවා නමුත් මුදලාලිට අතේ තියෙන රත්තරන් බඩුවක් හරි උගස් කරලා සල්ලි ගිහින් දෙනවා. මුදලාලිට සල්ලි දෙන්නේ හදිස්සියකදි උදව් කරයි කියලා හිතාගෙනත්. ඒත් අන්තිමේ අපිට මුදලාලිගෙන් උදව්ත් නැහැ දීපු සල්ලිත් නැහැ. ලොකු ලොකු සල්ලි කාරයෝ වගේ පෙනී හිටින අය තමා ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට පොලු තියන්නේ. අතේ මිටේ එහෙමට සල්ලි නැති උදවිය ඇත්තටම බැරිකමකට මිසක් කපටි කමට කාටවත් පොළු තියන්නේ නැහැ.
මම නම් සාමාන්‍යයෙන් ණය ගණු දෙනු කරනවා බොහෝම අඩුයි. කාගෙන් හරි ඉල්ල්ලාම නැති තරම්. මගෙන් කවුරු හරි ඉල්ලුවොත් අතේ සතේ නැහැ කියලා බේරෙනවා ඒ ඇරෙන්න මට උවමනා උනොත් අතට කීයක් හරි ලැබෙනකම් ඉවසගෙන ඉන්නවා මිසක් කාටවත් ණය වෙන්න නම් යන්නේ නැහැ.
ඉස්සර කිව්වේ ණයට දීමෙන් මිතුරත් මුදලත් නැති වේ කියලා ඒත් දැන් කියන්නේ ණයට දීමෙන් මුදලත් මිතුරාත් බිරිඳත් නැති වේ කියලා
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන

- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Jan
30
නම් කිරීම් :
අනං මනං,
විකාර
අදහස් (35)
Subscribe to:
Posts (Atom)