කාලෙන් කාලෙට මිනිස්සු කියනවානේ ඉස්සර නම් අරක තිබ්බ දැන් දකින්නවත් නැහැ, මේක දැන් වඳ වෙලා ගිහින් ඔය වගේ කතා මාත් හොයා ගත්ත ඉස්සර තිබිල දැන් වඳ වෙච්ච දෙයක් ඒක තමයි "හිනාව".
මේක ගැන මන් මීට කලින් කොහේ හරි කියෙව්වා මට හරියටම මතක නැහැ බ්ලොග් එකකද නැත්නම් පොතකද පත්තරේකද කියලා. ඒකේ තිබ්බේ හිනාව දැන් දැන් අඩු වෙලා කියලා. ඒත් මන් නම් කියන්නේ ඒක දැන් වඳ වෙලා කියලා
මේ ලොකේ සුන්ඳරම හිනාව තියෙන්නේ කාටද කියල ඇහුවොත් මන් නම් එකපාරටම කියන්නේ අවුරුද්දකට වඩා අඩු ඕනෙම බබෙකුට කියලා. මොකද ඒ හිනාව හරිම අව්‍යාජයි ඒක නිසා එකේ තියෙන්නේ පුදුම සුඳරත්වයක් ඒත් ලමයා වැඩෙන කොට ටික ටික ඒක නැති වෙලා යනවා.
පාරේ තොටේ යනකොට මිනිස්සු දිහා බැලුවම කාගෙවත් මූනේ හිනාවක් දකින්නවත් නැහැ. උදේ පාන්දරටවත් කා එක්ක හරි හිනා උනත් ආපහු හිනා වෙන කෙනෙක් ඉන්නේ කලාතුරකින් (හිනා වෙලත් බැහැ හිනා උනාම සමහර අය කරේ යන්න එනවනේ ) . හැමෝම ඉන්නේ බුම්මගෙන හරියට අනික් මිනිහා තමන්ව ගිලියි වගේ කියලා හිතාගෙන (මාත් එහෙම තමා ඔය කිව්වට)
අපේ මිනිස්සු හොඳට හිනා වෙන වෙලාවක් තියෙනවා ඒ තමයි අනික් මිනිහට වැරදුනාම. අන්න එතකොටනම් හිනාව කටෙන් එකයි.
මිනිස්සුන්ගේ මූනේ තිබ්බ හිනාව අතුරුදහන් වෙන්න හේතුවක් නම් මට හිතාගන්න බැහැ ඒත් ජීවත් වෙන්න දඟලන දැඟලිල්ලෙදි දන්නේම නැතුව හිනාව අපෙන් අතුරුදහන් වෙලාද කොහෙද
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
නම් කිරීම් :
අනං මනං
Subscribe to:
Post Comments (Atom)
6 අදහස්:
මිනිස්සුන්ගේ මූනෙන් නැතිවී ගිය හිනාව යලිත් ගෙන එන්න අපිම පටන් ගමු අපෙන්ම . . . මොකද කියන්නේ . . . උඹට පුලුවන්ද හෙට ඉඳන් . . . මග තොටදී දකින . . . හැම කෙනාටම හිනාවකින් සංග්‍රහ කරන්න . . . ???
අැත්ත කතාව. හිනා ෙවන්නත් සල්ලි ෙදන්න ඔන වගෙ.
මිනිස්සු හිනා වෙනවා තමන්ගෙ වැඩක් කරගන්න ඕන වුණාම, ලකුණු දාගන්න ඕන වුණාම.. තව.. තමන්ගෙ වැරැද්දක් ෂේප් කරගන්න. කෙනෙක්ගෙ සතුට වෙනුවෙනුත් අවංකවම හිනාවෙන අය තවම ඉන්නවා. ඒ වුනාට අර කිව්ව වගේ ලොකු මිනිස්සුන්ගෙ මොන වර්ගයේ හිනාවකටත් වඩා පොඩි ළමයෙක්ගෙ හිනාවෙ අව්‍යාජ බවක් තියෙනවා.
කොළඹදි ඉතින් කාට උනත් හින උනොත් හැම එකාම හිතන්නෙ මූ නම් මොකක් හරි ලෙඩක් දාන්න තමයි කියල.
ගමේදිනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ හැමෝම එක්ක හිනා වෙලා කතා කරල තමයි අපි දවස ගෙවන්නෙ.
මම උදේ වැඩට එනකොට හිනාවෙන අය බලමු.. ම්ම්.. උදේට බස්‍එකේදි කවුරු හරි මගේ බෑග් එක ඉල්ල ගත්තොත්. නැත්තං බහිද්දි මට සීට් එක දීලා බැස්සොත්. අදුරන කොන්දොස්තර අයියෙක් හිටියොත්.. පාර අතුගාන ඇනිටිලා හිටියොත්.. උදේට මට ගුඩ්මොනින් කියාගෙන යන අන්කල් හිටියොත්. වයසක ඩ්‍රයිවර් අන්කල් හිටියොත්.. දොර අරින වයසක අන්කල් හිටියොත්.. කී එක දෙන අනුෂ්කා.. ලිවේරා.. කට්ටියේ කවුරු හිටියත් හිනාවෙනවනේ.. එච්චරයි.. බැලුවම මම සෑහෙන්න හිනා වෙනවා නේ.....?
මම නම් Safety First කියලා, දන්නෙ නැති මිනිස්සුන්ගෙ මූණ වත් බලන්න යන්නෙ නෑ... :)
මේ කූර ලෝකෙ ඉල්ලං කන්නෙ මොකටද නේද? :D
Post a Comment