One | Zero | Zero කියන්නේ "වචන සීයක හිරවුන දිග කතා" අපේ නොදරුවාගේ ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය එකතු වෙලා කරන අළුත් වැඩක් තමා මේක.
දිගම දිග කතාවක් ලියන්න ඕනේ හැබැයි කතාවේ නම ඇරුනම තියෙන්න පුළුවන් වචන සීයක් විතරයි. ලේසියි වගේ පෙනුනට ලේසිමත් නැහැ දිගට දිගට ලියාගෙන යන්න අවසර නැහැනේ හිතේ තියෙන සේරම ටික වචන සීයකට හිර කරන්න එපායෑ.
මුද්‍රිත පොත් ගත්තම නම් කෙටි කතා වලට වඩා නව කතා ජනප්‍රියයි තමා , ඒත් පරිගනකයෙන් බලනකොට නම් දිගට දිගට තියෙන කතා වලට වඩා කෙටි කතා හොඳයි කියලා මන් හිතන්නේ. ගොඩ දෙනෙක් බ්ලොග් බලන්නේ කාර්යාලයේ ඉඳන් නේ එතකොට දිග කතාවක් කියවන්න යන වෙලාවෙන කාලක් වැය කරලා කෙටි කතාවක් කියවන්න පුළුවන් .
ඔයගොල්ලන්ටත් පුළුවන් වචන සීයක කතාවක් ලියන්න, හැබැයි ඒක තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕනේ, අහපු සිදුවීමක් ගැන උනත් කමක් නැහැ ඒත් හමෝම අහපු ඒවා නම් එපා. ප්‍රධානම දේ කතාව වචන සීයක් වෙන එක තමා.
ඔයගොල්ලන්ටත් වචන සීයක කතාවක් එහෙම ලියන්න හිතෙනවනම්, හිත හිතා ඉන්න එපා ලියලා මේකට onezerozerowords[at]gmail[dot]com ඊමේල් කරන්න
http://onezerozerowords.blogspot.com/
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts

අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.

මම ගැන

- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු

Subscribe to:
Posts (Atom)