පහුගිය දවසක අනුල ද සිල්වා පරිවර්තනය කල James A. Michener ගේ Sayonara කියන පොතේ සිංහල පරිවර්තනය "ආදරය සමුගනී" කියෙව්වා. කාලෙකට පස්සේ පොතක් බලලා මට ගොඩක් කණගාටුවක් ඇති උනා ඒ කතාවට.
දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ජපානයට යන ඇමරිකානු සොල්දාදුවන් සහ ඒගොල්ලෝ එක්ක පෙමින් බැඳෙන ජපන් තරුනියන් ගැන තමා කතාව යන්නේ. අවසානයේ ඇමරිකාවේ අභිමානය වෙනුවෙන් එවන් පෙම්වතුන්, විවාහක යුවල් බලහත්කාරයෙන් වෙන කරනවා. ඒවා දරා ගන්න බැරි සමහර පෙම්වතුන් සහ විවාහකයින් සියදිවි නසා ගන්නවා. රටක හෝ කෙනෙක් ගේ අභිමානය වෙනුවෙන් තව කෙනෙක්ට ජීවිතය නැති කරගන්න තැනට වැඩ සිද්ධ කිරීම ඒ රටේ සහ ඒ කරපු කෙනේගේ අභිමානයට කෙසේ වෙතත් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ දෙයක් කියලා මට හිතෙනෙන.
එහෙම තමන්ගේ ආදරය වෙනුවෙන් සියදිවි නසාගත්ත පෙම්වතුන් ගේ ක්‍රියාව සාධාරනයි කියලත් මන් හිතනවා.
දෙවෙනි එක
මම දන්න කියන කෙනෙක් වහ කාලා. දැනටමත් එක තැනක ඉන්න ඔහු අනාගතේ අංශබාගේ හැදෙයි කියලා බයට තමා වස කාලා තියෙන්නේ, එක අතකින් ඔහුගේ උවමනව සාධාරණයි. ඒත් දැන් නොමැරුණු නිසා එයා හිටියටත් වඩා දුක් විඳිනවා. ඊයේ මන් ඔහුව බලන්න රොහලට ගියා දැන් ඉන්න තත්වයට වඩා නම් ඔහු කලින් සිටිය තත්වය යහපත්. වස විස පානය කරනවනම් මැරෙන්නම ප්‍රමානවත් තරම් පානය කරනවා මිසක් නොමැරී ජීවත් උනොත් නම් ජීවිතේ විඳවන්න වෙන්නේ තනියම නෙමෙයි අනික් අයටත් ලොකු කරදරයක් වෙලා.
ලෝකේ සමහර රටවල් නීත්‍යානුකූලව සිය දිවි නසාගන්න ඉඩ දීලා තියෙනවා කියලා මන් අහලා තියෙනවා. ඒත් ඒක ලේසි නැහැ සනීප කරන්න බැරි ලෙඩක් තියෙන බව ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම ඉතා විශාල මුදලක් ගෙවන්නත් ඕනේ. සනීප කරන්න බැරි ලෙඩකුත් එක්ක අනික් අයටත් කරදරයක් වෙවී ජීවත් වෙන එකට වඩා එහෙම කෙනෙක්ට මරණය සහනයක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් මැරෙන්න ඉල්ලනවනම් ඒක සාධාරණ ඉල්ලීමක් කියලා මට හිතෙනෙන.
මටත් සමහර වෙලාවට මැරෙන්න ඕනේ කියලා හිතෙනවා ඒත් ඒකට නම් සාධාරණ හේතුවක් නැහැ ඒක නිසා එහෙම මැරෙන එක නම් එක්තරා විදිහක මෝඩ කමක්.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
23 අදහස්:
මැරෙන්නෙ නැතුව ජීවිතේට මුහුන දෙන්න පුලුවන් නම් අන්න ඌ නියම පොරක්
රත්ගමයෝ අනිත් උන්ටත් වද දීදී තමනුත් වද විද විද ජීවත් වෙලා පොරක් වෙනවට වඩා මැරෙන එක ඒ මනුස්සයිටත් අනිත් අයටත් සහනයක් වෙන්න පුලුවන්...
@රත්ගමයා - ජීවිතං අනියතං මරණං නියතං... [උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ...]
මොන දේ ආවත් ඒ හැමටම මුහුණ දි මැරෙනකල් ජීවත් වෙන එකයි සැබෑවටම ජීවිතයට මුහුණ දෙනවා කියන්නේ.
සියදිවි නසා ගැනීම අතින් ලොක වාර්ථාව තියල තියෙන්නේත් අපිනේ...
මම නං කියන්නෙ මැරෙන්න ඕන නං මැරෙන්න නිදහසක් ඕන... ඒ වගේම අභිමානය වගේ සිම්පල් හේතුවක් නිසා මැරෙන්න සලස්වන එක නං මාර සාටර්ර්ර්...
ජීවිතේ තියෙන්නෙ ජීවත් වෙන්නනේ............. මැරෙන වෙලාව ආවම් ඉතින් ඒක කාටවත් වලක්වන්න බැනේ :) මැරෙන වෙලාවට මැරෙයි කියලා ජීවත්වීම තමා වටින්නෙ :)
ඔයා දන්නවද මල්ලි..අපේ ගමේ දැන් සති දෙකකට උඩින් අවුරුදු 16ක පිරිමි ළමයෙක් වස බීලා මැරුණ හේතුව ප්‍රේම සම්බන්ධයට ගෙදරින් විරුද්ධ වීම...
එතකොට ඊයේ දෙමටපස්ස කියන වසමේ අම්ම කෙනෙක් සති දෙකක් වයස බිළිදෙක් එක්කල ළිදට පැනල මැරිල - හේතුව සැමියාට හොරෙන් ලීව ලියුමක් සැමියාට අහුවීමලු...
හ්ම්....
ඉතින්...
මල්ලි... ඔයා කිවනල තියෙද "මළ ගිය ඇත්තො" ඒකෙ මෙන්න මෙහෙම කියල තියෙනවා...
"මා වටා මිනිසුන් දහස් ගණන් සිටියද මම හුදකලාවෙන් පසුවෙමි.කිසිවකුගේ ආදරය හා සැලකිල්ල මට නුරුස්සයි.කිසිවකු මට ආදරය නොදක්වන්නේ නම් මැනවයි මට සිතේ.එය වඩා ලෙකු සැනසිමකි.දිවි නසා ගැනීමේ සිතුවිල්ල මා තුල උපන්නේය.මේ පරිසරයේ (ජපානයේ) එය නින්දාවක් සේ නොගැණේ. මෙහි ජීවිතය මෙන්ම මරණය ද රමණිය ය.දිවි නසා ගැනීම බයාදු නිවට ක්‍රියාවක් නොවේ.දසයි ඔසමු තරම් හොදට අන් කිසිවකු දිවි නසා ගැනීම වෙනුවෙන් තර්ක කරනු මා අසා නැත.නොරිකො මට ජිවිතයේ සෞන්දර්ය මෙන් මරණයේ සෞන්දර්ය ද පෙන්වා දුන්නාය.කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්ය රැක ගැනීමටය.කෙනෙකුගේ ජිවිතයෙන් පොදු සෞන්දර්ය කිලිටි වේ නම්,එය පොදු සෞන්දර්ය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැති වී යාම යෙහෙකි."
උපුටා ගැනීම - මලගිය ඇත්තෝ....
මම හිතන්නේ ගොඩක් දෙනෙකුට ජීවිතේ එක පාරක් හරි මැරෙණ්ට තිබුනනම් කියල හිතුන අවස්ථාවක් ඇති... මටත් එහෙම හිතෙන වෙලාවල් තියෙනවා... දුකකටවත් කලකිරීමකටවත් නෙවෙයි මොකුත්ම සිතුවිල්ලක් නැති වෙලාවට... කොහොම වුනත් මැරි මැරී ජීවත් වෙනවට වඩා මැරෙණ එක හොඳා කියලත් හිතෙනවා... ඒත් මැරෙණකම් ජීවත්වෙන එක තමයි මගෙත් අන්තිම චොයිස් එක...
මැරෙන්න තියෙන හේතු ගොඩක් වෙලාවට එකිනෙකාගෙන් වෙනස්..! ගොඩක් අය හිතන්නේ මැරෙනවා කියන එක මහා වේදනවක් කියලා. ඒත් සමහර වෙලාවට හිතෙනවා මරේ, දුක් විඳ විඳ ඉන්නවට වඩා මැරෙන එක සැපයි කියලා..! ඒත් අපි පිටිපස්සේ අපේ කර උඩ තියලා තියෙන බලාපොරොත්තු නිසා මට නම් දැන් මැරෙන්නත් බයයි..!
හෙට මැරෙයි වගේ අද ජීවත් වීම තමයි මම නම් අනුගමනය කරන ප්‍රතිපත්තිය.. [කොහොම උනත්, අපි හැමෝම හැමදාම ජීවත් වෙන්න ආපු අය නෙමෙයිනේ]
අනේ මෑරිලා ආයි ඉපදෙන්න තිබ්බ නම්.
මොහොකටවත් නෙමෙයි මරනෙ ගෑන අත්දෑකීමක් ලබා ගන්න.
එහෙමනම් ඔකට හොඳ උත්තරයක් දෙන්න තිබ්බා.
කවදා හරි මැරෙනවා නෙ බන්. මනුස්සයෙක් දුකකින් ඉන්නවා කියලා දැනුන ගමන් අපි උලඟට ගිහින් විහිලුවක් කරලා ඉන්න එකෙන් ලොකු දෙයක් තියනවා, නමුත් ඉතින් ආශ්‍රය කරන්න කවුරුත් නැති වෙද්දි තනියම ඉන්න එක සැපයි. ටිකක් හොදට බලහන් එලිය. උබත් මෙ ගොඩෙ හෙල්ලි හෙල්ලි ඉන්නවා වගෙ මටනම් දැනෙන්නෙ..
ලන්ඩන් වලත් ඔය වගේම සිද්දියක් පහුගිය දවස්වල උනා. සුව කල නොහැකි රෝගයක් වැලදුනු ඔහු බොහෝ දුක් විදීමට ලක්වෙමින් තමය් හිටියෙ. පසුව ඔහු රෝහලෙන් ඉල්ලීමක් කලා තමුන්ව ක්ශනික මරනයකට ලක් කරන්න කියල. ඔවුන් එය පිලිගෙන දිනයක් සහ වෙලාවක් නියම කලා. පත්තරවල ඉතාමත් උනුසුම් ප්‍රවෘත්තියක් උන මේක නියමිත දිනය ලගා වෙනකම්ම වරින් වර ඔහු ගන පුවත් පල කලා. නමුත් ඔහු තම තීරනය වෙනස් කලේ නෑ. ඔහු ඖෂධ මඟින් ක්ශනික මරනයකට ලක් කලා. මට නම් එය ඉතාම සධාරන ලෙසය් පෙනෙන්නේ. තම ජීවිතය අනුන්ට බරක් නොවීමට ගන්න ලද උතසහයක්. නමුත් බුදු දහමට අනුව පවක්.
තමන්ගේ කැමැත්තෙන් මැරෙන්න ( වධ වින්ද වින්ද ජීවත් නොවී, මරණය ජීවත් වීමට වඩා හොඳක් නම් ) ඉඩ දෙන නීතියක් ලංකාවටත් ගෙනාව නම් හරි.මමත් දන්න ගොඩ දෙනෙක් වහ බීල වේදනා විඳලා මැරිලා තියනවා.එයාලව බලන්න ඉස්පිරිතාලේ ගියත් අන්තිම මොහොත වෙනකන් ආයේ ආයේ අහන්නේ "අනේ මම ජීවත් වෙයි ද ?අනේ මේ වේදනාව විඳින්න බෑ"කියල.එහෙම වහ බීල නම් ටික වෙලාවක් හරි ජීවත් වෙන එක පවක්.දැන් පෙළක් රටවල fatal injections පාවිච්චි කරන්න පුළුවන් නේ.hmmm මම නම් මේ පාර ගෙනාව පොත් වලින් කියෙව්වේ අනුලා ද සිල්වා ගේ ආදරය බලා හිඳී (waiting Ha jin ) සහ තෙවන බිරිඳ කියන පොත් 2 විතරයි.
තමන් කැමති නම් මැරෙන්න නිදහස තියෙන්න ඕනේ කියලා මමත් හිතන්නෙ. ඒත් එක්කෙනෙක් මැරුණහම ඊට පස්සේ වෙන වෙන සමාජ ප්‍රශ්න ගොඩක් ඇතුවෙන්ඩත් පුලුවන්නෙ. මැරුණ මනුස්සයාට පොඩි දරුවො එහෙම ඉන්නවනන් තත්වෙ දරුණුයි. මම දන්න කීපදෙනෙක්ම හිටියා ඔහොම දිවි හානි කරගත්ත. ඊට පස්සෙ ඒ පවුල්වලට විඳින්න වෙච්චි කරදර දැක්කහම හරිම කණගාටු හිතුනා. හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. මොනව උනත් වගකීම් වලින් බේරෙන්ඩ මැරෙන එක නම් එච්චර අනුමත කරන්න බෑ.
මම කාලෙකට කලින් බලපු ස්විස් කෙටි චිත්‍රපටියක් මතක් උනා. නම නම් මතක නැහැ. ඒකේ තිබ්බෙ වයසක දෙන්නෙක් (සැමියයි, බිරිඳයි ) එකට මැරෙන එකක්. ඒ දෙන්න ඒක හරිම සතුටින්, ආදරෙන්, අත්දෙක අල්ලගෙන තමයි කරන්නෙ. ඒවගේ දේකට නම් නිදහස තියෙන්න ඕනේ කියලා හිතෙනවා මචන්...
එක එක අයගෙ අදහස් වෙනස්.අපේ ජීවිත අපිට අයිතියි.ඒක හරි. ඒත් අද අපි මේ ඉන්න තත්වෙට ගේන්න අම්ම තාත්ත කියල දෙන්නෙක් මහන්සි උනා කියල ම්තක තියනව නේද? එහෙම හිතනකොට අපිට අපි ගැන තීරනයක් ගන්න පුලුවන්ද හදවතට එකගව? මගෙ අදහස නම් ඒ මිනිස්සුන් වෙනුවෙන් පොඩි දෙයක්වත් නොකර අපි මැරිල ගියොත් අපෙන් වැඩක් නැති වෙයි.මේ ඉතිං බෝඩිංKaraya ගේ අදහස. යාලුවනේ මේ ලොකය කියන බෝඩිමේ තාවකලිකව ඉන්න ආපු අපි ඉන්න ටික කාලෙ යුතුකම් ඉටු කරන්න උත්සාහ කරමු...
@lamaya ජීවිත් වෙන්න ඕන....මැරෙනවට වඩා ජීවිතේ අභියෝග වලට මුහුන දෙදී ජීවත් වෙන එක එල.....ජීවිතය කියන්නේ ඒකට නේ.
පන්ඩිත වැඩිද මන්දා
මට කියන්න හිතිච්ච එක කියවන්න ලැබුණා ලිශාන් ගේ කමන්ටුවෙන්...
මරණයත් එක්තරා අන්දමක සොඳුරු අත්දැකීමක් ඒ අත්ම භවයෙ අන්තිමටන්ම ලබන
හැමෝම මැරෙණවා
ඒත් ජීවත් වෙන අය මැරෙන්න බලන් ඉන්නවා,එයාලට ප්‍රශ්න නිසා...
මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනා හිතනවා
දවසක් හරි ජීවත් වෙන්න ඕනි කියලා....
ප්‍රතිචාර දැක්වූ සැමට බොහෝමත්ම ස්තූතියි
මට ජීවත් වෙන්න තියෙන අරමුණු නැතිවුනු දවසට, බලාපොරොත්තු තවදුරටත් නැතිවුනු දවසට මම අනිවාර්‍යයෙන්ම මැරෙනවා. ඒත් ලුහු හේතු නිසා සිය දිවි නසාගන්න එක මම හිතනවා අපරාදයක් කියලා...
හැබැයි මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි සිය දිවි නසාගත්තොත්, ඒ මිනිහා හෝ ගැහැණිය තමන්ගේ පවුලට කරපු අවනම්බුව, හිතේ හයිය නැති කම වගේ කාරණා ගැන විවේචනය කරන්න.. ඒත් අපි හැමෝම ජීවිතේ එක් මොහොතක හරි සිය දිවි නසාගන්න තැනට එනවා. අපේ කර උඩ තියෙන බලාපොරොත්තු, වගකීම්, ජීවිතයට තියෙන ආදරේ වගේ දේවල් තමයි අපිව පස්සට අදින්නේ. එහෙම බැලුවහම සිය දිවි හානි කරගන්න කෙනෙක්ගේ අපේක්ෂාඹංගත්වයෙන් පිරුණු මනෝභාවය තේරුම් ගන්න පුළුවනි නම් ජීවිතේ ගැනත් ලස්සන ඇහැකින් බලන්න පුළුවන් වේවි.
මේ මට හිතෙන හැටි විතරයි...
~ හිපියා
ඔය මොනව කිව්වත් මම හිතන්නෙ මැරෙන්න ගොඩක් අමාරුයි
ඇට්ටේරිය කිව්ව දේ මාත් පිලිගන්නව ..
"ඒත් ජීවත් වෙන අය මැරෙන්න බලන් ඉන්නවා,එයාලට ප්‍රශ්න නිසා...
මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනා හිතනවා
දවසක් හරි ජීවත් වෙන්න ඕනි කියලා..."
ඒත් ප්රශ්නෙකදි මැරනව කියන විසදුම තෝරගන්නවට වඩා තවත් විසදුම් කොච්චර තියනවද
ගොඩක් අය මුල් විසදුම තෝරගන්නව ඇත්තෙ ඊට පස්සෙ ඒ ප්රශ්නෙත් එක්ක තමන්ට කිසිම ගනුදෙනුවක් නැති වෙන නිසා වෙන්න ඇති
Post a Comment