මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය සතියේ අපේ කාර්යාලයට කෙනෙක් සම්මුඛ පරීක්ෂනයකට ආවා, ඩෙනිම් එකක් සහ ටීෂර්ට් එකක් ඇඳන්, සහතික පොලිතීන් බැග් එකක දාගෙන. දැකපු ගමන් මට හිතුනේ මෙයා හරියන්නේ නැහැ කියලා. සමහර විට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ ඇඳුම් සහ පැමිණි පිළිවෙන ඉතා ඉහල තත්වයේ කලින් කරපු වැඩ ඇති කෙනෙක්ට සුදුසු උනාට වැඩි අත්දැකීම් නැති කෙනෙක්ට හරියනෙන නැහැ. එහෙම අඩු අත්දැකීම් තියෙන අය ඒවා ඇඳුම් සහ පැමිණෙන පිළිවෙලින් වසාගන්න එක තමා සුදුසු කියලා මට නම් හිතෙන්නේ.

ටික දිනකට කලින් මගේ අතට ලැබුනු රැකියා අයදුම් පත්‍රයක තිබුන එකම සුදුසුකම අපොස සාපේ විතරයි ඒත් බලාපොරොත්තුව නම් ඉහල රැකියාවක්. කලින් 15000ක් පඩි හම්බ උන එකක් කලාලු ඒත් පඩි මදි නිසා නැවතිලා. මට නම් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියා දෙකයි මතක් උනේ එකක් ගාමන්ට් එකක අත් උදවු කාරියක් අඩුම ගානේ මැෂින් එකක වැඩ කරලා පුරුද්දවත් නැති නිසා. අනික සුපිරි වෙළඳ සැලක රැකියාවක්. ඒ ඇරෙන්න වෙන මොකුත් ඒ සුදුසුකම් වලට දෙන්න වටින්නේ නැහැ. ඒත් ඕක කිව්ව නම් හිත් නරක් වෙන නිසා සද්ද නැතුව කිව්ව බලන්න හොඳ රස්සාවක් හම්බ වෙයි කියලා.

මන් දන්න කියන රස්සාවල් නැති හැමෝම කියන්නේ තාම රස්සාවක් නැහැ කියලා. නිකන් හරි ඇහුවොත් ජොබ් වලට ඇප්ලයි කලාද කියලා ඒත් නැහැ. ඉතින් දෙයියෝ ගෙනත් දෙනකන් ඉන්නවා රස්සාවල්. අනික ගොඩක් අය ඉල්ලුම්පත දෙන්නෙ අඳුනන කෙනෙක්ට එහෙම දෙන ඒවා වැඩිපුර යන්නේ කුණු කූඩ වලට කියන එක මන් හොඳටම දන්නවා. ඒවා බාර ගන්නේ දෙන කෙනාගේ හිත සනසන්න හිතාගෙන විතරයි නැතුව ජොබ් හොයලා දෙන්න නෙමෙයි. ඉරිදා පත්තර ගත්තොත් රැකියා ඇබැර්තු ඕනේ තරම් තියෙනවා ඒවා එකකටවත් දාන්න, අඩුම ගානේ පත්තරේ අරන් බලන්නවත් ඔය රස්සා නැති ගොඩක් අය උනන්දු වෙන්නේ නැහැ.

තමන්ගේ සුදුසුකම් වලට හරියන රස්සාවක් ලැබෙනකම් ඊට වඩා අඩු තත්වයේ රස්සාවක යෙදෙන්න හිතන්නේවත් නැහැ. හැමදාම නැහැ නැහැ අනේ තාම රස්සාවක් නැහැ කිය කියා ඉන්නවා. රස්සා නම් මන් හිතන්නේ ඕනවටත් වඩා තියෙනවා ඇත්තටම අපේ නැත්තේ ඒවාට සුදුසු මිනිස්සු. ආණ්ඩුවේ රස්සා බලාගෙනම ගෙදරට නාකි වෙන උපාධිදාරීන් කීදාහක් ඉන්නවද දන්නේ නැහැ. මිනිස් ශ්‍රමය කියන්නේ මිල කරන්න බැරි තරම් වටින දෙයක් අපි අපතේ අරින්නෙත් ඒකම තමා

17 අදහස්:

කලකට ඉහත දී ලියපු එකක්............... :D

http://sithuwillkaaruma.blogspot.com/2010/04/blog-post_30.html

තව දෙයක් පත්තර වල රැකියා ඇබෑර්තු ඕන තරම් තිබ්බාට ඒවාට සුදුසුකම් තියන අය නෑ. නැත්තම් එකම සුදුසුකම තියන කට්ටිය ඕන තරම් ඉන්නවා ඒත් ඒ සුදුසුකම් වලට රැකියා එච්චර නෑ. ඒත් නැත්තම් පොඩි සුදුසුකමක් තියාගෙන ලොකු පඩි තියන රස්සා හොයනවා.

විරැකියාව කියන්නෙ රැකියාවක් නැතිකම මිසක් රැකියාවක් කරන්ඩ බැරි කම නෙමේ. නැද්ද බන්

යකෝ අළුතෙන් ගන්න එවුන් ඉන්ටවිව් කරන්න තරම් ලොක්කෙන් උඹ නේද?

පුහ්.... මටත් කියවනකොට h ට හිතුන දේම තමා හිතුනේ... :D

කොහෙද යකෝ මම ඉන්ටවිවි කලා කිව්වේ. මම සිවී දකිනවා සහ එන උන් පේන්වා, එ ඇරෙන්න ජොබ් හොයලා දෙන්න කියලා සිවීත් හම්බ වෙනවා එච්චර තමා. :-D

උඹ වැඩ කරන්නෙ දේශපාලුවෙක් ලගද??

ඕකෙ තවත් පැත්තක් තියෙනවා. ගොඩක් කට්ටිය සී.වී එකේ අරව කරලා තියෙනවා, මේවා කරලා තියෙනවා, අර ප්‍රොජෙක්ට් එක ලීඩ් කලා, මේකෙ ප්‍රොජෙක්ට් මැනේජර් විදිහට වැඩ කලා කිය කිය දාලා තියෙනවා. සමහර වෙලාවට සී.වී එක දැක්කහම උන්ව ඉන්ටර්විව් කරන්නත් බයයි. ඒත් සී.වී එකේ කලා කියලා තියෙන ඒවයින් සාමාන්‍ය ප්‍රශ්නයකටවත් මුහුණ දෙන්න බැහැ. සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇහුවහම එහෙම දෙයක් සී.වී එකේ තියෙනවා කියලා දැන ගන්නෙත් එතකොට.

මම නම් ජීවිතේට පිලිවෙලකට ඇඳල ඉන්ටර්විව් ගිහින් නෑ. කවදාවත්ම ඉන්ටර්විව් වලට සහතික උස්සගෙන ගිහිල්ලත් නෑ. සමහර විට ඒක තියෙන්නෙ මම ඉන්න ක්ශේත්‍රයෙ විතරක් වෙන්න ඇති. ඒත් මරේ කිවුව කතාව නම් ඇත්ත. මම දන්න එකෙක් හිටිය O/L වැඩ 8ම ෆේල්. ඒත් ඌ හෙවුවෙ A/C කාමරයක් හම්බ වෙන රස්සාවක්. දැන් නම් රට ගිහින් ඌ හොඳට ඉන්නව. හැබැයි පිටරටදි ඌ කරන්නෙ මොන රස්සාවද කියල දෙයියො තමා දන්නේ.

අනික අපේ උන්ට හරි මග පෙන්නීමක් නෑ. අරය මෙයා කිවුව කියල ඉස්කෝලෙන් එලියට ආව ගමන් කොම්පියුටර් කරනව, ආයෙ කවුරු හරි කිවුව කියල ටිකටිං කරනව, ආයෙ CIMA ඔහොම එක දෙයක් ගැන ෆෝකස් කරන්නෙ නැතුව ලෝකෙ තියෙන හැම රෙද්දම කරනව.

දුමියගෙ කතාවත් ඇත්ත. අපේ උන් හරියට CV එකක් හදන්නවත් දන්නෙ නෑ. මුන් හිතන්නෙ රටේ තියෙන ඔක්කොම දන්නව කියල දැම්මම හරි කියල.මට software engineer position එකට ආව එක CV එකක තිබුන ඌ මේසන් වැඩත් දන්නව කියල. අපි ඒ කාලෙ හිටියෙ WTC. ඉතිං අපිට අලුතින් මොනවත් හදන්න දෙයක් තිබ්බෙ නැති නිසා ඌව ගත්තෙ නෑ.

අනිව.. ජොබ් නන් ඕන තරන් තියෙන්න.. සුදුසුකමුයි නැත්තෙ

මරේ, බොලේ මං දුන්නු සීවී එකත් දැම්මා නේද කුණු කූඩෙට? ;D

ම said...

කොහෙද යකෝ මම ඉන්ටවිවි කලා කිව්වේ. මම සිවී දකිනවා සහ එන උන් පේන්වා, එ ඇරෙන්න ජොබ් හොයලා දෙන්න කියලා සිවීත් හම්බ වෙනවා එච්චර තමා.

ඔය කියලා තියෙන දේවල් මටත් පොඩ්ඩක් විතර අදාළයි. :D

මම නම් තාම ඉගෙන ගන්න පොඩි එකා. සුදුසුකම් හදාගෙන සී.වී. දෙන්නම්. අපිටත් මොකක් හරි සෙට් කරපංකෝ අයියේ...

සමහරු හිතන්නේ හරිම ඉහලින්. මුලින්ම පලවෙනි රැකියාවම 50,000 පඩියට තමයි හොයන්නේ. ඊට කලින් අඩුම තරමේ 9000 ට වත් රැකියාවක් කරලා නෑ.. ඉතින් කොහොමද එක සැර්ටම එච්චර හොද එකක් හොයාගන්නේ.. උපාධි දාරියෙන්ටත් රැකියා නැති මේ කාලේ අපේ කොල්ලො කෙල්ලොත් ලොකු කමටමයි හිතන්නේ..

මට නම් 15000ක පඩියක් උනත් කමක් නෑ.experience එක ගන්න අවුරුද්දක් වත් කරන්න ජොබ්1ක් හොයන්නේ.තාම සති 2 යි හොයන්න පටන් අරන්,එත් දැනටම හොඳ පන ගිහින්!!(මොකද ඉගෙන ගන්න දේට ගැලපෙන ජොබ් එකක් වෙන්නත් ඕනේ,එහෙම එකකත් පොඩ්ඩක් පඩි-status අඩු උන ගමන් අම්මල කෑ ගහනවා අපෝ ඕකට දාන්න එපා කියල!)අපේ වයසේ අයගේ විරැකියා ප්‍රතිශතය 38%ක් ද කොහෙද ලු...

මරේ, තවත් අපි අපිට වැදගත් මාතෘකාවක් කියලයි මට නම් මේක හිතෙන්නෙ. මම මේ කියන දේවල් මගේ ෆීල්ඩ් එක අනුව මට දැනිච්ච දේවල්. මුළින්ම ඇඳුම ගැන කියනව නම්, තමන් ඉන්ටවීව් එකකට යද්දි ඇඳන් යන දේ ෆෝමල් වගේම නීට් වෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. නිකන් ටයි එකක් දාන්න ඕන පළියට නොදා ඇඳුමෙ පාටට ගැළපෙන්න, ඒ වගේම දකින කෙනා ඉම්ප්‍රෙස් වෙන විදියට ඒක කලා නම් ඒක වටිනව.

අනික තමයි සී.වී. එකේ මොනව තිබ්බත් එතන ගිහින් තමන් ගැන කන්ෆිඩන්ස් තියෙන්න කතා කරන්න ඕන. අපේ ගොඩක් අයට වෙලා තියෙන්නෙ තමන්ට පුළුවන් දේත් කියා ගන්න බැරිවෙන කේස් එකක් එතනට ගියාම. තමන් ඉගෙන ගත්ත දේ, තමන් දන්න දේ අනුව තමන්ව මාකට් කරන්න පුළුවන්නම්, ඒ කෙනාට අදාල තැනට එන්න ගොඩක් ලේසියි.

මම නම් මුහුණදීපු ඉන්ටවීව් අතින් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ. මම දැනට ගිහින් තියෙන්නෙ තුනකට විතරයි. මුළින්ම ගිය එකේ ඇත්තටම සිවිල් ඉංජිනේරුවෙක් විදියට කරන්න දෙයක් තිබ්බ නැති නිසා ඒ ජොබ් එක බාර ගත්තෙ නෑ.(ඉන්ටවීව් එක අතරෙදියි ඒකෙ කරන්න තිබ්බ ඒව දන්නෙ ). දෙවෙනියට ගිය කම්පනි එකේ තමයි දැනට මම වැඩ කරන්නෙ. තුන්වැනියට ගිය එකෙන් පෙරේද කතා කරල කිව්ව ලබන මාසෙ ඉඳන් වැඩ බාර ගන්න කියල.

මචං . . . මම උඹේ බ්ලොග් එක කියෙවුවට මේක තමයි දාන පලවෙනි කොමෙන්ට් එක.

උපාධිය අරගෙන ඉවර උනාට පස්සෙ ජොබ් එකක් හොයාගන්න මාර කට්ටක් කෑව. අන්තිමට දවසක් මම, හූන සහ වැලා . . . . අපි තුන් දෙනා අපේ ගෙදරදි එක රෑක සෙට් වෙලා තීරනයකට ආව.
"පහුවදා තුන්දෙනාම එලියට බැහැල ජොබ් හොයාගෙන යනව . . . . එකෙක්ට හරි ජොබක් සෙට් උනොත් අනිත් එවුන් දෙන්නම හරි එකෙක් හරි ඇදගන්නව . . . . . සතියක් ඇතුලත ජොබක් හොයාගන්න බැරි උනොත් අපි තුන්දෙනා ආයෙ සෙට් වෙන්නෙ නෑ . . . ." කියල.
මටයි වැලාටයි වැඩේ ගොඩ දාගන්න බැරි උනා. ඒත් හූන ජොබක් හොයාගත්ත.
හරියටම මාසෙකට පස්සෙ හූන මාව එතනට ගත්ත.
ඉන්ටර්විව් එකේදි මගෙන් ඇහුවෙ ප්‍රශ්න 3යි.
ප්‍රශ්නය : මාසික වැ‍ටුප රුපියල් 6000 යි. කැමතිද ?
මම : ඔව්
ප්‍රශ්නය : නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද ?
මම : ඔව්
ප්‍රශ්නය : කවද ඉදල වැඩට එන්න පුලුවන්ද ?
මම : හෙට ඉදල
එච්චරයි . . . . මම පහුවදා ඉදල වැඩ. මම උපාදියක් තියනව කියල සැලරියට ගනං ඉස්සුව නම් අදටත් හොම්බෙන් . . . . .

Bloggers.com - Meet Millions of Bloggers