මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පාට පොතක් කියලා හිතන් ගත්තට මොකද ඒක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් වගේ පොතක් ඒත් ඒ අහලකින්වත් තියන්න නම් බැහැ.

මේ පොතේ එක කතාවක් තියෙනවා ඒකේ ප්‍රධාන චරිතෙට ඉන්න විවාහක පිරිමියාගේ රැකියාව නැති වෙනවා, ඊට පස්සෙ අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට අනික් එයාගෙන් ණයට සල්ලි ගත්ත අයත් මග අරිනවා. ඒ මනුස්සයට සල්ලි ලැබෙන්න තියෙන වෙනත් ආදායම් මාර්ගත් අඩු වෙනවා. මේ මනුස්සයා කරන්නේ බිරිඳගේ රත්තරන් බඩු ටික උගස් කරලා අළුත් ඇඳුම් පැළඳුම්, ළමයට අලුත් බයිසිකලයක්  එහෙම අරගෙන ගෙදරත් තින්ත ගාලා අළුත් වැඩියා කරලා බොරු ප්‍රචාරයක් යවනවා දැන් මිනිහට කලින්ටත් වැඩිය සරුයි කියලා. ඒතකොට අර කලින් මගඇරපු යාළු මිත්‍රයෝ හිටන් ආයි ඇවිත් පරණ ණය මුදල් ලැබිලා අනික් ආදායම් මාර්ගත් හරි ගිහින් මිනිහගේ සියළු අග හිඟ කම් නැති වෙනවා.

මේක තමා ගොඩක් වෙලාවට වෙන්නේ බාහිර පෙනුමට රැවටිලා ණය ගනු දෙනු කලාට ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු සල්ලි තියෙන උදවිය වගේ පෙනී ඉන්න අය තමා අනික් අයගෙන් ගන්න සල්ලි වංචා කරන්නේ. වැඩිය සල්ලි නැතත් සාමාන්‍ය උදවිය එහෙම කරනවා සාපේක්ෂව අඩුයි

අපේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා ලඟදි රස්සාව නැති වෙලා, වෙන කිසිම ආදායම් මාර්ගයකුත් ඒ මනුස්සයට නැහැ. දවසක හදිස්සියේ එයා ඇවිත් රුපියල් 1000ක් ණයට ඉල්ලනවා. ලඟ තියෙන හංදියේ ඉන්න කඩේ මුදලාලි,  බස් එහෙමත් තියෙනවා චෙක් එකක සල්ලි හවස ලැබෙනවා ඒ ලැබුනම බේරන්නම් කියලා ණයට ලක්ෂයක් ඉල්ලනවා. මේ අවස්තා දෙකෙන් පළවෙනි කෙනාට අපි සල්ලි දෙන්නේ නැහැ මොකක් හරි කියලා මග අරිනවා නමුත් මුදලාලිට අතේ තියෙන රත්තරන් බඩුවක් හරි උගස් කරලා සල්ලි ගිහින් දෙනවා. මුදලාලිට සල්ලි දෙන්නේ හදිස්සියකදි උදව් කරයි කියලා හිතාගෙනත්. ඒත් අන්තිමේ අපිට මුදලාලිගෙන් උදව්ත් නැහැ දීපු සල්ලිත් නැහැ. ලොකු ලොකු සල්ලි කාරයෝ වගේ පෙනී හිටින අය තමා ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට පොලු තියන්නේ. අතේ මිටේ එහෙමට සල්ලි නැති උදවිය ඇත්තටම බැරිකමකට මිසක් කපටි කමට කාටවත් පොළු තියන්නේ නැහැ.

මම නම් සාමාන්‍යයෙන් ණය ගණු දෙනු කරනවා බොහෝම අඩුයි. කාගෙන් හරි ඉල්ල්ලාම නැති තරම්. මගෙන් කවුරු හරි ඉල්ලුවොත් අතේ සතේ නැහැ කියලා බේරෙනවා ඒ ඇරෙන්න මට උවමනා උනොත් අතට කීයක් හරි ලැබෙනකම් ඉවසගෙන ඉන්නවා මිසක් කාටවත් ණය වෙන්න නම් යන්නේ නැහැ.

ඉස්සර කිව්වේ ණයට දීමෙන් මිතුරත් මුදලත් නැති වේ කියලා ඒත් දැන් කියන්නේ ණයට දීමෙන් මුදලත් මිතුරාත් බිරිඳත් නැති වේ කියලා

35 අදහස්:

හැබැයි මම සාපෙ කොමස් වලට ගිය අතිරේක පංතියේ සර් නම් කිව්වේ ණය ගන්න හොඳම කෙනා තමන්ගේ යාළුවෙක් හරි නෑයෙක් හරි කියලා. මොකද ඒ කෙනාට සල්ලි ආපහු නොදී හිටියොත් වෙන එකම දේ යාළු කම හරි නෑදෑ කම හරි නැතිවෙන එක විතරයිනේ! :D

කොහොම උනත් උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපේ ගෙදර උනත් පොඩි ගාන් ඉල්ලන කෙනාට සමහර වෙලාවට සල්ලි නොදුන්නට(නොදී ඉන්න ප්‍රධාන හේතුව සමහර අය පුරුද්දක් විදිහට ණයට ඉල්ලන්න එන එක)ලොකු ගානක් ඉල්ලන අයට සල්ලි දෙන සම්භාවිතාව වැඩියි. හැබැයි අපේ ගෙදර අයටනම් තාම පොල්ලක් සෙට් උනේ නෑ...

බිස්නස් එකක් කරනවා නම් යම් සීමාවකට ණය දිය යුතුයි. නැත්නම් ගනු දෙනු කාරයෝ අල්ල ගන්න බැරි වෙනව.

මගෙන් නම් කවුරුත් ණයට ඉල්ලලා නෑ මම ගත්ත ණය තමා ඉතින් බේරන්න තියෙන්නේ .

ණය කියන්නෙ වෙලාවකට පිහිටටත්, වෙලාවකට මරණයකටක් හේතුවෙන දෙයක් නේද​?

මරේ, ණය දීමෙන් බිරිඳ නැති වෙන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්. මොකද මමත් කීප දෙනෙකුටම ණය දීලා ගලේ පහරපු බලලෙක් වගේ දඟල දඟල ඉන්න වෙලාවක් මේක. ඒ අස්සේ මගේ තවත් යාළුවෙක් හදීසියේ කතා කරලා මට කියනවා මම ඌට රුපියල් 60,000ක් ණයයි මීට අවුරුදු හතරකට කලින් ගත්ත එකක් කියලා. මට මෙලෝ මල දානයක් මතක නෑ උගෙන් එහෙම එකක් ගත්ත බව. අන්තිමට අතේ තිබිච්ච 60,000ක් ඌට දුන්න ඊට වඩා යාළුකම ලොකුයිනේ කියලා.

1) එහෙම 60,000ක් වගේ කාට හරි ණය නම් ඒක එහෙම අමතක වෙනවද ?
2) මගේ යාළුවා අවුරුදු 4ක් ඒක ඉල්ලන්නේ නැතිව හිටියේ මොකද ?

අම්මේ ණය,සීට්ටු ගැන නම් මතක් කරන්නවත් කැමති නැති දෙයක් බන්,,,ණයට දීමෙන් අපේ ගෙදර කට්ටියත් හොදටම චාටර් කෑවා

මම නම් ණයට ගන්න කැමතිම නෑ.නැත්තං හම්බවෙනකල් නිකං ඉන්න එක තමයි මාත් කරන්නේ.තාම පොලු නම් සෙට් වෙලා නම් නෑ මොකද තාම ලොකු ලොකු ගණං වලට නයට දීල නැති නිසා...

@දුමී අයියා
එච්චර ලොකු ගාණක් අමතකවෙන්න තියන ඉඩකඩ නම් අවමයි.වෙනවට කියනව නෙවෙයි මේ දේ කියන්නේ, සමහර යාලුවො කැමතියි අපිව හිරවෙලා ඉන්න වෙලාවක් බලලා තව ටිකක් විතර හිරකරන්න.

ණය දෙන්නත් එපා ණය ගන්නත් එපා...

මොකෙක් හරි යාළුවෙක් සල්ලි ඉල්ලුවාම දෙන්න හැබැයි.. ණයක් විදියට නෙවේ ෆිට් එකට කරන උදව්වක් විදියට ආයි ඒ දුන්න මුදල ගැන බලා ඉන්න එපා.. මම නම් එහෙමයි :D

මටනම් ලෙසටම පොලු වැදිලත් තියෙනවා.. මගෙන් පොලු වැදුන අයත් ඉන්නවා... ඒත් මට වැදිලා තියෙන පොලු ප්‍රමාණය වැඩියි....

මම මිනිහෙකුට ණයක් දෙන්නෙම දැන් හිතෙන් අත ඇරලා... ඒත් ගත්ත ණයක්නම් ආපහු දෙන්න සතියකට වඩා පහු කරන්නේ නැති වෙන්න උපරිමේට වග බලා ගන්නවා....

ලොකු ප්‍රාග්ධනයක් නැති රෝල් බිස්නස්කාරයෝ වෙච්ච අපට වචනය ඒ ලෙසටම ඉටු කරන්න අමාරුයි.. ඒත් දැන් නම් ණය ගැනීම දීම දෙකම නවත්තලා තියෙන්නේ...

ඒත් ඉතින් දුන්නෙ නැත්නම් මොනා කරන්නද කියලා හිතාගෙන ඉන්නවා.. අර මම ලියපු බ්ලොග් පෝස්ට් තුනකටම හේතු වෙච්ච පොලු කාරයත් දැන් හිතවත් වෙලා.. ඌ තාමත් මට සල්ලි දෙන්න තියෙනවා... ඒත් මොනවා කරන්නද?

පූසා:-
අන්තිමට ඔක්කොම යාළුවෝ සහ නෑයෝ නැතිවෙයි එතකොට :-D

තාම පූසා ඉගෙන ගන්න නිසා කවුරුත් ණය ඉල්ලන්න එන එකක් නැහැ ඒත් රස්සාවක් කරන තනිකඩ කාලේ අනික් මිනිස්සු හිතන්නේ අපි හොයන සල්ලි උන් වියදම් කරන්න ඕනේ කියලා ඒ කාලේදි පරිස්සම් වෙන්න

නිහාල් :-
අපේ ගමේ තියෙන ගොඩක්ම සාර්ථක කඩේ නම් තනිකරම කරන්නේ ණයට බඩු දෙන එක මට හිතා ගන්න බැහැ ඒක පවතින්නේ කොහොමද කියලා

හිස අහස :-
මන් නම් තාම ණය වෙලා නම් නැහැ ණයට දීලාත් නැති තරම්.

සිහින මතකයන් :-
ඔව් ණය නොගෙවන අයට සමහර වෙලාවාට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙනවා.

දුමී:-
මෙහෙමයි ඕක වෙන්නේ ඔයා හාමිනේගේ උපන්දිනේ සමරනන් කියලා තියාගෙන ඉන්න සල්ලි ටික හොඳම යාළුවෙක්ට දෙනවා ණයට හැබැ‍යි යාළුවා පොල්ල තියෙනවා එකෙන් මේකෙන් හාමිනේගේ උපන්දිනේ සමරන්න බැරි වෙනවා. ඉතින් ගෙදර යන්නේ කොහොමද

ඔය 60000කතාව නම් කීයවටත් වෙන්න බැහැ එච්චර ගානක් ගත්තම කාටද අමතක වෙන්නේ දැන් හාමිනේ මේක දැක්කොත් අහයි 60000ක් ණයට අරන් මොනාද මනුස්සයෝ කලේ කියලා

ඩිලාන්:
රට ඉන්න අයට ගොඩක් සල්ලි තියෙනවා කියලා හිතාගෙන ඉන්න නිසා ඔයාලට තමා වැඩියෙන්ම ප්‍රශ්න එන්නේ. මේහේ අය හිතන්නේ රට ගිහින් සැප විඳලා සල්ලි හොයනවා කියලා නේ

තීර්ථ යාත්‍රිකයා :-
ණය නොවී ඉන්න එක තමා හොඳම

සුදු හංසි:-
ඕක දිගටම කරන්න බැහැ අර තැලෙන යකඩේ දැක්කම ගොඩ දෙනෙක් උඩ පැන පැන තලනවා.

අභීත :-
පිනට දෙන එක හැමදාම කරනන් පුළුවනෑ ඉතින්. ආදායම් වලට අනුව වියදම් ටිකක් පාලනය කරගත්තොත් බැරිද ණය නොගෙනම ඉන්න. බිස්නස් ගැන මට අවබෝධයක් නැති නිසා සමහර විට බිස්නස් කරනකොට හැමදෙයක්ම අත්පිට මුදලට කරන්නත් බැරුව ඇති.

නය වෙන මිනිහා හරියට මත්ද්‍රවය වලට ඇබ්බැහි උන කෙනෙක් වගෙයි. එකෙම් එල්ලිලා ගොඩ එන්න බලනවා. යන්නේ යටට විතරයි.. විශාකා සිටු දුවට කසාද බඳින දවසේ තාත්ත කීවාලු දෙන්නන්ට දෙනු නොදෙන්නන්ට නොදෙනු (ඒ කිවුවේ නය ගැනයි) කියල ඊට පස්සේ දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙනු කියලත් කිවුවලු..(ඒ කිවුවේ පිනට දීම ගැනයි..)

පට්ට බොරුවක් නේ. එහෙනම් ආන්ඩුව මේ තරම් නය ගනියිද.. පුළුව තරම් ණය වෙන්න.

ණය ගනුදෙනු කරන්නේ බොහොම සීමා සහිත අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක් සමඟ පමනයි. අනික් ඔය පොඩි පොඩි ගනන් පින්ට තමයි ඉතින්... දුන්නොත් ගන්නව නැත්තම් සද්ද නැතුව ඉන්නවා.

ඒකත් දැන්... අතෑරල ඉන්නෙ. ණය ගනුදෙනු නැත.

හුටා මේ මරණයාගේ බොගේ නේද... මොකද යකෝ මේක ලියන්න හිතුනේ ?

අර අලුත් අවුරුද්ද ලබන්න කලින් ණය බේරන සිරිත ගොඩක් හොඳයි අමතක වීමෙන් ණය බේරන්නේ නැති අයට. එතකොට ඔනෙකමින් හිතල මතක් කරලා බලනවනේ කාගෙන්ද මම සල්ලි ඉල්ලගත්තේ කියල. මම නම් යාලුවන්ගෙන් අහලත් බලනවා.

මම දාඩිය මහන්සියෙන් හම්බකරලා බැංකුවෙ දාලා තිබුනු සල්ලි වගයක් යාලුවෙක්ට දුන්නා. පොර පොලියට සල්ලි ගන්න යද්දි මම එහෙම කරන්න එපා කියලා රු 50000/- කවරෙක දාලා පොරගෙ ළගමට ගිහිල්ලා දුන්නා. කුරුලු හමුදාවේ ඉන්න කාලේ යාලු ෆිට් එකට. දුන්නෙ ණයට. සල්ලි ලැබුනම දෙන්න කියලා. දැං අවුරුදු 5කට වැඩියි. අඩුම ගානේ කෝල් එකක් වත් නෑ. ඒ හින්දා මම ඒක හිතින් අයින් ම කලා. ඒ කාලෙ නං හොඳටම කලකිරුනා ඇයි මෙහෙම කරන්නෙ කියලා.

දැං මමත් සල්ලි "ණයට" නං දෙන්නැ!

ඔය නය ගැනීම ගැන කියනවනම් මරේ . .

මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ මම දන්න දෙන්නෙක් ඉන්නවා . . . (කවුද කියන එක හරි නෑනේ)

ඒ අයව සහ සමාජයේ ඒ වගේ අයව නිරීක්ෂණය කලාම මට හිතුනු දෙයක් (උපකල්පනය කල දෙයක්) තමයි ඔය ණය ගන්න උන් පොරොන්දු උනු වෙලාවට ණය නොදී ඉන්න එක හරි ණයට ගත්තු දේ නොදී අරින එක හරි ඒ අය කරන එකෙන් ඒ අය හෙන ආතල් එකක් එකක් ගන්නවා වෙන්න ඕන කියන එක.

ගොඩක් අයට කාගෙන් හරි හදිසියකට අතමාරුවක් ඉල්ල ගත්තොත් ඒක ආපහු දෙන කම් නින්ද යන්නේ නැති ගතියක් තියෙනවානේ . .

අනික පොරොන්දුව . . .

ජෙනුවින් අය ගොඩක් දෙනෙක් ම්ම දැකලා තියෙනවා ආපහු දෙන්නම් කියලා පොරොන්දු වුනු දවසට බෙල්ල කඩාගෙන හරි ඒ පොරොන්දුව ඉටු කරනව.

සමහර විට ආපහු දෙන ගමන්ම කියනවා පොරොන්දු උනු දවසට දෙන්න ඕන නිසා ලොකු පොලියකට මේ මුදල ගත්තේ කියලා . ..

එතකොට අර සල්ලි දුන්නු කෙනාට ඒ මුදලත් තව කීයක් හරිත් දෙන්න මානසිකත්වයක් ඇති වෙනවා . . .

මොකද විස්වාසේ නිසා . . .

ඒත් අර මුලින් කිව්ව ජාතියේ පොරවල්ලට නම් එහෙම පොරොන්දු වුනු දවස ගැන කිසිම හැඟීමක් නෑ . . .

දවස් ගානක්, සති ගානක් හෝ මාස ගානක් පරක්කු වෙලා දීලා ඒ සාල්ලි ගත්තු අය දුන්නු අයට "ඔන්න මම ගත්තු ගාන දුන්නා හරිද . . ?" වගේ පොර ටෝක්ස් දෙනවා මම දැකලා, අත්විඳලා තියෙනවා . . .

අර පොරොන්දු උනු දවස නිසා ඒ මනුස්සයා / මනුස්සයෝ ඒ දවසේ ඒ සල්ලි වලින් කරන්න ප්ලෑන් කරගෙන හිටි දේවල් බකල් උනා ඒ මිනිස්සු අපහසුවට පත් උනා කියන එක ගැන කිසි හැඟීමක් ඒ අයට නෑ . ..

එපාම කරපු දේ බන් අර මුලින් කිව්ව ජාතියේ පොරවල්ලගෙන් නය දුන්නු උන් ආපහු ඒ සල්ලි ගන්න උන්ගෙ පස්සෙන් එන්න ඕන හරියට උන්ගෙන් පිනට ඉල්ලනවා වගේ . . .

මේ ගැන වෙලාවක මමත් පෝස්ට් එකක් ලියන්න ඕන කියලා හිත හිතා ඉන්නවා බන් ඒත් තාම බැරි උනා . ..

මිනිස්සු ජිවිතය,ගෞරවය, තත්වය රැක ගන්න, ගොඩ දාගන්න කිපදෙනෙකුගෙන් නය වෙනව. මට ඔය තුනම නැති හින්දා නය වෙන්නෙම නැහැ ලෙහෙසියකට.

ගෙවන පොරොන්දුට ඉල්ලගන්නෙ නැහැ නැහැ. ආයෙ දෙන්නෙ නැහැ මචන් කියලා ඉල්ල ගන්නෙ.. :D:D

puh....
මරේ පෝස්ට් එකක් ලියලා..
ණය කිව්වොත් ඉතින් මට ආපහු ගන්න තියෙන සල්ලි ටික ලැබුනොත් මට පුළුවන් අවුරුදු 65 යන්න තියෙන පෙන්සන් දැන්මම යන්න 36න්. මේවා බිස්නස් ණය හා අතමාරුවලට ගත්තු සල්ලි වෙන්න පුලුවන්. ඒත් ණයමනේ. ගාණ පොඩි උනත් ලොකු උනත් කාගෙන් හරි සල්ලි ඉල්ල ගත්තම ඒක දෙන්න දැන ගන්න ඕනේ. ඒත් අපේ බොහෝ අය ඕක අමතක කරනවා. මම නම් මිනිසුන්ගෙන් බැනුම් අහන්නෙම මම හැම එකටම සල්ලි කීයක් දෙන්න ඕනේද කියලා අහනවා කියලා. කොටින්ම යාලුවෙක් වුනත් මම වෙනුවෙන් සල්ලි වියදම් කලොත්/ දුන්නොත් මම උත්සාහ කරන්නේම ඒ මුදල දෙන්න. ඒත් මට නම් එහෙම අය හමු වෙලා තියෙන්නේ බොහොම ටිකයි.
අපිනේ දන්නේ අපි සල්ලි හොයන්න වෙන මහන්සිය. එතකොට රුපියල් සීයද දෙසීයද ලොකු ගානද කියලා නෑ ඒක ආපහු ලැබෙන එකයි වටින්නේ. නැත්නම් අර මට වෙලා වගේ හැමදාම මම හරකෙක් වගේ වැඩ කරලත් හිඟන්නා. මට සල්ලි දෙන්න තියෙන අය සල්ලි පුරවන් ඉන්නවා.

යාළුවන්ට උනත් ආපහු ගන්න දෙන මුදල් හා තෑගි දෙන මුදල් අදටත් මට තියෙනවා. දැන් වුනත් කොච්චර අමාරුකම් තිබ්බත් මම කවුරු හරි ඉල්ලපු ගමන් සල්ලි දෙනවා. (පස්සෙන් නහයෙන් අඬනවා මගේ වියදම් වලට සල්ලි නෑ කියලා.) ඒත් අර සල්ලි දෙන්න තියෙන අයට ගිහින් මූනට කියනවා මේ තරම් ගානක් මට දෙන්න තියෙනවා ඒක දෙන්න කියලා. කොහොමත් තරහා වෙලා කියලා ඔය වගේ කපටි ඈයොන්ගෙන් මොන වැඩකටද?
කොටින්ම ගිය අවුරුද්දේ මගෙන් රුපියල් දෙදාහක් ණයට ගත්ත යාළුවෙක් අද වෙනකම්වත් ඒක මතක් කරන්නේවත් නෑ. කිව්වේ නම් හවසට දෙන්නම් කියලා. හික්ස්.

අංක එක.. මූට බ්ලොග් එකක් තිබිලා..

අංක දෙක.. ණයට දෙන්න මුදල් නෑ.. මං ණයට ඉල්ලගත්තොත් තමා...:-D

කොහොමත් ණය නොදීම ඉන්න පුලුවන් නන් හොදයි..:-D

කලකට පස්සේ, වෙලකට බැස්සේ!

ණය ගණුදෙනු කියන්නේ ඉතින් දෙන මනුස්සයටත් ගන්න මනුස්සයටත් පස්සේ වෙද්දි සෑහෙන හිසරදයක් වෙන දෙයක්.. මුදල් ආපසු දුන්නා උනත් ගොඩක් වෙලාවට ඒ ගණුදෙනුව එවර වෙන්නේ හිත් නොහොදින් තමයි...

"රස්සාවක් කරන තනිකඩ කාලේ අනික් මිනිස්සු හිතන්නේ අපි හොයන සල්ලි උන් වියදම් කරන්න ඕනේ කියලා"

උඹ පූසට කිව්ව කතාවනං සහතික ඇත්ත...
--------------
ණය ගැන කියනවනං මම ණයට දෙන්නෙත් නැහැ ණයට ගන්නෙත් නැහැ ප්‍රතිපත්තියේස තමයි ඉන්නේ..ඒත් පහු ගිය කාලේ පොඩි අරක්ෂණ වැඩ පිළීවෙලක් වෙනුවෙන් යම් මුදලක් ගන්න උනා..ඒත් දහ අතේ කල්පනා කරලා ඒකට මං දන්න හොඳම කෙනාගෙන්.. කියන පරක්කුවට ලැබුනා..ප්‍රශ්නේ උනේ ආපහු ගෙවන එක..ගෙවන්න හැදුවට ගන්නේ නැහැ..ෂෝක් ණය නේද..?

බොහෝම අමාරුවෙන් වෙන වෙන මාර්ග පිට දාලා මේ ඊයේ පෙරේදා ගෙවා ගත්තා... ඉතිං කොහොමද කියහංකෝ ණය ගන්නේ..ඔන්න මට තියෙන ප්‍රශ්න..උඹ කිව්ව කතා ඔක්කෝටම වැඩිය වෙනස් නේද මේක..?
--------------------
මං ණයකට කියලා දෙයක් දෙනවනං දෙන්නේ මං වැඩ කරන තැන ඉන්න අහිංමක මනුස්සයෙක් ඉන්නවා උන්දැට විතරයි..මෑන් පඩි ගත්ත ගමන් කරන්නේ දුවං ඇවිත් මගේ ගාණ බේරලා ඉන්න එක..ඉතිං නොදී කොහොමද..?

ඒ අතරේ ඉස්සර ඔය වාහනවලට..බිස්නස් වලට අත ගහලා ඉන්න කාලෙනං කවුරු හරි පොඩි කාණක් ඉල්ලුවොත් පැනලා දෙනවා..ආයේ ඒක ඉල්ලන්නෙත් නැහැ මලාට..ඒත් හිතේ තියං ඉන්නවා..මොකද දෙවෙනි පාර කීයක් ඉල්ලන්න ආවත් කලින් එක මතක් කරලා නිකං හිටියැකි හින්දා... ඒක වඩා වාසිදායකයි රුපියල් සීයක් දෙසීයක් නැති වෙනවට වඩා...

කොහොම උනත් කාලෙකින් ලියන්න ගත්ත එකනං වටිනවා..ආයේ අනිත් පෝස්ට් එක 2013නේ නොවේවා..!

@දුකා...

තුවාල වෙච්ච එකානේ දන්නේ තුවාලේ තරම නැද්ද මං අහන්නේ..?

මමත් නම් ණය ගන්නවා අඩුයි....හැබැයි ණයක් ගත්තොත් පුළුවන් තරම් ඉක්මනට ඒක රිටර්න් කරනවා....

මමත් කැමති නෑ ණය ගන්න.. තියෙන විදියට ජිවත් වෙන එක හොඳයි :)

හයියෝ බුදු අයියෙ හිත වාවන්නෙ නෑ. ඊයෙ කාපු කෑම එකත් ඉස්මොල්ලේ ගියාමේක දැකල. හෙට උදෙන්ම ගිහිල්ල මම 805 දාන්නම්.





(ඔය කිව්වට මම නම් දායි. එක සුපියලක් දෙන්නෙ නෑ)

ඇනගන තියෙන්නෙ සරු සාරෙටම . . .

හ්ම්...ඒකත් ඇත්ත...

මේ පැත්තේ ආවේ අදමද කොහෙද? ණය නොගෙන ඉන්ට පුලුවන් නම් හොඳයි. ගත්තොත් ඉක්මනින් ගෙවලා දාන්ට ඕනි. ණය දුන්නාට කමක් නෑ විශ්වාසවන්ත, කරදරේක වැටුනු අයෙකුට... නැත්නම් ඉතින් අමාරුවේ වැටෙන එක, වැටෙන වාමයි.

ඒ මරේ අයියෙ මම උඹට ණය නෑ නේද කියල පොත අරං පොඩ්ඩක් බලපං.. මම මේ වෙනකල් කාටවත් ණය නං නෑ.. එක පාරක් ණය උනා ණය දෙන සමිතියට බයික් එක ගත්තෙ ණයක් අරං.. ගානට ගෙවල ඉවර කලා පොරොන්දු උන කාලෙටත් කලින්ම..

දැන් මම නිදහස් ගොවියෙක් !!

ඈ බං උඹට බ්ලොග් එකක් තිබ්බද.. අර ම යන්නෙං කමෙන්ට් දාන්නෙ උඹද.. හෑකිස්..

ඔය ණයට සල්ලි දීලා ආඵු ලැබෙයි කියලා හිතන්නෙ නැතු උන් ටික මට කීය කීය හරි දියවුකො මන් ආපහු නොදී ඉන්නම් !

මමත් ඔය පොත් කියවල තියනවා එකේ කතාවල මිනිස්සුන්ට හෙන සිරා නම් නේද තියෙන්නේ

පරිස්සමින් කළයුතු වැඩක්... ඉක්මනට ගත්ත වගේ දෙන එකත් හොදයි..
ඔන්න අද ඉදන් මාත් අවා..! :)

හැම දෙනාටම පොදු දෙයක්.අපේ ණය ඉල්ලන්න ගියහම උන් හිතන්නේ අපි උන්ගෙන් ගන්න යනවා කියල.

@ සරත් ලංකාප්‍රිය - මටත් පේන්නේ අපේ ගොඩ දෙනෙක් ණය වලින් ගොඩ එන්න හදන්නේ තවත් ණය අරගෙන්

@ මාතලන් - ඒකත් හැබෑව දැන් මේ ණය අරන් ණය අරන් කොච්චර ලොකු දියුණුවක් ලැබිලා තියෙනවද අපිට

@ පිස්සා පලාමල්ල - උඹ අමතක කරනවා කියලා දැනගත්තාම වැඩියෙන් ගන්න තමා බලන්නේ

@ නිරෝශිනි - එහෙම හොයලා බලලා ණය පියවන අය අඩුයි

@බුද්ධි - ණය නොදීම ඉන්න එක තමා හොඳ

@දුකා - ගොඩක් වෙලාවට ණය ඉලන්න ගියාම ඕක වෙනවා, ණය ගන්න මිනිස්සුන්ට ලැජ්ජ නැති උනාට ඒක ආපහු ඉල්ලන්න ගොඩක් අයට ලැජ්ජයි තමන්ගේ සල්ලි උනත්

@රවා - මුලින්ම එහෙම කිව්වම හිත හදාගෙන දෙන්න පුළුවන්

@Il mondo di una povera pazza රට ඉන්න අයට සල්ලි ගොඩක් තියෙනවනේ මේහේ රුපියල් 1000ක් උනාට එයාලට ඩොලර් 10 නේ ඉතින් ඕක මොකද්ද කියලා තමා මේහේ අය හිතන්නේ

@පසන් - ඔව් ණය නොදීම ඉන්න පුළුවන් නම් තමා හොඳ

@කතන්දර Kathandara ඔව් ඔව් :-)

@මාරයාගේ හෝරාව - ඔව් ඒක නම් ඇත්ත ගොඩක් වෙලාවට තනිකඩ උන්ට වියදමක් නැහැ ඒක නිසා උන් හොයන එකෙන් කීයක් හරි ගත්තම මොකෝ කියලා තමා මිනිස්සු හිතන්නේ

@මකුළුවා..... එහෙම කරනවා නම් හරිම වටිනවා

@ හසී - අපි උපයන ගානට වියදම් කරනන් පුරුදු වෙනවානම් ආයි ණය වෙන්න ඕනේ නැහැ කියලා මාත් හිතන්නේ

@රුචා - මොකටද බන් ගාන දැම්මේ , බලපන් දැන් බලන මිනිස්සු මන් ගැන මොනාද හිතන්නේ ගාන නොදා හිටියනම් නියමයි :-D

@ඕනයා - කොච්චර ඇන ගත්තත් පාඩමක් ඉගෙන ගන්නේ නැත්නම් වැඩක් නැහැ. අර මොකාද එකා තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවලු

@තරූගේ ලෝකය - ණය නොවී ඉන්න පුරුදු උනාම හැමෝටම හොඳයි

@ පොඩි කුමාරිහාමි - එන්න මන් බ්ලොග් ලියන්න එපායැ

@සිහිනයා - නැහැ උඹ නම් තාම ණය නැහැ :-D

@වෙනි - ඔන්න ලිස්ට් එක බ්ලොග් ලියන කවුද ණය දෙන්න කැමති අකමැති ගානක් හොයා ගන්න පුළුවන් වැඩක්

@මියුරංග - ඕඑ ඒත් මේ පොත එච්චරම සිරා නැහැ

@ජනියාගේ සයිබර් ලෝකය. - ඒක තමා හොඳම දේ

@අසරණයා - ඒක හැමෝගෙම හැටියක්ද කොහේද

වීර්යවන්තයෝ ණය ගනිති

Bloggers.com - Meet Millions of Bloggers